කළු ගඟට දැවැන්ත හානියක් කරමින් මැණික් ගැරූ 25ක් අල්ලයි හොරණ ගන්කන්ද ප්‍ර දේශයේ මාවක්කුමෝදර කළු ඟග ආශ්‍රිතව නීති විරෝධී ලෙස මැණික් ගරන බවට ලද තොරතුරක් ම වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒ්කකයේ නිලධාරීන් කණ්ඩායම් වැටලීමක් සිදුකර පුද්ගලයන් 25ක් අත්අඩංගුවට ගෙන තිබේ. 28 July 2026
අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් පත් කරයි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරී එම්.ජේ. එස්. රවිසිංහ මහතා පුර්ණ කාලීන වැඩ බැලීමේ පදනම මත අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරකට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. 28 July 2026
අන්තරේ විරෝදයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ඉල්ලීම් කිහිපියක් මුල් කර ගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ සම සෞඛ්‍ය විද්‍යා උපාධාරීන්ගේ එකමුතුව විසින් සංවිධානය කරනු ලැබු උද්ඝෝෂණය කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (28) දින පැවැත්විනි. 28 July 2026
සියැට්ල් වෙඩි තැබීමට ළමයෙකු අත්අඩංගුවට ඇමෙරිකාවේ සියැට්ල් නගරයේ පැවැති වාර්ෂික ආහාර උත්සවකදී පසුගියදා සිදුවූ වෙඩි තැබීමට සැකපිට 15 වියැති ළමයෙකු අත් අඩංගුවට ගෙන ඇතැයි එරට පොලිසිය ප්‍රකාශ කළේය. 28 July 2026
කොලොන්නාවේ ගංවතුර මඩින්න ඒකාබද්ධ සැලැස්මක් කොලොන්නාවේ ගංවතුර පාලන ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා ඒකාබද්ධ ආයතනික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබේ. 28 July 2026
වෙළෙද සංකීර්ණය කඩා වැටී බොහෝ දෙනෙක් සිරවෙලා ජපානයට බලපෑ රික්ටර් පරිමානයේ ඒකක 7.1 ක ප්රබලතාවයක් සටහන් කළ භූමිකම්පාවෙන් පසු වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ලක් දෙදරා ගොස් කඩාවැටී ඇති බවත්, සුන්බුන් අතරේ බොහෝ දෙනකු සිරවී සිටින බවත් වාර්තා වේ. 28 July 2026
ඇමෙරිකාවේ මදුරු පාලනයට වොල්බැකියා විෂ කෘමිනාශක, දුමායනය හෝ මදුරු විකර්ශණ භාවිතයෙන් තොරව, මදුරු ගහනය පාලනය කිරීමේ නවතම සහ විද්‍යාත්මක ක්‍රමවේදයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර කේන්ද්‍ර කරගනිමින් ආරම්භ ඇත. 28 July 2026
ට්‍රම්ප් හමුවන්න නෙදන්යාහු එයි ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසු, පළමු වරට ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ මුහුණට මුහුණ හමුවක් පැවැත්වෙයි. 28 July 2026
එල් නිනෝ ආවත් ජල කප්පාදුවක් නෑ එල් නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ වුවද රටේ කිසිදු ප්‍රදේශයකට ජල සැපයුම සීමා කිරීමට මෙතෙක් කිසිදු සූදානමක් නොමැති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 28 July 2026
ජපානයට ප්‍රබල භූමිකම්පාවක් ජපානයේ දකුණු දෙසින් පිහිටි කියුෂු දුපතේ කුමමොටෝ ප්‍රාන්තය කේන්ද්‍රකොට ගනිමින් රික්ටර් පරිමානයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවක් හටගත්තේය. 28 July 2026
සුජාතා අත්තනායකට හරසර පුදයි ශ්‍රේෂ්ඨ කලාවකට ජාතියක් ආගමක් හෝ භාෂාවක් නැතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 28 July 2026
ඉරාන මොස්කිටෝ බලඇණිය ගැන පුටින්ගේ හිත ගිහින් සතුරාට මුහුණ දීමේ ඉරාන නාවික හමුදාවේ යුද උපාය මාර්ගය ගැන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වර්ණනා කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය 28 July 2026
වාහන 4ක් හැප්පූ කැබ් රථයක් පළා යයි : CCTV දර්ශන ලිඳුල නගරයේදී (තලවකැලේ - ලිඳුල) නවතා තිබූ වාහන කිහිපයකට දැඩි හානි සිදුවන අයුරින් ගැටී අද අලුයම 4.30ට පමණ අනතුරක් සිදු කළ කැබ් රථයක්, නොනවත්වා පළාගොස් තිබේ. 28 July 2026
ජනාධිපති මන්දිර ආයෝජකයන්ට බද්දට සංචාරක ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති මන්දිර ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත . 28 July 2026
අධිකරණ සංවිධාන පනත සංශෝධනයට අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම සහ විධිමත් කිරීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 28 July 2026
වෙනිසියුලා භූමි කම්පාවෙන් දින 29කට පසු සුනඛයකු බේරා ගැනෙති වෙනිසියුලාවේ භූමි කම්පාවෙන් දින 29 කට පසුවූ සුන්බුන් අතර සිරවී සිටි සුනඛයෙකු බේරා ගැනීමට මුදා ගැනීමේ කණ්ඩායම් සමත් වී ඇත. 28 July 2026
විනිසුරු විශ්‍රාම වයස තීරණය ජනතා අධිකරණයට බාර කරන්න විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීමේ තීරණය හරිද?වැරදිද? කියා විනිශ්චය කිරීමට ජනතා අධිකරණයට බාරදිය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 28 July 2026
සලේගේ රිට් පෙත්සම අගෝස්තු 25 කැඳවන්න නියෝග රහස් පොලිසිය මගින් අඩංගුවට ගෙන තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කර ඇති නියෝග බල රහිත කරන රිට්ආඥාවන් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික බුද්ධි අංශයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලෙ ගොනුකොට ඇති රිටි පෙත්සම වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු 25 වන දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය. 28 July 2026
’’ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරලා’’ ඉහළ උසාවිවල විනිසුරුවරුන් පත් නොකිරීමෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා පැවසීය. 28 July 2026
ටිපර් මාරයා වරකාගොඩ ඇතා ඔප්පල කරලා පෙරහරකට රැගෙන ගිය අලියකු මැල්සිරිපුර ඕමාරගොල්ලේදී අද (28) දින ටිපර් රථයක ගැටී තුවාල වීම නිසා එම ස්ථානයේම තබාගෙන ප්‍රතිකාර කිරීමට පශු වෛද්‍යයවරු කණ්ඩායමක් කටයුතු කරමින් සිටිති. 28 July 2026
ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුමකට ලාංකික සිසුවියකට වරම් ශක්තිසැට්(ShakthiSAT) ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික දියණියකට අවස්ථාව ලැබී ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය කියයි. 28 July 2026
විමල්ගේ සහෝදරයාට ඇප රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය. 28 July 2026
මතට වැට බඳින්න උපදේශන ගොනුවක් මෙරට මද්‍යසාර පාලනය සඳහා වන ආයෝජන වාර්තාව සහ මද්‍යසාර භාවිතය නිසා සිදුවන හානිය තුරන් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන උපාය මාර්ග ඇතුළත් තාක්ෂණික උපදේශන ගොනුවක් එළිදක්වා තිබේ. 28 July 2026
මත්පැන් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට විරෝධය දක්වයි මත්පැන් නිෂ්පාදන සදහා මෙතෙක් ගණනය කළ අපතේ යන මධ්‍යසාර ප්‍රමාණය සියයට 1.5 සිට සියයට 0.1 දක්වා අඩු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගත් නව තීරණයට මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් දැඩි විරෝධය පළ කර තිබේ. 28 July 2026
රඛිතට - චරිත්ට ඇප අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රකිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය. 28 July 2026
‘‘මන්ත්‍රිවරුන්ට වරප්‍රසාදවලට මුවාවෙලා මැති සබේ කරන දේවල් එලියේදී කරන්න බැහැ‘‘ අයුතු අවහිරය , පහරදී කැමැත්තෙන් තුවාල සිදුකිරීම,පුද්ගලයන් දෙදෙනෙකුට මරනීය තර්ජනය කිරීම සහ යන චෝදනාවට වැරදිකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එක හමාරක ලිහි සිරදඬුවමක් ඌව පළාත් බද බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා අද 28 දා නියම කළේය. 28 July 2026
රඛිතට හා චරිත්ට ඇප සංවිධානාන්තමක අපරාධකරුවෙක් වන හරක් කටා නොහොත් නදුන් චින්තක යන අයට පහසුකම් ලබාදීමට රුපියල් කෝටි 12ක අල්ලස් ගැනීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන අරුණ හැන්නදිගේ යන තිදෙනාම ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග 28 July 2026
බොරතෙල් මිල තවදුරටත් පහළට අමෙරිකා-ඉරාන ගැටුම තාවකාලිකව අත්හිටුවා ඇති පසුබිම හේතුවෙන් ලෝක තෙල් මිල 1% කට ආසන්න අගයකින් තවදුරටත් පහළ වැටී තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 87.82 දක්වාත්, අමෙරිකා බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.95 දක්වාත් පහත බැස ඇත. ඇමෙරිකාව හා ඉරානය අතර පැවැති සටන් මේ වන විට දින තුනක කාලයක පටන් නවත්වා ඇත. 28 July 2026
පුත්තලමේ කඩොලාන වනාන්තර 8ක් රක්ෂිත කරයි පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි කඩොලාන වනාන්තර පද්ධති 08ක් නව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා වන ගැසට් පත්‍රයට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පරිසර අමාත්‍යාංශයේදී අත්සන් තැබීණි. 28 July 2026
ඉරානය සමග මිත්‍රශීලී සාකච්ඡා පැවැත්වෙනවා ඉරානය ’’ඉතා මිත්‍රශීලී සාකච්ඡා සිදුවෙමින් පවතින’’ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ අනුව ඉරානය හා ඇමෙරිකාව අතර සටන් දින තුනක කාලයක පටන් නැවතී ඇත. 28 July 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026