බ්රිතාන්ය රුසියාවට අනතුරු ඇඟවයි යුක්රේනයට ලබා දෙන සහාය අවතක්සේරුවට ලක් කිරීම සඳහා බ්රිතාන්ය සහ නේටෝ සාමාජිකයන් ඉලක්ක කරමින් සයිබර් ප්රහාර මාලාවක් දියත් කිරීමට රුසියාව සූදානම් වන බව බ්රිතාන්ය රජයේ ජ්යෙෂ්ඨ අමාත්යවරයකු වන පැට් මැක්ෆැඩ්න් පසුගියදා අනතුරු ඇඟවූවේය. 24 November 2024
වැස්සෙන් උතුරේ පවුල් 4,162 ක් පීඩාවට අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු පලාතේ පවුල් 4162 කට අයත් පුද්ගලයින් 15,470 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවටත් නිවස රැසකටද හානි සිදුව ඇතැයි දිස්ත්රීක් භාර ආපදාකලමනාකරන ඒකකයන් පවසා සිටියි. 24 November 2024
දිවි පිදූ රණවිරු සැමරුම අද කොළඹදී සන්නද්ධ හමුදා අනුස්මරණ දින ප්රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවී උද්යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද (24) පෙරවරුවේ පැවැත්විණි. 24 November 2024
කොන්ත්රාත්කරු පැහැරගෙන දේපොළ කොල්ල කෑ හතරක් අල්ලයි කොන්ත්රාත්කරුවෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 24 November 2024
දින 7කට පසු පස්සර-බිබිල පාර විවෘත වෙයි පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යලි අද (24) දහවල් විවෘත කල බව මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි . 24 November 2024
රනිල් ප්රාණ ඇපයට ගන්න කාටවත් බෑ රනිල් ලේසියෙන් කාගේවත් ප්රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්ය වෛද්ය රාජ්ය සේනාරත්න මහතා මාධ්ය හමුවකදී අද (24)පැවසීය. 24 November 2024
පොලිස් මාධ්ය කොට්ඨාසයට නව අංකයක් පොලිස් මාධ්ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත. 24 November 2024
ලක්ෂ 90 ක විදෙස් දුම්වැටි ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු ද සමග , අද(24 ) ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ 24 November 2024
නීතීඥවරියගේ කෝටි එකහමාරක මුදල්-රන් කොල්ලකෑ මෙහෙකාරිය ඇතුලු 2 ක් අත්අඩංගුවට යාපනය නල්ලූර් ප්රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන් අදාල නිවසේ සේවය කරන ලද මෙහෙකාරිය ඇතුලු දෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 24 November 2024
හම්බන්තොට ගොවීන්ට පොහොර සහනාධාරය තවමත් නැහැ මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්රික්කයේ ඇතැම් ප්රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගොවීහු පවසති. 24 November 2024
ඇම්බර් සමඟ දෙන්නෙක් මාට්ටු රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ’’අම්බර්’’ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකුඅනුරාධපුර පූජා නගරයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 24 November 2024
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට් ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්රම්ප් පියවර ගෙන ඇත. 24 November 2024
ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත. 24 November 2024
අඩි සීය පාරේ -අලි රණ්ඩු බෝසේ හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ. 24 November 2024
මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම වැඩිවෙලා මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ. 24 November 2024
බසයට යට වී කත මරුට මීගහකිවුල පිටමාරුව ප්රධාන මාර්ගයේ රෝබේරිය ශ්රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මඩුල්සිම පොලිසිය පවසයි. 24 November 2024
හිටපු මැකොගෙ නිවසට තෙවැනි වරටත් හොරු පැනලා මැතිවරණ කොමිෂන් සේවා සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද ගෘහ භාණ්ඩ රන් භාණ්ඩ රැසක් පැහැරගෙන ගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 24 November 2024
හොර නෝට්ටුවක් සමඟ දෙන්නෙක් මාට්ටු ව්යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි. 24 November 2024
වෙළෙඳ පොළේ බිත්තර මිල යළි ඉහළට වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 24 November 2024
බඹරු ඇන 7ක් රෝහලේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු බගවන්තලාව ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය. 24 November 2024
පළාත් කීපයකට ඉතා තද වැසි ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්රිතව මේ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. 24 November 2024
‘‘අපේ වැටුප පොදු අරමුදලකට‘‘ ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්ය ඇමතිවරු හා අපේ මන්ත්රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්ය අමත්ය රත්න ගමගේ මහතා පවසයි. 24 November 2024
දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට ප්රවීණ මෙන්ම ජ්යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවිය. 24 November 2024
දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි. 23 November 2024
උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා විසින් දිස්ත්රික් විමර්ශන අංශ වෙත දැනුම්දී ඇත. 23 November 2024
සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්රීලනිපයත් සටනට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්රී ධුර දෙකෙන් අනෙක් මන්ත්රී ධූරය ශ්රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක් කර ඇත 23 November 2024
වඳුරව නිධානය කළුගල් ගොඩක් පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්රයක ආධාරයෙන් කුඩා කොටස් බවට පත් කරනු ලැබ ලැබු වත් කිසිදු ආගන්තුක දෙයක් සොයා ගැනීමට නොහැකි විිය. 23 November 2024
IMF ලංකාව ගැන ගත් තීරණය ජාත්යන්තර මුල්ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්රී ලංකා බලධාරීන් සහ ජාත්යන්තර මූල්ය අරමුදල අතර ආර්ථික ප්රතිපත්ති පිළිබඳව කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණි බව එම අරමුදල අද(23) නිවේදනය කළේය. 23 November 2024
පුංචි සභා මැතිවරණය ලබන වසර මුල පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා පැවසීය 23 November 2024
අධිවේගයේ නිධාන ගල කුඩු කරයි වේයන්ගොඩ වඳුරව මධ්යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්රයක ආධාරයෙන් කොටස් කිරීමේ කටයුතු දහවල් දොළහට පමණ ආරම්භ විය . 23 November 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026