(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)

හබරාදුව පිටිදුව ප්‍රදේශයේ නිවසක සිටි  අවිවාහක විශ්‍රාමික ගුරු සහෝදරියන් දෙදෙනකු  ඝාතනය කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ පිටිදුව පදිංචිව සිටි විජයානන්ද සේනානායක නිමලා (81) සහ විජයානන්ද සේනානායක ජානකි(87) යන විශ්‍රාමික ගුරු සහෝදරියන් දෙදෙනකි.

මෙම දෙනොගෙන් වැඩි මහල් සහෝදරිය ගාල්ල අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක වරියක් ලෙස සිට විශ්‍රාම ගොස් ඇති අතර නැගණිය ගාල්ල සංඝමිත්ත විදුහලේ ගුරුවරියක් ලෙස සිට විශ්‍රාම ගොස් ඇත.

මෙම පවුලේ සිටි සහෝදරයකු සහ සහෝදරියක මෙයට ටික කලකට පෙර මියගොස් ඇති අතර පසුව  මෙම දෙදෙනා පමණක් නිවසේ පදිංචිව සිට ඇත.