පළාත් රැසකට සවස වැස්ස දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 April 2026
අවුරුද්දට ජල කැපිල්ලක් නෑ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් 11 වැනිදා සිට 14 දින දක්වා ජලය නොකැපීමට ජාතික ජල සම්පත් හා ජලා පවාහන මණ්ඩලය තීරණය කර ඇත. 12 April 2026
පොලොන්නරුවේ අනතුරකින් දෙදෙනෙක් මරුට පොළොන්නරුව මඩකලපළපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද සුසිරිගම ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනාම මියගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. 12 April 2026
‘කොකේන්‘ සමඟ විදෙස් කත අත්අඩංගුවට රුපියල් එක් කෝටි විසිතුන් ලක්ෂ තිස් දහසක් වටිනා ’’කොකේන්’’ මත්ද්‍රව්‍ය තොගයක් , සිය සිරුරෙහි සගවා ගෙන , මෙරටට පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(12 ) කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . ඇය 47 හැවිරිදි වියේ පසුවන උගන්ඩා ජාතික ව්‍යාපාරික කාන්තාවකි . 12 April 2026
පිටකොටුවේ අලුත් බස් පොළ වැනසූ සැකකරුවා දැලේ පිට කොටුව මධ්‍යම බස් නැවතුම්පලෙහි දේපල වලට අලාභ හානි සිදු කිරීමට සම්බන්ධයෙන් කැලණියේ පදිංචි අවුරුදු 33ක තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 12 April 2026
බාල ගල්අඟුරු: මහජන කොමිසමෙන් දැඩි තීරණයක් බාල ගල් අඟුරු හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත 12 April 2026
කොළමුණුඔයට ලොරියක් පෙරැළි දෙන්නෙක් මරුට වාරියපොල කටුපොත මාර්ගයේ නෙළුම් කණුව , කොළමුණුඔය පාළමෙන් ලොරි රථයක් පෙරළීමෙන් එහි ගමන් කළ රියදුරා සහ සහයකයා එතැනම මියගොස් ඇතැයි පොලීසිය කියයි. 12 April 2026
විසැඳුමකින් තොරව අවසන් වූ ඉරාන - ඇමෙරිකා සාකච්ඡා ඉරාන - ඇමෙරිකාව අතර පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පැවති ඉහළ පෙළේ සාම සාකච්ඡාවලදී ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාවකට නොපැමිණි බව අමෙරිකා උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පවසයි. 12 April 2026
‘‘ඉරානය න්‍යෂ්ඨික ප්රශ්නය සම්බන්ධයෙන් තවමත් කැපවීමක් නෑ‘‘ න්‍යෂ්ටික ප්රශ්නය සම්බන්ධයෙන් ටෙහෙරානයෙන් තවමත් කැපවීමක් දැකගත නොහැකි බව ඉරානය සමඟ සාකච්ඡා සඳහා නායකත්වය දෙන එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් මහතා පවසයි. 12 April 2026
ඇමෙරිකා-ඉරාන සාකච්ඡා ආරම්භ වේ එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාම සාකච්ඡා පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි දී මේ වන විට ආරම්භ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 11 April 2026
දිනුම අරන් ගෙදර එද්දි නොඑන ගමන් යයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දිනුම් අදිනු ලබන ලොතරැයිපතකට ඇදුණු රුපියල් ලක්ෂ දහයේ දිනුම ලබා ගැනීමට තවත් මිතුරෙකු සමග යතුරුපැදියකින් ලොතරැයි මණ්ඩලයට ගොස් පැමිණීමෙන් සිටියදී හොරණ පොකුණුවිට වැලිගම්පිටිය ප්‍රදේශයේදී යතුරුපැදිය මාර්ගයෙන් පිටතට ගොස් අසල තිබුණු බෝක්කුවක ගැටීමෙන් පිටුපස ගමන් කළ පුද්ගලයා මිය ගිය බව හොරණ පොලිසිය පවසයි. 11 April 2026
ගල් අඟුරු කෝප් කමිටුවත් රත් කරයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එහි සභාපති මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අවස්ථාවේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවුණු බව වාර්තාවේ. 11 April 2026
රනිල් සිංගප්පූරුවේ සැත්කම කළ හේතුව වජිර කියයි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සැත්කම සඳහා සිංගප්පූරුව තෝරා ගත්තේ ඔහුට ප්‍රතිකාර කළ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනා විටින් විට රහස් පොලිසියට කැඳවා මානසික පීඩනයට ලක් කිරීම නිසා බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 11 April 2026
බිලියන හයක රෝහල් ව්‍යාපෘතියක් ඇරැඹෙයි නයින්වෙල්ස් (Ninewells) රෝහලේ වෛද්‍ය සහ ශල්‍ය සත්කාර වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහල් පරිශ්‍රයේ දී සිදු කෙරිණි. 11 April 2026
අවුරුද්දට ‘‘පැට්රල්වලට කිව් ආර්’’ එපා අද සිට ලබන 18 වැනිදා දක්වා පැට්රල් සඳහා කිව් ආර් කේතය අවශ්‍ය නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. 11 April 2026
ගුරු විදුහල්පති හිඟය විසඳීමට කමිටුවක් අධ්‍යාපන පද්ධතියේ මානව සම්පත් ඌනතාව විසඳීම සඳහා යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කිරීම වෙනුවෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවේ ඉදිරි කටයුතු පිළිබඳව ‘පාසැල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු අනු කාරක සභාවේදී’ පසුගියදා සාකච්ඡා කෙරිණි. 11 April 2026
සජබ සභාපති කබීර් සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාව පත් කර තිබේ. 11 April 2026
ගල් අඟුරු ගැන ජනපති ලේකම්ගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක් 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 11 April 2026
පාස්කු ඉරුදින ප්‍රහාරය තනිකරම කුමන්ත්‍රණයක් ? පාස්කු ඉරු දින ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන බවත් 2017 සිට කරන ලද කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 11 April 2026
පොහොර ගැන අනියත බියක් එපා රටේ දැනට පවතින පොහොර පුමාණ පිළිබඳව ගොවි ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවැසීය. 11 April 2026
විගණකාධිපතිට බලපෑම් කරපු කමිටු සභාපති කවුද? පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක සභාපතිවරයෙකු විගණකාධිපති දෙපාර්තමේන්තුවට ගොස් ගල් අඟුරු වාර්තාව වෙනස් කරන ලෙසට දැඩි ලෙස බලපෑම් කර ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය 11 April 2026
තවත් ලොකු පුටුවක් ගැලවෙයි ? විවිධ චෝදනා එල්ලවී ඇති රජයේ ඉහළ පෙළේ නිලධාරිනියක එම තනතුරින් නුදුරේදීම ඉවත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තාවේ. 11 April 2026
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය. 11 April 2026
ගගනගාමීහු ආපසු එති ආටිමිස් 2 චන්ද්‍ර මෙහෙයුම යටතේ, සඳ වටා කැරැකුණු ගගනගාමීන් සිවුදෙනා වන රීඩ් වයිස්මන්, ගගනගාමී වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් ආපසු පෘථිවියට පැමිණියහ. 11 April 2026
ලක් ඉතිහාසයේ වැඩිම ලොතරැයි ජයග්‍රහණය පිරිනමයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ’’කප්රුක’’ ලොතරැයියෙන් මෙරට ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වන රුපියල් 629,855,919.60ක (හැට දෙකෝටි අනූඅට ලක්ෂ පනස්පන්දහස් නවසිය දහනවයයි ශත හැටක) මුදල දිනුම්ලාභියා වෙත අද (10)නිල වශයෙන් එම මුදල ප්රදානය කෙරිණි. 10 April 2026
බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය පරාදයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (10) පස්වරුවේ වැඩි ඡන්ද 104 කින් පරාජයට පත්විය. 10 April 2026
සීමාවාසික වෛද්‍යවරුන්ගේ පෙත්සම විභාගයට දින දෙයි දැඩි මතභේදයට තුඩු දී ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් දීමේ ලැයිස්තුව අභියෝගයට ලක් කරමින් සීමාවාසික වෛද්‍යවරුන් දෙදෙනකු ගොනු කර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය මැයි 08 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නේය. 10 April 2026
ගල් අඟුරු හොරකම් හොයන්න ජනාධිපති කොමිෂන් සභාවක් ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජනාධිපති විශේෂ කොමිෂන් සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ අද පැවසීය. 10 April 2026
තරුණ සංවර්ධනයට පර්යේෂණ සමුළුවක් ශ්‍රී ලංකා තරුණ ප්‍රජාව සතු හැකියාවන් හඳුනා ගනිමින් ඔවුන් රටේ තිරසාර සංවර්ධනයට දායක කර ගැනීමේ අරමුණින් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ඒකාබද්ධව එම පර්යේෂණ සමුළුව සංවිධාන කරයි. 10 April 2026
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026