අලව්වේදී තරුණයකුට වෙඩි තියලා අලව්ව, මොරවලපිටිය,ගොඩාකූරුව හංදියේ දී ඊයේ රාත්‍රියෙහි තරුණයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි අලව්ව පොලීසිය කියයි. 18 January 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අඩියක් පස්සට ගන්නේ නෑ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනස සිදු කිරීමේ ක්‍රියාවලිය අඩියක්වත් පස්සට ගෙන නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 18 January 2026
මුදල් වංචාවක් කළැයි කාන්තාවන් තිදෙනකු අල්ලයි ගෘහ භාණ්ඩ ලබා දෙන බව පවසා අන්තර්ජාලයේ දැන්වීම් පළකර මාර්ග ගත ක්‍රමවේදයේ ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් සංවිධානාත්මකව වංචා කළ කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත( දකුණ) දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි. 18 January 2026
බසය පෙරැළි රියදුරු මරුට: අටක් රෝහලට කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් අද (18) උදෑසන හල්දුම්මුල්ල ඌව තැන්න නායමඩිත්ත ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගල් ඇන්දක හැපීමෙන් බස් රථය මාර්ගය හරහා පෙරළී ගොස් රියදුරු ජීවිතක්ෂයට පත් වී තවත් කාන්තාවක් කුඩා දරුවකු ඇතුළු අට දෙනෙකු තුවාල ලබා ඇතැයිද හල්දුම්මුල්ල පොලිසිය පැවසීය. 18 January 2026
අදත් වැස්ස නැති දවසක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි 18 January 2026
නන්දන ගුණතිලක දිවි ගමන නිමා කරයි මෙරට ප්‍රසිද්ද දේශපාලනාඥයකු වූ නන්දන ගුණතිලක මහතා අද අලුයම රාගම රෝහලේදී මියගිය බව පවුලේ ඥාතිහූ සනාථ කළහ. 18 January 2026
ගිනි අවි සහ කුඩු සමග දෙකක් මාට්ටු සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක බව කියන පුද්ගලයකුගේ සමීපතයන් දෙදෙනකු ගිනි අවි සහ මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 17 January 2026
ඉන්දුනීසියා අතුරුදන් යානය සොයන්න මෙහෙයුමක් ඉන්දුනීසියානු ගුවන් ප්‍රවාහන සමාගමට අයත් ATR 42-500 මගී ගුවන් යානයක් පුද්ගලයන් 11 දෙනකු සමඟ අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 17 January 2026
කල්දැමූ ප්‍රතිසංස්කරණ ඉල්ලා තිදරුපියා උපවාසයේ කල්දමන ලද යෝජිත 6 වන ශ්‍රෙණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජනවාරි 21 දින සිට නැවත ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අම්පාර මඩවලලන්ද ග්‍රාමයේ පුද්ගලයෙක් අම්පාර නගරයේ ප්‍රධාන ඔරලෝසු කණුව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළේය. 17 January 2026
හොර දුම්වැටි ගුවන්තොටෙන් පන්නන්න බැරි වේ රුපියල් 68,95,000 වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ (Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ගුවන් මගියකු අද සවස අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ රේගුව කියයි. 17 January 2026
යතුරු පැදි රේස් ගිහින් නොඑන ගමන් යයි හොරණ ඉලිඹ හන්දිය අසල තරගෙට යතුරු පැදි දෙකක් මෝටර් රථයක ගැටීමෙන් එක් තරුණයකු මිය ගොස් අනිත් තරුණයා රෝහල්ගත කළ බව පොලිසිය කියයි. 17 January 2026
රියදුරු බලපත්‍ර ලක්ෂ පහක් බෙදන්න යයි කාඩ්පත් හිඟය හේතුවෙන් නිකුත් කිරීමට නොහැකිවූ රියැදුරු බලපත්‍ර ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් මාර්තු මාසය නිමවීමට ප්‍රථම අදාළ අයිතිකරුවන් වෙත යොමු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. 17 January 2026
ගොවීන් ලියාපදිංචි කරයි ගොවීන් ලියාපදිංචි කිරීමේ පද්ධතිය එළි දැක්වීමේ ජාතික වැඩසටහන FarmerNet.lk නමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවිජන මන්දිරයේදී ජනගත කෙරිණි. 17 January 2026
ලොරි - වෑන් රථ ගැටී දෙකක් රෝහලට ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් අද (17) දින සිදු වූ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කල බව හැටන් පොලිසිය පැවසීය. 17 January 2026
නුවරඑළිය මල් තුහින ශ්‍රී ලංකාවේ “පුංචි එංගලන්තය” ලෙස හඳුන්වන නුවරඑළියේ අද අලුයම ඇතැම් ස්ථානවල මල් තුහිණ පතිත වී තිබූ අයුරු දක්නට ලැබුණි. 17 January 2026
මහජන බැංකු විශ්‍රාමික සංගමයෙන් රට නගන්න ලක්ෂ 45ක් රට ගොඩනඟන අරමුදලට මහජන බැංකු විශ්‍රාමික සංගමය රුපියල් ලක්ෂ 45ක මූල්‍ය පරිත්‍යාගයක් කළේය. මහජන බැංකු විශ්‍රාමික සංගමයේ 96ට පෙර කණ්ඩායමේ සාමාජිකයන් සහ දිස්ත්‍රික් සංවිධාන වශයෙන් මේ සඳහා දායකත්වය ලබාදී තිබේ. 17 January 2026
එජාප සජබ දීගය මැද මන්ත්‍රීලා බිලිබෑමක් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට එකතුවී වැඩ කිරීමේ වැඩපිළිවෙළ මුවාවෙන් සමහර නායකයන් මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ කූට උත්සාහයක නිරත වීම හේතුවෙන් එම එකතුවීමේ වැඩපිළිවෙළ අසාර්ථක වීමේ තැනකට තල්ලු වීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තාවේ. 17 January 2026
සුව ඇමති මහනාහිමිවරුන් බැහැ දකී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහත්වරු මහනුවරදී මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දුටුවහ. 17 January 2026
හිටපු කතා නායකගේ බිරිඳ රිය අනතුරකින් රෝහල්ට හිටපු කතා නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවල මහතාගේ බිරිඳ වෛද්‍ය ඉන්ද්‍රාණි රන්වල මහත්මිය පැදවූ මෝටර් රථයේ අද අලුයම තවත් මෝටර් රථයක් ගැටීමෙන් ඒ මහත්මිය තුවාල ලබා රෝහල් ගත කළ බව බියගම පොලිසිය සඳහන් කරයි. 17 January 2026
රැස්වීමට සරසද්දී පොලිසිය හා සංවිධායකවරු මත ගැටුමක තඹුත්තේගම නගරයේ අද (17) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමුවක් සඳහා සැරසිලි සිදු කරමින් සිටි පිරිසකට ඊයේ (16) රාත්‍රියේ තඹුත්තේගම පොලිසියේ උසස් නිලධාරියකු ඇතුළු පිරිසක් පැමිණ එම සැරසිලි ඉවත් කර ගන්නා ලෙස දැනුම් දීමත් සමඟ දෙපාර්ශවය අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත්හ. 17 January 2026
ස්ටැඩන් වත්තේ ගින්න අක්කර10 වැනසේ හැටන් ස්ටැඩන් වතුයායේ තේ කර්මන්ත ශාලාවට ඉහළින් වූ ඉලුක් සහිත රක්ෂිතයේ හට ගත් ගින්නෙන් අක්කර 10ක පමණ කොටසක් ගිනි ගෙන විනශ වී ඇති බව වතු පාලන අධිකාරිය පැවසීය. 17 January 2026
හිටපු මන්ත්රීලාගෙන් යැපෙන 182කගේත් ’’පැන්ෂන්’’ කැපේ මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත සම්මත වීමෙන් පසු එම විශ්‍රාම වැටුප අහිමි වන පිරිස අතර හිටපු මන්ත්‍රීවරුන්ගේ කලත්‍රයන් (බිරිඳ හෝ සැමියන්) 182ක්ද සිටින බව වාර්තාවේ. 17 January 2026
හිටපු කපිතාන් මැගසින් සහ උණ්ඩ සමග මාට්ටු විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයකු ටි. 56 මැගසින් තොගයක් සහ උණ්ඩ සමග යාගොඩමුල්ල මිරිස්වත්ත නිවසකදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 17 January 2026
දරුවන්ගේ කෑම සල්ලි හොරා කා පාටි දැම්මැයි විදුහල්පතිනිය වැරදිකරු වේ පාසල් දරුවන්ගේ ආහර දිමනා මුදල් වංචා කොට එම මුදලින් සිය සැමියාගේ උපන් දින සාදය පැවැත්වු බවට මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියකට විරුද්ධව එල්ලවු සියළු චෝදනා තහවුරුවු බව උතුරු මැද ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ මහතා අද පැවසිය. 17 January 2026
අද වැස්ස නැති දවසක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 January 2026
රට වටා පාපැදි සවාරිය අද මහනුවරින් ආරම්භ වේ Lanka Ride පාපැදි සවාරිය පළමු දිනය මහනුවරින් අවසන් විය. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කරන Lanka Ride පාපැදි සවාරිය කොළඹින් ආරම්භ විය. 17 January 2026
ජින්තුපිටියේ වෙඩි තැබීම ගැන විශේෂ විමර්ශන වෙරළබඩ ජින්තුපිටිය ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු සිදුකළ වෙඩි තැබීමකින් වෙළෙන්දකු මියගොස් කුඩා දරු දෙදෙනකු බරපතල තුවාල ලැබීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය කියයි. 17 January 2026
ඉන්දියාවේ සර්වඥ ධාතූ ලංකාවට ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව ශ්‍රී ලංකාවට වැඩම වීමට නියමිත ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය පිළිබඳ මූලික සාකච්ඡාවක් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී අද (16) පැවැත්විණි. 16 January 2026
පුද්ගලයකුට අමානුෂික වද දුන්නට පොලිස් පරික්ෂක වසර හතක් සිරගෙට පහරදී තුවාල සිදුකිරීම, කෘර ලෙස වධ හිංසා පමුණවීම යන චෝදනාවන්ට වරදකරු වූ පොලිස් පරීක්ෂකවරයකුට මොනරාගල මහාධිකරණ විනිසුරු (පූර්වගාමී) චින්තක ශ්‍රීනාත් ගුණසේකර මහතා වසර හතක සිර දඬුවමක් අද නියම කළේය. 16 January 2026
මත්තල අලුත් කරන වාර්තා සකසා අවසන් හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් ආයෝජකයන් අභිලාෂ කැදවීමට අදාල වාර්තාව සකස් කර අවසන්ව ඇති බව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය. එම වාර්තාව ළඟදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය. 16 January 2026
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026