දිට්වාගෙන් මිය ගිය සියලු දහම් දරුවන්ට මතක වස්ත්‍ර පූජා කරති දිට්වා සුළි කුණාටුවෙන් දිවි අහිමිවූ බෞද්ධ ,අබෞද්ධ සියලුම දරුවන්ට පිං අනුමෝදනා කරමින් විශේෂ මතක වස්ත පූජාවක් ඉඳුරුව තේක්කවත්ත සුගතපාල දහම් පාසලේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය නියෝජය පරිවේනාධිපති, කුඹල්ගම විපුලසිරි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (7)පෙරවරුවේදී පැවැත්විණ. 07 December 2025
මියන්මාර රජයේ ආපදා ආධාර තොගයක් කටුනායකට මියන්මාර රජය විසින් මෙරටට ලබා දුන් ආපදා ආධාර තොගයක් සහ එරට නියෝජිත පිරිසක් රැගත් විශේෂ එරට ගුවන් හමුදා ගුවන් යානයක් මධ්‍යම රාත්‍රී කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණ තිබුණි . එම ගුවන් යානය තුළ සනීපාරක්ෂක ද්‍රව්‍ය , ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් තිබුණි . 07 December 2025
සේසතම අහිමි වූ තිදරු පියා කුළු හරක් පහරින් මරුට වතුරට ගසාගෙන ගිය තම නිවසේ බඩු භාණ්ඩ එකතු කර ගැනීමට ගිය විටදී කුළුහරෙකුගේ පහර දීමෙන් දින පහක කාලයක් පොළොන්නරුව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි මනම්පිටිය මාගංතොට අංක 93 ලිපිනයේ පදිංචිව සිටි රොෂාන් කුමාරසිරි මිය ගියේය. 07 December 2025
ගිනි අවිය පත්තුවී පොලිස් නිලධාරියෙක් රෝහලේ මාලබේ පොලිස් ස්ථානය තුළදී අද (07) දින උදෑසන ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් වෙඩි වැදී එක් පොලිස් නිලධාරියකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මාලඹේ පොලිසිය පවසයි. 07 December 2025
ඝාතනයට සඟවා තිබු අවි- උණ්ඩ සොයාගනී බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටි නැමැත්තා ඝාතනය කිරීම සඳහා සඟවා තැබූ බව කියන පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ ටි 56 වර්ගයේ ජීව උණ්ඩ 10 සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 07 December 2025
දුම්වැටි සමඟ ගුවන්තොටේදී අයෙක් මාට්ටු රුපියල් හතලිස් දෙලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු සමග අද(07) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 07 December 2025
අද කාලගුණය දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 December 2025
ශ්‍රීපාද නාය ගිය තැනින් පැරණි පඩි පෙළක් ශ්‍රි පාද හැටන් මාර්ගයේ මහගිරිදඹය ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමත් සමග ඉපැරණි වන්දනාකරුවන් ශ්‍රී පාදස්ථානය කරුණා කිරිමට උපයෝගි කර ගත් බවට සැකකරෙන යකඩ පඩිපෙළක් සහ ආරක්ෂිත දම්වැලක් හමු වූ බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියෝ පැවැසූහ. 06 December 2025
ස්විට්සර්ලන්තයෙන් ආධාර රැගත් ගුවන් යානයක් දිවයිනට ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද දිවයිනට ළඟා විය. 06 December 2025
දෙහිවල වෙඩි තැබීමක් දෙහිවල වනරතන පාර නිවාස සංකීර්ණය ක්‍රීඩාපිටිය අසලදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. 06 December 2025
ඉන්දීය ආධාර රැගත් 9 වැනි යානයත් එයි ඉන්දියාව විසින් නම් කර ඇති ’’ සාගර බන්ධු ’’ මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් අද (6) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 06 December 2025
ආපදා වගා වන්දි දෙසැම්බර් 30ට කලින් ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී සහ සැලසුම් සකස් කිරීමේදී නිවැරදි දත්ත ඉතා වැදගත් බැවින් සෑම විටම නිවැරදි දත්ත ඉදිරිපත් කිරීම නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය. 06 December 2025
අම්පාරට මහියංගණයට එළිය වැටෙයි අධික වර්ෂාව සමග රන්දෙණිගල සිට මහියංගනය දක්වා විදුලිය ගෙනයන කඩා වැටුනු මාර්ගය අද සවස් වෙනකොට තාවකාලිකව ප්‍රතිසංස්කරණය කර විදුලිය ලබාදිමට හැකිවිය. 06 December 2025
ජනපති අස්ගිරි මහා නා හිමි බැහැ දකී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි මහා විහාරය වෙත ගොස් වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහානාහිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. 06 December 2025
අනවසර ඉදිකිරීම් වලට යළි ඉඩක් නැහැ ආපදාවෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී සාමාන්‍ය රාජ්‍ය යාන්ත්‍රණය ඉක්මවා යන සියලුදෙනා ඒකාබද්ධ කරගත් මෙහෙයුම් යාන්ත්‍රණක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 06 December 2025
නුවරඑලිය ගොඩනගන්න ලොකු පිරිසක් එක් වෙයි නුවරඑලිය ප්‍රදේශයට පසුගිය දා ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය නගරය, හාවා එළිය ඇතුලු ප්‍රදේශ රැසක් ජලයෙන් යට විය. 06 December 2025
ජනපති මල්වතු මහා නා හිමි බැහැදකී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු මහා විහාරයට අද (6) ගොස් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නායක නා හිමි බැහැ දුටුවේය. 06 December 2025
නුවරඑළියේ ගංවතුරෙන් එළවළු වගාවට දැඩි හානි නුවරඑලිය ප්‍රදේශයට පසුගිය දින ඇදහැලුණු අධික වර්ෂෘව හේතුවෙන් නුවරඑලිය කදපොල ප්‍රදේශයේ පහත්බිම්වල වගා කර තිබු එළවලු වගාව වැසි ජලයෙන් සහ රොන්මඩ වලින් වැසී යෑම හේතුවෙන් අස්වැන්න නෙලීමට ආසන්නව තිබූ එළවලු වගාව මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. 06 December 2025
කෝටි 5000 පරිපූරකය අනුමැතියට හදිසි මැතිසබා රැස්වීමක් 19 පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් ලබන 19 පැවැත්වීමට නියමිතය. 06 December 2025
රජයේ සේවක වැටුප් රහිත නිවාඩු අවලංගුයි රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත 06 December 2025
පළාත් තුනක කඳු දෙදාහක් ’’චෙක්’’ කරයි මධ්‍යම සබරගමු සහ ඌව පළාත්වල කඳු දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පුළුල් විද්‍යාත්මක පරීක්ෂණයක් පවත්වා රජයට පූර්ණ වාර්තාවක් ලබාදීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කර ඇත. 06 December 2025
චීන වරාය නිවසකදී වෙඩි තැබීම: පැදිකරු අත්අඩංගුවට තිරිකුණාමලය චීන වරාය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදියේ පැදිකරු බව කියන පුද්ගලයෙකු ඊයේ (5) සවස කතරගම බස් නැවතුම්පොළ අසලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ විශේෂ කාර්ය බළකාය පවසයි. 06 December 2025
උඩරට දුම්රිය පාර හදන්න මාස දෙකකිනුත් බැරි වේවි ගංවතුර ආපදාවෙන් හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ යථාවත් කිරීමට මාස දෙකකිනුත් බැරි වනු ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ලංකාදීපයට පැවසීය. 06 December 2025
ආගමික මධ්‍යස්ථනයකින් කොටි එක හමාරක කල් ඉකුත් වූ ආහාර ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ’’සාමි’’ වරයකු එම මධ්‍යස්ථානය තුළ බලපත් රහිතව කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටියදී පාරිභෝගික සේවා අධිකාරිය වැටලුවේය. 06 December 2025
පළාත් කීපයක අදත් මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්වය ක්‍රමයෙන් ස්ථාපිත වීම නිසා උතුරු, උතුරු - මැද,නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 December 2025
ජනපති පාර්ලිමේන්තුව අමතා කළ සම්පූර්ණ කතාව අයවැය ලේඛනය රට තිරසාර ලෙස ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීම සඳහා සකස් කර තිබෙන න්‍යාය පත්‍රයේ කොටසක් හෙයින් එය ක්‍රියාත්මක කිරීම නතර කරන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 December 2025
පහක් මැරූ එකෙක් මාට්ටු සංවිධානාත්මක අපරාධකරුවන් වන කරන්දෙනියේ සුද්දා හා සමන් කොල්ලා යන පාතාල අපරාධකරුවන් සමග එක්ව ද්විත්ව ඝාතන 2 ක් ඇතුළු මනුෂ්‍ය ඝාතන පහක් මෙන්ම අපරාධ රැසක් සිදුකළ තරුණයකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 06 December 2025
කෝටි 100 කුඩු කල්පිටියන් අල්ලයි රුපියල් කෝටි 100 කට අධික වීදි වටිනාකමකින් යුත් අයිස් හා හොරෝයින් තොගයක් කල්පිටිය ඉලප්පන්තිව් දුපත ආසන්නයෙදී අද අලුයම නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 06 December 2025
විසර්ජන පනතට කතානායක සහතිකය 2026 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද සිය සහතිකය සටහන් කළේය. 05 December 2025
මල්වතු ඔයට වැටුණු අයියගේ සිරු හමුවේ:නංගී තවමත් අතුරුදන් මොරටුවේ සිට අනුරාධපුරයට පැමිණි මවක් තම දරු දෙදෙනා සමග මල් අතු ඔයට පැන සියදිවි නසා ගැනීමට තැත් කළ සිද්ධියේ සැඩ පහරට ගසා ගෙන ගොස් අතුරුදහන්ව සිටින දරු දෙදෙනාගෙන්, පිරිමි දරුවාගේ සිරුර මල්වතු ඔයේ අකුලක සිරවී තිබියදීඅනුරාධපුර පූජා නගරයේ මිහිඳුපුර ප්‍රදේශයේදී සොයා ගත් බව අනුරාධපුර කොට්ඨාස පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය පවසයි. 05 December 2025
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026