ගුවන්තොටේ සිර වු සංක්රමණිකයෝ යළි ඉන්දියාවට දින කීපයක් තිස්සේ ඉන්දියාවට යාමට නොහැකිව කටුනායක ගුවන් තොටුපොළ තුළ රැදී සිටි ඉන්දීය සංක්‍රමණික ගුවන් මගීන් 400 ක පමණ පිරිසක් , ගංවතුර ආපදා ආධාර රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා දෙකකින් අද (30 ) පස්වරුවේ ඉන්දියාව බලා පිටත් කර හැරිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . 30 November 2025
මහනුවරට බොන වතුර බෙදයි මහනුවර මහනගර සභාවේ නාගරික බල ප්රදේශපදිංචිකරුවන් පානීය නළ ජලය බෙදා හැරීම මහනුවර ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබේ. 30 November 2025
මාතලේ - මහනුවර දුම්රිය මාර්ගය එල්ලෙන පාලමක් මහනුවර මාතලේ දුම්රිය මාර්ගය යටවර ප්‍රදේශයෙන් දරුණු නාය යාමකට ලක්ව තිබේ. 30 November 2025
මාර්ග හදන්න පටන් ගනී රට තුළ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් විනාශයට පත්වු සියළු මාර්ග සහ පාලම් කඩිනමින් යථා තත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා අද (30) පැවසීය. 30 November 2025
මාවිල් ආරුවේ 121ක් මුදා ගනී මාවිල් ආරු ප්‍රදේශයේ සිරවී සිටි පුද්ගලයන් 121 දෙනෙකු ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් මුදා ගෙන තිබේ. 30 November 2025
දෙසැම්බර් ඉන්ධන මිල වෙනස් නොවේ ඉන්ධන මිල සූත්‍රයට අනුව දෙසැම්බර් මස ඉන්ධන මිල වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 30 November 2025
පකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට මානුෂිය ආධාර පකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය, එරට සන්නද්ධ හමුදා සමඟ සමීප සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සඳහා සහන සැපයීමට මානුෂීය සහන මෙහෙයුමක් ආරම්භ කර ඇත. 30 November 2025
‘ශ්‍රී පාද කන්දේ නායයාමක් නෑ‘ ශ්‍රී පාද කන්දේ කොටසක් නාය ගොස් ඇතැයි සමාජ මාධ්‍ය වල ප්‍රචාරය වන ජායාරූපයක් ගැන නිවේදනය ක් නිකුත් කරන ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් ප්‍රකාශ කරන්නේ එය නායයාමක් නොවනබව යැයි පොලීසිය පැවසීය . 30 November 2025
දිට්වා සුළි කුණාටුව තමිල්නාඩුවට කඩා පනී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දැඩි වර්ෂාපතනයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ තිදෙනෙකු මියගොස් ඇති බව තමිල්නාඩු ප්‍රාන්ත බලධාරීහු ප්‍රකාශ කළහ. 30 November 2025
ඉන්දීය සහන කණ්ඩායම 24 ක් බේරා ගනී ඉන්දිය රජය මගින් මෙරට මුදා ගැනීම් මෙහෙයුම් සදහා ලබා දී තිබූ ඉන්දිය ගුවන් හමුදාවට අයත් MI 17ඉන්දිය රජය මගින් මෙරට මුදා ගැනීම් මෙහෙයුම් සදහා ලබා දී තිබූ ඉන්දිය ගුවන් හමුදාවට අයත් MI 17 හෙලිකොප්ටර් යානය මගින් කොත්මලේ ප්‍රදේශයේ ආපදා තත්වය හේතුවෙන් අවතැන් වූ ගැබිනි කාන්තාවක්, රෝගීන් දෙදෙනෙක් සහ හෙලිකොප්ටර් යානය මගින් කොත්මලේ ප්‍රදේශයේ ආපදා තත්වය හේතුවෙන් අවතැන් වූ ගැබිනි කාන්තාවක්, රෝගීන් දෙදෙනෙක් සහ විදේශිකයින් ඇතුළු පුද්ගලයන් 24 දෙනකු බේරා ගෙන තිබේ. 30 November 2025
බදුල්ලේ මරණ 71 ක් :53 ක් අතුරුදන් බදුල්ල දිස්ත්‍රික්කයේ වර්ශාවත් සමග නායයාම්, පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී සිදුවු ආපදාවන් වලින් අද (30) දහවල් වනවිට පුද්ගලයන් 71ක් මියගොස් 53දෙනෙකු අතුරුදහන් ව පවුල් 7973ක පුද්ගලයන් 32762ක් විපතට පත්ව සිටින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි . 30 November 2025
පැය 67 ක් නුවරඑළිය අඳුරේ නුවරඑළිය නගරය හා අවට ප්‍රදේශයන් වන නානුඔය, මීපිළිමාන, ශාන්තිපුර යන ප්‍රදේශවල පිවිසුම් මාර්ග හා ස්ථාන රැසක නාය යෑම් හා ගංවතුර තත්වයන්ගෙන් ආපදා විශාල ප්‍රමාණයක් සිදු වී ඇති බව නුවරඑළිය ආපදා කළමණාකරණ ඒකකය අනාවරණය කරයි. 30 November 2025
අද හවස දුම්රිය ගමන් මෙහෙමයි මුහුදුබඩ මාර්ගයේ මරදාන සහ ගාල්ල, කළුතර, අළුත්ගම අතර දුම්රිය 5 ක් අද සවස (30) ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 30 November 2025
අනිවත්ත බිංගයට පස් ගල් පෙරලෙයි මහනුවර අනිවත්ත බිංගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී තිබේ. 30 November 2025
රට පුරා ලේ හිඟයක්: පරිත්‍යාගශීලීන්ට ආරාධනයක් රුධිර හිඟයක් මතුව ඇති බැවින් රුධිරය පරිත්‍යාග කළ හැකි සැවොම පහත සදහන් ස්ථානයන් වෙත පැමිණ රුධිර පරිත්‍යාගය ලබාදෙන මෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලිමක් කළේය 30 November 2025
18 වංගුවේ යන්නේ බලාගෙනයි උඩදුම්බර සිට හසලක නගරය දක්වා දිවෙන 18 වංගුව මාර්ගය භාවිතා කිරීමේදී ප්‍රවේසම් වන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා මහජනතාවට දැනුම් දෙයි. 30 November 2025
තවලන්තැන්න මාර්ගය නාය යයි තලවකැලේ තවලන්තැන්න හරහා කොත්මලේ මාර්ගයේ කොත්මලේ පාලුවත්ත ප්‍රදේශයේ මීටර් 100ක පමණ කොටසක් නායයෑම නිසා සහන කණ්ඩායම් වලට කොත්මලේ ප්‍රදේශයට යෑමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත. 30 November 2025
රියදුරු බලපත්‍ර මාර්ගගත ක්‍රමයට නෑ අයහපත් කාලගුණය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලවලින් සපයන මාර්ගගත සේවාවේ සැපයීමේ ගැටලු ඇතිවිය හැකි බව මෝටර් රථ ප්‍රවාහනන දෙපාර්තමේන්තුව අද (30) පැවසීය. 30 November 2025
බිඳ වැටුණු ජල සැපයුම් දින තුනෙන් හදනවා දිස්ත්‍රික්ක ගණනාවක බිඳවැටී තිබෙන ජල සැපයුම දින තුනක් ඇතුළත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ඒ. එම්. පී. සී. ටී. බණ්ඩාර මහතා පැවසීය. 30 November 2025
බෝ නොවන රෝග පැතිරෙන අවදානමක් ගංවතුර තත්ත්වය හා ආපදා හේතුවෙන් දරුවන් අතර බෝවන රෝග ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය 30 November 2025
අර්බුදය හරිගස්සන්න එජාපෙන් යෝජනා 16ක් රට මුහුණ දුන් කාලගුණ ව්‍යසනය කළමනාකරණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට යෝජනා 16ක් ඉදිරිපත් කර තිබේ. 30 November 2025
රට පුරා බැකෝ හිඟයක්:පස් කඳු ඉවත් කිරීමට බාධා බැකෝ ඇතුළු යන්ත්‍රවල දැඩි හිඟය හේතුවෙන් ආපදා ප්‍රදේශවල පස් කඳු, ගස් කඳන් සහ වෙනත් බාධක ඉවත් කිරීමට බාධා මතුව ඇතැයි වාර්තාවේ. 30 November 2025
මෙහෙයුම් අඩුපාඩු විපරමට නියෝජ්‍ය ඇමති ගුවන්තොටට යයි අයහපත් කාලගුණ තත්ත්වය මධ්‍යයේ වුවද ගුවන්තොටුපළ මෙහෙයුම් ආරක්ෂිතව සහ කාර්යක්ෂමව සිදුකිරීම වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ලබාදීමට වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. 30 November 2025
වරාය කුස්සියෙන් අදත් බත් පාර්සල් 6000ක් වරාය මුළුතැන්ගෙය විපතට පත් වූවන්ට බෙදාදීම සඳහා අද(30) අඛණ්ඩව තුන්වන දිනටත් ආහාර පිලියෙල කරයි. 30 November 2025
අමාත්‍යාංශ හයක විවාද හෙට අනිද්දා හෙට සහ අනිද්දා අමාත්‍යාංශ හයක වැය ශීර්ෂ විවාද පැවැත්වීමට නියමිතය. 30 November 2025
මාවිල් ආරුවට හෙලිකොප්ටර් තුනක් මාවිල් ආරු ප්‍රදේශයේ මුදා ගැනීම් සහ නිරීක්ෂණ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටන් යානා තුනක් යොදවා ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 30 November 2025
පේරේ මුහුණ දුන් තත්ත්වය උප කුලපති කියයි ආපදා තත්ත්වය හමුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලුම සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කළ බවත්, විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ලබන දෙසැම්බර් 7 වැනිදා තෙක් අත්හිටුවා ඇති බවත් ශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 30 November 2025
විපතට පත් දරුවන්ට නාමල්ගෙන් පොත්පත් ගංවතුර සහ සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමට ඉදිරියේදී කටයුතු කරන බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 30 November 2025
විදුලි සංදේශ අඩවි 4000කට බාධා: 1500ක් හදයි බාධාවට ලක් වූ විදුලි සංදේශ අඩවි 4,000 න් 1,500 කට වැඩි ප්‍රමාණයක් යථා තත්ත්වයට පත් කර ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. 30 November 2025
විපතට පත් සතුන් ගැන මේ අංක වලට දැනුම් දෙන්න ගංවතුරෙන් විපතට පත්වූ හෝ කොටු වී සිටින සුරතල් සතුන්, ගොවිපොළවල සිටින සතුන් හෝ වීථී සතුන් සඳහා පශු වෛද්‍ය සහාය ලබාදීමට ශ්‍රී ලංකා පශු වෛද්‍යවේදීන්ගේ සංගමය සුදානමින් සිටී. 30 November 2025
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026