කොළඹ සරසවියේ ආචාර්යවරුන් පිරිසක් ගැන වාර්තාවක් ඉල්ලයි කොළඹ විශ්ව විද්යාලයේ ඇතැම් ඩිප්ලෝමා පාඨමාලාවන් සම්බන්ධ විභාගවලදී විවිධ අක්රමිකතාවයන් වන බවටත් සමහර ආචාර්යවරුන් ඔවුන්ට හිතවත් සිසුන්ට විභාගයට පෙර විභාගයට එන ප්රශ්න හෙළි කරන බවටත් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කර වාර්තා කරන ලෙස විශ්ව විද්යාල ප්රතිපාදන කොමිසම කොළඹ විශ්ව විද්යාලයේ වැඩබලන උපකුලපතිවරයාට දැනුම් දී ඇත. 19 May 2025
යුද හමුදාවේ 10,093 කට උසස්වීම් 16 වන රණවිරු දින සැමරුමට සමගාමීව යුද හමුදා කොමිෂන් නොලත් නිලධාරීන් සහ නිලධාරිණියන් 10,093 දෙනෙකුට අද (19) දින සිට බලපැවැත්වෙන පරිදි නිළ උසස්වීම් ලබාදී ඇත. 19 May 2025
වැඩබලන සුව ඇමති හංසක විජේමුණි වැඩබලන සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයා ලෙස වෛද්ය හංසක විජේමුණි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර ඇත. 19 May 2025
දිස්ත්රික්ක හතරකට වැස්සෙන් පීඩා ආපදා තත්වය හේතුවෙන් දිස්ත්රික්ක 4 ක පවුල් 187 කට අයත් පුද්ගළයින් 685 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. 19 May 2025
මිලාන් ජයතිලකට ඇප දොම්පේ ප්රාදේශීය සභා බල සීමාවේ සංවර්ධනය කර විකුණන ඉඩම් සඳහා නියමිත ක්රියාදාමයෙන් තොරව පිඹුරුපත් අනුමත කරදීමෙන් රජයට රුපියල් තුන් ලක්ෂයකට අධික මුදලක් පාඩු සිදු කළේ යැයි කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී , දොම්පෙ ප්රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් සජිත ජයතිලක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනූජා ලක්මාලී මහත්මිය අද නියෝග කළාය. 19 May 2025
මහින්දානන්ද රිමාන්ඩ් ව්යාධි ජනක කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130 පාඩුවක් සිදු කළේ යැයි වරෙන්තු ලද හිටපු අමාත්යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන විසි හය දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනු ජා ලක්මාලි මහත්මිය අද නියෝග කළාය. 19 May 2025
නැදිමාලේ වෙඩි තැබීමක් දෙහිවල නැදිමාලේ ප්රදේශයේ පොලිතින් කඩයකට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිසිය කියයි. 19 May 2025
යුද හමුදාවේ දහදාහකට උසස්වීම් 16 වන රණවිරු දින සැමරුමට සමගාමීව යුද හමුදා කොමිෂන් නොලත් නිලධාරීන් සහ නිලධාරිණියන් 10,093 දෙනෙකුට අද (19) දින සිට බලපැවැත්වෙන පරිදි නිළ උසස්වීම් ලබාදී ඇත. 19 May 2025
රාජ්ය භාෂා කොමිසමෙන් පාසල් සිසුනට නිර්මාණ තරඟයක් රාජ්ය භාෂා කොමිෂන් සභාව වෙනුවෙන් වූ ආදර්ශ පාඨ නිර්මාණය කිරීම සඳහා වූ සමස්ථ ලංකා පාසල් සිසුන්ගේ පාඨ නිර්මාණ තරඟය සඳහා අයැදුම්පත් කැඳවීමට රාජ්ය භාෂා කොමිෂන් සභාව තීරණය කර ඇත. 19 May 2025
ඩෙංගු- චිකන් ගුන්යා දරුවෝ වැඩිවෙලා ඩෙංගු සහ චිකුන් ගුන්යා වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය දීපාල් පෙරේරා මහතා පැවසීය. 19 May 2025
පුංචි ආණ්ඩුවල සජබ - එජාප එකතු වේ පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතරය ලබා දී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකඟතාවය පළ කරනු ලැබීය. 19 May 2025
යළි කිසිදාක උතුරේ දකුණේ යුද්ධ නෑ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීය. 19 May 2025
විසදුම් නැතිනම් අඛණ්ඩ වර්ජනයක් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සාධාරණ ඉල්ලීම් සදහා හෙට (20) වනවිට ආණ්ඩුවෙත් පිළිගත හැකි විසඳුම් නොලැබුණොත් අඛන්ඩ වර්ජනයකට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය. 19 May 2025
දෙල් කඩන්න ගිහින් විදුලිසැර වැදිලා දෙල් ගසකට නැගි පුද්ගලයෙකු අධි බල විදුලි සැර වැදී මියගිය බව බොරලැස්ගමුව පොලිසිය කියයි. 19 May 2025
හිටපු මන්ත්රී මිලාන් ජයතිලක අත්අඩංගුවට හිටපු මන්ත්රී හා දොම්පේ ප්රාදේශීය සභා හිටපු සභාපති මිලාන් ජයතිලක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකය කියයි. 19 May 2025
මහින්දානන්ද අධිකරණයට පැමිණෙයි ව්යාධිජනක කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130ක පාඩුවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි හිටපු අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ අද කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණියේය. 19 May 2025
පා. මන්ත්රී චාමරට ඇප රාජ්ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් රිමාන්ඩ් බාරයේ සිටි හිටපු රාජ්ය අමාත්ය සහ පාර්ලිමේන්තු මන්ත්රි චාමර සම්පත් දසනයකට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි බදුල්ල මහේස්ත්රාත් නුජිත් ද සිල්වා මහතා නියෝග කළේය. 19 May 2025
දේශබන්දු අද හවස මැතිසභා කමිටුවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනා විමර්ශනය කෙරෙන ත්රිපුද්ගල කොමිෂන් සභාව හමුවේ අද(19) පස්වරු 2.00 ට පෙනී සිටීමට නියමිතය. 19 May 2025
මධ්යම මහ ඇමති පුටුවට සජබෙන් මහාචාර්ය උපුල්? පේරාදෙණිය විශ්ව විද්යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා සමගි ජන බලවේගයේ මධ්යම පළාත් මහ ඇමති අපේක්ෂක ලෙස පත්කිරීමට එම පක්ෂයේ අවධානය යොමුවී ඇත. 19 May 2025
ලුණු මෙට්රික් ටොන් 2800 ක් 23 දා එයි ජාතික ලුණු සමාගම ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු තොගයේ පළමු කොටස වශයෙන් මෙට්රික් ටොන් 2800 ක් ලබන 23 දා දිවයිනට ළගා වීමට නියමිත බව ජාතික ලුණු සමාගම පවසයි. 19 May 2025
මත්ද්රව්ය සහ මෝටර් රියක් සමඟ තිදෙනෙකු අල්ලයි දීර්ඝ කාලයක සිට වැලිකන්ද මහසෙන්පුර සහ සිංහපුර ප්රදේශයට අයිස් මත්ද්රව්ය බෙදූ පුද්ගලයන් තිදෙනෙකු නවීන පන්නයේ මෝටර් රථයක් සමඟ ඊයේ ( 18 ) සවස අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි. 19 May 2025
මාලිමාවට කොළඹ බලය ගන්න අද විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ මහ නගර සභාවට තරග කළ ස්වාධීන කණ්ඩායම් පහේ නායකයන් සමග අද (19)පස්වරු 4.00 ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. 19 May 2025
විද්යාඥයන්ට විශ්වයේ ඈතින් මිදුණු ජලය හමුවෙලා විශ්වයේ ඈතින් පිහිටි ‘තරුණ’ තාරකා පද්ධතියකින් මිදුණු ජලය සොයා ගත් බව නාසා විද්යාඥයෝ පවසති. පෘථිවිය අයත් අප අප සෞරග්රහ මණ්ඩලයට ඔබ්බෙන් විශ්වයේ ඈතින් මේ අයුරින් මිදුණු ජලය සොයා ගැනීමක් සිදුවූයේ පළමු වරට යැයි විද්යාඥයන් පවසන්නේ මහත් උනන්දුවකිනි. 19 May 2025
පළාත් කිහිපයකට වැස්ස වැඩි වෙයි ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත්වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 19 May 2025
‘කුෂ්‘ සමඟ විදේශිකයා ගුවන්තොටේදී මාට්ටු රුපියල් හත් කෝටි අනූ ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්රව්ය තොගයක් රැගෙන පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(19 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 19 May 2025
ගල්කිස්සේ වෙඩික්කරු අල්ලයි ගල්කිස්ස වෙරළපාර අසලදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. 19 May 2025
නවමස් ගැබිනිය ඝාතනය කළැයි සැමියා අත්අඩංගුවට මුදල් ආරවුලක් මත නවමස් ගැබිනි බිරියගේ ගෙල රෙදි සිරකර ඝාතනය කළ බව කියන සැමියා අත්අඩංගුවට ගත් බව දෙනියාය පොලිසිය පවසයි. 19 May 2025
ජෝ බයිඩන්ට දරුණු පිළිකාවක් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් දරුණු පුරස්ථි ග්රන්ථි පිළිකාවකින් පීඩා විඳින බව ඇමෙරිකන් මාධ්ය වාර්තා කරයි. 19 May 2025
විදුලි බිල වැඩි වන හැටි විදුලි ගාස්තුව සියයට 18.3 කින් ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ පනතට අනුව කටයුතු කරන බවත් එම යෝජනාව පිළිබඳව අවසන් තීරණය ජූනි මස පළමු සතියේ ප්රකාශ කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 18 May 2025
බටලන්ද ඝාතන හොයන්න නීතිපතිගෙන් කමිටුවක් බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්යයනයට සිවු පුද්ගල කමිටුවක් නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් පත් කරනු ලැබ ඇත. 18 May 2025
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026