හමාද් බින් කලීෆා අවසන් ගමන් යයි අභාවප්‍රාප්ත, කටාර් රාජ්‍යයේ නිර්මාතෘ ලෙස එරට වැසියන්ගේ ගෞරවාදරයට පත් එමීර් ෂෙයික් හමාද් බින් කලීෆා අල් තානීගේ අවසන් කටයුතු සෝ සුසුම් මැද දෝහා නුවරදී සිදුවිය. 13 July 2026
ඉරාක අගමැති වොෂින්ටනයට ඉරාක අග්‍රාමාත්‍ය අලී අල් සයිඩී, ඇමෙරිකාවේ නිල සංචාරයක් ආරම්භ කළේය. මෙය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු අලී අල් සයිඩීගේ පළමු විදෙස් සංචාරය වනු ඇත. 13 July 2026
ලින්ඩ්සි ග්‍රැහැම්ගේ මරණය අබිරහසක් ඇමෙරිකන් සෙනෙට් සභික 71 හැවිරිදි ලින්ඩ්සි ග්රැහැම් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් දිවියෙන් සමුගත්තේය. ලින්ඩ්සි ග්රැහැම් යනු ඇමෙරිකා ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම මිතුරෙකු සහ ට්‍රම්ප් හිතවාදියෙකි. 13 July 2026
‘බාවි’ සුළි කුණාටුව චීනය කලඹයි කාලගුණ විද්‍යාඥයන් විසින් ‘බාවි’ යන නමින් නම් කළ ප්‍රබල සුළි කුණාටුව චීනයට කඩා වැදුණි. සතියක් ඇතුළත චීනයට කඩා වැදුණු දෙවැනි සුළි කුණාටුව මෙයයි. කුණාටුව ගැන අනතුරු ඇඟවීම් නිකුත් කිරීමත් සමග ලක්ෂ ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු බව පැවැසෙයි. 13 July 2026
ඩෙංගි අධි අවදානම් කලාප 60 ක් දිවයින පුරා දිස්ත්‍රික්ක 11 ක ඩෙංගි අධි අවදානම් කලාප 60 ක් හදුනා ගෙන අැත 13 July 2026
පළාත් කීපයකට වැසි සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 13 July 2026
‘‘සේවා දිගුවට විනිසුරුවරු එකඟ නෑ‘‘ උපරිමාධීකරණ විනිසුරුවන්ගේ නිල කාලය වැඩි කරමින් විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ රජය ඉදිරිපත් කෙරෙන යෝජනාවට එකඟ නොවීමට අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය කළ බව එම සංගමයේ ලේකම් සුරංග මුණසිංහ මහතා සංගමයේ සියලු නියෝජිතයන් හට දැනුම් දී ඇත. 13 July 2026
ඩෙංගුවාට විදින්න බැරි සුදුසු ඇඳුම් අඳින්න පාසල් සිසුන්ට අවසර පාසල් නිල ඇඳුමට අමතරව අත් සහ කකුල් වෙසෙන සේ සුදුසු ඇඳුම් ඇඳීමට අවසර ලබා දෙන ලෙස අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම් දෙයි. 12 July 2026
ගමට ආ නාමල්ඔය ප්‍රා. සභාපතිවරයා සහ උප සභාපතිවරයා පන්නා දමලා නාමල්ඔය කදුරුගොඩ ගම්මානයේ මාර්ගයේ පවතින ගැටලුව ගැන කථා කිරිමට ආ නාමල්ඔය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා ගැමියන් විසින් පලවා හරිනු ලැබිය. 12 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියේ ඇත්ත දැන ගැනීම සියලු දෙනාගේ අයිතියක් මීගමුව බන්ධනාගාරයේ ඛේදජනක සිදුවීමෙන් මියගිය සහ තුවාල ලැබූ සියලු දෙනාගේම පවුල්වලට සත්‍ය දැනගැනීමට මෙන්ම වරදකරුවන්ට දඬුවම් ලැබෙනවා දැකීමට අයිතියක් තිබෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා රවීනා ෂම්දාසනී සිදුවීම පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් පැවැසුවාය. 12 July 2026
නොමිලේ දෙන්න ගෙනා පොහොර මිටි 348 වික්ක අටක් මාට්ටු විදෙස් ආධාර මත මෙරටට ගෙන්වා රජය විසින් නොමිලයේ ගොවි ජනතාවට බෙදාදීමට තිබූ කිලෝ 50 පොහොර මිටි 348 ක් මරදගහමුල පොහොර ඇසුරුම් මධ්‍යස්ථානයකට විකුණූ බව කියන පොල් සංවර්ධන නිලධාරියකු ඇතුළු 8 දෙනකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි. 12 July 2026
ගම්පොළ පාසල් භූමියක පැරැණි බංකරයක්? ගම්පොළ නගරයේ ඇති බෞද්ධ විද්‍යාලය සතු භූමියේ පැවති ආපනශාලාවේ අප ජලය බැහැර කිරීමට වලක් කැපීමේදී වසර විස්සකට වඩා පැරණි භූගතව ඉදිකරන ලද විශාල කාමරයක් හමුව ඇතැයි පාසල් අරංචි මාර්ග කියයි. 12 July 2026
ටොරොන්ටෝ නගරයේ පැවැති උත්සවයකදී සිදුකළ වෙඩි තැබීමකින් 12ක් මරුට කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පැවැති උත්සවයකදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් සිවු දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට පොලිසිය ප්‍රකාශ කළේය. 12 July 2026
සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට අරී ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් සති දෙකක කාලසීමාවක් වසා තැබූ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට (13) සිට යළි විවෘත කිරීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. 12 July 2026
එන වසරේ අයවැය නොවැම්බර් 12 2027 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කථාව නොවැම්බර් මස 12 වන දින සිදුකිරීමට නියමිතව තිබේ. 12 July 2026
‘‘පියා මැරූ පලිය ගන්නවා‘‘ - මොජ්තබා කමේනි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කළ අයට සාමාකාමී මරණයක් හිමි නොවනු ඇති බවත් සිය පියා ඝාතනය කළ අයගෙන් පළිගන්නා බවත් නව උත්තරීතර නායක මොජ්තබා කමේනි ප්‍රකාශයක් නිකුත් කරමින් පැවැසුවේය. 12 July 2026
හෝමුස් යළි වැසෙයි නැවත දැනුම් දෙනතුරු හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමා ඇතැයි ඉරාන ඉස්ලාමීය විප්ලවාදී ආරක්ෂක බළකාය ඊයේ (11) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 12 July 2026
පොලිස් බාරයට පත් වූ කුඩු ජාවාරමාට 76කගෙන් ඇමැතුම් කන්දකුලිය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති පොලිස් ක්ෂණීක විහිදුම් බළකා ඒකකයේ අත් අඩංගුවට පත් වූ අයිස් ජාවාරම්කරුවකු එම ඒකකය බාරයේ සිටියදි 76 දෙනකුගෙන් ඇමතුම් ලැබුණු බව පොලිසිය කියයි. 12 July 2026
මහරගම ඩිපෝවේ - ප්‍රසිද්ධ පාසලක ඩෙංගු තවාන් මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ සිදුකළ හදිසි ඩෙංගු පරීක්ෂාවකදී ඩෙංගු මදුරු කීටයන් සහිත ස්ථාන පවත්වාගෙන යාමේ චෝදනාව යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මහරගම ඩිපෝ පරිශ්‍රයට සහ මහරගම නගරයේ ප්‍රසිද්ධ පාසලකට එරෙහිව අධිකරණය නඩු පැවරූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 12 July 2026
පාපන්දු තරගය අස්සේ ගුටිබැට හුවමාරුවක් ’හැටන් ලීග් නගරාධිපති කුසාලාන’ පාපන්දු තරගාවලියේ දෙවන වටයේ තරගයක් අතරතුරදී හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණය දෙපිරිසක් ගුටිබැට හුවමාරු කර ගැනීම නිසා යුද පිටියක් බවට පත් කරමින් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තේය. 12 July 2026
අද දවසේ වහින තැන් සබරලමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 July 2026
හිරගෙදර දේපළ හානිය හොයන්න කමිටුවක් මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් බන්ධනාගාර දේපළ වලට සිදුවූ හානිය සොයා බැලීමට කමිටුවක් පත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 12 July 2026
වැඩියෙන් දරුවන් හදන මවුපියන්ට සම්මාන? වැඩි වැඩියෙන් දරුවන් ලැබීම අගය කළ යුතු, ප්‍රවර්ධනය කළ යුතු, සම්මාන ලැබිය යුතු දෙයක් බවට පත් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පවසයි. 11 July 2026
නෑබොඩ වෙඩි තැබීමක් මතුගම ප්‍රදේශයේ නිවසකට අද රාත්‍රි වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති බව මතුගම පොලිසිය සදහන් කරයි. 11 July 2026
විනිසුරු විශ්‍රාම වයස දිගු කිරීම පහත් වැඩක් දේශපාලන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා රටේ ඉහළ අධිකරණ වල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව දරන පහත් සහ නිර්ලජ්ජිත උත්සාහයට විරුද්ධ විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 11 July 2026
සජබ පුංචි මන්ත්‍රි ගිනි අවියක් සමග අත්අඩංගුවට අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බල වේගය පක්ෂයේ මන්තීවරයකු අද(11)පස්වරුවේදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය කියයි. 11 July 2026
ආබාධ ඇති සරසවි සිසුහු ශිෂ්‍යාධාර ලබති රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන ’’සරසවි දිරියෝ අභිමන්’’ සුවිශේෂී ශිෂ්‍යාධාර වැඩසටහනේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද(11) පැවැත්විණි. 11 July 2026
ඩෙංගු මඩින්න වෛද්‍ය සංගමයෙන් යෝජනා මාලාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඩෙංගු මර්දනය පිළිබඳ යෝජනා ඇතුළත් වාර්තාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට බාර දුන්නේය. 11 July 2026
ඝාතනවලට යතුරු පැදි දුන්නැයි කියන පාතාලයා මාට්ටු පානදුර සහ කළුතර පොලිස් කොට්ඨාස වල ඉකුත් කාලය පුරා සිදුවූ ඝාතනවලට යතුරු පැදි සැපයූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික’’ වලපල පසියා’’ නමැත්තා තවත් ඝාතන කීපයකට සූදානම් කළ යතුරුපැදී සමග අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 11 July 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026