හිරගෙදර දොර කවුලුවෙන් වෙඩි තැබූ නියාමකට මාරුවක් මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන දොර කවුලුවෙන් වෙඩි තැබූ බව කියන බන්ධනාගාර නියාමකවරයා වෙනත් බන්ධනාගාරයකට ස්ථාන මාරුකර යවා ඇත. 14 July 2026
බිරිය නීතිඥවරියක් කරන්න සැමියා කුඩු විකුණලා ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලෙස රැකියාව කරන 25 හැවිරිදි බිරිඳ නීතිඥවරියක කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට මත්ද්‍රව්‍ය ජාවාරමේ ගිය සැමියා සහ එම ගුරුවරිය රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව මාදම්පිටිය පොලිසිය සඳහන් කරයි. 14 July 2026
ස්විස් හෝටල් ඇකඩමි ගිවිසුම අලුත් වෙයි ජාතික යොවුන් සේනාංකය සහ ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමිය (Swiss Hotel Management Academy - SHMA) අතර අවබෝධතා ගිවිසුම (MOU) යාවත්කාලීන කර තිබේ. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී ගිවිසුම් ගත වීම සිදු කෙරිණි. 14 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වාර්තාවක් ඉල්ලයි මීගමුව බන්ධනාගාර නිළධාරීන් සහ සිරකරුවන් අතර ගැටුම සහ බන්ධනගාරයේ දේපලවලට රුපියල් කෝටි 12 අධික අනර්ථයක් සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දැනට සිදු කර ඇති සියලු විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 16 දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතාට අද (14දා) නියෝග කළාය. 14 July 2026
කටාර් එමීර්ට ශෝකය පළ කරන්න අගමැතිනි යයි කටාර් එමීර්වරයා (Father Emir) ලෙස ගෞරවයට පාත්‍ර වූ කටාර් රාජ්‍යයේ හිටපු නායක ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි (Sheikh Hamad bin Khalifa Al Thani) මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ හා ජනතාවගේ ශෝකය ප්‍රකාශ කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගියාය. 14 July 2026
බිම්ස්ටෙක් ඇමති සමුළුව ලංකාවේ බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ හතරවන කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීම සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 July 2026
එන සතියේ මැතිසබයේ වැඩ මෙහෙමයි ජූලි 21 සිට 24 දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සතියට අදාළ කටයුතු තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 14 July 2026
‘‘හසීනා ආවොත් නියම කළ දඬුවම ලැබෙනවා‘‘ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා නැවතත් බංග්ලාදේශයට පැමිණීම වහාම ඇයව සිරගත කරන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ෂමා ඔබායිද් ඉස්ලාම් ප්‍රකාශ කළේය. 14 July 2026
හෝමූස් ගැන ට්‍රම්ප්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඇමෙරිකාව හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂකයා වෙමින් සපයන ආරක්ෂාව වෙනුවෙන් නෞකාවලින් ගාස්තුවක් අය කිරීමට සිදුවනු ඇති බව ෆොක්ස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකින් එක් වෙමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. 14 July 2026
අධිකරණ ඇමැතිගේ විශ්වාසභංගයට පිවිතුරු හෙළ උරුමයේ සහාය අධිකරණ ඇමැතිවරයාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාවට පිවිතුරු හෙළ උරුමය සහාය දක්වන බව එහි නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. 14 July 2026
ආග්‍රාඔයේ අතුරුදහන් වූ සිසුවාගේ සිරුර ගොඩ ගනියි ලිදුල පොලිස් වසමට අයත් ලිදුල අපර කන්ද වතුයායේ පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක් අසළින් ගලා බසින ආග්‍රාඔයේ මාළු ටැංකියට ගල් එකතු කිරිමට ගොස් අතුරුදහන් වූ පාසල් සිසුවාගේ සිරුර නුවරඑලිය කොට්ඨාශ පොලිස් ජීවිතාරක්ෂක බලකායේ නිළධාරින් විසින් (14) දින දහවල් ගොඩ ගනු ලැබීය. 14 July 2026
ගුවන් තොටේ මගී පර්යන්තය පුළුල් කරයි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් කොටු පොළින් පිටත් වන ගුවන් මගින් රැඳී සිටීමේ පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 July 2026
කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ පත් කරයි රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 July 2026
මවයි - පියයි මරා නිරයට ගිය පුතා ඇඹිලිපිටිය කිරැලවැල්කටුව ප්‍රදේශයේ නිවසක් තුළ දී තම මව්පියන්ට යකඩයකින් පහරදී කුරිරු ලෙස ඝාතනය කළැයි ඝාතනයට ලක් වූ යුවළගේ පුත්‍රයා සැකපිට අත් අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය කියයි. 14 July 2026
පරිවාස දරුවන් පුනරුත්ථාපනයට විශේෂ වැඩපිළිවෙළක් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට පරිවාසගත වූ දරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ළඟදීම සකස් කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය කීවාය. 14 July 2026
ඩෙංගු මර්දන වෘත්තික බඳවා ගැනීම් දෙසතියක් ඇතුළත සෞඛ්‍ය කාර්ය සහායක සහ ඩෙංගු මර්දන සහායක, නිරීක්ෂක (Overseers) වෘත්තිකයින් 1,778 කට පත්වීම් ප්රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. 14 July 2026
පල්ලෙමලල වී ගබඩාවට වන අලියෙක් පැනල හම්බන්තොට පල්ලෙමලල පිහිටි වි අලෙවි මණ්ඩලයට අයත් වි ගබඩාවට අද අලුයම කඩා වැදුණු වන අලියකු වි ගබඩාව කැඩිමට උත්සහ දරා ඇති බවත්, පසුව වි ගබඩාවෙහි රැකවල්කරු ප්‍රදේශවාසීන් සමග එක්ව එම අලියා පලවා ඇතැයි හම්බන්තොට ප්‍රාදේශීය කළමනාකරු ඩි. ඉන්දික උපේන්ද්‍ර මහතා පැවැසිය. 14 July 2026
වයඹ ප්‍රශ්න පත්‍ර බෙදීම අවුල්:වාර පරික්ෂණ කල් යයි ප්‍රශ්න පත්‍ර බෙදාදීමේ සිදු වූ බව අක්‍රමවත් පිළිවෙත හේතුවෙන්, වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 6 සිට 11 ශ්‍රේණි දෙවන වාර පරීක්ෂණය කල් දැමීමට පළාත් අධ්‍යාපන අධ්යක්ෂ මුදිතා ජයතිලක මහත්මිය තීරණය කළාය. 14 July 2026
බිරියගේ නඩු කටයුත්තකට උසාවි ආ සැමියා රෝගී වී මරුට සිය බිරියගේ නමට ඇති නඩු කටයුත්තකට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට සිය බිරිඳ සමග ආ 51 හැවිරිදි සැමියකු අධිකරණ පරිශ්‍රය තුළ දී හදිසියේ රෝගී වී සිහිසුන්ව ඇද වැටී මිය ගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි. 14 July 2026
මාළු ටැංකියට ගල් එකතු කරන්න ගිය සිසුවා අග්රාඔයේ සැඟ වේ මාළු ටැංකියට ගල් එකතු කිරිමට ගිය පාසල් සිසුවකු ළිඳුල අපර කන්ද වතුයායේ පිහිටි පෞද්ගලික වතුයායක් අසළින් ගලා බසින ආග්‍රාඔයේ ගිලි අතුරුදහන් වී ඇතැයි ළිඳුල පොලිසිය පැවසීය. 14 July 2026
කර්මාන්ත අමාත්‍යාංශයේ පටන් ගත් සියලු වැඩ අවසන් කරන්න උපදෙස් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ මේ වන විට ආරම්භ කර ඇති සියලු ව්‍යාපෘති නිසි කාලයේ අවසන් කිරීමට උපරිමයෙන් කැප වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 14 July 2026
කුෂ් සමග පිලිපීන කතක් මාට්ටු රුපියල් හය කෝටි දහ අට ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ පිලිපීන ජාතික කාන්තාවක අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි . 14 July 2026
විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අනතුරුදායකම ව්‍යවස්ථාමය අත්හදාබැලීමක් උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මෑත යුගයේ ඉදිරිපත් වූ අනතුරුදායකම ව්‍යවස්ථාමය අත්හදාබැලීමක් බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙයි 14 July 2026
බන්ධනාගාර ගැටුමට තවත් නිලධාරින් දෙදෙනෙක් මිය යති මීගමුව බන්ධනාගාරයේ දී ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් රැඳවියන්ගේ අමානුෂික පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනකු මියගිය බව මරදාන පොලිසිය කියයි. 14 July 2026
ලොක්කන් හයක් ගල් අඟුරු කොමිසමට ගෙන්වයි ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් අතිරේක ලේකම්වරයාගෙන් සමාගම් රෙජිස්ට්රාර්වරයාගෙන් සහ ලක්විජය බලාගාරයේ ප්‍රධානීන් තිදෙනකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇත. 14 July 2026
ඊසි කෑෂ් හරහා මුදල් බැරවූ සිම් පතක හිමිකරු අල්ලයි මත්ද්‍රවය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක කරන රුපියල් 24,921.537 ඊසි කෑෂ් ක්‍රමයට බැර වූ දුරකථනයක සිම්පතක ලියා පදිංචි හිමිකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 14 July 2026
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි. 14 July 2026
දෙමළ පක්ෂ හයක නායකයෝ පළාත් ඡන්දයට බලකරති පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස දෙමළ දේශපාලන පක්ෂ හයක නායකයෝ රජයෙන් ඉල්ලීමක් කරති. 14 July 2026
මහගම තොටුපොලේ සැක මරණයක් කිතුල්ගල්විල මහගම ප්‍රදේශයේ පුද්ගලයකු බුලත්සිංහල ඉහළ වෙල්ගම අඹගහවිට සුරජ්ජමුල්ල තොටුපොළ ආසන්නයේ කුඩා ගඟ අසල අභිරහස් ලෙස මිය ගොස් සිටියදී අද උදෑසන හමුවී ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි. 13 July 2026
මීගමුවේ දී ලොරියක් දුම්රියක ගැටේ මීගමුව , කට්ටුව , ශාන්ත සෙබස්තියන් පාරේ දුම්රිය හරස් මාර්ගයේ දී අද පස්වරු 2.00 ට පමණ ලොරියක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ තිදෙනකු ප්‍රතිකාර සදහා මිගමුව දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 13 July 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026