භෞත චිකිස්සක ඝාතකයා යාපනයෙන් අල්ලයි නුවරඑළිය සංචාරක හෝටලයක් තුලදී භෞත චිකිත්සකවරියක් ඝතනය කර සැඟව සිටි සැකකරු සහ සැකකරුගේ නීත්‍යානුකූල බිරිද අද අලුයම යාපනයේ පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශය මගින් අත්අඩංගුවට ගත් බව නුවරඑළීය පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසීය. 24 June 2026
අත් පා ගැට ගැසූ මළ සිරුරක් ගිංගඟේ පාවෙයි ගිං ගඟ හරහා වැටී ඇති වක්වැල්ල පාලම ආසන්නයේ ගිං ගඟේ පාවෙමින් තිබූ නාඳුනන අයකුගේ මළ සිරුරක් සොයා ගත් බව පෝද්දල පොලිසිය පවසයි. 24 June 2026
වාහන අංක තහඩු කැරොල් වුණොත් වැඩ වරදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් අනුමත කර ඇති නිල අංක තහඩු (Number Plates) වෙනුවට, විවිධ වර්ණයන්ගෙන් සහ ප්‍රමිතියෙන් තොර අංක තහඩු භාවිත කරන වාහන හිමියන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පැවැසීය. 23 June 2026
යල කන්නෙ වී ගන්න ප්‍රතිපාදන වෙන් කරන්න යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 23 June 2026
ළමා ආරක්ෂාව ජාතික ප්‍රමුඛතාවයක් ළමයින්ගේ ආරක්ෂාව යනු එක් ක්ෂේත්රයකට පමණක් සීමා වූ කරුණක් නොව සියලු සංවර්ධන පාලන සහ සමාජ රාමු තුළ ඇතුළත් ජාතික ප්‍රමුඛතාවයක් බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. සෑම දරුවෙකුටම ආරක්ෂිත වටපිටාවක අධ්‍යාපනය ලබමින් හැකියාවන් වර්ධනය කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම වගකීම බව අග්‍රාමාත්‍යවරිය කීවාය. 23 June 2026
ඉරාන ඩොලර් බිලියන 12 වත්කම් නිදහස් කිරීමේ කටයුතු අවසන් ස්විට්සර්ලන්තයේදී පැවැති පළමු අදියරේ තාක්ෂණික සාකච්ඡාවලදී ඇමෙරිකාව අත්හිටුවා තිබූ ඩොලර් බිලියන 12ක් වටිනා වත්කම් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු අවසන් කළ බව ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බගේර් ගලිබෆ් ප්‍රකාශ කළේය. 23 June 2026
පිරිවැටුම් සීමාව කෝටි 6 ට පහළ දාන යෝජනාව විසිවේ එකතු කළ අගය මත බද්ද (VAT) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සඳහා අදාළ වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් කෝටි 6 ( මිලියන 60) සිට රුපියල් තුන් කෝටි තිස් හය ලක්ෂයක් ( මිලියන 36) දක්වා අඩු කෙරෙන අයවැය යෝජනාව ලබන මස 01 වැනිදා සිට ක්‍රියාත්මක නොකරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය 23 June 2026
විනිසුරුවරුන් පත් කිරීමට සියල්ල සූදානම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් පත් කිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු කරගෙන යන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 June 2026
වැට් බදු සංශෝධන සම්මතයි එකතු කළ අගය මත මත (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2482/09 සහ 2487/02 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කරනු ලැබූ නියමයන් දෙකක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2487/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය. 23 June 2026
පෝල් කපූර් - මිලින්ද හමුවක් මෙරට තෙදින නිල සංචාරයක නිරත වූ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමෙරිකානු සහකාර ලේකම් ආචාර්ය පෝල් කපූර් මහතා පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ඊයේ (ජුනි 23) කොළඹ දී මුණගැසුණු බව එම පදනම නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 23 June 2026
බූදල් වාර්තාව දෙන්න: කෝපාවෙන් මහභාරකාරවරයාට නියෝගයක් මහා භාරකාර දෙපාර්තමේන්තුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා 2021 - 2023 වර්ෂවල විගණකාධිපති ත්‍රෛවාර්ෂික වාර්තාව, 2024 වර්ෂයට අදාළ විගණකාධිපති වාර්තාවේ ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්යසාධනය සලකා බැලීම සිදු විය. 23 June 2026
කොළඹ සරසවියේ අක්‍රමිකතා ගැන අල්ලසෙන් විමර්ශනයක් කොළඹ විශ්ව විද්‍යාලයේ ඇතැම් විභාග වලට ඉදිරිපත් වන සිසුන් මුදලට සමත් කිරීම හා ඩිප්ලෝමා පාඨමාලාවන් සම්බන්ධ විභාග වලදී විශ්ව විද්‍යාල බලධාරීන් විවිධ අක්රමිකතාවයන් කරන ලදැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට විමර්ශනයක් ආරම්භ කර ඇත. 23 June 2026
බදු ක්‍රමය අනිත් පැත්ත හරවනවා වක්‍ර බදු සියයට අසූවක් සහ ඍජු බදු සියයට විස්සක් තිබෙන ආර්ථික තත්ත්වය අනිත් පැත්ත හැරවීම රජයේ අරමුණ බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 June 2026
සලේගේ ඥාතීන්ගෙන් පාප්තුමාට ලිපියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාගේ මානුෂීය ගැටලු සඳහා මැදිහත්වන ලෙස ඔහුගේ පවුලේ ඥාතීන් ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේගෙන් ඉල්ලීමක් කර අැත 23 June 2026
වැට් සංශෝධනයට මුදල් සභාවේ අනුමැතිය එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට (VAT) කොන්දේසිවලට යටත්ව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත. 23 June 2026
ඉරාන තෙල් වෙළෙඳපොළට: තෙල් මිල තව පහළට ඉරානයට බොරතෙල් නිෂ්පාදනයට සහ අලෙවි කිරීමට පනවා තිබූ සම්බාධක ඇමෙරිකාව තාවකාලිකව ඉවත් කිරීමත් සමග ලෝක බොරතෙල් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද තවත් පහළ ගියේය. 23 June 2026
සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් පත් කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ. එම්. යූ. කේ. ජයසේකර මහතා පත් කරනු ලැබ ඇත. 23 June 2026
දුම්රිය මාර්ග හතරක් විද්‍යුත්කරණයට දුම්රිය මාර්ග විද්‍යුත්කරණ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 June 2026
අනුර අලුත් වාර්තාවක් තියලා රටේ ඉහළම අධිකරණ වලට විනිශ්චකාරවරුන් අට දෙනෙක් පත් නොකර සිටීමෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වාර්තාවක් පිහිටුවා ඇතැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 June 2026
විභාග දෙපාර්තමේන්තුවට පරිගණක ජාලයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහා පරිගණක ජාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 June 2026
ළමා සෞඛ්‍ය නංවන්න ජාතික සන්නිවේදන වැඩසටහනක් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ, ’සමාජ සහ චර්යාත්මක වෙනසක් ඔස්සේ ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ජාතික සන්නිවේදන වැඩසටහන ’ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 June 2026
පළමු ශ්‍රේණියට ළමයි දාන්න නව චක්‍රලේඛයක් රජයේ පාසල්වල පළමු වන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමෙි නව චක්‍රලේඛය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 June 2026
රාජ්‍ය සේවා - විශ්‍රාමික වැටුප් කොමිෂන් ගැසට්ටුව නිකුත්වේ රාජ්‍ය සේවයේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් වී තිබෙි. 23 June 2026
දැඩි රශ්නයෙන් ප්‍රංශයේ 18ක් මිය ගිහින් යුරෝපය පුරා පැතිර යන දැඩි උණුසුම් තත්වය හේතුවෙන් ප්‍රංශයේ අවම වශයෙන් 18ක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මියගිය අය අතර ළමයින් දෙදෙනෙකුද සිටින බවත් එම ළමයින් දෙදෙනා මෝටර් රථයේ සිටියදී දැඩි රස්නය හේතුවෙන් මියගොස් ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් විණි. 23 June 2026
එච්.සී.එෆ්.සී ශීතකරණ - වායු සමීකරණ ලංකාවට තහනම් එච්.සී.එෆ්.සී වායුව නිකුත් කරන ශීතකරණ සහ වායු සමීකරණ ලංකාවට ආනයනය කිරීම තහනම් කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාත්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 June 2026
පාර්ලිමේන්තුව විනාඩි දහයකට අත්හිටුවයි පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාවයක් නිසා සභාව විනාඩි දහයකට අත්හිටුවන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නිවේදනය කළේය. 23 June 2026
ඩෙංගු තවත් වැඩිවුණොත් රෝහල්වලට දරන්න බැරිවේවි ඩෙංගු රෝගීන් තවදුරටත් ඉහළ ගියහොත්, රෝහල් පද්ධතිය තුළ රෝගීන් කළමනාකාරණය කර ගැනීමට නොහැකි වන තත්වයක් උද්ගතවිය හැකි බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා අනතුරු ඇඟවීය. 23 June 2026
දුම්රිය මහනුවරට මේ වසරේ අග ගමන් අරඹයි මේ වසර ඇතුළත මහනුවරට දුම්රිය ධාවනය කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේ අද පැවසීය. 23 June 2026
රන්සුරැකුම් මධ්‍යස්ථානය කොල්ල කයි සිව් දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් අද අලුයම හොරණ විවිධ සේවා සුභාකාර සමිතියට අයත් ගෝනපොළ කෝරළඉම ශාඛාවේ රන් සුරැකුම් මධ්‍යස්ථානයේ ආරක්ෂක නිලධාරියා බැඳ දමා සේප්පුවල බහා තිබූ රුපියල් කෝටි ගණනාවක රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පලා ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය සඳහන් කරයි. 23 June 2026
ඥානසාර හිමිගේ සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි ආගමික සහජීවනයට බාධා වන අයුරින් කටයුතු කිරීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නියම කළ මාස නවයක බරපතල වැඩ සහිත සිරදඬුවම ආගමික සහජීවනයට බාධා වන අයුරින් කටයුතු කිරීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නියම කළ මාස නවයක බරපතල වැඩ සහිත සිරදඬුවම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද තහවුරු කළේය. 23 June 2026
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026