රුපියල පහළ යෑමෙන් ගැටලුවක් නෑ රුපියල පහළ යෑමෙන් ගැටළුවක් ඇති නොවන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 22 May 2026
ඇහැලියගොඩ පොලීසියත් ජලයෙන් යටවෙයි ඇහැලියගොඩ ප්‍රදේශයට ඇදහැලුණ තද වර්ෂාවෙන් පසු ඇහැලියගොඩ පොලිස්ථානය හා නිලධාරීන්ගේ නේවාසිකාගාරයඅද(22) ජලයෙන් යට වී ගියේය. 22 May 2026
නායක හමුවකට විපක්ෂයේ ඉල්ලීම ආණ්ඩුව විසිකරයි ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද කැඳවන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා කළ ඉල්ලීමක් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළේය. 22 May 2026
රත්නපුරටත් ගංවතුර අවදානමක් රත්නපුර දිස්ත්‍රික්කයේ ඉහළ කදුකර ප්‍රදේශවලට ඇදහැලුණු ධාරණිපාත වැසි නිසා, ප්‍රධාන ගංගා සහ ඇලදොළවල ජලමට්ටම් ඉහළ ගොස් ප්‍රදේශ රැසක් 22දා උදෑසන වන විට ජලයෙන් යටවිය. 22 May 2026
බෙල්ල කපා පිළිරුවේ එල්ලීමේ ප්‍රධාන සැකකරු අල්ලයි අම්බලන්තොට මාමඩල බොකුට යාය ප්‍රදේශයේදී පුද්ගලයකුගේ ගෙල කපා එය රැගෙන ගොස් මාමඩල හන්දියේ පිළිරුවක එල්ලා තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකරන කරුණෙ ලොක්කා නමැති සැකකරු මාමඩල ප්‍රදේශයේදී (21) රාත්‍රී අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි. 22 May 2026
වාහන අංක තහඩු ජුනි 30 පෙර ගෙනියන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 2023 සහ 2024 වසරවල මුද්‍රණය කළ ද වාහන හිමිකරුවන් මෙතෙක් ලබා නොගත් වාහන අංක තතහඩු මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට ප්‍රධාන කාර්යාලයෙන් හෝ අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෝටර් රථ දෙපාර්තමේන්තු ශාඛාවෙන් ලබන ජුනි මස 30 වැනිදාට පෙර ලබාගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 22 May 2026
ඉක්මනින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න වහාම ’සර්ව පාක්ෂික සමුළුවක්’ කැඳවන්නැයි රජයට බල කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි. 22 May 2026
ආහාර ද්‍රව්‍ය 20 කට මිල පරාසයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සතියකට වරක්ම නිකුත් කරන තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසය ප්‍රසිද්ධ කර තිබේ. 22 May 2026
විදෙස් විනිම වෙළෙඳපොළ විෂම චක්රයක ලංකාවේ විදේශ විනිමය වෙළෙඳපොළ විෂම චක්‍රයකට හසු වී ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 May 2026
ඇත් දළ ජෝඩුවක් සමඟ තිදෙනකු අල්ලයි රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකට විකුණන්න ගිය ඇත්දළ ජෝඩුවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු මැදවච්චිය පොලිස් වසමේ වයි හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට උතුරු මැද පළාත් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි. 22 May 2026
බොරු කියන දේශපාලන ලෝකය තිත්ත වෙලා අනිත් අයට මඩ ගහන බොරු කියන දේශපාලන ලෝකය තිත්ත වෙලා තිබෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවසූහ. 22 May 2026
දිස්ත්‍රික්ක 6ක ප්‍රා.ලේ කොට්ඨාස 16 කට නාය අනතුරු ඇඟවීම් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස දෙකකට රතු නිවේදන ඇතුළුව දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 ක් සඳහා පළමු, දෙවන සහ තෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (22) පෙරවරුවේ නිකුත් කර තිබේ. 22 May 2026
හිටපු මන්ත්‍රීලා හයකගේ ශෝක විවාදය අද අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකු වෙනුවෙන් ශෝක යෝජනා විවාදයක් පාර්ලිමේන්තුවේදී අද පැවැත්වේ. 22 May 2026
ක්‍රිකට් තේරීම් කමිටුවට ඇමති අනුමැතිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2026 මැයි 20 වන දින කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව සඳහා නම් කරන ලද සමාජිකයන් සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ අනුමැතිය හිමිව තිබේ. 22 May 2026
රුපියල ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි රුපියල පාලනයකින් තොරව කඩා වැටීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය රජයෙන් ප්‍රශ්න කිරීමක් කර තිබේ. 22 May 2026
කුකුලේගම බලාගාරයේ වාන් දොරටුවක් අරියි කලවාන ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් කලවාන කුකුළේගම ජල විදුලි බලාගාරයේ එක් වාන් දොරටුවක් අද (22) වනදා විවෘත කළ බව එම විදුලි බලාගාරය පැවසීය. 22 May 2026
අඹුසැමි යුවළක් ඝාතනය කරලා හැටන් දික්ඔය නගරයේ වෙළදසැලක් තුළ ජීවත් වූ අඹුසැමි යුවළක් තියුණූ අයුධයකින් පහර දි ඝාතනය කර ඇති බව හැටන් පොලිසියේ නිළධාරියෙකු පැවසීය. 22 May 2026
බදු ආදායම ට්‍රිලියනය පනී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු අදායම රුපියල් ටිලියනය පසු කර ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේව් පී.එච් ප්‍රනාන්දු මහතා පවසයි. 22 May 2026
සහන සේවා නිලධාරියා අල්ලස් දැලේ පැටලෙයි දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස සඳහා රජය මගින් වන්දි ලබාදීමේදී හානියට පත් නිවාසයක් වෙනුවෙන් කාන්තාවකට ලබා දුන් මුදලින් රුපියල් ලක්ෂයක මුදලක්. අල්ලස් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි. 22 May 2026
වාහන ණයවර ලිපි ගැන පරීක්ෂණයක් කරන්න වාහනවලට අයකරන අධිභාරය ඉහළ දැමීමට පෙර ආනයනකරුවන් පිරිසක් අක්රමික විදියට අවසන් සතියේ ණයවර ලිපි ප්‍රමාණයක් විවෘත කර ඇති බවත් මෙය ඇත්ත වශයෙන්ම ලොකු අක්‍රමිකතාවක් වීම නිසා ඒ පිළිබඳව සොයා බලා පියවර ගනා ලෙස ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගු මහතා පැවසීය. 22 May 2026
දෙමටගොඩින් කෝටි 40ක කුඩු අල්ලයි රුපියල් කෝටි 40 කට අධික වටිනා මත්ද්‍රව්‍යය තොගයක් සමග පුද්ගලයකු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 22 May 2026
හලාවත යට වේ හලාවත ඇතුළු ප්‍රදේශ රැසකට 22 දින දින අලුයම සිට ඇද හැලෙන මහ වැසි හා සුළං හේතුවෙන් මාර්ග ගමනා ගමනය හා දුම්රීය ගමනා ගමනයටත් ජන ජීවිතයටත් දැඩි හානි එල්ල කර ඇති බව ආපදා කළමනකරණ ඒකකයේ පුත්තලම කාර්යාලය පවසයි. 22 May 2026
කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය රංවලින් යට වේ පවතින දැඩි වර්ෂාපතනය සමග ඇති වූ ගංවතුර තත්වය නිසාවෙන් කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය කොස්ගම හිගුරල රංවල පහන ප්‍රදේශයෙන් ජලයෙන් යට වීම නිසාවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අවහිර වී ඇතැයි කොස්ගම පොලිසිය පවසයි. 22 May 2026
බස්නාහිරට, සබගරමුවට, වයඹට ඉතා තද වැසි බස්නාහිර, සබගරමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200 වඩා වැඩි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 May 2026
වැස්ස නිසා ගුවන් යානා නවයක් මත්තලට කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද අලුයම් කාලයේ පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා, ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 09 ක් මත්තල ගුවන් තොටුපොළ සහ ඉන්දියාවේ කොචින් සහ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට තමන් පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවැසීය. 22 May 2026
වනවාසල දුම්රිය අනතුර: මාර්ග විතරක් ලක්ෂ 17ක පාඩුවක් වනවාසල දුම්රිය අනතුර හේතුවෙන් දුම්රිය මාර්ග පද්ධතියට ලක්ෂ 17කට ආසන්න හානියක් සිදු ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 21 May 2026
සැප්තැම්බරය තෙක් ලයිට් බිල වැඩි කරන්නේ නෑ සැප්තැම්බර් මාසය වනතුරු විදුලිය ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් නොකරන බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 May 2026
සුව ඇමති නිපොන් සභාපති හමු වෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගී වී සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ජපානයේ නිපෝන් පදනමේ (The Nippon Foundation) සභාපති යෝහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා හමුවී විශේෂ ද්වි පාර්ශවීය සාකච්ඡාවක නිරත විය. 21 May 2026
ජනපති අගමැති කාර්යාල වාර්තාවලට මැතිසභා කමිටුවේ අනුමැතිය කාර්යසාධන වාර්තා පහකට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත. 21 May 2026
මුදල් රෙගුලාසි සම්මත 12ක් අනුමතයි ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ත්‍රිත්වයක් (අංක 2481/02, 2482/08 සහ 2482/12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද) සහ විසර්ජන පනත යටතේ යෝජනා සම්මත නවයක් (2026.04.30 දිනැති පාර්ලිමේන්තුවේ අංක 3 දරන න්‍යාය පුස්තකය සම්බන්ධ අංක 11 දරන පරිපූරකයේ ඇතුළත් කර ඇති)අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. 21 May 2026
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026