අප්‍රේල් වෙද්දී වාහන ලක්ෂ දෙකක් ගෙනත් මෝටර් රථ ඇතුළු වාහන 178000ක් පසුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට ලංකාවට ගෙන්වා ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 May 2026
දේශීය ආදායම් කෙටුම්පත ඡන්දයෙන් තොරව සම්මතයි “ටින්” අංකය ලබා නොගන්නා අයට දඬුවම් නියම කිරීමට විධිවිධාන ඇතුළත් දේශීය ආදායම් ( සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (19) ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මතවිය. 19 May 2026
රණවිරු ස්මාරකය අභියසදී ජනපතිගෙන් පොරොන්දුවක් රණ විරුවන් මරණාසන්න මොහොතේ ප්‍රාර්ථනා කළ සර්ව සාධාරණත්වය පිරි නීතිය අගයන රට ගොඩනඟන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රණවිරු ස්මාරකය අබියසදී ශපත කළේය. 19 May 2026
කැකිරාවේ තානායමක පිපිරීමක් කැකිරාව තානායම තුළ අද(19) හදිසි පිපිරිමක් සිදුව ඇතැයි පොලිසිය කියයි. 19 May 2026
හිටපු ජනපති මහින්දට රණවිරු සැමරුමට නැති හේතුව ‘ජාතික රණවිරු සැමරුම් උත්සවය’ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා නොකළේ එම උත්සවය ජනාධිපතිවරයා ඇතුළු ඇමතිවරු කීපදෙනෙක්ට සීමාකිරීම නිසා යැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (19) සැපයීය. 19 May 2026
පැරණි වාහන මිල වැඩි කරන්න බෑ මැයි මස 16 වැනිදා දක්වා ආනයනය කර ඇති වාහනවල මිල වැඩිවීමට කිසිඳු හේතුවක් නොමැති බවත් එසේ එම වාහනවල මිල වැඩිකර ඇත්තේ අධිභාරය පැනවීම නිසා නොව එම අධිභාරය පාවිච්චි කර යම් යම් වාහන ආනයනකරුවන් සහ වාහන වෙළෙන්දන් කෘත්‍රිමව මිල වැඩිකිරීමක් නිසා බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (19) පැවසීය. 19 May 2026
බස්නාහිර සිසුහු 1000ක් පාසල අතහැරලා 2024 සහ 2025 යන වර්ෂවල බස්නාහිර පළාතේ සිසුන් දහසකට අධික පිරිසක් පාසල් අතරමග හැරගොස් ඇති බව නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි. 19 May 2026
රණ විරු සහන සලසන්න පොදු චක්‍රලේඛයක් යුදමය වාතාවරණය පැවති වකවානුවේදී ත්‍රස්ත ක්‍රියා සහ ඒ ආශ්රිත ක්‍රියාකාරකම් හේතුවෙන් මියගිය, ආබාධිත තත්ත්වයට පත් වූ ශ්‍රී ලංකා පොලීසියේ (විශේෂ කාර්ය බලකාය ද ඇතුළත්ව) හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් නිශ්චිතව හඳුනා ගැනීම සහ ඔවුන්ට සහන සැලසීමේ කටයුතු අවසන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 May 2026
ගල් අගුරු නැව්වලට ප්‍රමාද ගාස්තු ගෙවා නෑ මෙම වසරේ ගල් අගුරු මිලදීගැනීමේදී ප්‍රධාන ටෙන්ඩරයේ සහ හදිසි මිලදී ගැනීමේ ටෙන්ඩරයේ කිසිඳු නැවක් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමේ අවශ්‍යතාවක් පැනගැනී නොමැති බවත් ප්‍රමාද ගාස්තු සම්බන්ධයෙන් සමාජ තුළ ඇති කිරීමට උත්සහ කරන ව්‍යාකූල තත්වය සම්පූර්ණ සාවද්‍ය තොරතුරු මත නිර්මාණය කළ වැරදි මතයක් බවත් බලශක්ති, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (19) පැවසීය. 19 May 2026
වාහන අධිභාර නියමය පාර්ලිමේන්තුවට මෝටර් වාහන ආනයනය කිරීමේදී අය කෙරෙන රේගු ආනයන බද්ද මත සියයට 50 ක් වූ අධිභාරයක් පැනවීම සම්බන්ධයෙන් වන නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 May 2026
ලංකාවේ රැකියා කරන පිට රැටියන්ට ශ්‍රම ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව සඳහා ආගාමික ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තියක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 May 2026
ත්රස්තයන්ට මුදල් සැපයීම මඩින පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට එකගයි ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර අැත 19 May 2026
ළමා පිළිකා රෝගීන් බේරා ගන්න ප්‍රතිඥාවක් 2030 වන විට ළමා පිළිකා රෝගීන්ගේ දිවි ගලවා ගැනීමේ අනුපාතය 60% දක්වා ඉහළ නැංවීමට ජිනීවා හිදී ගෝලීය සෞඛ්‍ය නායකයෝ ප්‍රතිඥා දුන්හ. 19 May 2026
නීතිඥ යුවළ ඝාතනය: රියදුරු හඳුනා ගැනීමට මහජන සහය පතයි තලංගම, අකුරේගොඩ යුද හමුදා කඳවුර අසලදී නීතිඥවරයෙකුට සහ ඔහුගේ බිරියට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය ධාවනය කළ බව කියන සැකකරු හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි. 19 May 2026
බුද්ධිමය දේපල ප්‍රතිපත්තියක් එයි ශ්‍රී ලංකාව සඳහා විස්තීරණ ජාතික බුද්ධිමය දේපළ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 May 2026
වැලිගම ප්‍රා.සභාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ් රුපියල් ලක්ෂ දහයකට මිලදී ගත් ඉඩම වසර හයකට පසුව වැලිගම ප්‍රාදේශීය සභාවට රුපියල් ලක්ෂ 94 කට අලෙවි කිරීම ඇතුළු දූෂණ ක්‍රියා හතරක් සිදු කරමින් රජයට රුපියල් ලක්ෂ 396 කට අධික පාඩුවක් කළේ යැයි කියන වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලබන 02 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද (19) නියෝග කළේය. 19 May 2026
වසරේ පළමු මාස හයට ජල ගාස්තු සංශෝධන නෑ මේ වසරේ පළමු අර්ධ වාර්ෂික ජල ගාස්තු සංශෝධනය සිදු නොකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 May 2026
රත්නපුර දිසාපති පත් කරයි රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 May 2026
සතොසෙන් කෙලින්ම දේශීය අර්තාපල් මිලදී ගන්න යයි සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින් දේශීය ගොවීන්ගෙන් අර්තාපල් සෘජුව මිල දී ගෙන සීමාසහිත ලංකා සතොස සමාගම මඟින් පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 May 2026
ලංකාවට අභ්‍යවකාශ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාව සඳහා අභ්‍යවකාශ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 19 May 2026
යූරියා මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගන්න අනුමැතිය මේ වසරේ යල කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000 ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා කාරක සභා මඟින් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 May 2026
මාලඹේ - කඩුවෙල හයිවේ අලුත් වේ මාලඹේ - කඩුවෙල මාර්ගය වැඩි දියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 19 May 2026
’’කපිලගේ නිවසේ CCTV දර්ශන ගබඩා වෙන්නේ නෑ’’ අභිරහස් අන්දමින් මියගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ කොළඹ බාන්ස් පෙදෙසේ නිවසේ සී.සී.ටී.වී යන්ත්‍ර මෙන්ම ඔහු මියගොස් සිටි නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී යන්ත්‍ර වලද පටිගත වන දර්ශන ගබඩා වීමක් සිදුනොවන බව කොළඹ අපරාධ කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට අද (19) දැනුම් දුන්නේය. 19 May 2026
අදායම් බදු ගෙවන්න මාස හයක සහන කාලයක් මෙතෙක් ආදායම් බදු නොගෙවු අය මාස හයක් ඇතුළත ඒ බදු මුදල ගෙවනවා නම් සම්පූර්ණ පොලී ආදායම අහෝසි කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 May 2026
QR කේතය දිගටම ඉන්ධන බෙදාහැරීම සඳහා පනවා ඇති QR කේතය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා අද (19) පාර්ලිමේන්තුවේ කීය 19 May 2026
වෛද්‍ය ශිෂ්‍ය ගැටලු සාකච්ඡාවෙන් විසඳනවා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඉදිරිපත් කරනු ලබන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදීමට කඩිනම් පියවර ගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. 19 May 2026
ඉන්දියාවේ අලි ඇත් පොරයක් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ, අලි ඇතුන් රඳවා තැබෙන කඳවුරක ඇතුන් දෙදෙනකු අතරේ සිදුවුණු ගැටුමකට මැදිවුණු 33 හැවිරිදි සංචාරක කාන්තාවක ජීවිතක්ෂයට පත්වූවාය. 19 May 2026
චාමරගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට පාඩුවක් කලේ යැයි මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සැකකරුගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (19) නියෝග කළේය. 19 May 2026
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026