සරණාගතයින් 150 දෙනකු රැගත් යාත‍්‍රාවක් ඉන්දුනිසියාව අසල මුහුදේදී ගිලී ගිය බවත් එහි සිටි අය සෙවීම අතහැර දැමූ බවත් ඉන්දුනීසියා ආරංචි කියයි. මේ පිරිස කවර රටකින් එහි යමින් සිටියේදැයි දැනගන්නට නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
@බෝපෙගේ : මෙහෙම යන එක රට පාවාදීම වෙන්නේ කොහොමද ? ඒ මිනිස්සු යන්න තමන්ගේ ජීවන තත්වය මීට වැඩ හොඳ වේවි කියල හිතල.(වි)
අශෝක, මේ අය කොයි රටේ අයද කියලා අපි දන්නෙවත් නැහැනේ. එහෙනම් කොයි රටේ අයට වඩාද මේ අය නිවැරදියි කියන්නේ? (නි)
රටේ ඉහලම තැන්වල වැජඹෙන, අසරණ මිනිසුන්ගෙ දහදිය බිඳුවත් සූරාකමින් රට පාවාදෙන අයට වඩා මේ මිනිසුන් නිවැරදියි. මම ඉන්න රට නෙමෙයි මෙතන වැදගත්. (නි)
එතකොට අශෝක ඉන්නේ කොහේද? (නි)
තණ්හාය ජායති ශෝකෝ....(නි)
තමන් උපන් රටේ වේලක් හරි කාල ඉන්න පුලුවන් නම් මේ මිනිස්සු මෙච්චර දුක් විඳගෙන තව රටකට යන්නෙ නැහැ. (නු)
බොහොම දුක හිතෙන ප්‍රවෘතියක්.. මිය ගිය අය තමන්ගේ ජීවිතය පවා පරදුවට තියලා මේ වගේ අවදානම් ගමනක් යන්නේ හුගාක්ම පීඩාවට පත්වෙලා ඉන්න නිසා වෙන්නැති..!!(නු)
ඕස්ට්‍රේලියාවේ සරණාගත විදියට විසා ලැබෙන්නේ තමන් ඉන්න රටේ ජීවත් වෙන්න බැරි බව ඔප්පු කළොත් විතරයි (නි)
ගිය අය අතරේ ලංකාවේ අය හිටියා කියලා සනාථ කරගෙන නැහැ. අපි බොරුවට තර්ක කරනවා. (නි)
@ sltk2004 ඔබ කියන දේ ඇත්ත එත් මොවුන් ගියාම කියන්නේ යුද හමුදාවෙන් මරණ තර්ජන තියනවා කියලයි. ඒක තමයි රට පාවල දෙනවා කියන්නේ. (නු)
හැබැයි ලංකාවෙන් නම් වැඩි ප්‍රමාණයක් යන්නේ එල්.ටී.ටී.ඊ එකට සම්බන්ධ අය..!(නු)
අපේ රට ජීවන තත්වය හොඳ නම මේවගේ පුවත් අපට ඇහෙන එකක් නැහැ..!1(නු)
මේක රට පාවා දීමක් තමයි. මෙහෙම යන මිනිසුන් ඉංග්‍රීසි වචනයක්වත් දන්නෙ නැති වුණත් ඒ අයට උගන්වන ඉංග්‍රීසි වචන දෙකක් තියනවා. ඒ තමයි 'සමූලඝාතන' සහ 'දේශපාලන රැකවරණ' කියන වචන දෙක. එහෙ ගිහින් ආරක්ෂක අංශ වලට අහුවෙච්ච ගමන් මෙයාල කියන වචන දෙක ඒක. ඉතින් ඒ ආරක්ෂක අංශ හිතන්නෙ ලංකාවෙ මිනිස්සුන්ව සමූල ඝාතනය කරන නිසා පණ බේරගන්න පැනලා ආපු මිනිස්සු කියල. එහෙම හිතලා තමයි රට ඇතුළට ගන්නෙ. ඒක රට පාවා දීම නෙවෙයිද? තමන්ගෙ ජීවන තත්වය උසස් කරගන්න මීට වඩා හොඳ දෙයක් නැද්ද? රටේ ඉන්න මීටත් වඩා දුප්පත් මිනිසුන් පවා මොනව හරි කරගෙන ජීවත් වෙනවා. (නි)
බෝපගේලට මිනිස්සුන්ගේ ප්‍රශ්න තේරෙන්නේ නැහැ. කතිරෙ ගහන්න විතරයි දැනුම තියෙන්නේ. (නි)
අමූලික බොරුවක්ද දන්නේ නැහැ. (නි)
මෙහෙමත් මිනිස්සු? හැමදාම ප්‍රවෘත්ති වල පළවෙනවා. ඒත් හැමදාම යනවා. (නි)
මේක ඇත්තක්ද? (නි)
හොර පාරෙන් රැකියාවට යන්න ගියා සැම නොදැනම මරු තුරුලට යන්න වුණා හතුරෙකුටවත් මේ ලෙස වෙන්න එපා කද සුරිදුනේමේ වගෙ දුක් දෙන්න එපා (නි)
මේ රටේ ජීවත්වීමට අමාරු නිසා මිනිසුන් ජීවිතය පරදුවට තබා හොඳ රටවල් වලට යති. යෑමට උත්සාහ කරති. මියයති. නමුත් ඔවුන් දුක් නොවෙති . මේ අපේ ශ්‍රී ලංකාව හොඳ රටක් බවට පත්වේවා! (නි)
මොනවා වුණත් පවු. ජීවිතනේ. (නි)
අපි දන්නවා. ඒත් කියන්න බැහැ. (නි)
ගිය අය හට නාඩන්නේ ඉන්න අයව රැකගන්නේ (නි)
අමූලික බොරු. ඔහොම කොහොමද හැමදාම අල්ලන්නේ? (නි)
කොහොමද හරියටම දන්නේ 150ක්ම හිටියා කියලා? ටිකට් අරගෙන තිබුණද? (නි)
අපේ කවුරු වුන්නත් දැන් මොනවා කරන්නද? (නි)
මිනිසුන් හරියටම 150ක් හිටි බව දැනගත්තේ කොහොමද? (නි)
ඔවුන් කවුරු වුණත් ජීවිත 150ක් නේද? අනේ මෙවන් විපත් මතුවට සිදු නොවේවා! (නි)
රට පාවා දෙන්න ගිය කට්ටියට නියම දඩුවම ලැබිලා තියෙන්නේ. (නි)
ඕස්ට්‍රේලියාවට ගිය අපේ කවුරුවත් නෙමෙයිනේ නේද?(නු)
අයියෝ! ඕස්ට්‍රේලියා ගිය අපේ කොල්ලෝ කට්ටියද දන්නේ නැහැ? (නි)