(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කැස්බෑව කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙට්රෝ බස් රථයක් හිතා මතා අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් සුඛෝභෝගී බස් රථයක රියදුරකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 120 හොරණ කොළඹ සුඛෝ භෝගී බස් රථයක රියදුරෙකි.

මෙට්‍රෝ බස් රථය කහතුඩුව සිට කොළඹ බලා පැමිණීමේදී කැස්බෑව හන්දියේ සිට ඊට පිටුපසින්ම ප්‍රධාන ලාම්පු දල්වමින් නලාව ශබ්ද කරමින් වෙට්ටු දමමින් පැමිණ තිබූ සුඛෝ භෝගී බස්රථය මිරිස්වත්ත ප්‍රදේශයේදී එකවරම මෙට්‍රෝ බස් රථයට ඉස්සර කර සුඛෝ භෝගී බස් රථයේ පිටුපස මෙට්‍රෝ බස් රථයේ රථයේ ඉදිරිපස දකුණු මුල්ලේ ගැටීමට සලසවා මෙම අනතුර සිදුකර තිබූ බව පොලිසිය කියයි.

සිදුකළ එම අනතුරෙන් මෙට්‍රෝ බස් රථයේ දකුණු පැති කණ්ණාඩිය සහ ඊට පහළින් ඇති වීදුරුව කැඩී අලාභ වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

එමගින් බස් රථයේ දේපළවලට සිදු වූ අලාභය රුපියල් 342,000/= බව පොලිසිය කියයි.

බස් රථයේ රියදුරු අනතුර සිදු කරන ආකාරය අසල සවිකර තිබූ සීසීටීවී කැමරාවක ද සටහන් වෙයි.