‘එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධිමත් නායකයෙකි. ඔහුට කිසිම අභියෝගයක් නෑ. අභියෝග නොතකා ඒවා ජය ගනිමින් ඉදිරියටම යනවා. එජාප රජයක් හැදීම සඳහා කාලය, දීපය, දේශය දැන් ගැලපී හමාරයි. අවශ්‍ය අප සංවිධානය වීම පමණයි. ‘ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා කොට්ටාව දුම්රිය මාවතේ එජාප රැස්වීමකදී ප්‍රකාශ කළේය.
‘එක්සත් ජාතික පක්ෂයට බලය ලබා ගැනීම සඳහා පසුබිම රජයෙන්ම හදා දී තිබෙනවා. මේ රජයට බුද්ධිමතුන් ‘ඇලජික්‘. දක්ෂයනුත් ‘ඇලජික්‘. 2014දී රනිල්ගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීම කාටවත් නවත්වන්න බෑ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන
සුවර් එකටම හෙට අනිද්දට ආන්ඩුවට ගිහිල්ලා ඇමතිකමක් ගනියි. (නදී)
ඔලුව කොහේ හෝ වැදුනද (අ)
මගේ ජීවිතයටම දැකලා තියෙන්නේ මේ වගේ එක්කෙනයි. (නි)
ආණ්ඩු බලයට පෙර ප්‍රභල විපක්ෂයක් හදාගත්තොත් නේද හොද? (නදී)
දවල් හීන දකිනවාද? කොහොමත් තවම අභියෝග කරන්න කෙනෙක් පේනතෙක් මානෙක නැහැ. (නි)
අලුත් පන්දමට සම්බන්ධ වෙන්න එහෙම ආසාවක් නැද්ද? (නි)
රාජපක්ෂ මහත්තයෝ, පාර්ලිමේන්තු මහා මැතිවරණයකට තරඟ කරලද ආණ්ඩුව පිහිටුවන්නේ, නැත්නම් වෙන ක්‍රමයකින්ද? මොකද වසර 6 කට වරක් තමයි මහා මැතිවරණයක් එන්නේ. අන්තිමට තිබුනේ 2010. අනික, ආණ්ඩුව පිහිටුවත් එය විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බව ඔබතුමා නොදන්නවා නොවෙයිනේ.(නදී)
මට හිනාව නවත්තගන්න බැහැනේ. මොකද මන්දා? (නි)
අනේ පවු! (නි)
හීනයක්වත් දැක්කද ? (ස)
මේ යන හැටියට නම් රනිල් මහත්තයා නැතුව වුණත් 2014 දී බලය ගන්න පුළුවන්. (නි)
කඩේ යෑම එකකි....අනුන්ගේ සීනි කිරණ එක තව එකකි. (ස)
බය වෙන්න එපා. ඔයාට පුළුවන්. (නි)
2014 ඡන්දයක් නැතිව බලයට එන්නේ මිනී මරලද?(නදී)
මම ප්‍රර්ථනා කරනවා මම මැරෙනකල් එතුමා බලයට එන්න එපා කියලා. (නි)
දවල් හීනයක් දැකලද? (නි)
කාලය ,දීපය, දේශය,ගැළපේ නම් රනිල් මහත්තයට මහණ වෙන්නත් කාලය හොදයි දැන්. (නි)
ජනතාවට පිහිටවන්න. ඔබට ජය. (නි)
මගේ උණුසුම් සුබපෙතුම්. (ත)
රනිල් මහත්තයට මේ පසුබිම ආණ්ඩුවෙන්ම සකසලා දීලා තියෙනවා කියලයි ආරංචි. (නි)
රනිල් මහත්තය ඉන්දියාවේ තමිල්නාඩුවේ ජයලලිතත් එක්ක තරග කරනවානම් අපි ෆුල් සපෝර්ට් එකක් දෙනවා.(නදී)
අහලා තියෙනවද? සමාන පක්ෂීහු එකට එක්වෙනවා. (නි)
ඔබතුමන්ලා කියන ඒවා ගලක හරි කොටලා තියන්න පස්සේ බලන්න උනොත් එහෙම (ස)
ලෝකය වෙනස් වෙනවා වගේ, නායකයොත් වෙනස්විය යුතුයි. (නි)
ඕනෑම කෙනකුට සිහින දකින්න සහ ඒ ගැන කියන්න පූර්න නිදහස තියෙනවා. (නි)
එතුමාට දිනන්න වෙන්නෙ නැත්තෙත් ඒ පක්ෂයේ අයම නිසා තමයි (නි)
අනේ බුදු මහත්තයෝ, මෙතුමාව නම් බලයට පත්කරන්න සුදානම් කරන්න එපා. (නි)
එක පැත්තකින් රට නිදහස් කරගන්නකොට ඔබතුමා අනික් පැත්තෙන් ඒවාට අකුල් හෙළනවා. දැන් ඉන්න පරම්පරාවට ඔය දේවල් තේරිලා තියෙන්නේ. ඒකනේ තියෙන ප්‍රශ්නේ. (නි)
අපේ රටේ මිනිස්සුන්ට ඇත්ත තේරෙන්නෙත් නැහැ. රනිල් වගේ මනුස්සයෙක්ගේ වටිනාකම දන්නෙත් නැහැ. කොහොම වුණත් කාටත් යහපතක් වෙන්න නම් ඔය කියන දේවල් හීනයක් නොවී සිදුවෙන්න මම ප්‍රාර්ථනා කරනවා (නි)
ඒය පැදිලිවම සත්‍යක්, නමුත් සෙමින් සිදුවන්නක් විය හැක. මම මෙලෙස පවසා සිටින්නේ ජනතාව විපක්ෂ නායක තුමා ගැන ඇති වී තිබෙන වැරදි මතය නිවැරදි කර දෙන්න ජනතාව අතරට ගිහින් නිවැරදි තොරතුරු පවසන්න. ඔබ තුමා නියම නායකයෙක් කියල පවසන්න ජනතාවට රටට දැනෙන්න දෙයක් කරලා පෙන්නන්න ඔබට ජය !(නදී)
ලෝකයේ හොඳම විහිළුව - ගිනස් පොතට දාන්න වැඩේ (ත)
මේකත් හරියට 2012 ලෝක විනාශය එනවා කිව්වා වගේනේ (නි)
මම ඒත් බැලුවා මට කවදාවත් නැතුව දවල්ට නින්ද ගියේ මොකද කියලා. (නි)
කවුරු ආවත් ජනතාව පෙළන ආණ්ඩුවක් මිස ජනතා සුභසිද්ධියට කැපවූ ආණ්ඩුවක් ලැබෙන්නෙ නැහැ. (නි)
විශ්වාස කරනවද? (ස)
මට හිතෙන විදියට ඒකට තව කාගෙහරි බලයක් ඕනෑ වේවි. (නි)
රටට ආදරේ කට්ටිය ඡන්දය දෙන එකනම් බොරු . (අ)
100% ක් මන්ත්‍රීතුමා සමඟ එකඟ වෙනවා. රනිල් අවංක නායකයෙක් බවත් පිළිගන්නවා. (නි)
පහර ගහන්න හැකි කෙනාව දැක්කාම හැමෝම ගහන්නම හදනවා. (නි)
අප්‍රියෙල් 1 වෙනිදා පලවිය යුතු පුවත අද පල කරලා.2013 ලොකුම විහිලුව.(නදී)
දක්ෂයන් බුධිමතුන් කියල තමන්ටම කියා ගන්නවානම් එහි තේරුම ඇලජික් වැඩි වෙලා කියන එකයි.(නදී)
2014දී රනිල් මහත්තයාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීම කාටවත් නවත්වන්න බෑ ජනාධිපති තුමාට මිසක්?(නදී)
අහන්නත් සතුටුයි.(නදී)
දවල්ද? (ත)
රනිල් මහත්තය විතරක් තරග කරොත් එයි. (ත)
කියක් ඔට්ටුද ? විජයදාස මහතා මම කෝටියක් දෙනවා . කවදාවත් වෙන්නේ නැහැ. (ත)
විජේදාස රාජපක්ෂ උන්නැහෙත් දවල් හීන දකිනවා කියල මම දැන ගත්තේ අද !!! (ත)
යේක ඇත්ත. ඔක්කොම තියෙනවා තමා. ඒත් ඕනෑම එක නැහැනේ. (නි)
මගේ උපරිම සහය. රජයක් පත් කරපු ගමන් මමත් ඔයාල සමග එකතු වෙනවා.(නදී)
අනේ රනිල් මහත්තයෝ, ඔන්න ඕවා දැන් අතහැරලා දාන්න. (නි)
2014 ද 2054 ද ? (ත)
මමත් කැමතියි ඒකට. ඒත් එතුමා එන එකක් නැහැ.(නදී)
අපිට තියෙන්නේ වෙන දෙයක් බලන් ඉන්න විතරයි (දී)
විජේදාස මහත්තයගේ ගෙට වෙඩි තියපු වෙලේ දෝෂාබියෝගේත් අමතක උනා මතකද?(නදී)
දවල් හිනා ? (නි)
ඔන්න අපි නෙමෙයි කියන්නේ රාජපක්ෂ කෙනෙක් කියන්නේ.(නදී)
අමතක කරන්න එපා ජෙනරාල් ඔබත් එක්ක.(නදී)
ජයවේවා හුරේ! (නදී)
සුදුසු කෙනෙක් නායකයා වුණොත් මේ රජයට අභියෝගයක් කළ හැකියි. (නි)
විජේදාස රාජපක්ෂට ආරක්ෂක ඇමති කමවත් දෙනවා කිව්වද දන්නේ නැහැ.(නදී)
අනේ මහත්තයෝ මෙරටේ දැන් වර්ග වාදී සංවිදාන පැටවූ ගහල. මේකට ඔහෙලත් වග කියන්න ඕන.හරියට විපක්ෂයක් නැතිවම මිනිස්සුන්ගේ හැගීම් අවුස්සන්න වෙන වෙන සේනා පැටවූ ගහනවා. (ත)
එතුමා බලයට් පත්වෙලා කොටි ඉල්ලපුව ආපහු දීල හමුදාව එහෙන් ඉවත් කරලා ජයලලිතාගේ කට වහන්නකෝ අපිට කනක් ඇහිලා ඉන්න.(නදී)
මට හිනා යන එක නවත්තගන්න විදියක් කියන්න .(නදී)
අනේ ! ඔව් අපි මේ ලොකුම ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ 29 , ය 30 කරගන්නේ කවදද කියල!(නදී)
ඇයි මන්දා ගොඩක් දෙනෙකුට රනිල් මහත්තයා ඇලජික්? (නි)
විජේදාස මහත්තයෝ, කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන්නෙ නෑනෙ. ඔයාලට ගෙනියන්න වෙන්නෙත් මේ ක්‍රමයම තමා. ඒ හින්ද මෙයාලම ඉඳල කාපුදෙන්. මේ ආන්ඩුවෙත් ඉන්නෙ ඔයාලගෙම අය තමා. පෙනි පෙනි තව මේ වගේම වලක වැටෙන්න ඔනෙ නෑ. අපි මේ වලේම ඉන්නවා. රාජපක්ස සමාගම වෙනුවට රනිල් සමාගම එපා.(නදී)
දවල් හීන දකිනවද??? (ත)
විජයදාස රාජපක්ෂ අපරාදේ මේ ටීක අප්‍රියෙල් පළවෙනිදා කිව්ව නම් පිළිගන්න තිබුණා. අප්‍රේල් පලවෙනිදා පොන්සේකාට පන්දම අතට දුන්නවගේ. එතකෙට ඔය සිහින රජයේ නායකයා කව්ද?(නදී)
අපේ එකම බලාපොරොත්තුව ඔබතුමායි... රට දිනවිය හැකි එකම නායකයා ද ඔබතුමාම පමණි..... අපේ උපරිම සහාය ඔබතුමාටයි වික‍්‍රමසිංහ මැතිදුණි...(නදී)
මේවා අහල පන යනකම් මට හිනා,,, (ත)
කාලය ,දීපය ,දේශය හොදට ගැලැපේ නම් රනිල් මහතාට මහන වෙන්න කියන්න (ත)
මට නින්ද ගිහිල්ල තිබුනෙ දෑනුයි ඈහෑරුනේ.(නදී)
ඉතුරු දෙක කිවිවා නමි කපෝතියි.(නදී)
අපට ඔබ ගැන දුකයි , විජයදාස මහත්තයෝ පහු ගිය ටිකේ හොඳට හිටියා. දැන් නම් කොලේ ඉරා ගන්නයි හදන්නේ.(නදී)
ඇත්තමද?අපි බලාන ඉන්නවා .බොරුනම් කරන්න එපා.ඔන්න එන්නම ඕනේ.(නදී)
අඩන්නද හිනාවෙන්නද කියල තේරෙන්නේ නැ.(නදී)
ජයෙන් ජයම වේවා!(නදී)
බලය නම් ඕනෑ තමයි. (නි)