ජාතික කි‍්‍රකට් කණ්ඩායමට කී‍්‍රඩකයන් ගණනාවක්ම දායාද කළ මොරටුවේ ප්‍රධානතම පාසල් දෙකක් වන ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමර විදුහල අතර 62 වැනි වරටත් පැවැත්වෙන ‘රන් හටන’ හෙට (9) සහ අනිද්දා (10) මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. පසුගිය වසරේදී තරගය ජයගත් ශාන්ත සෙබස්තියන් කී‍්‍රඩකයෝ මෙවරත් මහත් විශ්වාසනීයත්වයකින් තරගයට පිවිසෙති. සෙබස්තියානුවන්ගේ 2011/2012 පාසල් තරගාවලියේ වාර්තාවද ඔවුන්ගේ විශ්වාසනීයත්වය වඩාත් තහවුරු කරන්නකි. මෙවර පාසල් කි‍්‍රකට් වාරයේදී තරග 19 කට සහභාගි වූ ශාන්ත සෙබස්තියන් කණ්ඩායම තරග 7 කින් පූර්ණ ජයග්‍රහණ ලබාගත් අතර පරාජය වී ඇත්තේ තරගයක් පමණි. වේල්ස් කුමර කණ්ඩායම තරග 17 කට සහභාගි වී තරග 4 ක් ජයගත් නමුත් තරග 3 කින් පරාජය වී තිබේ. පාසල් තරගවාරයේ වාර්තාව කුමක් වුවත්, මහ තරගයේදී අපේක්ෂිත දස්කම් දැක්වීමට වේල්ස් කුමරුවන් සමත් වන බවට තරගාවලියේ ඉතිහාසය සාක්ෂි දරයි. ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ අමිල අපෝන්සු මෙවර මහ තරගයේදී ශාන්ත සෙබස්තියන් විදුහල් පිල මෙහෙයවන අතර ශී‍්‍ර ලංකා යොවුන් පිල නියෝජනය කළ මෙන්ම පසුගිය වසරේදී ශී‍්‍ර ලංකාවේ දක්ෂතම නැගී එන කි‍්‍රකට් තරුව බවටද පත්වූ සනිත ද මැල් ද සෙබස්තියන් කණ්ඩායම නියෝජනය කරයි. අති දක්ෂ තුන් ඉරියව් කී‍්‍රඩකයකු වන සනිත ද මැල් සෙබස්තියන් පිලේ ප්‍රබලම කී‍්‍රඩකයාය. සති කිහිපයකට ඉහතදී 13 න් පහළ කණ්ඩායම නියෝජනය කළ අවිශ්ක ප්‍රනාන්දු සෙබස්තියානුවන්ගේ අනාගත බලා පොරොත්තුවයි. අමිල අපෝන්සු, අනූක් ප්‍රනාන්දු, අනුෂ්ක පෙරේරා සහ සංගීත් කුරේ පිතිකරුවන් වශයෙන් ඉදිරියට පැමිණෙමින් මේ වන විටත් ලකුණු 500 සීමාව පසුකර ගොසිනි. නායක අමිල අපෝන්සු සහ හිටපු නායකයා හැරුණු විට සචින්ත ගුණවර්ධන, අනූක් ප්‍රනාන්දු සහ ෂවීන් ප්‍රනාන්දු කණ්ඩායමේ පන්දු යවන්නන් ලෙස ඉදිරියෙන් සිටිති. නායකයාට තමාගේ 100 වැනි කඩුල්ල සඳහා තවත් අවශ්‍ය වන්නේ එකම කඩුල්ලක් පමණි. සචින්ත ෆොන්සේකා කණ්ඩායමේ කඩුලූ රකින්නාය. මෙම පාසල් කි‍්‍රකට් වාරයේදී වේලාසනින්ම ලකුණු 1000 කඩයිම පසුකරගෙන ගිය කුසල් මෙන්ඩිස්ගේ පිතිහරඹය මත වේල්ස් කුමරුවන්ගේ ඉනිම රඳා පවතී. නායක තරිඳු දිල්ෂාන් සහ ෂානුක දුලාජ් වේල්ස් කුමර පිිතිකරුවන් වෙනුවෙන් ඉදිරියෙන්ම සිටින්නෝ වෙති. වමතින් ද`ග පන්දු යවන තිලාන් නිමේෂ් මේ දක්වා දවාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 70 ඉක්මවයි. වමත් ද`ග පන්දු යවන්නන් තිදෙනකුගෙන් සමන්විත වේල්ස් කුමර කණ්ඩායමේ කඩුලූ දවාගැනීමේ බර ඔවුන් තිදෙනාගේ උරමත පැටවී තිබේ. මෙතෙක් පැවැති මහ තරග 61 කදී වේල්ස් කුමර විද්‍යාලය තරග 6 ක් ජයගෙන තරගාවලියේ ඉදිරියෙන් සිටින අතර ශාන්ත සෙබස්තියන් විදුහල ජයගෙන ඇත්තේ තරග 3 ක් පමණි. වේල්ස් කුමර විදුහල අවසන් වරට ජයගත්තේ 1977 දී පෙම්ලාල් ප්‍රනාන්දුගේ නායකත්වයෙනි. සනිත ද මැල්ගේ නායකත්වයෙන් තරග කළ ශාන්ත සෙබස්තියන් විදුහල වසර 44 කට පසුව, ගිය වසරේදී මහ තරගය ජයගත්තේය. විදුහල් දෙක අතර එක්දින තරගය මේ මස 17 වැනිදා මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදීම පැවැත්වේ. මෙතෙක් පැවැති එක්දින තරග 26 දී දෙපිලම තරග 12 ක් බැගින් ජයගෙන ඇති අතර තරග දෙකක් වර්ෂාව නිසා විසඳුමකින් තොරව අවසන් විය. ශාන්ත සෙබස්තියන් සංචිතය: අමිල අපෝන්සු (නායක), නිශ්මාල් ප්‍රනාන්දු (උප නායක), ලූක් ජයදේව, සනිත ද මැල්, අනුෂ්ක පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, සංගීත් කුරේ, අනූක් ප්‍රනාන්දු, ඉසුරු මෙන්ඩිස්, පෙෂාන් ඇන්තනි, සචින්ද ගුණවර්ධන, සචින්ත ෆොන්සේකා, කුසල් සිල්වා, ෂවීන් ප්‍රනාන්දු, මාවල් ප්‍රනාන්දු සහ කළණ සිල්වා, පසන් වනසිංහ (පුහුණුකරු), කල්ප ප්‍රනාන්දු (සහාය පුහුණුකරු), ෆ්රෑන්ක් කුරේ (කි‍්‍රකට් භාර ආචාර්ය) වේල්ස් කුමර සංචිතය : තරිඳු දිල්ෂාන් (නායක), කුසල් මෙන්ඩිස්, සුචිර ප්‍රනාන්දු, අෂේන් මෙන්ඩිස්, හෂාන් ප්‍රනාන්දු, ෂානුක දුලාජ්, තිලාන් නිමේෂ්, සුචිත් පුෂ්පකුමාර, ජයාංග පීරිස්, ගනීෂ ප්‍රනාන්දු, දිදුලන මේදිස්, කි‍්‍රෂාන් අපෝන්සු සහ දේවක දාබරේ සුරංග විජේනායක (පුහුණුකරු), සුසන්ත මෙන්ඩිස් (කි‍්‍රකට් භාර ආචාර්ය)
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
62 වැනි රන් හටන 9-10 මොරටුවේදී