
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමූපකාර තොග වෙළඳ සංස්ථාවට ( සතොස) බාල බඩු සැපයූ සැපයුම්කරුවන් අට දෙනකු පසුගිය මාස තුනේදී අසාධු ලේඛන ( බ්ලැක් ලිස්ට්) ගත කර ඇතැයි වෙළෙඳ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.
සමහර සැපයුම්කරුවන් සතොසට බඩු දෙන්නේ අනෙකුත් වෙළඳසල්වලට ලබාදීමෙන් පසුව බව පැවසූ අමාත්‍යවරයා සතොස භාණ්ඩ මිල ක්‍රමානුකූලව අඩු කිරීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.
සතොස පසුගිය මාස හතරේදී ලාබ ලබා ඇති බවත් අලාභ නොලබන තත්වය දිගටම පවත්වාගෙන යෑමට කටයුතු කරගෙන යන බවත් ඔහු ප්‍රකාශ කළේය.
පසුගිය 2025 දී සහජීවන ගිණුමේ තිබූ රුපියල් කෝටි 140කට වෙච්ච දෙයක් නොමැති බවක් එයත් සමග කෝටි 2400ක පාඩුවක් එකතුවී අැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd