ශ්රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 97 වැනි ජාතික ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ ශූරතාව පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට දිනේෂ්කාන්තන් තන්ගරාජ් සමත්විය. අම්රිතා මුත්තයියා කාන්තා කේවළ ශූරතාව පිට පිටම සිවුවැනි වරටත් දිනා ගැනීමට සමත්වුවාය. තරගාවලියේ විවෘත කේවළ ඉසව්වල අවසන් තරග පසුගියදා කොළඹ ග‍්‍රීන්පාත්’හි ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථානයේදී පැවැත්විණ. මඩකලපුව ශාන්ත මයිකල් විදුහලේ ආදී ශිෂ්‍යයකු වන දිනේෂ්කාන්තන් තන්ගරාජ් ජාතික ශූරතාව දිනා ගත් පළමු අවස්ථාව මෙයවේ. තන්ගරාජ් මෙම වසර ඇතුළුව දෙවරක් ඬේවිස් කුසලාන ආසියානු ශාන්තිකර කලාපීය ටෙනිස් තරගාවලියේ ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමට ද වරම් ලද ක‍්‍රීඩකයාය. අවසන් මහා තරගයේදී පාකිස්තාන් ක‍්‍රීඩක තන්වීර් ආශික් පරදවා 6/2, 6/4, 6/2 ක් ලෙස තන්ගරාජ් ජය ලැබීය.අවසන් පුර්ව වටයේදී තන්ගරාජ් විසින් ෂාමල් දිසානායක ද, තන්වීර් ආශික් විසින් නිසන්ගන් නඩරාජ් ද පරාජය කරන ලදහ. අම්රිතා මුත්තයියා සහ ලාබාල ක‍්‍රීඩිකා නෙත්මි වඩුගේ අතර පැවැති කාන්තා කේවළ ඉසව්වේ අවසන් තරගය තරග වට 2/0 කින් අම්රිතා ජය ගත්තාය. එහිදී 6/0, 6/3 ක් ලෙස ලකුණු තත්ත්වය සටහන්විය. කොළඹ විශාඛා විදුහලේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නෙත්මි වඩුගේ කාන්තා කේවළ ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙනේ.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
97 වැනි ජාතික ටෙනිස් තරගාවලියේ
රියාස් Wednesday, 29 August 2012 05:26 PM
ජාතික ටෙනිස් තරගාවලියේ කොහොමද පාකිස්තාන් ක‍්‍රීඩක තන්වීර් ආශික් සෙල්ලන් කරන්නේ? (නි)
දිනේෂ් Thursday, 30 August 2012 12:39 PM
රියාස්, මේක විවෘත තරගාවලියක්. ලෝකයේ ඕනෑම කෙනෙකුට සෙල්ලම් කරන්න පුලුවන්. (නි)