IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


Y FM 11 වැනි උපන් දිනය සමරයි

2016-12-01-ent-71

YFM 11 වැනි සංවත්සරය පසුගියදා මහ ඉහළින් සැමරූ අතර, ඒ හා බැඳුණු වැඩසටහන් හා ඉදිරි ගමන්මග පිළිබඳව කතාබස් කරනට එහි වැඩසටහන් අධ්‍යක්ෂ සජිත් "තරුණයා" සමග අපි සම්බන්ධ කර ගත්තෙමු.

 

සමරන 11 වැනි වසර

2016-12-01-ent-69තාරුණ්‍යයේ එකම නාළිකාව තමයි Y FM. අපි තාරුණ්‍යය වෙනුවෙන් බොහෝ වැඩසටහන් කරනවා. ඒ වගේම අපේ තේමාව තමයි Y මගේ හදවත යන්න. Y යන්නෙහි තේරුම YOUNG යන්නයි. හදවතින් තරුණ හැම කෙනෙකුටම Y FM එක්ක එකතු වෙන්න පුළුවන්. එමෙන්ම 11 වැනි සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් බොහොමයක් සංවිධානය කර තිබෙනවා. පළමුවැන්න තමයි දෙපානම මැදිරි සංකීරණයේ 10 සිට 12 වෙනකම් සංගීත ප්‍රසංගයක් පැවැත්වීම. එමෙන්ම එදින Y FM DREAM BIKE නමින් මෝටර් බයිසිකලයක් ලබාදීමට කටයුතු කරනවා. එයත් ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන්.

 

මලල ක්‍රීඩාවට අතහිත

එමෙන්ම ජාතික මට්ටමේ මලල ක්‍රීඩා තරගාවලියක් පවත්වනවා. අපේ නාළිකාව තමයි ක්‍රිකට් කානිවල් එකක් සංවිධානය කරලා නුවන් ප්‍රදීප් නම් වූ ක්‍රිකට් තරුව සොයාගත්තේ. මෙවර මලල ක්‍රීඩා කරන දිස්ත්‍රික්ක 25ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකතු කරලා දිස්ත්‍රික් මට්ටමේ තරග පවත්වලා ඔවුන් ජාතික මට්ටමට ගෙන එන්න කටයුතු කරනවා. ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංගමයත් එක්ක එකතුවෙලා කරන දැවැන්ත වැඩක්. මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නෙ අවසන් මහා තරගයේදී ජාතික මට්ටමෙන් ඉදිරිටයට එන ගමේ හැකියාවන් ඉදිරියට ගන්න 2018 COMMONWELTH , ආසියානු කුසලාන‍ තරග සඳහාත් 2020 ඔලිම්පික් තරග සඳහත් සූදානම් කරනවා. අපි ක්‍රීඩා තරග පවත්වලා අවසන්වෙලා ඔවුන්ව අතාරින්නෙ නෑ. ඔලිම්පික් දක්වා අරන් යනවා. ගමෙන් ලෝකයට යන්න තමයි තේමාව කරගෙන තිබෙන්නෙ. එයත් අපේ 11 වැනි සංවත්සරය වෙනුවෙන් සිදුකරන කර්තව්‍යයක්. එමෙන්ම පසුගිය 06 වැනි සංවත්සරය වෙනුවෙන් කුරුණෑගලදී දැවැන්ත ප්‍රසංගයක් පැවැත්වුවා. අපේ විශාලම එළිමහන් ප්‍රසංගය තමයි එය.

 

අලුත් වුණු එළිමහන් ප්‍රසංග

එම එළිමහන් වේදිකාවේ පවා වෙනස් දේවල් තමයි අපි ඉදිරිපත් කරන්නෙ. සාමාන්‍යයෙන් සංගීත ප්‍රසංගයක් තිබෙනකොට සංගීත කණ්ඩායම එනවා ගායක ගායිකාවො සින්දු කියනවා අනිත් අය බලන් ඉන්නවා යනවා. නමුත් Y Fm පවත්වන එළිමහන් ප්‍රසංගයකදිම අපි කරන්නෙ අපිව බලන්න එන හැමෝමත් එක්ක විනෝදවෙන්න පුළුවන් ඉසවු අපි සංවිධානය කරනවා. දවසම අපි ක්‍රීඩාගණයේ ඉඳිමින් සාමාන්‍ය ප්‍රසංගයකට වඩා එහා ගිය දෙයක් තමයි අපේ ප්‍රසංගවලින් අපේ රසිකයන්ට ලබාදෙන්නෙ. එමෙන්ම 11 වැනි සංවත්සරය වෙනුවෙන් අපොස සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලා රැසක් සංවිධානය කළා. එහි අවසන් සම්මන්ත්‍රණයත් 11 වැනි සංවත්සරයට සමගාමීවයි සිදුවුණේ. සාමාන්‍ය පෙළ හදාරන නංගිලා මල්ලිලා වෙනුවෙන් ස්ථාන 28 ක නොමිලේ සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කළා. එම කටයුතු තමයි තාරුණ්‍යය වෙනුවෙන් අපි සිදුකළේ. විනෝදාස්වාදය, දැනුම, තාරුණ්‍යය වෙනුවෙන් අපි කරනවා.

 

නොදැන කරන වැරදි

එමෙන්ම අපි අලුත් වැඩ සටහනක් ආරම්භ කළා. තාරුණ්‍යය දැන හෝ නොදැන කරන වැරදි තිබෙනවා. ඒ වැරදි හරිගස්සන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් එක්ක එකතු වෙලා හෘදසාක්ෂිය නමින් වැඩසටහනක් ආරම්භ කළා. තාරුණ්‍යය කරන වැරදි නිවැරදි කරන්න සතියේ දවස්වල පෙරවරු 7 ඉඳල 9 වෙනකම් එම වැඩ සටහන නීතිඥ සංගමයත් එක්ක එකතුවෙලා සිදුකරනවා. එය සජීවි වැඩසටහනක් ලෙසයි විකාශය කරන්නෙ. එමෙන්ම y unplugged live studio නමින් වැඩසටහනක් සූදානම් කර තිබෙනවා. හැම සිකුරාදාම රූ හතේ සිට නවය දක්වා අපිටම ආවේණික වැඩසටහන්. අපේ රසික සමාජය ලක්ෂ 7ක් පමණ වෙනවා. ඒ අයට අපේ මේ සංගීත වැඩසටහන නොමිලේ පෙන්වනවා. එමෙන්ම y fm හිත් මෙය සජීවීව විකාශය වෙනවා. එමෙන්ම ලංකාවේ සංගීත කණ්ඩායම් විශාල ප්‍රමාණයක් පැමිණ තිබෙනවා. මෙය එකෝස්ටික් සංගීතය සමගයි පැවැත්වෙන්නෙ. ගායක ගායිකාවන් එනවා සහ වෙනත් ආකාරයේ සංගීත වැඩසටහනක්. එය ෆේස්බුක් මගින් නරඹන්නත් පුළුවන් විදියටයි සකස් කර තිබෙන්නෙ. අපි ඒ ආකාරයේ වෙනස් වැඩසටහන් ඉදිරිපත් කරන්නෙ තාරුණ්‍යය හරි දැනුවත් සහ තාක්ෂණයෙන් ඉහළ නිසයි. ඒ අයට තාක්ෂණයෙන් ඉහළ දේවල් තමයි අපි ලබාදෙන්න ඕනෙ. Y fm ගුවන් විදුලියට වෙනත් නාළිකා සමග තරගයක් නෑ. අපට තරගය තිබෙන්නේ අප සමගයි. මොකද අපි තාරුණ්‍යය වෙනුවෙන් විතරයි නිර්මාණ කරන්නෙ.

 

එන්න අත්වැල් බැඳගන්න

අපි වාහනවල යද්දි අපිට කියනවා අපේ දුව පුතා ඔයාලගෙ නාළිකාව තමයි අහන්නෙ කියලා. එනිසා අපිත් අහනවා. වැඩසටහන් හොඳයි කියල අපිට ඇහිල තිබෙනවා. තරුණ තරුණියන් සහ දරුවො අපිත් එක්ක ඉන්නවා කියල දැනෙනකොට මුළු ගෙදරම අපිත් එක්ක ඉන්නව කියල අපිට දැනෙනවා. එනිසා හදවතින් තරුණ හැමදෙනාම මේ සංවත්සරයෙදි මතක් කරනවා. නිරන්තරයෙන්ම අපිත් එක්ක රැඳී ඉන්න කියලා.

 

2016-12-01-ent-74
2016-12-01-ent-73
2016-12-01-ent-71
2016-12-01-ent-70



අදහස් (0)

Y FM 11 වැනි උපන් දිනය සමරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1101 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 707 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 260 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1948 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1769 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 548 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site