බටහිර ඉන්දීය කොදෙව්හිදී ලබන මැයි මස ආරම්භ වන ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරග තුනකින් සමන්විත දෙදින ක‍්‍රිකට් තරගාවලියේ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (24) අවසන් වූ පළමු තරගයේදී පිට දඟ පන්දු යවන්නන් වන අකිල ධනංජය සහ තරිඳු කෞෂාල් දස්කම් දැක්වීමට සමත් වූහ.
ඇන්ජලෝ පෙරේරා සහ කිත්රුවන් විතානගේ නායකත්වය දැරූ පළමු තරගය විසඳුමකින් තොරව අවසන් විය.
අකිල ධනංජය ඉනිම දෙකකදී ලකුණු 116 කට කඩුලූ 6 ක් ද, තරිඳු කෞෂාල් ඉනිමකදී ලකුණු 67 කට කඩුලූ 4 ක් ද, දවා ගැනීමට සමත් වූහ.
මෙහිදී කිත්රුවන් විතානගේ (70), නිරෝෂන් දික්වැල්ල (නොදැවී 69), උදාර ජයසුන්දර (67), ඇන්ජලෝ පෙරේරා (61), චතුරංග ද සිල්වා (53) සහ අෂාන් ප‍්‍රියංජන් (51) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.
ඇන්ජලෝ පෙරේරා මෙහෙයවූ පිල - පළමු ඉනිම කඩුලූ 9 ට 244
(ඇන්ජලෝ පෙරේරා 61, චතුරංග ද සිල්වා 53, ගයාන් මනීෂාන් 38, මාධව වර්ණපුර 32, අකිල ධනංජය 60/2, විමුක්ති පෙරේරා 29/2)
කිත්රුවන් විතානගේ මෙහෙයවූ පිල - පළමු ඉනිම කඩුලූ 9 ට 265
(කිත්රුවන් විතානගේ 70, උදාර ජයසුන්දර 67, නිරෝෂන් දික්වැල්ල නොදැවී 69, තරිඳු කෞෂාල් 67/4, විශ්ව ප‍්‍රනාන්දු 26/2, සොහාන් බොරලැස්ස 59/2)
ඇන්ජලෝ පෙරේරා මෙහෙයවූ පිල - දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 199
(අෂාන් ප‍්‍රියංජන් 51, මිලින්ද සිරිවර්ධන 42, ගයාන් මනීෂාන් නොදැවී 30, පබසර වඩුගේ 22, අකිල ධනංජය 56/4, ඉෂාන් ජයරත්න 17/3, ෂෙහාන් ජයසූරිය 29/3)
දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අකිල - තරිඳු පන්දුවෙන් දස්කම් දක්වති