IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


අගමැති මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයි

(අංජුල මහික වීරරත්න සහ ළහිරු හර්ෂණ)

මුදල් ,ආර්ථික ස්ථායිතා ජාතික ප්‍රතිපත්ති  අමාත්‍ය ධුරයෙහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේ ය.

කොටුව ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.



අදහස් (26)

අගමැති මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයි

Gamini Bayiya Wednesday, 25 May 2022 10:57 AM

සුබපැතුම්.. ICTA එක වහලා දාන්න සර්..

:       56       22

Sisira Katugampola Wednesday, 25 May 2022 11:01 AM

රනිල් ඔබේ තීරණය නිවැරැදියි.

:       42       155

GamunuWednesday, 25 May 2022 02:07 PM

රටේ විපක්ෂ නායකවරයා රට ආර්ථික සහ දේශපාලන අර්බුදයකට මුහුණදී තිබෙන අවස්ථාවකදී රට වෙනුවෙන් කොන්දේසි විරහිතව අගමැතිකම බාරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔහුගේ සැලසුම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබාදුන්නද සති ගණනාවක් තීන්දුවක් ගැනීමට නොහැකිව සිට අවසාන මොහොතේදී කොන්දේසි ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයකු වශයෙන් ඉටුවිය යුතු වගකීමෙන් ඉවත්විය. එම අවස්ථාව අගමැති තනතුර එක මන්ත්‍රීවරයකුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නා වූ එක්සත් ජාතික පක්ෂයට ලබාදුනි. පසුගිය සති ගණනාවක් මුදල් ඇමති තනතුර හිස්ව තිබිණි. හර්ෂද සිලවා මුදල් ඇමැති තනතුර බාරගැනීමට ඔහු සුදුසු බව ඔහුම කියා සිටිමින් ඒ සඳහා කොන්දේසිද ඉදිරිපත් කරමින් ඔහුගේ සුපුරුදු වොයිස් කට් ලබාදීමේ ක්‍රියාවලිය කරගෙන ගියද මේ වනවිට පීඩාකාරී ජීවන අරගලයක යෙදෙන්නා වූ ජනතාවට අවශ්‍ය වනුයේ ඔවුන්ගේ අවස්ථාවාදී කොන්දේසි දැනගැනීමට නොව පීඩාකාරී ජිවන අරගලයට විසඳුම් වේ. රටට සේවය කිරීමට අවශ්‍ය නම් කොන්දේසි ඉදිරිපත් කරනුයේ ජනතා හිතවාදී දේශපාලකයින් නොව අවස්ථාවාදී බොරු දේශපාලනය රඟපෑම් කරන්නවුන් බව අව්වේ, වැස්සේ ඉන්ධන, ගෑස් සහ කිරිපිටි පෝලිම්වල සිටින ජනතාව හොඳින්ම දනී.

:       15       123

K PereraWednesday, 25 May 2022 10:18 PM

ඔය පෝලිම්වල සිටින ජනතාව, උද්ඝෝෂණය කරන තරුණයින් සහ මුළු මහත් මහජනතාව එක හඬින් කියන්නේ ‘‘ගෝඨා ගෝ හෝම්‘‘ දැන් රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය ගෝඨා යන්නේ නැති එක. ගෝඨා ගියෝතින් සජිත් හෝ කවුරු හෝ රට බාරගනීවි.

:       0       2

ජගත් ලියනගේ Wednesday, 25 May 2022 12:01 PM

කොහොමද හිනාව...?

:       64       28

ලලිත් අම්බලන්ගොඩ Wednesday, 25 May 2022 12:07 PM

මහ බැංකුව නැවතත් අර්ජුන් මහේන්ද්‍රන්ටම බාරදෙන්න. ජනාධිපති සහ අනික් අය විරුද්ධ වෙන එකක් නැහැ...

:       50       57

Hafeel Wednesday, 25 May 2022 01:12 PM

අර්ජුන් මහේන්ද්‍රන්ව ගුවන් තොටුපළේදී රතු කාපට් දාල ඉතා ආඩම්බරයෙන් පිළිගන්න තියන්නේ.

:       38       49

fairoos Wednesday, 25 May 2022 12:14 PM

මේවට කොහෙන් හිනා වෙන්නද? බයියන් නිදිද?

:       57       52

Hafeel Wednesday, 25 May 2022 12:23 PM

ඔතන රවී කරුණානායකත්, අර්ජුන් මහේන්ද්‍රනුත් පමණයි අඩු. එහෙමනම්, නොබෝ දිනකින් රවී මුදල් අමාත්‍යාංශයේ උපදේශකයා ලෙසත් සහ මහේන්ද්‍රන්ව මහ බැංකුවේ ලොකු පුටුවට පත් කරන්න.

:       63       47

sena Wednesday, 25 May 2022 12:32 PM

මෙයාලගේ තියෙන එකම වැඩ පිළිවෙළ කල්මැරීම... මෙයාලා හිතනවා තව අවුරුදු 2 1/2 ක් යනකොට මේ ප්‍රශ්නය ඉබේම විසඳෙයි කියලා. එතකොට ජනතාව ඉදිරියේ වීරයෝ වගේ ඡන්දෙ ඉල්ලන්න. ‘‘රට අර්බුදයෙන් බේරාගත්තු වීරයා...‘‘ කියලා.

:       60       36

යෝගා Wednesday, 25 May 2022 01:31 PM

කවුරු මොනවා කිව්වත් මේ දුෂ්කරම අවස්ථාවේ අගමැතිකමයි, මුදල් ඇමැතිකමයි දෙකම බාරගන්න පුළුවන් කොන්දක් තියෙන එකම පුද්ගලයා රනිල්.... කෝ විපක්ෂයේ ඔස්තාර්ලා? කයිවාරු විතරයි..!

:       30       96

කිරි පුතා Wednesday, 25 May 2022 01:39 PM

මේ කිසිවක් තම තම දේශපාලන මානසිකත්වය තුළින් නොබැලිය යුතුයි. රටේ පවතින තත්ත්වය යම් ප්‍රමාණයකින් සහනදායි අවධියකට පත්වනතුරු පළපුරුදු කවුරුන් හෝ රට කරවිය යුතුයි. ඊළඟ මැතිවරණයකදී වඩා සුදුසු අය තෝරා ගැනීමට කාටත් අවස්ථාවක් ලැබෙනු ඇත...

:       9       104

nimal karunaratne Wednesday, 25 May 2022 01:50 PM

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට මුදල් නොමැතිව සිටින ශ්‍රී ලංකාවට නිශ්චිත සර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් නව මූල්‍ය පහසුකම් සැපයීමට සැලසුම් නොකරන බව ලෝකබැංකුව ඊයේ (24) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ "ශ්‍රී ලංකාව සඳහා දැනටමත් අනුමත කරඇති ව්‍යපෘතිවල සම්පත් යොදාගනිමින් අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා ගෙවීමට, දිළිඳු ජනතාවට, අවදානමට ලක්වූ පවුල්වලට, ගොවියන්ට සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීමට මෙන්ම අවදානමට ලක්වූ පවුල්වල පාසල් දරුවන්ට ආහාර සැපයීමට ලෝක බැංකුව කටයුතු කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකමය ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සුදුසු ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමට ලෝක බැංකුව සහාය ලබාදෙයි.

:       5       22

siri Wednesday, 25 May 2022 02:21 PM

චම්පික හරි, එරාන් හරි බිලී කොක්ක ගිල්ලේ නැහැ එහෙනම්...

:       20       6

Appuhami Wednesday, 25 May 2022 04:37 PM

මේ පාර කුට්ටම අනලා තියෙන්නේ, ජෝකර්ලාත් එක්ක. කුට්ටම අනනවා, බෙදනවා. ඉවරයක් නෑ... කල් මරනවා...

:       6       15

de silva Wednesday, 25 May 2022 06:33 PM

මේ අයගේ කොලම් බල බල හිටියට අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. යුද්ධය දිනුවේ සරත් ෆොන්සේකා ප්‍රමුඛ හමුදා නිලධාරීන් නිසා බව දැන් දිනෙන් දින පැහැදිලි වෙනවා. මේ මනුස්සයා ජනතාවට බයෙන් මන්දිරයෙන් එළියට බහින්නේ නැහැ. රනිල් රටට කළ පැහැදිලි දෙයක් නැහැ. 5 වතාවක් අගමැති වුණත් එකවරක් වත් ධුර කාලය සම්පූර්ණ කරගන්න බැරිවුණා..

:       5       9

රෝහිත සමරකෝන් Wednesday, 25 May 2022 06:40 PM

නියමයි....දැං අර්ජුන් මහේන්ද්‍රන්වත් ගෙන්නගමු.

:       4       11

ranjith Wednesday, 25 May 2022 07:30 PM

අනේ අපේ මහබැංකුවට දෙයියන්ගේම පිහිටයි.

:       6       12

hewa Wednesday, 25 May 2022 07:53 PM

ICTA එක වහලා දාන්න.. ඒක හොඳයි..

:       1       5

චන්දිම ෆොන්සේකා Wednesday, 25 May 2022 08:19 PM

මම කියන්නේ මුදල් ඇමතිකම ඔය හිතන තරම් ලේසිවැඩක් නෙමෙයි. ඒකට ඉතාම විශිෂ්ඨ සුවිශේෂී අධ්‍යාපනයක් අවබෝධයක්, බුද්ධිමත්කමක් තිබිය යුතු පුද්ගලයෙක් අනිවාර්යයෙන්ම සිටිය යුතුයි. ලෝකයේ දියුණු වුණු සෑම රටකම ප්‍රධාන බලවේගය වුණේ ඒ රටවල සිටිය මුදල් ඇමැතිවරයා. ඔබ එවැනි රටවල මුදල් ඇමැතිවරු ගැන අන්තර්ජාලයෙන් ටිකක් හරි හොයලා බැලුවොත් මම කියනදේ තේරේවි. අපේ රටේ වන්නිනායක, ඇන්. ඇම්., රොනී යම්කිසි මට්ටමක හිටපු පුද්ගලයින්. වත්මනේදී රට විනාශ වෙන්න ප්‍රධාන හේතුවක් වු‍ණෙත් අවශ්‍ය සුදුසුකම් තියෙන අය රටේ සිටිද්දීත් ඔවුන් නොසලකා හැර කිසිම අවශ්‍ය අධ්‍යාපනයක් නොමැති නුසුදුස්සෙක් මුදල් ඇමතිකම කළ නිසයි. හැබැයි ඒ වගේම මටනම් ඔය රනිල් මහත්තයා ගැනත් කිසිම ෂුවර් එකක් නැහැ.

:       3       16

විපරමා Thursday, 26 May 2022 04:59 AM

පොහොට්ටුවෙ උන්දලා මොළහතක් තියෙන කෙනෙක් පත් කරගෙන වෙච්ච් හරිය පේනවා. රටම කාබාසිනියා කෙරුවා .

:       0       3

chandima Wednesday, 25 May 2022 10:27 PM

වැඳලා බාරගන්නවද? නැතිනම් වැඳලා බාරදෙනවද? 

:       0       2

chandima Wednesday, 25 May 2022 10:32 PM

කළින් වතාවේ යාලුවෙක් ගෙනත් සුද්දෙ දුන්නේ. මෙදාපාර ඉබියතුරුත් බාරදීලා තියෙන්නේ...! 

:       0       2

Sharm Warn Thursday, 26 May 2022 10:06 AM

මෙතන අදහස් පලකරලා තියෙන ගොඩක් අයට ආර්ථිකය ගැනත්, අපට කරලා තියෙන ආර්ථික පරිහානිය ගැනත් අවබෝධයක් නැතිපාටයි. මේක සරලව කිව්වොත් අපිව වලකට දාලා, දාපු එකා වල කටේ ඉඳගෙන ගොඩ එන්න ලණුවක් දෙන්නද? වැල් පොටක් දෙන්නද? ඉනිමගක් දෙන්නද කියලා අහන ගමන් එකක්වත් නොදී ඉන්න තත්වයක්... මොකද අපිව වලට දාපු එකට ලණුවක් තියා, ඉනිමගක් තියා වැල් පොටක්වත් නැහැ දෙන්න. අගමැතිව දාගෙන අපිට කොකා පෙන්නුවට අපි අපිම කුලල් කා ගන්නවා. ඒකෙ හරි වැරැද්ද ගැන දෙකට බෙදිලා. ඇත්තටම ඒ අයට ඕනෙත් කුලල් කා ගන්න. එතකොට අපිට ඇත්ත ප්‍රශ්නය අමතක වෙන බව ඔවුන් දන්නවා. අපි එකතු වෙන්න ඕනේ මේ බොරු පැලැස්තර වල සුන්දරත්වය විඳින්න නෙමෙයි. මේ රටෙන් හොරකම් කළ මහජන මුදල් නැවත ලබාගන්න එකට කියලා තේරෙන අය කවුරුවත් ඉන්නවද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සිසුන්ගේ දිවා ආහාරය ගැන රජයෙන් ප්‍රතිපත්ති තීන්දුවක්
2025 අප්‍රේල් මස 24 13 0

පාසල් සිසුන්ට ආහාර වේලක් ලබාදීමේ ලෝක ආහාර වැඩසටහනෙ මේ වන විටත් ක්‍රියාත්මක වැඩ පිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇ


තැපැල් ජන්ද සළකුණු කිරීම අද ඇරැඹේ
2025 අප්‍රේල් මස 24 46 0

පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


සේවක අරමුදලේ කෝටි 2179කට වෙච්ච දේ
2025 අප්‍රේල් මස 24 435 0

සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්‍රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.


දළදා වන්දනාවට ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය අද සිට නතර වෙයි
2025 අප්‍රේල් මස 24 537 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි


වනසන්න තිබූ විස්කි තේ කහට වෙලා
2025 අප්‍රේල් මස 24 1261 0

නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක


අදත් තැනින් තැනට වැස්ස
2025 අප්‍රේල් මස 24 64 0

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 682 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 338 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 486 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site