බාල අටපිරිකර නිශ්පාදන කරන්නන්ට එරෙහිව ලංකාවේ දැඩ් නීතී ක්‍රියාත්මක කළ යුතු බවත් එසේ නොවන්නේ නම් අටපිරිකර පුජා කිරීම නවතා දැමිය යුතු බවත් සියළු අටපිරිකර නිත්‍යනුකූල අවසරයෙන් එක් ස්ථානයක නිශ්පාදනය කිරිමට පියවර ගත යුතු බවත් උඩුගම ශ්‍රී බුද්ධරඛිත අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියෝ පැවසුහ.
අස්ගිරි පාර්ශවයේ මහා නායක හිම්යන් මේ බව පවසා සිටියේ දළදා වහන්සේට පුජාකැර ඇති බාල අටපිරිකර මාධ්‍යවේදීනට දිගහැර පෙන්වමිනි.
දළදා මාලිගාවේ තේවාව සිදු කරන ප්‍රධාන හිමිවරුන් වැඩ සිටින නිළ ආරාමයේදී අස්ගිරි මහා නායක හිමියන් වැඩි දුරටත් කියා සිටියේ මෙම බාල අටපිරිකර නිශ්පාදනය කූඨ වෙළෙදුන් අහිංසක බෞද්ධ ජනතාව ගසා කන බවයි.
දළදා මාලිගාවට ලැබෙන විනයානුකූල නොවන අටපිරිකර පෙට්ටි ගනණක් ඇති බව මහා නායක හිමියෝ කීය.
මීයන් විසින් කා දැමුණු සිවුරු කැබලි, කාඩ්බෝඩ් කැබලි ඇති බව මාධ්‍යවේදීන් හමුවේ පැවැසූ මහා නාහියන් එවැනි අටපිරිකර දිගහැර පෙන්වීය.
අටපිරිකරට අඩංගු දැලි පිහි වෙනුවට ඇත්තේ බ්‍රේලේඩ් කැබලි බවත් අදනකඩය සදහා ඉනේ බදින පටිය වෙනුවට ඇත්තේ කුඩා රෙදි කැබලි බවත් මහ නා හිමියෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අට පිරිකර විකුනන්නේ සිංහල අයයි,සුපුරුදු විදියට මුස්ලිම් අය ඒකටත් ගාවාගන්න එපා (නි)
මම නම් දන්න තරමට සිවුරු අදින්න තියෙන්නේ වටිනාකමින් අඩු රෙදිපිලි වලින්. දන්නා කෙනෙක් පොඩ්ඩක් මට පහදන්න.රහතන් වහන්සේලා මිනී ඔතන රෙදිවලින් තමා සිවුර පිළියෙළ කර ගත්තේ.මම නෙමේ කියෙන්නේ, අපේ ඉතිහාසයේ එහෙම තියනවා. (නි)
අටපිරිකර වෙනුවට සල්ලි දුන්නා නම් ඉවරයි නේ කැමති යමක් මිළදී ගන්න (නි)
පුජා කල ඇත්තා ඇතුලේ මොනවද නොදැන පිරිසිඳු සිතින් පුජා කල නිසා අනිසංශ ලැබෙයි. අට පිරිකරක් පුජා කිරීම මහා ආනිසංස ලබන පිනක්. හැබැයි කුට වෙළෙන්දාගේ චෛතසිකය පිරිසිඳු නැති නිසා බාවයක් ගානේ පටිසන් දෙයි. ඕවා විකුණන්න හදන අය බණ පොතක් වත් කියෙව්වොත් හොඳයි.(ස)
කෝ දී මු ජයරත්න අගමැති තුමා ? එයාට නේද මේ අමත්‍යංශය බාරව තියෙන්නේ? (නදී)
වර්ගවාදී ආගම්වාදී අය මේකටත් එක ජාතියකට විශේෂත්වයක් දීලා. දැන් හරි ඔය අටපිරිකර මුස්ලිම් අය විකුනනවයි කියමුකෝ. ඇයි දෙයියනේ සිංහලයෝ හරි අවංක කට්ටියක්ද. නුවර,කතරගම පලතුරු මල් වට්ටි පුජාසනෙන් හොරකන් කරන් ගිහින් නැවත විකුනනවා.(නදී)
අහරේ වකුගඩු රෝග හැදිලා බර ගානක් මැරෙනවා. බාල බෙහෙත්වලින් බර ගානක් මැරෙනවා. බාල කෑම සහ අනෙකුත් පරිබෝජන ද්‍රව්‍ය වලිනුත් මරණ වාර්තා වෙනවා. ඇයි ඒවට මේ වගේ කතාකරන්නේ නැත්තේ.(නදී)
ඉහළ තැන්වන ඉන්න අය සේරම බදාගෙන. හරියට සදාම් හුසේන් වගේ. මට හරිම කනගාටුයි යුද්ධය ජයගත් වීරයෙක්, වතුර උණු වෙනකම් හැලිය ඇතුලේ දගලන එක.(නදී)
හස්තන්, මුල කුණු වුනාම කොහොමද මැද අග ගැන හිතන්නේ.(නදී)
අට පිරිකර ගන්න කොට නිෂ්පාදකයාගේ නම ගම බලල ගන්න එකනේ තියෙන්නේ. සෛබු නානා කොහොමද අට පිරිකර ගැන දන්නේ?(නදී)
අටපිරිකරවල ගුණාත්මක බව රැක සහ ප්‍රමිතිය රැක ගෙනීම සඳහා මහා සඟ සභාවෙන් සඟ නියෝජිතයන් පත්කළ යුතුයි. නිෂ්පාදකයින් ගාවට ගිහිල්ල පරික්ෂා කරන්න සහ අඩංගු භාණ්ඩ තිබීය යුතු නියම ආකාරයන් ගෙන උපදෙස් පත්‍රිකාවක් නිකුත් කලයුතුයි. ඒවා තරයේ පිලිපැදිය යුතුයි.(නදී)
මේ සිද්ධිය විවේචනය කරන අය කරුණාකර තව ටිකක් සිතන්න.(නදී)
හස්තාන් ට හොදටම තරහා ගිහිල්ලා. එයා දන්නවා වගේ අටපිරිකර කඩ අයිතිකාරයෝ වැඩිපුර කවුද කියලා (නි)
පන්සල්වල පිරිකර විකිණීම තහනම් කල යුතුයි.(නදී)
අටපිරිකර ඔතලා තැබීම තහනම් කරනන්. අවශ්‍ය දේවල් පෙන්නලා ඔතලා දෙන්න පුළුවන්නේ. (නි)
සනත් ඔබ හරියටම හරි මමත් එකග වෙනවා එයට.(නදී)
ඉස්සෙල්ලාම මුල හදාගෙන පසුව මැද සහ අග ගැන කතා කළ යුතුයි. අටපිරිකර ගැන කතා කරනවා වගේම රටේ අනිත් ප්‍රශ්න ගැනත් කතා කලොත් නේද හොද. (නි)
වැඩි වශයෙන් අටපිරිකර විකුනන්නේ මුස්ලිම් කඩවල්. ඒක ඔයාලා දන්නවනේ (නි)
කුලියට මිනී මරණ ලංකාවේ මේක එච්චර ලොකු දෙයක් නොවේ. (නි)
රන්ජනී, බාල බඩු අඩු ගන්නට විකුනන්නේ කවුද? මම අට පිරිකර ලිහලා බලලා නම් නැහැ. නමුත් මුස්ලිම් කඩ වලින් ගත්ත බඩු හුගක් ආපහු ගෙනිහින් දීලා තියෙනවා බාල නිසා. නැත්නම් කියපු ප්‍රමාණයට නැති නිසා. (නි)
මේ ජරා වැඩේ කරන බෞද්ධ ව්‍යාපාරිකයෝ සියලු දෙනා බොදු අන්තවාදි හා රටට කරුම දේශපාලන සවිධානවල ඉහල ක්‍රියාකාරින්. එහෙම නැතිනම් ලොකු පන්සල්වල ප්‍රධාන දායකයො. හේ අය තමයි හොර බිස්නස් සරු කරගන්න ආගම් වාදය පතුරන්නේ.(නදී)
අනේ මන්ද ඔක්කොම කණපිට එකම දෙයක් විතරනේ තාම වෙනස්වෙලා නැත්තේ. ඒ මේ රටේ නම ශ්‍රී ලංකාව කියන එක. ආශ්චර්යයක අරුමේ. (නි)
අපේ හාමුදුරුවනේ, කාලය අපතේ නොයවා දුක් විඳින සත්වයා සසරින් එගොඩ කරන්න . ඇත්ත ඇති සැටියෙන් කියනවානම් සිවුර සකසා ගත යුතු වන්නේ අහක දාන රෙදි කෑලි එකට මුට්ටු කර මසා ගැනීමෙන් නේද? (නි)
අවසරයි අපේ හාමුදුරුවනේ, අට පිරිකර නිෂ්පාදනය කරන ආයතන බුද්ධ ශාසන අමාත්‍යංශයේ අධීක්ෂණයට සහ අනුමැතියට අනිවාර්යයෙන්ම යටත් විය යුතුයි කියලා නීතියක් පනවන්න රජයට උපදෙස් දුන්නා නම් හොදයි නේද? අනිත් එක ලංකාවේ ප්‍රධාන පෙලේ විහාරස්ථාන වලට ලැබෙන පිරිකර සහ අනෙකුත් ආධාර වලින් දිළිඳු පවුල් වලට උපකාර කරන වැඩපිලිවේලකුත් හැදුවා නම් කොච්චර හොඳද? (නි)
හාමුදුරුවෝ ඔය පිරිකර පාවිච්චි කරනවානම් ඔය වගේ අවුල් ඇතිවන්නේ නැහැ. ඔය පිරිකර වැඩි හරියක් ගන්නේ හාමුදුරුවන්ගෙන්ම තමයි. බෞද්ධයෝ තේරුමක් නැතිව පූජා කරන නිසා තමයි ඔහොම වෙන්නේ. මේවට වග කියන්න ඕනේ හාමුදුරුවන්ම තමයි. පන්සලේ ඇතුලේ බැලුවොත් අට පිරිකර ගොඩ ගහල.(ස)
සල්ලි දුන්නා කියලා හාමුදුරුවෝ අටපිරිකර ගන්නේ නැහැ මෝහමඩ් (නි)
දිසානායක, කට ටිකක් ප්‍රවේශම් කරගත්තොත් නේද හොද? හැම එකටම මොකෝ මුස්ලිම් අයව අදින්නේ? ඇහින් දැක්කද මුස්ලිම් කඩවල මේවා විකුනනවා? මුස්ලිම් කඩවල කවදාවත් මේ කහ සිවුරු විකුනන්නේ නැහැ. ඒ ගැන මම හොඳටම දන්නවා. මගේ තාත්තටත් රෙදිකඩ දෙකක් තියෙනවා. (නි)
වැඩේ වැරදියි. මේ වගේ සල්ලි හම්බ කරලා මොකටද? අටපිරිකර විකුණන මුස්ලිම් කඩ නම් මම දැකලා නැහැ. පිරිකර මිලදී ගන්නකොට ලෙහෙලා බලලා ගන්න බැරිද? (නි)
ඕව ගණන් ගන්න එපා අපේ හාමුදුරුවනේ. අපිත් බොන්නේ බාල බෙහෙත්. කඩේකින් කෑවත් කන්නේ ජරාව. පාන් ගෙඩියෙත් බර අඩුයි. කඩේ තියෙන්නේ කුණු මාළු ෆෝමලීන් ගහල. නගර සබාවෙන් සල්ලි අරන් එවන්නෙත් ජරා වතුර. සල්ලි දීල අරන් ටීවි එකේ බලන්නේ වෙළද දැන්වීම්. කතා කරන්න කවුරුත් නැහැ.(ස)
යකඩෝ බාල බෙහෙත් ගෙන විල්ලා දවසගානේ මිනිස්සු මැරෙනකොට, බාල කෘමිනාශක ගෙනවිත් දහස් ගණනකගේ වකුගඩු විනාශ වෙනකොට, බාල ඉන්දන ගෙනවිත් සාමාන්‍ය මිනිහගේ මෝටර් සයිකලේ, ත්‍රි විල් එක කැඩිලා විනාශවෙලා යනකොට, අධ්‍යාපන අයිතිය ඉල්ලන විශ්වවිද්‍යාල දරුවන්ව මහපාරට ඇදල දාල උන්ගේ අනාගතේ නැති බංගස්තාන කරනකොට, ලංකාවේ අයට විශ්වවිද්‍යාලෙ යන්න බැරුව ඉන්නකොට අප්‍රිකාවේ අයට අපේ විශ්වවිද්‍යාලෙ යන්න දෙනකොට සද්ද නැතුව හිටපු මේ අය මොනවද මේ කියන්නේ. රටේ මිනිස්සු අමාරුවෙන් ජීවත්වෙන්නේ.(නදී)
මම කතෝලික වුනත් මේ ක්‍රියාව ඉතා දැඩි ලෙස පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. අපේ බුද්ද ශාසන අමාතයංශය මේ නිෂ්පාදකයන්ට ඒවායේ ප්‍රමිතිය පිලිබඳ අවවාද කළ යුතුයි (නි)
බ්ලේඩ් තියෙන්නේ මොනවටද? (නි)
"පොසොන් පෝදා සේල චෛත්‍යය අසල අටපිරිකර 2320ක පූජාවක්" මෙහි ගොඩක් දෙනා වැදගත් මෙන්ම කාලෝචිත අදහස් ප්‍රකාශ කර තිබෙනවා! මම හිතනවා ඉහත පුවත අනුව ෙමම කාර්ය අපේ හාමුදුරුවන්ට මිහින්තලෙන්ම පටන් ගන්න පුලුවනිනම් හොඳ දෙයක්!මොකද අටපිරිකර 2320 ක් කියන්නේ විශාල ගණනක්! මේ ප්‍රමාණය අවසන් පරිබෝජනය කරන හාමුදුරුවෝ දක්වා රට පුර කොතරම් කාලයක් පන්සල් නගර කීයක සංසරණය වෙනවදි කිව නොහැකි නිසා? මෙවත් දැන් සිංහල අවුරුද්දට නෑදයෝ ගෙනා කේ ක් ගානට පත්වෙලා!(ස)
ගරුතර අපේ හාමුදුරුවරුන්ට කොපමණ තිබුණත් බහුතර ජනතාවට නම් කිසිම ප්‍රශ්ණයක් නැති හැඩයි (නි)
චතුල , මුස්ලිම් කට්ටියට ඕවා විකුනන්න තහනම්. ඒක දන්නේ නැතුව තමුන්නාන්සේගේ ජාතිවාදය දාන්න එපා මෙතන (නි)
ඇයි මේවා සේනාවට පෙන්නේ නැද්ද ? (ස)
ටෙෂන් වගේම මමත් කතෝලික මෙවගේ වැඩ කරන කවුරු උනත් තමාටම කරගන්නේ මහා පාපයක් මුදල්වලට ටික කලකට මිනිස්සුන් රවටුවහැකි එත් තවත් ආත්මයක් තියෙනවා කියල හිතන්නේ නැති එකයි වරද (ස)
රට පුරා තැන් තැන් වල අටපිරිකර විකිණිම තහනම් කර රජය විසින් අටපිරිකර නිපදවන එක් මධ්‍යස්ථානයක් පමණක් පිහිටුවා එය මනා පාලනයකින් යුතුව පවත්වාගෙන යා යුතුයි (නි)
එහෙමයි අපේ නායක හාමුදුරුවනේ අවසර , එහෙත් අට පිරිකරට වැඩිය මේ රටේ දැවෙන පරශ්න තියෙනවා. ඩෙංගු හැදිලා බෞද්ධ ජනතාව ඇතුළු මනුස්සයෝ මැරෙනවා. සාසනේ රැකගන්න ඉතින් දායකයෝ ඉන්න එපාය. බුදුපිළිම වන්සේලා විතරක් වැඩ හිටියට මදිනේ. ඒ නිසා ඔබවහන්සේලාට සත්කාර කරන දායකයෝ ගැනත් සොයා බලන සේකවා. දයකයෝ ආරක්ෂා කරගන්න පාලකයෝන්ට උපදෙස් දෙන සේකවා. අවසර. (නදී)
අති ගෞරවනීය මහා හිමිපාණන් වහන්ස, නොයෙකුත් මුහුණුවරින් අති උතුම් වූ ශ්‍රී සම්බුද්ධ ශාසනයට එල්ලවී ඇතී තර්ජන පිළිබඳව ඔබ වහන්සේලා අවදියෙන් සිටීම බෞද්ධ අපට අතිමහත් සතුටක්. මේ අන්දමින්ම මීටත් වඩා ඉතා සූක්ෂම ලෙසට ශ්‍රී සද්ධර්මය විකෘතිකර පළකරනලද පොත්පත් වෙළඳපොළට පැමිණීම නතර කිරීමට දැඩි පියවරක් ගන්නා ලෙසට ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.(නදී)
මේවා ගැන සොයා බැලිය යුත්තේ පාරිභෝගික අධිකාරියයි. නිතරම වැටලීම් කරන්ඩ. එතකොට හොරු අල්ල ගත හැකි. බුද්ද සාසන අමත්‍යංශයත් වග කීම බාර ගත යුතුයි. අපේ මල්වත්තේ නායක හාමුදුරුවන් කතා කරන්නෙම නෑනේ.(නදී)
අටපිරිකර කඩවලින් ගන්නාවිට එය ලෙහා බලා අවශ්‍ය ප්‍රමිතිය ඇතිනම් පමණක් ගැනීමට රටේම ජනයා වග බලාගන්නව නම් මෙම කුට වෙළදුන්ට තවත් මෙය කල නොහැක. යම් ලෙසකින් ඔවුන් එය ප්‍රතික්ෂේප කළහොත් එම කඩ වර්ජනය කලයුතුය. එසේත් නැතිනම් පාර්සල් කිරීමට පෙර එය පාරිභෝගිකයාට පෙන්වා එතීමට ඔවුන්ම කටයුතු කලයුතුය.(නදී)
චතුල වෙරෝනා, මම හිතන්හේ ඔයා පිටරට වල් වලටම වැඩකරලා මොලය දියවෙලා.(නදී)
මහා පරිමාණයෙන් මේ ජාවාරම කරන්නේ මුස්ලිම් වෙළදුන් බව සාක්කි සහිතව මට කියන්න පුළුවන්. මේ ගැන මුස්ලිම් ජනතාව මා සමග අමනාප නොවෙතියි සිතමි. කවුරු කලත් දැඩි දඩුවම් දිය යුතුයි.දැන්වත් අස්ගිරි මල්වතු පාර්ශවය නිහඩව නොඉද යමක් කලොත් හොදයි.මොකද රටේ හැම ප්‍රශ්නයකදිම පෙරට එන්නේ ගම්වල දුප්පත් ජනතාවයි, හාමුදුරුවෝයි විතරයි. (නි)
දැන්කාලේ දැලිපිහිය හදන්නේ නැහැ. අනිත් එක ඔය පෙට්ටි ගණන් තියාගෙන ඉන්න ඒවා ගම් වල සිටින දුප්පත් හාමුදුරුවන්ට බෙදලා දුන්නොත් නේද හොද? (නි)
මේ අයව නිසි මගට යොමු කරන්න (දී)
බොදු බල සේනාවට කිව්වොත් කඩ ටික වටලලා නුසුදුසු ඒවා අත් අඩංගුවට ගනීවි.(නදී)
එතකොට අට පිරිකර කියන්නේ මොනවද කියා දන්නේ නැති උපාසක උදවියද මේ රටේ සිටින්නේ. ඒක නිසා වෙන්න ඇති බ්‍රේලේඩ් කැබලි පූජා කරන්නේ මේ මොන ගැටලුවක්වත් නැහැ අටපිරිකර ලිහල බලල උවමනා කරන අංග 8 හොදට බලල පුජකරන්න. මේක ගැට ගහල පුජා කරනවා කියා නීතියක් නැහැ මම හිතන්නේ එතකොට මේවා පරීක්ෂා කරන්න කිසිවෙකු වැඩක් නැහැ.(නදී)
අපේ රටේ පරිභෝජනයට ගැනෙන කිසිම දෙයක් ප්‍රමිතියට නැහැ. රට කරවන අයයි මේවට වගකිව යුත්තේ.(නදී)
දැලි පිහි වෙනුවට බ්ලේඩ් කෑලි? ඕවා පාවිච්චි කරන කට්ටිය ඉතුරු වෙච්ච ඒවා හොර පිරිකර කඩවලට ලාබෙට විකුනනවා ඇති. (නි)
අද තියෙන්නේ බල්ලෝ මරල හරි සල්ලි හොයන සමාජයක්.(නදී)
බුදුරජානන් වහන්සේ මෙලෙස අටපිරිකර, කටින සළු ආදිය පිළිබඳව නම් කිසිම දෙයක් දේශනා කර නැහැ. සොහොනක මල මිනී එතු රෙද්දක් ගෙන කහ වතුරේ ඔබා පැහැයම් කර උන්වහන්සේ නම් තම වස්ත්‍රය කර ගත්තා. (නදී)
බාල බෙහෙත්, බාල කෑම, බාල කෘෂි රසායන, බාල වාහන ඇතුළු අනෙකුත් හැම බාල බඩුවකින්ම මේ රටේ මිනිස්සු මැරුනා.තවත් මැරෙනවා. මෙච්චර දවසක් ඉදලා අටපිරිකර බාල වෙච්ච ගමන් මෙහෙම කතාකරන එක හරිද මන්දා? (නි)
චතුල වෙරෝනා,ඔයා කියන්නේ බාල අටපිරිකර විකුනන්නේ මුස්ලිම් මිනිස්සු කියලද ? අපි අපේ වැරදි හොයාගෙන ඒවා නිවැරදි කරන්න උත්සහ කරමු. ඊට පස්සේ එයාලගේ ඇද හොයමු. (නදී)
හාමුදුරුවරුන්ට පූජා කරන දේවල් ගැන ප්‍රසිද්ධියේ කතා කරන්ඩ පුලුවන්ද? දළදාවට ලැබෙන අට පිරිකරට මොනවද කරන්නේ? දන් දෙන දේවල් ගැන කියවන එකනම් හරි නැහැ නෙවද?(නදී)
චතුල, ඔක්කොම කුනු බේරේ වැවට වගේ හැම එකක්ම මුස්ලිම් මිනිස්සුන්ගේ ගිණුමට දන්නා එපා. මම සිංහල බෞද්ධ. නමුත් බොහෝවිට මෙවැනි වැඩ කරන්නේ සත් ගුණවත් බහුතරයක් බෞද්ධ අය මිසක් මුස්ලිම් මිනිසුන් නෙමෙයි. කිහිප දෙනෙක් හිටියත් බොහොමයක් මුස්ලිම් මිනිසුන් බොහොම සාධාරනයි.(නදී)
ස්වාමින් වහසෙල්ල ගේ ක්‍රියාකලාප නම් අන්තිමයි.(ස)
අනේ මන්ද මේ වලින් පහර වදින්නෙත් අසරන මුස්ලිම් කඩ වලට.(නදී)
අද දහවල් මගේ බිරිඳ ගියා බෞද්ධ සම්මේලනයෙන් අටපිරිකර 2 ගන්න. හැබැයි ලිහලා බලන්න දෙන්නෙ නැහැ. ඉතින් කොහොමද හොඳ දෙයක් බලල ගන්නේ.(නදී)
පිටිගලගේ මොලේ තමයි මොලේ , මෙච්චර රෙදි තියෙන රටේ මොකටද මනුස්සයෝ මල මිනියේ ඇඳුම් ගලවල අඳින්නේ, අනික මොන තරම් විෂබීජ කන්දරාවක් තියෙනවද ? ඇත්තටම නායක හාමුදුරුවනේ මේකට හොඳ පිළියම යමි එක තැනකින් ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කරන එක. එතකොට වගකීමක් තියෙනවා.(නදී)
පිටිගල මිලානෝ , මෙතන තියෙන වැරැද්ද බණ පොතේ කියපු දේ ගැන නෙමෙයි. කූට වෙළෙන්දෝ අපෙන් ගසා කන එක නවතලා දමන්න ඕනෑ (නි)
අට පිරිකරක් ගන්න ගියාම අහන්නේ කියක එකක්ද ඕනේ කියලා. ගන්න යන කෙනා බලන්නේ අඩුවට ගන්න. පින් කරන්නත් ඕනේ නමුත් ලාබේට. මේකම තමයි කතරගම ගියාම වෙන්නෙත්. පූජා වට්ටියක් ගන්න ගියාම අහනවා කීයකටද ඕවේ කියලා. පූජා වට්ටියේ තියෙන්නේ පළතුරු හත් වර්ගයක් නම් ගාන කොහොමද වෙනස් වෙන්නේ. නමුත් පිරිකර තියෙනවා රුපියල් 1000 ඉදලා රුපියල් දස දහස වෙනකම්. මොකක්ද මේ වෙනස?(නදී)
අට පිරිකර විතරක් නෙමෙයි , ඕනෑම දේකට ප්‍රමිතියක් ඕනැ. (නි)
මම මීට අවුරුදු 20 කට පෙර ලංකාවේ සිව්රු මැහුවා. මුස්ලිම් මුදලාලිලා තමා අරගෙන යන්නේ. සාදාරන මුදලකුත් ගෙව්වා.එයාල පන්සල් වලින් අඩු ගණන් වලට සිව්රු,අටපිරිකර ගෙනත් විකුණනවා. කවදාවත් ඇහුවේ නැහැ ඔය වගේ දෙයක්.තාමත් ඒ බිස්නස් එක කරනවා. මුස්ලිම් අය වෙළදාම අවංකව කරනවා කියලයි මගේ හැගීම.ඒක එයාලගේ ජන්මයෙන් ආව පුරුද්දක්. (නි)
පිටිගල, ඔයා බෞද්ධයෙක් කියන්නේ නමට විතරයිනේ. කවදාවත්ම බණකටවත් අහලා නැද්ද අටපිරිකර ගැන බුදු හාමුදුරුවෝ දේශනා කරපු දෙයක්. කඨිනය කියන්නේ වටිනාම පූජාවක්. මේ දෙකම අටමහා පිංකම් වලට අයිතියි. මේ වසරේවත් පන්සලකට ගිහින් කඨින පිංකමකට අටපිරිකරක් පූජා කරන්න. (නි)
ලංකාවේ මොකක්ද හරියට හොදට අවංකවම කළේ? (නි)
හලාල් දාමු. එතකොට හරියට ප්‍රමිතියට දෙයි (නි)
මිලදී ගන්නා පාරිභෝගිකයෝ පැමිනිලි කළ විට පාරිභෝගික අධිකාරියට වගකීමක් තියෙනවා රටේ විකුණන සෑම භාණ්ඩයකම ප්‍රමිතිය පරීක්ෂා කර ඒවා නිසිලෙස නොමැති නම් නීතියට අනුව කටයුතු කරන්න. (නි)
මේ සඳහා රටේ ජාතික ප්‍රතිපත්තියක් ඇති කරන්න ඕනේ. අපේ රටේ ජාතික ප්‍රතිපත්ති නැහැ.(නදී)
අටපිරිකරට අඩංගු දේවල්, දෙපොට සිවුර, තනිපොට සිවුර,පාත්‍රය,අඳනය,දැලිපිහිය,පෙරහණ(බෙහෙත් ඖෂද)ඉදිකටුව ,නුල් බෝලය අද ස්වාමීන් වහන්සේලා පාත්‍රයෙන් දන් වලදිනවද? දැලිපිහියෙන් කොණ්ඩය,රැවුල කපනවද?(ඖෂද වෙනුවට) ඉංග්‍රීසි බෙහෙත් බොන්නේ නැද්ද? ඉදිකටුවෙන්,නුල් බෝලයෙන් මහනවාද ?රෝහල් අසල ෆාමසි,මල්ශාලා වගේම පන්සල් ආශ්‍රිතව පිරිකර කඩ දිවයිනේම. පාවිච්චියට නොගන්නා මෙවැනි දේ වෙළෙන්දාටත් වෙළෙන්දාගෙන් පන්සලටත් එන්නේ සැදැහැවතුන් මගිනි. කාලෝචිතිතව ආණ්ඩුක්‍රම වියවස්තාව වෙනස්කරන්න උනන්දු වෙනවා වගේම , පරිහරණයට අවශ්‍ය දේ පමණක් අට පිරිකරට ඇතුලත් කිරීමට මහානායක වහන්සේලා උනන්දු වන්නේ නම් ,සතුටින් අපිට පුජා කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත.(නදී) .
එල්ටන්, මම දන්නා තරමින් බෞද්ධ සම්මේලනයෙ අටපිරිකර විකුනන්නේ නැහැ.(නදී)
අපේ හාමුදුරුවනේ, බුද්ධ ශාසන අමාත්‍යංශය සමග කතා කරලා වැඩපිළිවෙලක් හදලා කරවන එක නේද වෙන්න ඕනෑ දැන්? අපේ හාමුදුරුවනේ, වරදක් වුනානම් සමාවෙන්න. නොතේරුම්කමටයි මෙහෙම කියන්නේ (නි)
උන් වහන්සේගේ කතාව ඇත්ත. බාල වර්ගයේ අටපිරිකර වෙළඳ පොලේ ඕනෑතරම් තියෙනවා. වර්තමාන ලංකාවේ අටපිරිකර හුවමාරුවක් තියෙනවා, එය කතා කළයුතු දෙයක්. සමහර පන්සල්වලට ලැබෙන අටපිරිකර වැඩිපුර ඒවා නැවත වෙළඳ සැල්කරා ගෙනයන්නේ ඇවිදින වෙළෙන්දන්. මෙයින් උපරිම වාසි ගන්නේ මෙම බාල අටපිරිකර නිශ්පාදනය කරන කූඨ වෙළෙදුන්. ඔහුන් දන්නවා පාවිච්චි නොකර නැවත වෙළඳ පොලට එන බැවින් තමන්ට කැමති පරිදි නිශ්පාදනය කිරීමට (නි)
අටපිරිකර හොදද නරකද කියල තෝරන්න ගිහි අය දන්නේ නැහැ. පිංකම් කරන්නත් ඕනෑ, අඩුවට කරන්නත් ඕනෑ. හොද අටපිරිකර ගනන්. ඒත් මිනිස්සුන්ව රවටලා වැඩි ගනන් අරන් දෙන්නෙත් බාල අටපිරිකර. අට එකට දෙන්න කියලා කතාවක් නැහැ. වෙන වෙනම අට පාරකට දෙන්න. අවුරුදු අටකින් දුන්නත් පින් සිද්ද වෙනවා (නි)
මේ වැඩ වලින් අසාධාරන වෙලා තියන්නේ මේවා වැඩි මිලට ගත්ත ජනතාවට. (නි)
අපි බඩු ගන්න කඩයකට ගිය විට හොඳට පරීක්ෂා කර බලලා තෝරලා කැමති දේ පමණක් ඔතල දෙන්න කියල ගන්න පුලුවන්නම් මොකද අටපිරිකර විතරක් ඔතල තියෙන එකක් නොබලා අරන් එන්නේ. ඒකත් අපි පිරිකර අට තෝරලා දුන්න විට ඔතල දුන්නනම් ප්‍රශ්නය ඉවරනේ . ඕක අමාරු වැඩක් නෙවෙයිනේ.(නදී)
අපේ අයට කොහේ ගියත් මොන කතා කලත් ජාති බේද. පිස්සු එකේ හොදම එක.(නදී)
දැලිපිහියෙන් පාත්‍රයෙන් ඉදිකට්ටෙන් වැඩක් ගන්නෙ නැත්තම් එක්කෝ උපසම්පදා භික්ෂුවක් නෙවෙයි රේරුකානේ චන්දවිමල හාමුදිරුවන්ගෙ උපසම්පදා සීලය පොත අරන් බලන්න. විනය ඔක්කොම තියනව. ගහක අත්තක් ඉත්තක් කොලයක් කඩන තැන ඉදන්ම. නමුත් පාරිභෝගිකයා අඩුවට 1000ට විතර ගෑස් එකක් ඉල්ලුවොත් මොකද වෙන්නෙ ඔහුට? නිකමට හිතන්න පිටකොටුවෙ ගිහින් බලන්න challenger රෙදි යාරයක තොගමිල අද අවම රු:170/= . සිවුරකට මීටර් 6ක් වත් යනවා.අදනකඩයට 2.5ක් වත් මීටර් ඕනි අඩුම. දෙපට සිවුර කියන්නෙ සිවුර වගේ 2ක් එකට අලවලා මහලා(මං දන්නෙ නෑ හැබැයි මේක මොකටද ගන්නෙ කියලා)බුද්ධ කාලෙනම් හාමුදුරුවො ඒක ගත්තෙ සරලකම භාවනාවක් ලෙස එදිනෙදා ජීවිතය තුලින් පුරුදු කරන්න(ඇදරෙද්ද,සීතලට පොරවන්න,අපවත් උනාම දාන්න, දේවල් වහන්න,තිර විදියට one item multy purpose) ඒත් හිතල බලන්න පොඩ්ඩක්.......අටපිරිකර ලෙහාගෙන සිවුරු උස්සගෙන කෑ ගහන අයට බැරිඋනාද ඕවට එයාලගෙ කාලීන අවශ්‍යතා ආදේශ කරන්න හෝ අටපිරිකරයේ අංග පාවිච්චි කරලා බුද්ධකාලෙ වගේ හැසිරෙන්න විනයට අනුව මිනිස්සු, දෙනවනම් ගනන් බලන්නෙ නැතුව හොද දෙයක් බලලා හොද කෙනෙකුට දෙන්නෝනි.දෙන්න සල්ලිනැත්තම් මලක් පූජ කරන්න පින් ගොඩක් ඒක