කැලණි විශ්ව විද්‍යාලයය වසා දමා තිබිය දී, එහි ආචාරයවරුන් දෙමාසයකට වැඩි කාලයක් වර්ජනය කැර තිබිය දී, පළාත් සභා තුනේ මැතිවරණය සන්ධානය විශිෂ්ට ජයක් අත් කැර ගනිතියි රජය අතේ පත්තු වන බොරු කියතියි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කොළඹ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කෙළේය. ඔහු මෙසේ ද කීවේය. ‘‘ පෙබරවාරියේ උද්ධමනය සියයට 2.7 අද සියයට 9.8කි. සිමෙන්ති මිල රුපියල් 100කින් වැඩියි. බස් ගාස්තු කිරිපිටි, තෙල්, විභාග ගාස්තු ආදිය වැඩි කළා. කිරි ලීටර් ලක්ෂ ගණන් කාණුවට හළනවා.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ වැඩියෙන්ම ඇත්ත කතා කරන දේශපාලඥයින් සිටින්නේ ලංකාවේය. (නි)
පව් නේ
එයාලා අතේ තියාගෙන හිටියා.. ජේ.වී.පී. එකෙන් ගිනි තිව්වා..!!! හැමදාම උනේ මේකනේ..!!(නු)
මොළය හරියට පාවිච්චි කරනකල් කිසිවක් කළ නොහැක. (නි)
ඇත්තටම අපි ඊළඟ වයසේ ජේවිපි රජයක් බිහිකරමු (අ)
කතාවනම් හොඳයි. වැඩේනම් අන්තිමයි..(ස)
මේ අයියලා ආවා නම් කොච්චර හොදට රට හදයිද? (නි)
ඔබට දිනකට හෝ ජේ.වී.පී. රජයක් දකින්නට ලැබුණොත් ඔබට ඉන්පසු කිසිම දිනයක් දක්නට නොලැබෙනු ඇත. (නි)
මිනිස්සුන්ගෙ කන් දැන් පිරිලයි තියෙන්නේ.කොච්චර කිවුවත්, දැන් අර කම්මලේ බල්ලට වගේ ඇහෙන්නේ නැහැ. කොච්චර කිවුවත් ඔච්චර තමයි. (නි)
හිතේ දුකට ඔය කියන්නේ. (නි)
හරිම හිතේ අමාරුවෙන් කතා කරන්නේ..(ස)
මොහොමඩ් ඔබ කොහෙද ඉන්නේ? ඇයි ඔබ දැක්කේ නැද්ද ජවිපෙ ආණ්ඩු පිහිටෙවුවේ 1971-1972 සහ 1988 -1989 කාල පරිච්ඡේදවල !!! (නි)
විජිත හරි (නි)
හැමදාම ඔයාලා කිවුවෙ ඔහොමනේ (නි)
අපි එදා නුඹලාට දුන් වරමින් ප්‍රයෝජන නොගෙන දැන් මොනවා කිවුවත් ඵලක් තිබේද? (නි)
ආරක්ෂාව ගැන හිතල මිනිස්සු මනාපය භාවිතා කරාවි..(ස)
දවසකට හරි JVP රජයක් දකින්න ආසයි මට (ස)
අපි නම් දන්නවා විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නේ කොහොමද කියලා (නි)
ඒ ගොල්ලන්ගෙ අතේ පත්තු වෙන්නේ ,අපේ බඩේ පත්තු වෙන්නේ .(ස)