IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අතකොටා සමඟ 17ක් ගස්

නූරියවත්ත මිනී මැරුම් නඩුවේ සැකකරුවන් 21 දෙනාගෙන් අතකොටා ඇතුළු 18 දෙනකුට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු එම්.ඩී.එස්.අබේරත්න මහත්මිය අද (25) මරණ දඬුවම නියම කළාය.

4, 5 හා 20 යන විත්තිකරුවෝ නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

දැරණියගල නුරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා ඝාතනය කර  ඔහුගේ  ආරක්ෂකයින් දෙදෙනකුට පහර දී තුවාල සිදු කළැයි දැරණියගල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ හෙවත් අතකොටා ඇතුළු සැකකරුවෝ විසිඑක්දෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි.

අතකොටා හෙවත් අනිල් චම්පික විජේසිංහට අමතරව අමිල වසන්ත විජේසිරි, පී.කේ.වීරබාබු, පී.විජයකුමාර්, රාමන් ශෂිකුමාර්, පෙරුමාල් රවිකුමාර්, රාජේන්ද්‍රන් රවිකුමාර්, රාමන් ශිවකුමාර් නොහොත් බීඩි තුංගා, චිත්‍රවේල් නිශාන්ත කුමාර්, ක්‍රිෂ්ණවේල් රාජේන්ද්‍රන්, එච්.ඩී. දුෂාන් රංග විජේසිරි, එස්.පලනියන්ඩි, ආරුමුගම් අර්ජුන්, පී.ජී.ඉන්දික උදය විජේසිරි, අරුනාචලම්, මුනියන්ඩි, ඉඳුනිල් ලක්ෂිත සහ දිනේෂ් චතුරංග යන අයට මරණ දඬුවම හිමිවිය.

සුබ්‍රමනියම් මහේන්ද්‍රන්, සරත් විජේසිරි සහ තරිඳු ධනංජය යන විත්තිකරුවෝ නිදොස්කොට නිදහස් කරනු ලැබූහ. 

එකම නඩුවකදී වැඩිම පිරිසකට මරණ දඬුවම හිමිවූ අවස්ථාව ලෙස මෙය සැලකිය හැකිය.

http://www.lankadeepa.lk/index.php/articles/147202

0-02-06-d7dfdb91094aae85f6158dc19633c081c22add2b66461ac4f8920df1e0d16716_full

IMG_0080

0-02-06-4e0af82d799e57bb73d7f177b630d01b513be948c694fd790f7491643e949ca8_full 0-02-06-14cb0bfa5b64b3da8168b6b8e4b836df82490bcf5745ad641c49e5fb2ce97564_full 0-02-06-47a31598da176220800619271a160143a36d095e77b58901430238d6c6d0f9ff_full  0-02-06-ef082bbaa543fba5d601e2d046375f480c6cd171f2eef913b06174a37ab412c6_full

ජායාරූප - ළහිරු හර්ෂණ

20161125_144720 

20161125_144842_568

NIHAL-PERERA

ඝාතනයට ලක් වු නුරි වතු අධිකාරි නිහාල් පෙරේරා මහතා

(ජායාරූප සැපයුම පුෂ්පකුමාර මල්ලවාරච්චි)

 



අදහස් (59)

අතකොටා සමඟ 17ක් ගස්

චන්න Friday, 25 November 2016 03:23 PM

අත කොටා වගේ මිනිමරුවෝ සහ හොරු දේශපාලනයට ගෙනාවේ කවුද. අද මල් පොහොට්ටු පුප්පන්න හදන්නේත් මේ හොරු තමා (නි)

:       124       205

කුමාර Saturday, 26 November 2016 05:30 PM

පසුගිය කාලේ නම් සියළු වැරදි වලින් නිදොස්කොට නිදහස් කරන ලදී කියලා තීන්දුව ලැබෙන්න තිබුනා (නි)

:       2       50

සදුන් Saturday, 26 November 2016 07:23 PM

මේ මිනීමරුවෝ හිරේ ඉන්නේ යහපාලන ආණ්ඩුව තියෙනකල් විතරයි. පොහොට්ටු පක්ෂය ජයගත් දාට නිදහස් වෙනවා. මොකද පොහොට්ටු පක්ෂ ජයගත් දාට පළමුව දුෂණය වන්නේ රටේ නීති පද්ධතියයි. නූරි වත්තේ අහිංසක ජනතාව සතුටින් ඉන්නේ යහපාලන ආණ්ඩුව තිබෙනතුරු විතරයි. (නි)

:       2       47

රජින්ද Friday, 25 November 2016 03:55 PM

අයියෝ! මේකටත් කලින් ආණ්ඩුව දෝෂදර්ශනයට ලක්කරලා අදහස් දාලා තියෙන සමහරක් අයට මතකද දන්නේ නැහැ යුඑන්පී කාලේ වෙච්ච දේවල්. ඒවා මතක් කරන්න ඕනෑද. (නි)

:       45       1

භාතිය Friday, 25 November 2016 04:05 PM

ප්‍රාදේශීය සභා සභාපති කියන්නේ ප්‍රදේශය පාලනය කරන පිරිසේ නායකයා. "අත කොටා" කියන අනවරත නමක් තියෙන කෙනෙක් එම පුටුවට පත් කළේ ප්‍රදේශයේ මහජනයා. එවන් මහජනයාගේ මට්ටම අපිට මෙයින් තක්සේරු කරගන්න පුළුවන්. (නි)

:       0       11

විජිත Friday, 25 November 2016 04:44 PM

දෙවියන්ට ස්තුති වේවා...! (නි)

:       0       10

චන්දන Friday, 25 November 2016 05:37 PM

හේමන්ත, ඔයාගේ කතාව හරියටම හරි (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 28 November 2016 01:25 AM

එතකොට එතනෝල් ගෙන්වපු අය? වේදිකා ගිනිතියපු අය? (නි)

:       0       0

හේමන්ත Friday, 25 November 2016 07:52 AM

කොහොමද අතකොටාගේ අප්පච්චි බලයේ හිටියනම් නඩු තීන්දුව. (ම)

:       0       24

සුමිත්‍රා බස්නායක Friday, 25 November 2016 07:59 AM

ප්‍රසිද්ධියේම එල්ලා මරන්න ඕනෑ (ම)

:       0       13

තිසුල Friday, 25 November 2016 08:08 AM

නියමයි.මෙහෙම තමයි වෙන්න ඕන ..දිට්ට ධම්ම වේදනීය කර්මය විපාක අනිවාර්යෙන්ම භුක්ති විදින්න වෙනවා ...(ම)

:       0       0

නිහාල් Friday, 25 November 2016 07:52 PM

ජනාධිපතිවරයා මෙවැනි තීන්දු ක්‍රියාත්මක කිරීමට වගබලාගත යුතුය. විනිසුරුතුමියට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

නිහාල් Friday, 25 November 2016 08:01 PM

අර ඇඹිලිපිටියේ උඩ තට්ටුවෙන් පහළට වැටිලා මැරුනු ප්‍රශ්නයත් මේ විදිහට විසඳුනා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

කරූ-කලුතර Friday, 25 November 2016 08:05 PM

විනිසුරු එම්.ඩී.එස්.අබේරත්න මහත්මිය, ඔබට අපරාධ පිටුදකින සමස්ත ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුයි. අම්මපා! මොවුන්වත් ප්‍රා.සභා සභාපතිලා කළානේ පළාතේ මිනිස්සු (නි)

:       0       0

සරත් Friday, 25 November 2016 08:25 PM

ගරු විනිසුරුතුමියනි, ඔබ අපට සහ අපේ රටට ආඩම්බරයක්! (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 25 November 2016 08:29 AM

ගරු අධිකරණයට අපේ ප්‍රණාමය , මලේ පොහොට්ටුව පුප්පගන්න හදන්නේ මොකද කියල දැන් තේරෙනවා නේද ? (බ)

:       0       0

ධනසිරි Friday, 25 November 2016 08:57 PM

මල් පොහොට්ටුව පිපුනත් ඒකත් “පුෂ්පං මිලායති යතායි ධම්මේ“ එ්කයි ස්වභාව ධර්මය. මේවා හරිහැටි තේරුම්ගෙන ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය ලෝබකම නිස්සාරණය කර දැහැමිව ජීවත්වීමට සිත් වේවා !!! (නි)

:       0       0

තිලක් Friday, 25 November 2016 08:31 AM

ඉතාමත් හොද තීන්දුවක්. (බ)

:       0       0

රණසිංහ Friday, 25 November 2016 09:15 PM

අතකොටාගේ මහමොළකරු යහතින්නේ. හොඳ වෙලාවට නව රජයක් අාවේ. නැත්නම් අතකොටා එළියේ අහිංසකයන් ඇතුළේ (නි)

:       0       0

වික්‍රම Friday, 25 November 2016 10:01 PM

ජනාධිපතිතුමනි, කිසිම හේතුවක් නිසාවත් මේ අයගේ එල්ලුම්ගහට යන තීන්දුව ජීවිතාන්තය දක්වා හිර දඬුවම් ලෙස වෙනස් කරන්න එපා. (නි)

:       0       0

විකුම් Friday, 25 November 2016 10:05 PM

අතකොටාට මුලදී අපරාධ වලට සෙවණදුන් උසස් නිලධාරීන් දැලෙන් රිංගුවේ කොහොමද? (නි)

:       0       0

නඳුන් Friday, 25 November 2016 10:12 PM

මේ සිදුවීම සම්බන්ධයෙන් බොහෝදෙනා ඇඟිල්ල දිගුකළේ පොලිසියට. නමුත් මේ සිදුවිමට ඇඟිල්ල දික්කළ යුත්තේ පොලිසියට නොව අතකොටාගේ සියලු වැරදි යටගැසීමට උදව්දුන් සබරගමු පළාතේ දේශපාලකයින්ටයි. (නි)

:       0       0

සරා Friday, 25 November 2016 11:31 PM

දැන්වත් එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

රන්ජිත් Saturday, 26 November 2016 12:04 AM

මේ වගේ අයට ඡන්දෙ දීපු අය කොහෙද ඉන්නේ? දැන්වත් හොඳ මිනිස්සු පත්කරගන්න හිතාගන්න. වටිනා මිනිහෙක්නේ මේ තිරිසන්නු මරලා තියෙන්නේ. මොවුන්ට ආයේ සමාවක් දෙන්න හොඳ නැහැ (නි)

:       0       0

සමන්ත Saturday, 26 November 2016 12:56 AM

පසුගිය රජය බලයේ හිටියා නම් මේ හොර තක්කඩි මිනීමරුවෝ අද ඉන්නේ එළියේ (නි)

:       0       0

නිමල් ලාලිත Friday, 25 November 2016 09:10 AM

මහා ලොකු මහජන නියෝජිතයෝ,මේගොල්ලන්ට ඡන්දය දුන් අයත් හරිනම් මේ වගේ එවුන්ට ඡන්දය දීම ගැන ලැජ්ජා වෙන්න ඕනා.මේගොල්ලන්ව බේරා ගන්නත් අරන් මහා ලොකු උගතුන් සුදානම් වෙනවා ඇති.(බ)

:       0       0

විකුම් Saturday, 26 November 2016 01:59 AM

සමහරුන්ගේ නඩු තීන්දු කල්යද්දී ජීවිතාන්තය දක්වා හිර දඬුවම් ලෙස වෙනස් වෙනවා. ඊළඟට සමාව (නි)

:       0       0

පිටිගල Saturday, 26 November 2016 02:02 AM

දේශපාලකයන් තමයි ඕකට වගකියන්න ඕනෑ. (නි)

:       0       0

විකී Friday, 25 November 2016 09:24 AM

ගරු අධිකරණයට අපේ උත්තමචාරය. (බ)

:       0       0

විකී Saturday, 26 November 2016 02:11 AM

මේ කල්ලිය දැරණියගල පැත්තේ අහිංසක මිනිසුන්ට තව කොච්චර වදදෙන්න ඇද්ද. (නි)

:       0       0

දීපාල් Friday, 25 November 2016 09:27 AM

හේමන්ත අප්පචි පළි නැහැ හැම දෙයටම (බ)

:       0       0

නිමල් ලලිත Saturday, 26 November 2016 02:29 AM

චන්න ඇතුළු දේශපාලන පකෂවලට ගැතිව අදහස් දක්වන්නවුනි, ශාපලත් මනාප ක්‍රමයට පින්සිදුවන්නට වන්නට, ඕනෑම දූෂිතයෙකුට, අපරාධකරුවෙකුට දේශපාලනයට පිවිසීමේ හැකියාව ලැබී ඇත. අවශ්‍ය මුදල් සහ පහත් වැඩ කළහැකි, හිරගෙට පවා යාමට සුදානම් ගැත්තන් පිරිසක් පමණි. චන්නට බටලන්ද පැත්ත, සොත්ති උපාලිලා අමතක වෙලා. දේශපාලන ගැතිබවක තරම! පක්ෂය කුමක් වුවත් තමන් ගැතිකම් කරන පක්ෂයේ වැරදි නොපෙනෙන, අමතක කරන ඔබ වැනි අයත් මේ රටේ විනාශයට වගකියන්න ඕනෑ (නි)

:       0       0

චානක නිශාන් Friday, 25 November 2016 09:33 AM

යහපාලනය (බ)

:       0       0

විකී Friday, 25 November 2016 09:33 AM

ඒ කාලේ අතකොටාට විරුද්ධව පැමිණිල්ලක් ලියන්නවත් බැරි තත්වයකයි පොලිසිය සිටියේත්. උඩ ලොකු ලොක්කන්ගෙන් බලපෑම් .(බ)

:       0       0

ප්‍රියාන් Friday, 25 November 2016 09:33 AM

නිතිය හරියට ක්‍රියාත්මක නොවුණා නම් මෙයාලව අත්අඩංගුවට නොගෙන ඉන්න තිබුනනේ..සමහරක් මේකට මල් පොහොට්ටුත් ගාවගෙන..මෝඩ කමට බෙහෙත් නැනේ..(බ)

:       0       0

සේරම් Monday, 28 November 2016 03:17 AM

වතු අධිකාරී තුමා නියම අභිතයෙක් , අවිනීතියට අභියෝග කළ වීරයෙක්, අධිකරණයට තුති . (ම)

:       0       0

හුසේන් Saturday, 26 November 2016 03:01 AM

ගරු අධිකරණයට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 27 November 2016 07:28 AM

අතකොටා අයියා රුහුණුපුරේ දෙනෙත් තෙමා... සිපිරිගෙට පිය මැන්නා හඩවමින් සැමා... අප්පච්චි රජවුණ දා දෙනු මැනවි සමා... යලි එදින ඔබයි අතකොටා මන්ත්‍රීතුමා... (නි)

:       0       1

බණ්ඩාර Saturday, 26 November 2016 04:22 AM

අරාබි නීතිය ගෙනෙන්න ඕනේ මෙහෙටත්.(හේ)

:       0       0

අශිකා Sunday, 27 November 2016 11:41 AM

මේ මෝඩ මිනිසුන්ව ෆෝම් කළේ වෙන කවුරුත් නෙමෙයි, දේශපාලකයෝ. නමුත් පොඩි උන් තමයි මරණයට යන්නේ. (නි)

:       0       0

ප්‍රබාත් සේනාරත්න Saturday, 26 November 2016 04:35 AM

ශ්‍රීලංකා අධිකරණ සේවයට ජය පිට ජය (හේ්)

:       0       0

සහන් Friday, 25 November 2016 10:17 AM

නීතියට අපගේ ප්‍රණාමය. (ම)

:       0       0

පරාක්‍රම Saturday, 26 November 2016 04:44 AM

මේ නඩු තීන්දුන අප්පච්චි බලයේ හිටියනම් මොකක් වෙයිද?(හේ)

:       0       0

පරාක්‍රම Saturday, 26 November 2016 04:45 AM

ගරු අධිකරණයට අපේ ප්‍රණාමය (හේ)

:       0       0

නිරේෂ් Saturday, 26 November 2016 04:57 AM

මේවට තම කියන්නේ වෙනස කියලා.(හේ)

:       0       0

ශාන් Saturday, 26 November 2016 05:11 AM

ගරු අධිකරණයට අපේ ප්‍රණාමය , (හේ)

:       0       0

රූපාවති Friday, 25 November 2016 10:30 AM

හොද තීන්දුවක් ..! මියගිය නිහාල්ට සාධාරණය ඉෂ්ටවෙයි දිනෙක මොවුන් එල්ල මැරුවොත් පමණි ..! (ම)

:       0       0

හේමන්ත Saturday, 26 November 2016 05:24 AM

මෙන්න දඩුවම් නියමයි නියමයි.(හේ)

:       0       0

දිමුත් Saturday, 26 November 2016 05:40 AM

මේ අය ඔය ඔක්කොම අපරාධ කලේ පහුගිය කාලේ තිබුණ දේශපාලන බල අධිකාරියේ ආශීර්වාදයෙන් කියලා මිනිස්සු දන්නවා. කැලෑ නීතියක් ඔය පැත්තේ තිබුණේ.(හේ)

:       0       0

පද්මිණි Saturday, 26 November 2016 05:56 AM

අධිකරණයට ප්‍රණාමය. මේ මිනිමරුමේදී. නම් අපේ රටේ ජාති දෙකක් බොහොම අපුරුවට එකතු වෙලා වැඩ කරලා තියෙන්නේ.(හේ)

:       0       0

රන්ජීත් Saturday, 26 November 2016 06:10 AM

නිමල් ලලිතට මාත් එකගයි (හේ)

:       0       0

ලෙස්ලි Saturday, 26 November 2016 06:20 AM

කාට කාටත් හොද පාඩමක්.(හේ)

:       0       0

ට්‍රිපාන් Friday, 25 November 2016 10:56 AM

අධිකරණ තීන්දුවට අපේ උපහාරය!කොහොමද අනිත් කස්ටිය හිටියානම් මෙහෙම වෙයිද (ම)

:       0       0

අජිත් ඉසන්ත Saturday, 26 November 2016 06:38 AM

මේ අයට එල්ලුම් ගහ ක්‍රියාත්මක කලා නම් නේද හොද?(හේ)

:       0       0

පාලිත කේ Friday, 25 November 2016 11:26 AM

නිතිය හරියට ක්‍රියාත්මක වීම පිළිබඳ අපේ ප්‍රණාමය (ම)

:       0       0

උපාලි Saturday, 26 November 2016 07:13 AM

හොඳ තින්දුවක්.(හේ)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Friday, 25 November 2016 12:24 PM

මල් පොහොට්ටුව පිපෙනකම් ඉන්නකෝ (ම)

:       0       0

බමුණු Friday, 25 November 2016 12:48 PM

එල්ලලා මරන්න එපා ඒ වේදනාව තත්පර ගානටයි නියම සිර දඬුවම විදින්න දෙන්න එතකොට මැරෙනකම්ම මානසිකව වින්දවයි. (ම)

:       0       0

නන්ද Friday, 25 November 2016 01:07 PM

උගත් මහා අධිකරණ විනිසුරු තුමියගේ තීන්දුව පිලිබඳ වාදයක් නැහැ. ඔය තීන්දුව නැතත්, ඔය තිරිසන් වැඩේ කළ මිනීමරුවන් කවදා හෝ මැරෙන තුරු මානසිකවත් කායිකවත් පීඩා විඳිමින් සිටීවි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1560 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 369 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 121 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 211 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 105 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site