(රොමේෂ් මධුෂංඛ)
අතුරුදන් වූවන් විසින් විසඳුම් ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහයන්ට වසර 2 ක් පිරුණද මෙතෙක් විසඳුම් නොමැති වීම හේතුවෙන් අද (25) උතුරු පළාත පුරා හර්තාලයක් ආරම්භ කර තිබේ.
මේ අනුව වව්නියාව , කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම් හා යාපනය යන දිස්ත්‍රීක්කයන්හි කලු කොඩි ඔසවමින් සියලු වෙළඳසල් වසා දමා ඇති අතර ඇතැම් දිස්ත්‍රික්කයන්හි දමිළ පාසල්හිද වසා දමා ඇත.
එමෙන්ම උතුරු පළාතේ සිදු කෙරෙන බස් ධාවනය ද සම්පූර්ණයෙන්ම නවතා ඇති අතර පළාතෙන් පිට ප්‍රදේශවලට පමණක් බස් ධාවනය වීම හේතුවෙන් උතුරු පළාතේ ගමනාගමන කටයුතු සිදු කළ රජයේ සේවකයින් ඇතුළු බොහෝ පිරිසක් අපහසුතාවයන්ට පත්ව සිටියහ.
උතුරු පළාතේ අද දින රජයේ ආයතනයන්හීද රජයේ සේවකයින් බොහෝ පිරිසක් අඩුවීම හේතුවෙන් දෛනික කටයුතු අඩාල වී ඇති බවද වාර්තා වෙයි.
යුද්ධය හේතුවෙන් අතුරුදන් වූවන් විසින් මේ වන විට වව්නියාව, කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට වසර දෙකක් ගත වුවද මෙතෙක් අතුරුදන්වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබීම හේතුවෙන් අද දිනයේදී උතුරු පළාතේ හර්තාලයක් ආරම්භ කිරීමට පියවර ගැණිනි.
ඒ සඳහා උතුරේ වෙළඳ සංගම්,බස් සංගම් ඇතුළු විවිධ වෘත්තීය සමිති සහය ලබා දුන් බවට හර්තාලය සංවිධානය කරන ලද අතුරුන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටියේය.
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.
හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය මේ වනවිට වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 10 ක් පමණ ලබාගෙන තිබෙන බවත් තවත් මිලියන 7 ක් පමණ ටින් අ
මාතර බන්ධනාගාරයේ ඇතුළු නොසන්සුන් කාරී තත්වය පැය 17කට පමණ පසු පාලනය කිරීමට හැකි වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අතුරුදන් වූවන් වෙනුවෙන් උතුරේ කලු කොඩි එසවෙයි
KANDEPOLA Monday, 25 February 2019 05:06 AM
'අතුරුදන් වූවන් විසින් විසඳුම් ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහයන්ට වසර 2 ක් පිරුණද? සත්‍යග්‍රහයක් අරඹලා තියෙන්නේ අතුරුදහන් වුණු අයමනේ. එතකොට කවුරුවත් අතුරුදහන් වෙලා නැහැනේ.
Nishantha Monday, 25 February 2019 05:15 AM
එතකොට දකුණේ අතුරුදන් වුවන් ගැන මොකද කියන්නේ.
විමලේ Monday, 25 February 2019 05:32 AM
ඇයි දෙයියනේ අපේ එකෙක්වත් මුන්ගෙන් අහහ්නේ නැත්තේ මොකද කගේ වරදින්ද අතුරු දහන් වුනේ කියා. අපේද වරද අපිට ඕන නිසානේ යුද්ද කලේ. අනික අපේ හමුදාවල අයයි ඔය කිසිවකට සම්බන්ඳ නැති අපේ අහිංසක මිනිස්සු කොපමණ අතුරු දහන් වුනාද ?
HafeelMonday, 25 February 2019 07:30 AM
එ්කනේ... යුද්ධය කියන්නේ විනාශය තමයි. කොටිත් දෙමළ, සිංහල, මුස්ලිම් කතෝලික දාස් ගණන් පැහැරගැන ගිහින්, වද හිංසා දීලා, බලහත්කාරයෙන් ලේ අරන් ඝාතනය කළා. ප්‍රභාකරන්ට විරුද්ධ මත දරපු ඔවුන්ගේ නායකලා වන මහත්තය, යෝහි අදටත් තොරතුරු නැහැ. නමුත් අපේ දේශපාලකයන්ට මේවා පැහැදිලි කරලා කියන්න පණ නැහැනේ.
Banda Monday, 25 February 2019 05:35 AM
අතුරුදන් වූවන් විසින් විසඳුම් ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහයන්ට????????----- මේක මරුනේ
theshan Monday, 25 February 2019 05:48 AM
රාජ්‍ය ආයතන සහ පාසල් වහන්නේ කොහොමද? කාගේ බලයක් ඇතුවද? මේවා වහාම සොයා බැලිය යුතුයි.
Arsad Monday, 25 February 2019 06:23 AM
පාර්ලිමේන්තුවේ ඉන්න දෙමල කොටිහිතවාදී මැති ඇමති ලගේ උවමනාව මිස දෙමල ජනතව ගේ උවමනාවන් නොවේ. අපි ගියා යාපනයේ, ඒ අය කතා කලහම් හැමෝගෙම මතය උනදෙවල් වල ට LTTE එක වගකියුතු අතර අද අපි සතුටෙන් කරදරයක් නැතුව නිදහසේ ජීවත් වෙනවා. අදත් හමුදාව අපිව ආරක්ෂා කරනවා.
ලුම්බිණි Monday, 25 February 2019 06:46 AM
අතුරුදන් වූවන් වෙනුවෙන් රජය මෙතෙක් කරපු දෙයක් නැහැ කියලා තමයි මමත් හිතන්නේ...
BamunuarachchiMonday, 25 February 2019 10:33 AM
මේ රජය මොනවා කරන්නද? රටේ යුද්දයක් තිබුන බවවත් මේගොල්ලෝ දැනගෙන සිටියේ නැහැ. තෙල් මිල නැග්ගාද රුපියල බාල වුනාද ආර්ථිකය කඩා වැටුණාද නැහැ ඉතින් මේගොල්ලෝ කොහොමද රටේ යුද්දයක් තිබුන බව දන්නේ. මේගොල්ලෝ හිතුවා දැන් මහින්දගේ කාලේ එයත් යුද්දය වවාගෙන කාලා අපිට කන්න ඉතිරි කර දේවී කියලා. ඉතින් අතුරුදන් වුවන් කියලා ජාතියක් ගැන මේගොල්ලෝ දන්නේ නැත.
මංජුල බිරැට් Monday, 25 February 2019 06:49 AM
යුද්ධය කාලයේදි මියගියා කියලා මරණ සහතික දිලා දැම්ම නම් ඉවරනේ... හැමදාම වහලා තිබ්බත් අපට මොකද?
de silva berlin Monday, 25 February 2019 08:41 AM
අතුරුදහන් වුණා කියන මනුෂ්‍යයෝ දහස් ගණනක් යුරෝපේ වෙනත් නම් වලින් ජීවත්වෙනවා. සමහරු වෙනත් නම් වලින් හොර උප්පැන්න පවා සකසාගෙන එම රටවල් පුරවැසිභාවය පවා ලබාගෙන එහෙ ජීවත්වෙනවා. ලංකාවට යනවා එනවා 80% හොරකම් සිදුවෙන්නේ එහේ.. තානාපති කාර්යල සහ ලංකාවේ ආගමන විගමන නිලධාරීන් දැනුවත්ව, අල්ලස් ගන්න නිලධාරීන් ඉන්නකම් මේ රට හදන්න බැහැ. විශේෂ අධිකරණ 10 හෝ ඇතිකරලා නඩු ඉක්මණට අහලා මේ අල්ලස් ප්‍රශ්නය විසඳුවොත් ලංකාවේ ආර්ථිකය ලබන අවුරුදු කිහිපය තුළ 5% වැඩි වර්ධනයක් පෙන්නුම් කරාවි...
Chinthaka Monday, 25 February 2019 08:52 AM
එතකොට හමුදා සොල්දාදුවන් අතුරුදහන් වුනේ නැද්ද?
BamunuarachchiMonday, 25 February 2019 11:28 AM
සොල්දාදුවන් හෙවත් අපේ හමුදාව අතුරුදන් කළා. ත්‍රස්තයින් හෙවත් දෙමළ හමුදාව අතුරුදන් වුනා වෙන රටවල් වලට... එ්කයි වෙනස...
Bamunuarachchi Monday, 25 February 2019 10:22 AM
ඇයි දැන් ඒ ගොල්ලෝ ඉන්න රටවලින් ලියුම් සල්ලි එවන්නේ නැද්ද? අපි නම් එහෙම කළා. ඉතිරිටික පසුව ලියන්නම්.