ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන විහාරයේ දායකයන්ගේ සහභාගීත්වයෙන් 2013 ශ්‍රී ලංකා නිදහස් දිනය සැමරීම සඳහා නිදහසේ අරුත නමින් සංස්කෘතික වැඩසටහනට සංවිධානය කැරිණි. ශ්‍රී ලංකාව දිනාගත් නිදහසේ අගය සිහිපත් කිරීම මෙම වැඩසටහනේ පරමාර්ථය බව අතුල දස්සන විහාරස්ථානය කියයි. නව වසරට සුභ පැතීම වෙනුවෙන්ද පින්කමක් පැවැත්විණි. විහාරාධිපති වඳුරඹ කස්සප හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති එම පින්කමට ලාංකිකයෝ රැුසක්ම ආහ.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීදුමෙන් පිරිසිදු රන් මෙන් බබලන අපේ බුදුන් හා සමකල හැක්කේ අන් කවරක්ද ?? (ස)
හැමටම බුදු සරණ ලැබේවා ඔය කලිසම් කෝට් වෙනුවට බෞද්ධයට ගැලෙපන ඇදුම් ඇන්ද නම් තව කොච්චර හොදද ? මේක ආගමික වැඩක් කියල අමතක උනාද මන්ද (ස)
මහත්තයෝ ඔය පන්සල තියෙන්නෙ එංගලන්තයේ . ඉතින් ඔය පුංචි මොළයට එන්නේ නැද්ද එහේ තියන උෂ්ණත්වය හොදටම අඩුයි වෙලා කියලා . ලියන්නට පෙර සිතන්න පුරුදුවෙන්න (ස)
සමන්, මමත් දැන් ගොඩක් කල් ඉදන් යුරෝපයේ ඉන්නේ. අවශ්‍ය තරමට මෙහේ සුදු කෝට් තියෙනවා. පන්සල් ඇදගෙන යන්න ඇදුමක් ගන්න තරම් හැගීමක් ඇති වෙන්නේ කීයෙන් කී දෙනාටද ? වෙන දේවල්වලට මොනතරම් වියදම් කරනවද ? (නි)
නුවණැති අපි කල යුත්තේ පින අනුමෝදන් කිරීමය (ස)
ඔය යුරෝපයේම තියෙන මහමෙව්නා මධ්‍යස්ථානවල පින්කම් වලට සහභාගී වන අය වුවමනාවෙන්ම සුදු ඇඳුම් අඳින බව අප පින්තුරවලින් දැක තියෙනවා. මම හිතන්නේ එංගලන්තයේ බොහෝ ශ්‍රී ලාංකික විහාරස්ථාන වලට වැඩිවශයෙන්ම යන්නේ එන්නේත් අවශ්‍ය දෛනික වැඩකටයුතු වලට සහාය වන්නේත් දාන මාන කටයුතුවලට උදව් වන්නේත් මැදපෙරදිග සහ ඉතාලිය වගේ රටවල ඉඳලා එංගලන්තයට පැමිණ අමාරුවෙන් ජීවත්වන අයයි. එවැන්නන්ගේ බාහිර පෙනුමෙන් සහ කතාබහෙන් මේ බව හොඳට දැනගත හැකියි. මේ අය විහාරස්ථාන වලට නිතර යන එන එකට තවත් හේතුවක් තමා එමගින් හුදකලා බව සහ කාන්සිය මගහරවා ගැනීමට අවස්ථාවක් ලැබීම. ඉංග්‍රීසි කතාකරන ඉහළ පැලැන්තියේ යැයි සිතන උදවිය යන එන පන්සල් තියෙන්නේ දෙක තුනයි. ඔය හීත්රෝ පන්සලේ දායකකාරකාදීන් සියල්ලම වාගේ අර මුලින්කී කොටසට අයත් බවයි පෙනෙන්නේ. එහි ඇති වරදක් නම් දැකිය හැකි නැහැ. (නි)
සුසිල් මහත්තයෝ, මොනතරම් කල් හිටියත් ඔවුන් කරලා තියෙන්නේ ඉතා හොඳ දෙයක්. බැරිද මිලානෝ වලින් සුදු කෝට් ටිකක් ලන්ඩන් වලට යවන්න? (නි)