මාධ්‍ය ආයතන අඩු මිලට ගත් විදේශීය ටෙලි නිර්මාණ විකාශය කිරීමෙන් ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය හින්දිකරණයේ සහ කොරියන්කරණයේ ආක්‍රමණයට ලක්ව ඇති බවත් කලාකරුවන් කුලීකරුවන් වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වෙරිටේ රිසර්ච් ආයතනය සංවිධානය කළ කලා ක්ෂේත්‍රයේ අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව පැවසීය.
කලාවේ අරමුණු පසෙකලා ලාභ ඉපයීම පමණක් ඉලක්ක කරගත් ක්ෂේත්‍රයක්, කර්මාන්තයක් බවට ටෙලි නාට්‍ය පත්වී ඇති බවත් ටෙලි නාට්‍යයක එක් කොටසක් වෙනුවෙන් මාධ්‍ය ගෙවන මිල අතිශයින් අවමවීම හේතුවෙන් දක්ෂ නිර්මාණ ශිල්පීන් ක්ෂේත්‍රයෙන් ඉවත් වන බවත් ඒ නිසා ක්ෂේත්‍රයේ විශාල කඩාවැටීමක් ඇතිවී ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අවර ගණයේ විදේශීය නිර්මාණ අඩුමිලට ගෙන ඒ හරහා ජනමාධ්‍ය පළමු ඉපයීම සිදුකරන බවත් ඒ හරහා ප්‍රවර්ධනය වන ඉන්දියා සාරිය, සෙරෙප්පුව, මාලය, වළල්ල විකුණන වෙළෙන්දා දෙවැනි ඉපැයීම සිදුකරන බවත් ආක්‍රමණකාරී ටෙලි වසංගතය ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නංවා ඇති බවත් එම සාකච්ඡාවට එක්වූ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ මහතා පැවසීය.
සාකච්ඡාව සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ලලිත කලා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතුල සමරකෝන් හා ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ ලේකම් සුරේෂ් අබේසේකර යන අයද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව සම්පූර්ණ ඇත්ත. අද විද්‍යුත් නාලිකාවල දාන වෙළඳ දැන්වීම් වලින් 99%ක්ම හින්දි නලු බට්ටො බට්ටියො ඉන්න ඒවා. අපේ රටේ සුපිරි සිංහල නලුවො ඉන්නෙ වැසකිළි වළවල් සෝදන හැටි කියලාදෙන දැන්වීම් වල. අපෙ අයටත් සල්ලි දෙනවා නම් ඕනෑම වැඩක් කරාවි. (නි)
කලාකරුවා රටට හා ජනතාවට ආදර්ශමත් විය යුතුය ඔවුන් විසින් ලබා දෙන පණිවිඩය අර්ථවත් විය යුතුය නමුත් අද ඉන්න අයගේ ක්‍රියා කලාපයන් දෙස බැලුවිට මේ අයට කුලීකරුවන් කියා කීම කුලීකරුවන්ට කරන නින්දාවකි (ම)
විදේශීය ටෙලිනාට්‍ය වලට ලොකු බද්දක් පැනවිය යුතුයි. (නි)
කෝනාරට තව ටිකක් එකතු කරන්නම්. කලාකාරයෝ, දේශපාලකයෝ, ව්‍යාපාරිකයෝ සහ ක්‍රීඩකයෝ තමයි අද සැපට ජීවත්වෙන්නේ (නි)
ඉන්දියාවේ ඒවා නැවැත්තුවොත් සංහිඳියාවට බාධාවෙයිද දන්නෙ නැහැනේ (නි)
මුළු රටම ඉන්දියාවේ කුලිකාරයන් වන දිනය ළඟයි (නි)
කලාකාරයෝ විතරක් නොවේ දැන් කුලියට වැඩකරන්නේ (නි)
ඔබල මේ ගැන හොද වැඩ පිළිවලක් පටන්ගන්න (ම)
මුදල් දේවත්වයෙන් සළකලා මුදල් පස්සේ හඹායන සමාජයක කලාව, දේශපාලනය විතරක් නෙමෙයි හැමදේම කඩාවැටෙනවා. එ්කට එකතැනකට විතරක් ඇඟිල්ල දික් කරන්න බැහැ. (නි)
මෙවැනි විදේශ වලින් ආනයනය කරන ටෙලි නාට්‍ය තහනම් කරන්න නීති උවමනා නැහැ. ප්‍රේක්ෂකයින්ට පුළුවන් මේවා නොබලා ප්‍රතික්ෂේප කරන්න. ඒ විතරක් නොවෙයි අපේ රටේ හදන ඇතැම් ටෙලි නාට්‍ය වලටත් යම්කිසි වටිනාකමක් තිබීම වැදගත්. සමහර කතා ඔක්කොම එක වගේ. හරසුන් කතා (නි)
කුලීකාරයින්ගෙන් තමයිලු ලෝකයේ කර්මාන්ත බිහිවුණේ. (නි)
කලා කාරයෝ විතරක් නෙවේ ඔබතුමාගේ පක්ෂේ සමහර දේශපාලකයොත් පාලකයන්ගේ කුලී කාරයෝ වෙලා කියලයි අපිටනම් හිතෙන්නේ (බ)
කුලීකරුවන් වුණත් අපිට වඩා සල්ලි තියෙන බව නම් පේනවා. එක එක වැඩසටහන් වලට ඒ අයගෙ ගෙවල් වලටත් යනවනේ. ඒවා දැක්කම නම් එහෙම බවක් පේන්න නැහැ. (නි)
අවුරුදු 18-20 කලාකරුවන්ටත් සැප වාහන, ලොකු ගෙවල්, අඳින්නේ සුපිරි විදියට. ඒ නිසා සල්ලි නැහැ කියන්න බැහැ. අද වැඩියෙන්ම සැපට ජීවත්වෙන්නේ දේශපාලඥයොයි, කලාකරුවොයි කියලා තමයි පේන්නේ. (නි)
ඔබ මොනවා කිවුවත් අපිට ඉන්දියානු සහ ඔබලාගේ ටෙලි කතා කිසිම හරයක් නැති ඒවා (නි)
අසු ගණන්වල ඔබතුමාලා කොහේද හිටියේ? (නි)
ගොඩක් දෙනා ආණ්ඩුවට කුලියට කඩේ යන අය තමයි (නි)
සමන්ලගේ දේශපාලනය කළොත් විතරද කුලීකාරයෝ නොවෙන්නේ? ඒවා කරන අය කොමිස්කාරයෝ, පගාකාරයෝ, වන්දිබට්ටයෝ වෙනවනේ! (නි)
මේකත් අනෙක් දේවල් වගේ හොඳටම අවුල්. ඔක්කොටම කලින් දේශපාලන අන්ධභක්තිය තුරන් කළයුතුය. නැත්නම් මේ සමන් වගේ දෙකොන මාරුවුණ අය තමා ඡන්දදායකයෝ වෙලා ඉන්නේ. (නි)
වසර ගණනක් තිස්සේ ලාංකික මාධ්‍ය හා කලාව ඉන්දියානුකරණය වෙමින් පැවතීම අතිශය කණගාටුවට කරුණකි. මේ පිළිබඳ ප්‍රභල ජනමතයක් ගොඩ නැඟිය යුතු වුවද, එය අප අතරේම ඇති අසමගිය නිසාම යටපත්වීම කාට නැතත් ඉන්දියානුවන්ට අතිශය වාසිසහගතය. යහපත් හෝ වටිනා දෙයක් ලාංකික ප්‍රේක්ෂකයාට ලබාදී ඔවුන් මතු වනවා නම් එයද ගැටළුවක් නොවේ. නමුත් අතිශය අවර ගණයේ බාල නිර්මාණ තුළින් උසස් බුද්ධිමත් ලාංකික රසිකයාගේ විචාරශීලී බුද්ධිමත් රසවින්දනය කලක් තිස්සේ මොට කරමින් පැවතීම නවත්වන්නට තවම පමා නැත. (නි)
විවේචනය නම් අපිටත් තියෙනවා. ඒත් විසඳුම මොකක්ද? කලාකරුවන්ට ගෙවන ගණන් වැඩි කළා කියල ප්‍රශ්නෙ විසඳෙයිද? ලෙස්ටර් මහත්තයල හොඳ නිර්මාණ කළේ මහා ගෙවීමක් කරපු යුගයක නෙමෙයිනේ. (බ)