IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


අද තරුණියන්ගෙ කුමාරයා "සංකේත්"

සංකේත් අභිලාෂ් වික්‍රමගේ ගැන අද බොහෝ දෙනා කතා වෙන්නේ ‍"සිහින පියාපත්" (ස්වාධීන රෑපවාහිනිය) ‍"මලී" (දෙරණ) සහ ‍"භාර්යාවෝ" (සිරස නාලිකාව) රඟපාන චරිත නිසායග මේ නිසාම තාරුණ්‍යයේ නළුවන් අතර සිටින අද වඩාත් කතා බහට ලක්වෙන චරිතයක් ලෙස සංකේත් නම් කරන්න පුළුවනි. ආනන්ද වික්‍රමගේ - මානෙල් වානගුරු යුවළගේ බාල පුතු වන සංකේත්ගේ අයියා ජනිත් වික්‍රමගේ බව ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ පවුලේ හැඩකාරයා වන සංකේත් සමග අපි කතා බහට එක්වෙමු. සංකේත් අද දවස කොහොමද? අවුරුදු දවස්වල පවුලේ අය එක්ක සෑහෙන කාලයකට පසුව එකට ඉන්න ලැබුණා. ඒ නිසා හරිම සතුටුයි. අපි හතර දෙනාම කාර්යබහුලයි. වෙලාවකට හිතෙන්නේ හැමදාම අවුරැදු එනවා නම් හොඳයි කියලයිග අපි ගෙදර ඉන්න මොහොතේ අම්මා අපට කෑම හදලා දෙනවා. අම්මගෙ ලොකුම සතුට තාත්තටයි අයියටයි මටයි ඉතා රසට කෑම හදලා දෙන එකයි.   හතරදෙනාම රඟපෑම් කිරීම ගැන හිතන්නේ කොහොමද? හොඳ දෙයක්. පවුලම එකම කාර්යයක නිරතවීම. එක අතකට භාග්‍යයක්. ඒත් එක්තරා අවස්ථාවක අයියටයි - මටයි චෝදනාවක් තිබුණා අම්මා - තාත්තා නිසා අපි කලාවට ආවා කියන එක. ඒක ඇත්තටම වාසනාවක්. ඒත් වාසනාව විතරක් මදි. දක්ෂතාවයක් තිබෙන්න ඕනෑ.   දෙමාපියන්ට අවශ්‍ය වුණේ නැද්ද ඔය දෙන්නා වෙනත් ක්ෂේත්‍රයකට යොමු කරවන්න? අපට කවදාවක් බල කළේ නැහැ. නිතරම ක්ෂේත්‍රයේ හොඳ නරක කියා දුන්නා. ඒ අතරේ අපට කැමති මාර්ගය සොයා යන්න ඉඩ දුන්නා.   ඔය හතර දෙනාගෙන් රඟපෑම සඳහා වැඩිපුරම අය කරන්නෙ කවුද? කතා දෙකක් නැහැ. ඒ තාත්තා. එයාගෙ දක්ෂතාවයට තවම අපට කිට්ටු කරන්නවත් බැහැ. මම අපේ තාත්තා නිසා කියනවා නෙවෙයි. අපේ තාත්තාට තරම් විවිධ චරිත රඟපෑමේ දක්ෂතාවය ඇති කෙනෙක් මම අපේ කාලයේදී දැකලා නැහැ. තාත්තගෙ ඒ දක්ෂතාවයට මම ඉහළින්ම ගරු කරනවා.   කවුද වැඩිපුර ආඩම්බර? අපි කවුරුත් ආඩම්බර නැහැ. අම්මයි - තාත්තයි සමාජයට බෙහෙවින් ගරු කරන අයග අපි යටහත් - පහත්ව ඉන්න ඕනෑ කියන දේ නිතර අපට කියා දුන්නාග ඒ දෙන්නා නොසැලී මහා පර්වත මෙන් මේ දක්වා කටයුතු කරන්නෙ. ඒ සමාජ ගරුත්වය නිසයි. එය නිරන්තරයෙන්ම අපට ආ දෙයක්.   ඇත්ත කියන්න ගැහැනු ළමුන්ගේ වැඩිපුර ආකර්ෂණය ඔයාටද? අයියටද? අයියට වෙන්න ඇති.   ඔය ඇත්තද කියන්නේ? මම හිතන්නේ ප්‍රේක්ෂකයින් අපේ පවුලේ වැඩිපුරම ආදරේ අපේ තාත්තටයි.   ඔබට සිංදු කියන්නත් පුළුවන් නේද? බැරිකමක් නැහැ.   අයියා සහ ඔබට මොනවද අත්හරින්න බැරි පුරුදු? අපේ අයියා සල්මන් ඛාන්ට බොහෝම ප්‍රියයි. ඔහුට විරුද්ධව අපි කතා කළොත් එහෙම ඔහු වහාම පෙනී සිටිනවා. ඔන්න ඔය පුරුද්ද අත් හැරියොත් හොඳයි කියලා තමයි මගෙ හිත කියන්නේ. (හිනා)   රඟපෑමේදී පෙම්වතියගේ චරිතය සඳහා අයියට වඩාත් ගැළපෙන චරිතය ලෙස ඔබ තෝරන්නේ? බොහෝ අය සුදුසුයිග ඒ අතරින් නෙහාරා වඩාත් ගැළපෙන බව මගේ හැඟීමයි.   තාත්තගෙ නරකම පුරැද්ද මොකක්ද? ඇත්තටම අපේ තාත්තාගෙ නරක පුරුද්දක් නැහැ. හරිම හොඳ කෙනෙක්. මොනතරම් කාර්යබහුල වුණත්, තාත්තා නින්දට යන්න පෙර මොනවා හරි කියලා අපව සතුටු කරවනවා.   ඔබ කවුද? මොනවගේද කියලා කිව්වොත්? වැඩක් හරියට කරන්න උත්සාහ ගන්න කෙනෙක්. අවබෝධයෙන් වැඩ කරමින් ගෞරවය රුකගන්න කැමති කෙනෙක්.   කවුද ඔබගේ මිතුරිය (රඟපෑමේදී) මේ දිනවල රඟපෑමේදී ශලනිල සමාධි අරුණිඡායා සහ කාංචනා අක්කා විශේෂිත සහයෝගයක් දක්වනවා.   මේ තුන්දෙනාගෙන් පෙම්වතිය ලෙස යෝජනාවක් ආවොත්ල ඔබ කවුදු භාරගන්නේ? අම්මේ...... මම තවම නිදහස් කුරුල්ලෙක්. රඟපෑමේදී වගේම සාමාන්‍ය ජීවිතයේදී මේ කවුරුත් ඉතා හොඳ යෙහෙළියන්.   ඔබගේ හිතේ ඇඳුණු රුව මොන වගේද? ගොඩක් සරල ආඩම්බර නැති, ලංකාවේ ගතියට ගැළපෙන විදියට ජීවත්වන කෙනෙකුට තමයි කැමති. එයාගෙ වත් පොහොසත්කම් මම අගයන්නෙ නැහැ.   ඉදිරි ජීවිතය ගැන හිතන්නේ කොහොමද? විවිධාංග චරිත රඟපාන ශිල්පියකු ලෙස කටයුතු කරන්න ආසයි. සල්ලිකාර පවුලක චරිතයකට වඩා ගැමි දුප්පත් ස්වරුපය රුගත් චරිත රඟපාන්න කැමතියි.

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

අද තරුණියන්ගෙ කුමාරයා "සංකේත්"

කාරියවසම් Monday, 30 April 2012 02:35 PM

කවදාහරි සංකේත් තාත්තට වැඩිය ජනප්‍රිය වෙයි. මගේ සුභ පැතුම්!

:       0       0

බ්‍රාවෝ Sunday, 13 May 2012 06:22 AM

ඇස්වහ කටවහ වලින් බේරෙන්න බලන්න.

:       0       0

බ්‍රාවෝ Sunday, 13 May 2012 06:22 AM

ඇස්වහ කටවහ වලින් බේරෙන්න බලන්න...

:       0       0

දූවේ සුරා Friday, 04 May 2012 03:05 PM

අළුත් අය විෙව්චනය කරනවාට වඩා අළුත් අයෙග් දක්ෂතාවය කුහකකමක් නැතුව අගය කරන්න අවශ්‍ය බව තමයි මගේ අදහස.

:       0       0

දුමී Wednesday, 25 April 2012 12:23 PM

ගාමිණි ෆොන්සේකා, විජය කුමාරතුංග වගේ නළුවෝ දිහා බැලුවම අද කාගේ නළුවෝ ප්‍රසිද්ධ වෙන්න යන්නේ ඇදුමෙනුයි, කොන්ඩේ ස්ටයිල් එකෙනුයි

:       0       0

නිලූ Thursday, 17 May 2012 02:17 PM

හොඳයි ඉතින් ටිකක්....

:       0       0

මාතර මල්ලි Wednesday, 02 May 2012 12:40 AM

නිකම් කරන්ට් එක වැදිලා වගේනේ

:       0       0

ඒ.පිටිගල Wednesday, 25 April 2012 02:54 PM

ඇයි ඉතින් අද කාලේ විතරක් ඒ කලෙත් එහෙම තමා. නළු නිලියෝ උනාම ඕව ඔහොම තමා,

:       0       0

අජන්ත Thursday, 17 May 2012 08:05 AM

ඔයා මාරයි.

:       0       0

කෞශල්‍යා Tuesday, 01 May 2012 10:59 AM

මොනවද සංකේත්ට තියෙන සුදුසුකම්?

:       0       0

රසාදරී Sunday, 06 May 2012 05:14 AM

කොහේ හරි කෙනෙක් මතු වෙනවා එක එක කාලෙට. කෙල්ලෝ මොඩ නෑ මෙයාලට වහ වැටෙන්න තරම්...

:       0       0

නාමල් Thursday, 03 May 2012 12:44 PM

කතා නොකර ඉන්නකම් ඔක්කොම හොදයි

:       0       0

ඉර්ෆාන් Tuesday, 15 May 2012 08:35 AM

ඔහු විලාසිතා අතර රජෙක්.සුබ පැතුම්!

:       0       0

ඉර්ෆාන් Tuesday, 15 May 2012 08:37 AM

කාලේ හැටියට ගැළපෙන නළුවෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 226 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 825 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 562 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


අමාත්‍ය බිමල් - පලස්තීන තානාපති අතර විශේෂ හමුවක්
2025 අප්‍රේල් මස 28 231 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය


කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
2025 අප්‍රේල් මස 28 850 0

කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය


අකුණු සැර වැදී කතක් මරුට
2025 අප්‍රේල් මස 28 199 0

අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1014 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site