IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


අධි ආරක්ෂිත කලාප ගැසට්ටුව අවලංගු කරයි

 

(අංජුල මහික වීරරත්න)

කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය අවලංගු කර ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කරමින් මීට පෙර ජනාධිපතිවරයා විසින්  ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණි.

පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශය,ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය,කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය,නීතිපති දෙපාර්තමේන්තුව,ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය,නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය,අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශය  හා යුද හමුදා මූලස්ථානය,කොම්පඤ්ඤ වීදිය ගුවන් හමුදා මූලස්ථානය,මල්පාර අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය,කොල්ලුපිටිය අරලියගහ මන්දිරය,ආරක්ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස ප්‍රදේශ,අධි ආරක්ෂිත ප්‍රදේශ  ලෙස එම ගැසට් නිවේදනයෙන් නම් කර තිබිණි.



අදහස් (22)

අධි ආරක්ෂිත කලාප ගැසට්ටුව අවලංගු කරයි

Nandalal DE SILVA - FRANCE Saturday, 01 October 2022 10:22 PM

ගෝඨා බයේ වගේ රනිලුත් රිවර්ස් ගියර් එක පාවිච්චි කරනවා වගේ. පරිස්සමෙන් රිවර්ස් කරන්න...!

:       0       0

ජගත් ලියනගේ Saturday, 01 October 2022 10:27 PM

රටක පාලකයෙක් වුණාම තීන්දු තීරණ ගන්න කොට මීට වඩා දුර දිග කල්පනාවෙන් කළ යුතුයි...

:       0       0

chandima Saturday, 01 October 2022 11:59 PM

රට ඉන්න ටිකේ ගෝලයෝ පුටුවෙ වාඩිවෙයි කියලා නේද ඕක දැම්මේ. බය වෙන්න එපා දැන් ඉතුරු වෙලා තියෙන්නේ හපේ විතරයි. කොහෙවත් යන මෝඩියෙක් පරණ පවකට කරගැහුවොත් මිසක් දන්න කියන මොලේ තියන කෙනෙක් ඕකෙ වාඩි වෙන්නේ නැහැ දැන්.

:       1       86

chandima Sunday, 02 October 2022 12:15 AM

මේක හරියට පරණ බිල්ඩිමකට තීන්ත ටිකක් ගාලා විවෘත කරනව වගේ වැඩක් නේ. තමන්ම නීතියක් දාලා තමන්ම ඒක වත් කරලා පත්තරේ පොටෝ එක දාගන්නව.

:       1       52

Perera Sunday, 02 October 2022 12:18 AM

මෙයාගේ අනෙත් වැඩත් ඔහොම තමා.

:       3       32

Kumar (Gulf) Sunday, 02 October 2022 12:27 AM

Mr. Gazette reverse No 2.

:       1       33

chandima Sunday, 02 October 2022 02:21 AM

දැන් ඔය සංදර්ශන හුඟක් පරණයිනේ... ඒ ඉස්සර තමයි ඔයවගේ ඇස් බැන්ඳුම් බලලා හුරේ දාලා ගිහින් කතිරෙ ගැහැව්වේ... කරුමෙට දැන් කොණ්ඩෙ බැඳපු චීන්නුත් නැහැ.

:       0       1

E m wijeyekoon Sunday, 02 October 2022 04:34 AM

Downfall of the government will start from hear but it is good that this gazette was reversed as a Democratic country.

:       2       23

Sam Sunday, 02 October 2022 05:07 AM

It has been a habit of presidents, to keep cancelling their own Gazzet notifications. Keep going.

:       0       23

C.K.Lankaputhra. Sunday, 02 October 2022 06:09 AM

ලැජ්ජයි සර් ලැජ්ජයි. හිටපු ජනාධිපතිත් ගොන් ගැසට් ගහල එයාම ඒවා ගොන් බව තේරුනාම අකුලාගත්තා.

:       2       29

GothayyahSunday, 02 October 2022 08:09 AM

ගෝඨාභය ජනාධිපති කලෙත් පොහොට්ටුවෙ නායකයාට ඕන විදියට අත් හදබැලීම් පමණයි. සැලසුමක් ඇතුව තීරණ ගැනීමට දක්ෂ කෙනෙක් මෙහෙම වුනාම කාට කියන්නද..ජනාධිපතිතුමා ඉන්න උපදේශකයන් ගෝඨාභය උන්නැහේගේ අයනම් ඉතාමත් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. පොහොට්ටුවො දැන් ආයෙමත් සුපුරුදු ක්‍රියාකාරකම් පටන්ගෙන තියෙනවා කියලා කැළණියේ මැටි ඇමතිගේ කොලුවගෙ වැඩෙන් පැහැදිලියි. ප්‍රවේශම් වෙන්න

:       0       22

සන්ක Sunday, 02 October 2022 09:56 AM

සද්දන්ත UNP පක්ෂය මෙයා අද වෙනකොට පොලොවට සමතලා කරලා යන එනමන් නැති කරලා තියෙන්නේ. ඉතින් රට ගොඩගන්න එක ගැන කුමන කතාද? රට වලපල්ලටම යවලා තමයි රාජපක්ෂ රෙජීමය වගේම මෙයත් ගෙදර යන්නේ. හැබැයි රටේ දරුණු දැඩි අහේනිය නිසා සමස්ත ජනතාවගේම අරගලය පේනමානයේම එන බවයි පෙනෙන්නේ...!

:       0       3

Vithana Sunday, 02 October 2022 07:24 AM

නීති විරෝධීව රංචු ගැහිලා රජයේ දේපළ හෝ පොදු දේපළ විනාශ කරන්නන්ට එරෙහිව කටයුතු කරන්න පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට බලය තියෙනවා. ඒකට අධි ආරක්ෂක කලාප වෙන් කරන්න ඕනා නෑ.

:       16       18

AkilaSunday, 02 October 2022 08:20 AM

පොදු දේපල හොරකන අයට මොකුත් ම කරන්න ඔය ත්‍රිවිද හමුදාවේ අයට බලයක් නැත්ද ? මාර ප්‍රජාතන්ත්‍ර වදයක් තමයි ලනක්වේ තියෙන්නේ නේද ?

:       3       29

Rasika Sunday, 02 October 2022 10:28 AM

හැම රටේම මෙහෙම තමයි. එංගලන්තයේ ජනතා විරෝධතා මීඩියාවල පෙන්වන්නේවත් නැත...

:       3       0

Sunil Sunday, 02 October 2022 10:44 AM

ගෝඨාභයට වැඩිය හපන්...!

:       0       2

Kumara Sunday, 02 October 2022 12:02 PM

සමනල දඩයම.

:       0       2

Surain Sunday, 02 October 2022 01:23 PM

අවලංගු වෙච්ච කාසියක් තවමත් භාවිතා කරන රටක්.. ! දැන් කාලේ ඇවිල්ලා යන්න.

:       0       3

විපරමා Sunday, 02 October 2022 01:53 PM

අධි ආරක්ෂිත කලාප ඇතුලේ රාජපක්ෂ ආණ්ඩුව මාධ්‍යවේදීන් පවා ඝාතනය කෙරෙව්වා. බලාගෙන ගියාම රනිලුත් ඊට දෙවෙනි නැහැ. ත්‍රස්තවාදීන්ට වැඩිය අන්තයි...

:       0       3

Gotano2 Sunday, 02 October 2022 02:43 PM

වගකීමකින් වැඩක් කරන කෙනෙක් අපිට කවදා ලැබෙයිද? අනිත් වැඩගැන කවර කතාද? උපදේශකයින් ඉන්නේ මොකටද? ඔවුන්ටවත් තේරෙන්නේ නැද්ද මේ වගේ ගොන්වැඩ නොකරන්න උපදෙස් දෙන්න. ගෝඨාභය මහත්තයාගේ උපදේශකයින්ද මන්දා තවම ඉන්නේ...? මේ රටේ මිනිස්සු විහිළුවකට අරගෙන දැන්...!

:       0       3

Bunny Preena Monday, 03 October 2022 09:01 AM

ලංකාවේ තියෙන්නේ අති සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක්නේ...?

:       0       2

ගමේ එකාලා Monday, 03 October 2022 01:33 PM

පින් ජනපති ගැසට් ගැහිල්ලයි, අකුලා ගැනිල්ලයි, මළ ගෙවල්වල යාමයි හැරුණාම හරියට කරපු වැඩක් නැහැ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’
2025 අප්‍රේල් මස 23 60 0

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 අප්‍රේල් මස 23 471 0

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 137 0

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි
2025 අප්‍රේල් මස 23 197 0

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.


ට්‍රම්ප්ගේ වැඩ නිසා වැඩියෙන්ම සතුටු වෙන්නේ විපක්ෂය
2025 අප්‍රේල් මස 23 359 1

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසාන


ෆාමසි ගැටලු සෙවූ කමිටු වාර්තාව සුව ඇමතිට
2025 අප්‍රේල් මස 23 205 0

මෙරට පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වල (ෆාමසි) ඖෂධවේදීන්ගේ හිඟය ඇතුළු පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වලට වර්තමානයේ මුහුණ දීමට සිදු වී ඇති ගැටළු රාශියකට විසඳුම් සෙවී


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 633 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 320 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 470 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site