IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අධික වේගයට නොවරදින බේතක්

පෝලන්තයේ ලූබ්සියානා නගර පොලිසියට ලැබුණු නිර්නාමික දුරකථන පණිවිඩයක් පසුපස හඹා ගිය පොලිසිය මීටර් හයක් උඩ ගසක් මුදුනේ රඳවා තිබූ මෝටර් රථයක් සොයා ගත්තේය. පොලිසිය දොඹකරයක් ආධාරයෙන් මෝටර් රථය බිමට ගෙන පරීක්ෂණ ඇරැඹීය. පෝර්ඞ් එස්කෝට් මෝටර් රථය ලූබ්සියානා නගරයේ ජීවත්වන 24 හැවිරිදි තරුණයකුගේය. දිනපතා ඔහු අධික වේගයෙන් අපරික්ෂාකාරීව රිය පැදවීමට විරෝධය පළකළ නගරවාසීන් පිරිසක් නිවස ඉදිරිපිට නවතා තිබූ රිය දොඹකරයක් මගින් ගස උඩ රඳවා ඇත. ලූබ්සියානා නගරයේ පුවත්පත් පවසනුයේ මෙම සිදුවීමත් සමග එම තරුණයා නීතිගරුක රියදුරකු වීමට පොරොන්දු වූ වගයි.  



අදහස් (0)

අධික වේගයට නොවරදින බේතක්

පුෂ්පා Monday, 14 May 2012 06:00 PM

අපි කුඩා කාලෙ කියවපු කතාවක මීයෙක් කියනවා "සීනුව නම් තියෙනවා. කවුද බලලගෙ කරේ එල්ලන්නේ" කියල

:       0       0

අසන්ක Friday, 11 May 2012 08:37 PM

ඔය හදන්නේ ඉතුරු පොල් ගස් ටිකත් ඉවර කරන්න තමයි

:       0       0

අමිල Friday, 11 May 2012 12:12 PM

ළකුණු දෙනවට වඩා ලංකාවටත් මේ ක්‍රමය හොදයි

:       0       0

කීර්ති Friday, 11 May 2012 12:16 PM

ලංකාවෙත් මෙහෙම කළොත් වාහන අනතුරු වළක්ව ගන්න පුළුවන්

:       0       0

ප්‍රශාන්ත Saturday, 12 May 2012 08:15 AM

ලංකාවෙ නම් ගස් මදිවෙයි

:       0       0

චාමර Friday, 11 May 2012 12:43 PM

නියම වැඩක්

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 12 May 2012 08:32 AM

ලංකාවේ තරම් අධික සුඛෝපභෝගී වාහන භාවිතා කරන රටක් තවත් නැති තරමට වාහන භාවිතය අධිකයි. පිටරටක අධික වේගයට මේ වගේ දඬුවමක් මිනිස්සු එකතුවෙලා ලබා දුන්නත් මේ වගේ රටක ඒ වගේ වැඩක් කර ගන්නවත් මිනිස්සු එකතු කරගන්න අමාරුයි. මොකද විරෝධතා රැළියක් කිව්වමවත් එන්නේ සෙනඟ කොච්චර පොඩ්ඩද කියලා පෙනෙන්න තිබෙන නිසායි. එහෙම වැඩකට හරි ඒ නිසා මිනිස්සු එකතු කරගන්න අමාරුවේවී ලංකාවේදී නම්. ලංකාවට සාපේක්ෂකව පිටරවල සාමාන්‍ය ජනතාව සිවිල් වශයෙන් බලවත් වෙලා ඉන්නේ ඒ රටවල මිනිස්සු සමඟි සම්පන්න නිසයි. ලංකාවේදී එක් කෙනෙක් ඔහොම කලොත් අනිත් කෙනා වාහන අයිතිකාරයට හරි පොලිසීයට හරි කොල් කරලා අන්න අහවලා වාහනයට අලාභහානි කරලා කියලා කරපු කෙනාට පාවා දේවි. ඒකයි ලංකාවේ තත්වය.ඒක දැනගෙනම මේ වගේ වැඩක් පටන්ගන්න. මම දැක්කා කමෙන්ට්ස්වල සමහරු ලංකාවේත් මේ වගේ කරමු කියලා තියෙනවා. ඒත් ලංකාවේ ඔය ක්‍රමය හරියන්නේ නැහැ. එක්කෙනෙක් කරද්දී තව කෙනෙක් ඔත්තුව දීලා තියේවී.මම දන්නවනේ ලංකාවේ අය්යලගේ කැරැට්ටුව හොඳටම

:       0       0

මාධව Friday, 11 May 2012 01:11 PM

අන්න නියම වැඩේ.පොරොන්දු ඉටු නොකළ දේශපාලඥයින්ටත් මෙහෙම කළා නම් හරි

:       0       0

අමිල Friday, 11 May 2012 01:13 PM

ලංකාවටත් හොදයි මේවා.හැබැයි රියදුරාවත් එල්ලන්න ඕනි ගහේ

:       0       0

අලිබබා Friday, 11 May 2012 01:27 PM

අන්න ළමයිනේ වැඩේ. අපිත් හෙට ඉදලම පටන්ගමිමු. හැබැයි පොලොසියෙ මහත්තුරුන්ගෙන් ගුටිකන්න බලාගෙන.

:       0       0

විජය Friday, 11 May 2012 01:31 PM

එහෙනම් ලංකාවේ ඔක්කොම වාහන ගස් උඩ තියන්න වෙයි

:       0       0

ජයන්ත Friday, 11 May 2012 01:45 PM

ඇමතිතුමාලට හොද පාඩම්

:       0       0

විජේ Saturday, 12 May 2012 11:45 AM

නියමයි....

:       0       0

සුරංජ Friday, 11 May 2012 02:39 PM

අපේ අයට මේවා හොඳ පාඩම්....

:       0       0

සේනානායක Friday, 11 May 2012 03:07 PM

නියම දඩුවම....බොහොම අගෙයි...

:       0       0

damith Friday, 11 May 2012 03:11 PM

පිස්සු හැදෙයි සඳ බම්ප්වෙයි කිව්වලු

:       0       0

හොරුහතලිහ Friday, 11 May 2012 03:52 PM

අලිබබාට නම් ගුටිකන එක ප්‍රශ්නයක් නැහැනේ . අපිට තමයි බැරි.

:       0       0

SHAN SAUDI ARABIA Saturday, 12 May 2012 05:07 PM

එහෙනම් ලංකාවේ ඔක්කොම ඇමතිතුමාලගේ වාහන ගස් උඩ තියන්න වෙයි ලංකාවෙ ගස් මදිවෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 441 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 105 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 885 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 978 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2761 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1747 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25362 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23405 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 388 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site