
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් රෝගී ජනතාවට ප්‍රාදේශීය මට්ටමින්ම උපරිම සේවාවක් සැලසීම රජයේ ප්‍රධාන අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණෙන රෝගීන් සඳහා වඩාත් කඩිනම්, නිරවද්‍ය හා ගුණාත්මක රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් තහවුරු කිරීමේ අරමුණින්, ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 177ක පිරිවැයක් දරමින් ස්ථාපිත කරන ලද අති නවීන CT ස්කෑන් යන්ත්‍රය නිල වශයෙන් රෝහල් ප්‍රතිකාර සේවාවට එක් කරමින් අමාත්‍යවරයා මේ බව කීය.
මීගමුව සහ ඒ අවට ප්‍රදේශ රැසකින් දෛනිකව විශාල රෝගීන් සංඛ්‍යාවක් පැමිණෙන මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ රෝග විනිශ්චය සේවා ශක්තිමත් කිරීම සඳහා මෙම නවීන CT ස්කෑන් යන්ත්‍රය මගින් සුවිශේෂී දායකත්වයක් ලැබෙන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙතෙක් මෙම පරීක්ෂණ සේවා සඳහා රෝගීන් රාගම ශික්ෂණ රෝහල සහ වැලිසර රෝහල වෙත යොමු කිරීමට සිදුව තිබූ අතර, නව යන්ත්‍රය ස්ථාපිත කිරීමත් සමඟ එම පහසුකම මීගමුව රෝහල තුළදීම ලබා ගැනීමට හැකියාව ලැබෙන බවත්, එමගින් රෝගීන්ට ගතවන කාලය මෙන්ම ප්‍රවාහන වියදම්ද සැලකිය යුතු ලෙස අවම වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මීට අමතරව, රුපියල් ලක්ෂ 290ක පිරිවැයක් දරමින් පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කර නවීන පහසුකම් සහිතව නව්‍යකරණය කරන ලද මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සායන ගොඩනැගිල්ලද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ප්‍රතිකාර සේවා සඳහා විවෘත කෙරිණි. දීර්ඝ කාලයක් අබලන් තත්ත්වයේ පැවති මෙම ගොඩනැගිල්ල ඩැරැල් කූඤ්ඤ පියතුමාගේ මූලික මැදිහත්වීම මත දානපතීන්ගේ හා පරිත්‍යාග ශීලීන්ගේ දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd