IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අධ්‍යක්‍ෂ විදුහල්පතිට පාඩමක් කියාදෙයි

තම පුතාගේ අස්වීමේ සහතිකය ගැනීමට දින තිහක්ම හසලක ජාතික පාසලට ගොස් හිස අතින් ආ මවක් සොයා, එම සහතිකයද රැගෙන හසලක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්.එම්. සමරකොන් බණ්ඩා ගිය නමුත් බදාදා ඇය ගෙදර නොසිටියාය. පැය කිහිපයකට පසුව හසලක අධ්‍යාපන කාර්යාලයට ගිය ඇය අධ්‍යාපන අධ්‍යක්‍ෂ කේ.ජී ගුණරත්න මහතාගෙන් සහතිකය ලබාගත්තාය. දැනට පැවිදිබිමට ඇතුළුවී සිටින පුතා පිරිවෙනකට ඇතුළු කිරීම සඳහා අස්වීමේ සහතික නිකුත් නොකළ විදුහල්පති ජී.එල්.ඩබ්ලිව්.එස්. ඉන්ද්‍රලාල් ඊට හේතුව වශයෙන් දැක්වූයේ ”අලියයි වඳුරයි” නම් පුස්තකාල පොත බාරදී නැති බවයි. ඒ පොත සිසුවා අතින් අස්ථාන ගතවී තිබිණි. ඒ පුවත ලංකාදීප පත‍්‍රයේ පළවූ විට විදුහල්පති මවට කීවේ ලංකාදීපයෙන් එය ඉල්ලාගන්නා ලෙසය.



අදහස් (0)

අධ්‍යක්‍ෂ විදුහල්පතිට පාඩමක් කියාදෙයි

ගොනා Friday, 25 May 2012 05:07 AM

විදුහල්පති "පොත ලංකාදීපයෙන් ඉල්ගනින් කීවේ" නීතිය හරියට ක්‍රියා කරන කෙනෙක් නිසා වෙන්නැති

:       0       0

සරත් Thursday, 24 May 2012 11:18 AM

මේ වගේ ගැටළු දිහා සානුකම්පිතව බලන්න රජයේ උසස් නිලධාරීන්ට කියලා දෙන්න

:       0       0

යෝනුසලවි Thursday, 24 May 2012 11:23 AM

එම විදුහල් පති තුමා හැම විටම,හැම දේකම නීතියට වැඩ කරනවානම් අපි ඔහුගේ ක්‍රියාව අගය කරමු.නමුත් ඔහු ගැන කියන කථා අහනකොට......................දුකයි

:       0       0

හර්ෂණ Friday, 25 May 2012 07:03 AM

පොත නැතිවුනණ් බලපුළුවන් කාර කෙනෙකුගෙ ළමයෙක් අතින්න් නම් මේ කිසිම ප්‍රශ්ණයක් නෑනෙ....

:       0       0

ජනක(Bahrain) Thursday, 24 May 2012 11:29 AM

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත අධ්‍යක්ෂතුමාට අපේ ප්‍රණාමය!

:       0       0

ඉශාම් Friday, 25 May 2012 04:10 PM

පොතක් ගිය දුර ?

:       0       0

G7 Thursday, 24 May 2012 11:32 AM

ඔය වගේ මෝඩ විදුහල්පතිලව එලවන්න ඕනේ

:       0       0

පැතුම් Thursday, 24 May 2012 06:08 PM

01 එම නැති වු පොත සොය වෙළෙද පලෙන් හෝ පුස්තකාලයට ලබදිය යුතුයි එසේ නොමැති වු විට 02 නැති වු පොතේ වටිනාකම පොතේ වටිනාකම මෙන් 25% පාසලට ගෙවා රිසිට් පතක් ලබා ගත යුතුවේ මෙහි දී විදුහල් පති ක්‍රියා කර ඇත්තේ කෙසේද දෙවන පියවර අනු ගමනය කර තිබේද? මුද්‍රණයෙන් ඉවත් වු පොතක් වෙලළද පලේ නැවත සොයන් නේ කෙසේද? මව මුදල් ගෙවීමට උත්සාහ කල විට ඒ සැම අවස්ථාවකදීම මුදල් ලබාලගැනීම ප්‍රතික්ෂේප කර ඇත ලෙහෙසියෙන් දෙවන පියවර සදහා යෑමට අවස්ථාව තිබියදී පොඩි හාමුදුරුවන් ගේ මව 2012-02-13 දින සිට 2012-05-22 වන දින දක්වා 30 වතාවකට වඩා රස්තියාදු කලේ කුමන අරමුණකින්ද? ඔහු නිතියද ඒ ක්‍රියාත්මක කර තිබුනේ? අසරණ දුප්පත් මවගේ මුදල් රු 130 මෙන් සිය ගුණයක් විදුහල් පති විසින් වියදම් කර තිබෙනවාද? මුදල් සේම ඇගේ වටිනා කාලය මේ සියල්ල ගැනත් ඔබ සිතිය යුතු වේ

:       0       0

ධම්ම්ක Thursday, 24 May 2012 12:19 PM

මෙම විදුහල්පතිතුමා ක්‍රියා කළ අයුරු මම අනුමත කරන්නේ නෑහැ. ඔහුට කළ යුතු දෙය නොතේරුනානම් කරන්න තිබුණේ ඒ අසරන මව රස්තියාදු නොකර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගෙන් අවශ්‍ය විස්තර ලබා ගැනීම නේද?

:       0       0

රම්සි Thursday, 24 May 2012 12:20 PM

මම මේ දවස් වල ඔය පොත හොයනවා.රෝල් කරලා විදුහල්පතියට දෙන්න

:       0       0

දන්දිමාල් Wednesday, 23 May 2012 04:36 PM

නුසුදුස්සන් පත් කළාම ‍ඔවුන් අධ්‍යාපන අධ්‍යක්ෂ නොවෙයි අධ්‍යාපන අදක්ෂ වෙනවා. සුදුස්සන්ට මේ තනතුරු දෙනවා නම් මෙහෙම වෙන්නේ නෑ.

:       0       0

චනා Wednesday, 23 May 2012 04:36 PM

අහින්සක මිනිස්සුනිගේ දුක නොදන්න සත්තු

:       0       0

Wednesday, 23 May 2012 04:59 PM

විදුහල්පතිට වදුරාගේ ආත්ම ශක්තියත් අලියාගේ නුවණත් නැති වීම ලජ්ජා විය යුතු කරුණකි. මෙයාව පළාත් සබාවට හෝ පාර්ලිමේන්තුවට යැවීමට සුදුසුය

:       0       0

කරෝලිස් Thursday, 24 May 2012 12:47 PM

විදුහල්පතිතුමෝ, එතකොට අර ඉබ්බගෙයි හාවගෙයි කතා පොතට මොකද උණේ?

:       0       0

දර්ශන Wednesday, 23 May 2012 08:55 PM

මෙයාට................

:       0       0

සන්ජීව Wednesday, 23 May 2012 09:01 PM

විදුහල්පතිට බනින එක අසාධාරණයි,මොකද ඒක තමයි නියම රාජකාරිය, පොත නැති කළානම් ගෙනත් දිය යුතුයි , රටේ නීතිය රජයේ නීති, එය දැනගෙන අදහස් දක්වන්න.

:       0       0

අශාන් Thursday, 24 May 2012 07:27 PM

විදුහල්පතිතුමා ටිකක් නම්‍යශීලි උණානම් මේ ප්‍රශ්න මුකුත් නෑනේ

:       0       0

චමින්ද Wednesday, 23 May 2012 09:59 PM

දැන් ඉතින් විදුහල්පති තුමාට බනින්න පටන් ගන්න. ඒ මනුස්සය නීතිය කරලා තියනවා. නීතිය හැම වෙලාවේම සාදාරන නෑ. මෙතැනදී සාධාරණ හේතු උඩ විදුහල්පති තුමාට අස්වීමේ සහතිකය දෙන්න තිබ්බ. හැබැයි එහෙම නොදුන්නැයි කියල කිසිම කෙනෙකුට එක විවේචනය කරන්න බෑ. විදුහල්පති තුමාට මගේ ප්‍රණාමය.

:       0       0

අමිල Wednesday, 23 May 2012 10:01 PM

ඇමති දන්නවනම් ප්‍රින්සිපල්ට ප්‍රොමෝෂන් 1 ක් දෙනවා...

:       0       0

සේන Wednesday, 23 May 2012 10:02 PM

මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම. මේ වැඩ කරන්නේ මනුස්සයො නොවෙන නිසානේ....

:       0       0

සුරේශ් Wednesday, 23 May 2012 10:03 PM

අයියෝ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කතානේ කියන්නේ.....

:       0       0

හසලක Wednesday, 23 May 2012 10:14 PM

දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී...

:       0       0

කැලුම්-Oman Thursday, 24 May 2012 01:06 PM

අපේ අධ්‍යාපන ඇමතිතුමා පත් කරපු විදුහල්පති කෙනෙක් වෙන්න ඇති

:       0       0

රොමේෂ් Wednesday, 23 May 2012 10:18 PM

අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමා සිදුකර තිබෙන්නේ බොහොම උසස් ක්‍රියාවක්. මෙතන වරද සිදුකර තිබෙන්නේ ජාතික පාසලේ විදුහල්පති විසින්.

:       0       0

ඩි.ජි නිශාන්ත දසනායක...(සුමුදු) Wednesday, 23 May 2012 10:22 PM

මේ වගේ නුසුදුසු දෙවල් බුද්ධ පුත්‍රයන් ට සිදු නොවිය යුතුයි. විශ්වාසයෙන්ම විදුහල්පති ගැන රජය විසින් මැදිහත් වි සොයා බලන්නේ නම් මැනවි.

:       0       0

ඇන්ටන් Wednesday, 23 May 2012 10:31 PM

ඊළඟට මේ වගේ අය යන්නේ පාර්ලිමේන්තුවට. අනේ ලංකාවට ගිය කලක්...

:       0       0

සුදු මාමා Wednesday, 23 May 2012 10:55 PM

ඔලුවක් නැති මිනිහෙක් , කන්නේ තනකොල වෙන්න ඇති

:       0       0

ජයසිංහ Thursday, 24 May 2012 12:04 AM

අද රටේ වැඩිහරියක් ඉහල තැන් වල ඉන්නේ මේ වගේ අය තමයි...

:       0       0

ධම්මික Thursday, 24 May 2012 08:04 PM

පුසාද් මහත්තයෝ, ඉස්සෙල්ලා ප්‍රවෘත්තිය කියවලා ඉන්න.ඒ මව දඩ මුදල් ගෙවන්න හැදුවම භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව තියෙනවා දැක්කේ නැද්ද?

:       0       0

ධම්මික Thursday, 24 May 2012 08:05 PM

සුජිත් ආචාර්යය තුමෝ, සිකුරිටි වෘත්තිය කියන්නේ ගෞරවනීය වෘත්තියක්. කරුනාකරලා ඒකට අපහාස කරන්න එපා

:       0       0

ජයන්ත Thursday, 24 May 2012 12:33 AM

බූදු කෙනකුන්ලොව පහලවී බුද්ධසාශනයක මිනිසත් බව ලබා උත්පත්තිය ලැබිම ඉතා දුර්ලභ කාරනයක්,රහතුන් වැඩිය මග අහුරා අනන්ත සසරේ අනේක දුක් පීඩා නොවිද සත්පුරුෂයින් වන්න.

:       0       0

අලිබබා Thursday, 24 May 2012 12:57 AM

අලියා, මම පෙන්නනවා අලියා. එහෙනමි, ඔය ගුරුවරයා ළඟපාතක නොහිටිය එක හොදයි. කොහොමත් දැන් සහතිකේ ලැබුණානේ. ඔබ (සුනාථ ධාරේථ චරාථ ධමිමෙ)ධර්මයට සවන් දෙන්න එය තේරුම්ගෙන ක්‍රියාවේ යොදවන්න.

:       0       0

ලාල් ගලබඩ.... Thursday, 24 May 2012 01:13 AM

විදුහල්පති තුමනි ,ඔබ රැකියාවට නුසුදුසු කෙනෙක්‌ බව අත්දැකීමෙන් ප්‍රකාශකරමි.කීමට ඇත්තේ නුසුදුසුකමට,බල්ලෝ එක්‌ක නිදා ගත්තම නැගිටින්න වෙන්නේ කාසමගද කියාය.

:       0       0

සේන Thursday, 24 May 2012 01:45 AM

'මෝඩ කමට බෙහෙත් නෑ' කියන පොතේ කොපියක් මේ විදුහල්පතිට ගෙනත් දෙන්න....

:       0       0

පරාක්‍රම Thursday, 24 May 2012 01:42 PM

අලියට කවටකම් කරන්න ගිහින් වදුරා නා ගෙන

:       0       0

නවීන් Thursday, 24 May 2012 03:10 AM

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ආශ්චර්‍යයි......

:       0       0

කුමුදු Thursday, 24 May 2012 03:51 AM

ගුරු වෘත්තිය වන්දනීයයි. නමුත් මේ වගේ විදුහල්පතිලා නිසා තත්ත්වය කේදනීයයි. මේ අම්ම සහ දරුවන් දැක්කම මේ මිනිස්සු විදින දුක පේනවා නේද? අපේ ලංකාවේ ගම්බද බොහොමයක් මේ වගේ තමයි. ගුවන්තොටවල් වැඩි වැඩියෙන් ඉදිකිරීම නවතා, මේ දුප්පතුන්ට දෙපයින් හිතාගන්නට අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල බඩු අඩු කරන්නට ආණ්ඩුවට සිතුවිල්ලක් පහල වේවා. පළමුව මේ අයට ජීවිතය දෙන්නත පසුව සංවර්ධනය කරන්න බලන්න.

:       0       0

ඉන්ඩාර Thursday, 24 May 2012 05:39 AM

ලංකාවෙ හුගක් නිලධාරි බලන්නේ නැති බැරි දුප්පත් මිනිස්සුන්ට බලය පෙන්නන්න. මේකත් එහෙම එකක්. හරිම පහත් ගතියක්.

:       0       0

සඳුන් Thursday, 24 May 2012 06:08 AM

ලංතාවෙ පාසල්වල විදුහල්පතිලා විදිහට මේ වගේ මොලේ කලදක්වත් නැති අය ඉන්නකන් ළමයින්ට දෙවියන්ගේම පිහිටයි.

:       0       0

ආනන්ද (මාලේ) Thursday, 24 May 2012 07:13 AM

මෙයා තිරිසනෙක්ද

:       0       0

හේමා Thursday, 24 May 2012 08:11 AM

බුද්ද පුත්‍රයෙකුටවත් ගරු කරන්න දන්නේ නැති පහත් මිනිස්සු.ලංකාවේ අනාගතය පේනවා මේ වගේ වැඩ වලින්.මෙයාලගේ බලපුළුවන්කාර කවුරුවත් කිව්වා නම වැඩේ කරයි එවෙලේම.මෙයාලගේ ලොකු කම පෙන්නන්නේ කටු මැටි ගැ ගෙවල්වල ඉන්න අහිංසක අයට.

:       0       0

සන්ගා Thursday, 24 May 2012 08:38 AM

මේ විදුහල්පතිතුමාට දැන් අලියට පෑගුණා වගේ දැනෙනව ඇති...

:       0       0

ලක්ෂිත Thursday, 24 May 2012 08:46 AM

සුදුස්සන්ට සුදුසු තැන දැන් රජයේ විතරක් නෙමෙයි පෞද්ගලික ආයතන වලත් නෑ

:       0       0

දයා,saudi Thursday, 24 May 2012 02:46 PM

මේකට බලපෑවේ දුප්පත්කම.ලොක්කෙක්ගේ දරුවෙක් උණානම් විදුහල්පති එයාගේම පුටුවෙන් වාඩි කරෝලයි සහතිකේ දෙන්නේ.එතකොට අලියයි වදුරයි කැලේ

:       0       0

කිරිමාටින් Thursday, 24 May 2012 09:11 AM

පොතක්නම් මොනවද ....ඔය ජාතික පාසල්වල නැති වෙන දේවල් හා කරන දේවල් එක්ක බලද්දි....

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 24 May 2012 02:48 PM

ඉහළ තනතුරුවල වගකීම අවශ්‍ය අවස්ථාවේදී නිවැරදි තීන්දු ගැනීමට හැකියාව තිබීමයි. යමක් කී විට ගිරවෙකු පරිදි කටයුතු කරන්න අවශ්‍ය නම් සිකුරිටි ජොබ් එකක් තමයි හරියන්නේ.ඉහළ තනතුරුවලට තීරණ ගැනීමේ වරප්‍රසාදය දීලා තියෙන්නේ මේ වගේ වෙලාවක චක්‍ර ලේඛනවලට ගැති නොවී තීරණ ගන්න.එහෙම බැරිනම් එයාගේ තනතුරු දැරීමට එයා සුදුසු නැහැ.සිකුරිටි කෙනෙක් විදුහල්පති පුටුවේ වාඩිකලා වගේ වැඩක් මෙතන වෙලා තියෙන්නේ.

:       0       0

දිනූෂී Sunday, 27 May 2012 04:54 AM

නීතිය කියලා තියෙන විදියටම ක්‍රියාත්මක කළ යුතුද නැද්ද යන්න තීරණය කළ යුත්ෙත් ඒය ක්‍රියාත්මක කරන පුද්ගලයා. ඒ වෙලාවට නීතියට එහා දෙයක් කරන්න පුළුවන්ද කියලා හිතලා බලන්න තිබුනා. ඒක තීරණය වෙන්නේ ඒම පුද්ගලයාගේ බුද්ධි මට්ටමත් එක්ක.මේ විදුහල්පතිට ඇමති කෙනෙක් හරි කවුරුහරි කතා කළානම් පොතේ ගාන තමන්ගෙ අතින් දාලා ඔය අස්වීම දෙනවා.

:       0       0

නයනා Sunday, 27 May 2012 04:57 AM

සුජිත් නිශාන්ත හේවගේ , ඔබ වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට ගිය කෙනෙක් නෙවෙයි. බොරුවට මේ පත්තර වල පලවෙන ඒවාට ආචාර්ය මහාචාර්ය කියල කෑලි ඉස්සරහට දාන්න එපා. ඔබ එක්තරා විදිහක මානසික අසහනයකින් පෙලෙන් කෙනෙක්. ඔබේ facebook ප්‍රොෆයිල් එකේ ඔබම ඔබට ලියාගත් ඒවා දිහා බලපුවාම ඔබේ මට්ටම සිතා ගතහැකියි..ටයි එකක් ගෙන ෆොටෝ එකක් ගත් පලියට ආචාර්ය හෝ මහාචාර්ය කෙනෙක් වෙන්නේ නැහැ. කරුණාකර ඔබ මහාචාර්ය කම කරන ලංකාවේ තියෙන විශ්ව විද්‍යාලය කුමක්ද කියා දන්වනවද?

:       0       0

සොපියා Thursday, 24 May 2012 09:24 AM

අනේ කාලේ වනේ වාසේ...

:       0       0

නිශාන් Thursday, 24 May 2012 09:32 AM

පොත ගෙනත් දෙන්න බැරි නම් පොතේ වටිනාකම ගෙවන්න ඕනි.ඒත් මෙයා ඒකට කැමති නැති නිසා අපි කියන්නේ එයා වැරදිමයි කියලා

:       0       0

රොමේෂ් Thursday, 24 May 2012 10:45 PM

විදුහල්පති තනතුර කියන්නේ සිසු පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රායෝගික තීරණ ගතහැකි කෙනෙකු විසින් දැරිය යුතු තනතුරක්.. (මාර්ග අනතුරක් උනවිට අපි කව්රුත් කරන්නේ රෝගීන්ව ලගම රෝහලට ගෙනයන්න උදව්කරන එකයි, එවිට පාරෙන් අනික් පසින් යන වාහනයක් හෝ ගෙන්වා ගැනීම සාමාන්‍ය දෙයක්. එතකොට කව්රුහරි කියනවනම් එම රියදුරු විසින් මාර්ග නීති කඩකලා, ඔහු දඩුවම් ලැබිය යුතුයි හෝ ඒ අසල සිටි පොලිස් නිලධාරියෙකු පැමිණ ඔහුට දඩකොලයක් දෙන්නේනම් හෝ එය නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමක්ද ? නීතියනුකුලව අපාගත වීමක්ද ?. ) සැමදෙනාම කලයුත්තේ, නීතියේ රාමුවතුල සිට මානුෂික තීරණ ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමයි. කෙසේවෙතත් ඕනෑම නීතියක් මනුෂ්‍ය යහපත සඳහාම විය යුතුයි ..

:       0       0

සුලෝචන Wednesday, 30 May 2012 11:42 AM

ඉංග්‍රීසි කියමනක් තියෙනවා Knowledge is knowing that a tomato is a fruit; wisdom is not putting it in a fruit salad කියලා. නීති පොතේ මොනවා තිබුණත්, අදාළ අවස්ථාව අනුව නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන අවසාන තීන්දුව ගන්නේ මොළයක් ඇති මිනිසායි. තායිලන්තයේ රියැදුරකු වරක් උසාවියට ඉදිරිපත් කෙරුණා දරුවකු ලබන්න ඔන්න මෙන්න ඇති කාන්තාවක් රෝහලට ගෙනයාමේදී මාර්ග නීති කිහිපයක් බිඳ දැමීම වෙනුවෙන්. විනිසුරුතුමා ඔහු වරදකරු බව තීරණය කළ අතර ගෙවිය යුතු දඩය භාත් 1 කට (රුපියල් 2,50ක් විතර - තායිලන්තයේ අඩුම මුදල් ඒකකය) සීමා කළා. මේ විදුහල්පතිතුමා වගේ කෙනෙක් විනිශ්චයාසනයේ හිටියා නම් මොනවා වෙයිද කියා හිතන්න පුළුවන්නේ. වයසට අනුව මොළේ වර්ධනය නොවුනාම එහෙම තමයි.

:       0       0

චමිල් Thursday, 24 May 2012 09:44 AM

හුගක් අය දකින්නේ විදුහල්පතිගේ වැරැද්ද ... නමුත් මෙතැනදී ඔහු රාජකාරිය කරලා තියෙන්නේ ..... නීතිය හා මානුෂිකබව කියන්නේ කාරණා 2කක්.... මෙතැනදී හුගක් අය බලන්නේ ... මානුෂිකකත්වය පමණයි..

:       0       0

සුලෝචන Wednesday, 30 May 2012 12:22 PM

ඉංග්‍රීසි කියමනක් තියෙනවා Knowledge is knowing that a tomato is a fruit; wisdom is not putting it in a fruit salad කියලා. නීති පොතේ මොනවා තිබුණත්, අදාළ අවස්ථාව අනුව නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන අවසාන තීන්දුව ගන්නේ මොළයක් ඇති මිනිසායි. තායිලන්තයේ රියැදුරකු වරක් උසාවියට ඉදිරිපත් කෙරුණා දරුවකු ලබන්න ඔන්න මෙන්න ඇති කාන්තාවක් රෝහලට ගෙනයාමේදී මාර්ග නීති කිහිපයක් බිඳ දැමීම වෙනුවෙන්. විනිසුරුතුමා ඔහු වරදකරු බව තීරණය කළ අතර ගෙවිය යුතු දඩය භාත් 1 කට (රුපියල් 2,50ක් විතර - තායිලන්තයේ අඩුම මුදල් ඒකකය) සීමා කළා. මේ විදුහල්පතිතුමා වගේ කෙනෙක් විනිශ්චයාසනයේ හිටියා නම් මොනවා වෙයිද කියා හිතන්න පුළුවන්නේ. වයසට අනුව මොළේ වර්ධනය නොවුනාම එහෙම තමයි.

:       0       0

ගැමුණු Thursday, 24 May 2012 09:46 AM

ව්දුහල්පතිට හෝඩියේ පංතියේ සිට උගන්වන්න පටන් ගනිමු...

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 24 May 2012 10:56 PM

ධම්මික මට සමාවෙන්න මම එහෙම දෙයක් හිතලා කලේ නැහැ. මට කියන්න ඕන කලේ සත්‍ය වශයෙන්ම මගේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය මිතුරෙකු මුහුණ පාපු සත්‍ය අත්දැකීමක්.එයා විශ්වවිද්‍යාල කලබල කාලයේදී වහලා තිබු‍ණු අවස්ථාවකදී සිකුරිටි එකට උපදෙස් දීලා තිබුණා.කිසිම කෙනෙකුට එයාව හමුවෙන්න එන්න දෙන්න එපා කියලා.දවසක් මගේ මිතුරගේ ‍දෙමව්පියන් දුරබැහැරක සිට මිතුරා තාවකාලිකව නැවතී සිටි ස්ථානයට ඇවිත් හමුවෙන්න.සිකුරිටි අය මොකද කරලා තියෙන්නේ ඒ උපදෙස් අකුරටම පිළිපැදලා ඒ දෙමව්පියන්ව ආපසු හරවා ඇරලා. අඩුම තරමින් සිකුරිටි ඕ.අයි.සීට ට වත් හිතන්න පුළුවන්කම තිබුණා නම් කිසිම කෙනෙක් කියන්නේ අම්මා තාත්තා දෙන්නා නෙවෙයි.වෙන අයයි කියලා පහසුවෙන්ම මේ කරදරය නොවී මඟහරවා ගන්න තිබ්බා.මට මේ කතාව කියන්න දිගවැඩි නිසයි ඒක නොකියා සිකුරිටි විතරක් කියලා ඉස්සරවෙලා කමෙන්ට් එක් දැම්මේ.නමුත් ඒක වැරදියට තේරුම්ගෙන මම සිකුරිටි රැකියාවට අගෞරව කලා කියලා හිතලායි මට එහෙම කියන්න එපා කියලා තියෙන්නේ.මම කවදාවත් පහළ මට්ටමේ රැකියාවලට අගෞරව කරන්නේ නැහැ.ධම්මික නොදන්නවා වුනාට මට එකපාරටම විශ්වවිද්‍යාලයේ උපාධි 5-6 ලැබුනේ නැහැ.පශ්චාත් උපාධි ආචාර්ය උපාධි ලැබුනේ නැහැ.මම දුක් මහන්සි‍වෙලා ඉගෙන ගත්තේ.මට උදව් කරන්නවත් කවුරුවත් හිටියේ නැහැ.මට වයස අවුරුදු 6දී අපේ තාත්තා නැති වුනේ.ඉගෙනීම හා ජීවතය ගෙන යාම සඳහා මම කරපු රැකියා විශාල ප්‍රමාණය අතර අතර සිකුරිටි රස්සාවත් එක රැකියාවක් පමණයි.මම ඊට වඩා පහළ මට්ටමේ දුක්ඛිත රැකියාවල් විශාල ප්‍රමාණයකුත් කරලා තියෙනවා.මේ නිසා මම අද ඉන්න තැන දිහා බලලා මාව වරදවා වටහාගන්න එපා කියලා ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා

:       0       0

ජනක Thursday, 24 May 2012 09:51 AM

පොතේ ඉන්න අලි කැලෑවෙන් ගෙනියමු ,සහතිකය නොදුන් වදුරා පාසලෙන් අල්ලාගතහැකිනේ...

:       0       0

නිලූ Thursday, 24 May 2012 09:59 AM

මම නම් හිතන්නේ බනිනවට වඩා හොදයි පාසල් පුස්තකාලයට අවශ්‍ය පොත් ලබා දෙනවානම්.

:       0       0

චලිත Friday, 25 May 2012 02:29 PM

අන්තෝ ජටා බහිජටා

:       0       0

චානි Thursday, 24 May 2012 03:31 PM

මේ විදුහල්පතිගේ මොලය = අපේ ඇමතිතුමාගේ මොලය

:       0       0

එස්.‍ජේ.එම්. ඉතාලිය Saturday, 26 May 2012 11:59 AM

විදුහල්පතිතුමෝ.. ඔබ නිවැරදි නමුත් මානුෂිකව බැලුවනම් ඔබ ගෞරවනීයය්...

:       0       0

කපිල Thursday, 24 May 2012 10:20 AM

අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් අතර විදුහල්පති වරුන් ලෙස සිටිමින් අල්ලස් හා ස්ත්‍රී දූෂණ චෝදනාවලට ලක්වූවන්ද සිටීම හාස්‍යයට කරුණකි.

:       0       0

ගුරු Thursday, 24 May 2012 10:25 AM

මධ්‍යම පළාතෙම අධ්‍යාපනය දිනෙන් දිනම පිරිහෙනවා.මෙය එක අවස්ථාවක් පමණයි

:       0       0

ප්‍රසන්න Thursday, 24 May 2012 10:28 AM

මේ අම්ම තිස්වතාවක් ඉස්කෝලෙට ගිය එකේ විදුහල්පතිට ටිකක් අනුකම්පා වෙන්න තිබුණා. රුපියල් 150ක් ගෙවාගන්න හැකියාවක් නැතිව ඇති මේ ගොල්ලන්ට...

:       0       0

දිනේෂ්, සෞදි Thursday, 24 May 2012 10:30 AM

විදුහල්පති පිරිවෙනකට දැම්මනම් හරි මුල ඉදල ඉගෙන ගන්න.

:       0       0

ප්‍රසාද් Thursday, 24 May 2012 03:52 PM

මෙතැන අදහස් දක්වපු ගොඩක් දෙනෙක් මානුෂික පැත්ත ගැන විතරක් හිතල විදුහල්පති ට බනිනවා.නමුත් ඔහු තමන්ගේ රාජකාරිය හරියට කරනවා.එක ළමයෙකුට පොත් ආපසු භාර නොදී අස්වීම දුන්න්නොත් ළමයි වැඩිදෙනෙක් තමන්ගේ පොත් ආපසු භාර නොදී අස්වීම ගන්න එනවා .එහෙම කලාම පුස්තකාලය නිකම්ම වහල දාන්න පුලුවන්නේ .අපිත් අස්වීම ගන්න කොට පුස්තකාල දඩ මුදල් ගෙව්වේ සල්ලි වැඩිකමට නෙවෙයි ,පත්තර වලට ලියලිය දවස් ගණන් රස්තියාදු වෙන්නෙත් නැතුව පන්සලේ දායක මහත්මයෙකු ගෙන් හරි ඉල්ලගෙන දඩ මුදල් ගෙවන්න තිබුනා,පොතක් ගන්න රු 150 පොඩි හාමුදුරුවෝ ඉල්ලුවොත් නොදී ඉන්න තරම් දායකයෝ අකාරුණික නැ.

:       0       0

යවනාඩ් Thursday, 24 May 2012 10:33 AM

සල්ලි කාරයෙක්ගේ ළමයෙක් නම් අස්වීම ගෙදෙට්ටම යවයි ගුරුවරයෙක්ගේ අතේ

:       0       0

සූටික්කා Thursday, 24 May 2012 03:52 PM

ඔය කියන ඉස්කෝලෙට තව වඳුරෙක් මොකටද?

:       0       0

චමිල් Thursday, 24 May 2012 03:57 PM

හුගක් අය දකින්නේ විදුහල්පතිගේ වැරැද්ද ... නමුත් මෙතැනදී ඔහු රාජකාරිය කරලා තියෙන්නේ ..... නීතිය හා මානුෂික බව කියන්නේ කාරණා 2කක්.... මෙතැනදී හුගක් අය බලන්නේ ... මානුෂිකත්වය පමණයි.....එහෙනම් ඉතින් මිනිස්සුන්ට බඩගින්නට හොරකම් කරන්නත් පුළුවන් ........

:       0       0

සන්ජු Thursday, 24 May 2012 10:48 AM

මමත් මුදල් ගෙවුවා පුස්තකාලයට පොතක් නැතිවෙලා. අපි පරිස්සමින් ඒවා පාව්ච්චි කරලා ඊළග පරම්පරාවට දෙන්න ඕනි

:       0       0

කරෝලිස් Thursday, 24 May 2012 10:58 AM

බොල විදුහල්පතිතුමෝ, මම එතන හිටිය නම් අලියයි වදුරයි දෙන්නම පෙන්නනවා උඹට

:       0       0

රන්දික Thursday, 24 May 2012 04:41 PM

මට පෙන්නේ ප්‍රසාද් සහ චමිල් විදුහල්පතිගේ ළමායි වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 895 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4031 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1451 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2447 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site