පාසල් රජයට පවරාගෙන වසර පනහක් පමණ ගතවී ඇතත් අප රටේ පාසල් අධ්‍යාපනය ව්‍යාකූල වී ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කියති.
”පාසල් රජයට පවරා ගැනීම ඊට හේතුවයි. එදා තුබූ විනය අද නැහැ. එසේ වී ඇත්තේ දේශපාලනය පාසලට ඇතුළුවීම නිසයි.”
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පේන්නේ මේ වෙලාවේ බොරදියේ මාළු බාන්න හදනවා කියලයි..(ස)
මම අභියෝග කරනවා ඔය කාදිනල්තුමාට පුලුවන්නම් පෙන්නන්න කියලා රටේ නමගිය බෞද්ධ පාසල් වලද විනය තියෙන්නේ, ඔය තවමත් කතෝලික සබාව පාලනය කරන පාසල්වලද කියලා. හොදට බලන්න වැඩිහරියක් උගත් බුද්ධිමතුන් බිහිවෙන්නේ, රටට සේවයක් කරපු මහත්වරුන් බිහි වෙලා තියෙන්නේ මොන පාසල් වලින්ද කියලා. හොදම සාක්ෂිය කොළඹ පාසල්, ආනන්ද , නාලන්ද ට වඩා හොදට විනයක් තියෙන කතෝලික පාසලක් තියෙනවද? අඩුම තරමේ අනෙක් පාසල්වල පිළිවෙලට නිල ඇදුමවත් අදිනවද කියලා බලන්න. (නි)
සුද්දො ලන්කවට කරලා ගියපු දෙය තමයි මේ. මුලින් තිබුනෙ පන්සල මුල් කරගෙන තිබුණු පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයයි. අන්න ඒ කාලෙ තමයි විනය තිබුනෙ. පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය නැතිකළේ සිංහල බෞද්ධයන් නැතිකරන්නයි. මිෂනාරි අධ්‍යාපනය තමයි සිංහල බෞද්ධයන් පාගලා සමස්ත අධ්‍යපනයම නැතිකළේ. දැන් කියනවා විනය නැතිලු. (නි)
අපි මොකද කරන්නේ ඉතින්
මෙතුමා හරි (නි)
ඕක වෙලා කොච්චරකල් වෙනවද
ගණන් ගන්න එපා
ඔය මුට්ටිය දැම්ම විතරයි..(ස)
අපේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය කොච්චර උසස්ද කියල තේරෙන්නේ වෙන රටක විශේෂයෙන්ම ආසියා රටවල් එක්ක සන්සන්දනය කරපුවාමයි. ඒ හින්ද ඕනවට වඩා අපේ අධ්‍යාපනයට ගරහන්න එපා,(ස)
කිය කිය ඉදලා හරියන්නේ නැහැ මොක්කාක් හරි කරන්න ඕනේ
මෙහෙමත් රටක් නම්
වැරැද්ද පාසල්වල අධ්‍යාපනය නෙමෙයි. ඒවට පත්කරලා ඉන්න නිලධාරීන්ගෙයි...(ස)
එහෙම කියා කියා ඉදලා හරි යයිද
ඕක කියන්නත් දෙයක්ද
අපේ අධ්‍යපනය හොදයි . වැරැද්ද පාලකයින්ගේ .(ස)
මෙතන මේ පල්ලියට පාසල් නැවත දීම හොඳයි යයි දක්වා ඇති බෞද්ධයන් වෙතයි. අපගේ සිංහල භික්ෂුන් වහන්සේලා හා L .H . මෙත්තානන්ද මහතා ප්‍රමුඛ ගිහි පරපුර පාසල් පල්ලියෙන් වෙන්කිරීමට දායක වුනේ නැත්තතම් නිවට බෞද්ධයනි අද මේ රට තවත් ස්පාඥ්ඥ වරු යටත් කරගත් කතෝලික පිලිපීනයක් වී හමාරය. ඔබලාට බුදු සරණයි.
අපේ රටේ ජන ජීවිතය, මිනිස්සුන් ගේ ආකල්ප... මේ හැම දෙයක් ම ව්‍යාකූල වෙලා ... එකක් එක්කෙනාට පේන තැන වලට ඇඟිල්ල දික් කරාට හරියන්නේ නැහැ... හැමෝම තරගෙට වැරදි කර කර අනිත් අයගේ වැරදි පෙන්නන සමාජයක අපි ඉන්නේ....(ස)
රට ගැන දුකයි
පාසල් රජයට පවරා ගැනීම ඊට හේතුවයි.
පළමුව තමන්ගේ පාසලට ගරුකිරීම සියල්ලන්ගේම යුතුකමයි (නි)
විශේෂයෙන්ම විනයක් නැත්තේ ජාත්‍යන්තර පාසල්වලයි (නි)
මෙම අධයාපන පිරිහීම ගැන ගිහිපැවිදි මැදිහත්වීමක් අවශ්‍යයි (නි)
ඇමතිවරුන්ට අවුරුදු 60න් පෙන්ෂන් දෙන ක්‍රමයක් හැදුවොත් හොදයි. (නි)
දැන් මෙතන අත්පුඩි ගගහා කාදිනල්තුමාගේ කටේ මසුරන් දාන්න හදන කට්ටියට මෙතන ප්‍රතිචාරයක් දාන්න ඉන්ටනෙට් එන්න තියා අකුරක් ලියාගන්න තරම් අධ්‍යාපනයක් ගන්න බැරි වෙනවා ඔය කියන විදිහට පාසල් පවරගත්තේ නැත්තම්. ලුම්බිණි, බස් ජනසතු කළාට පස්සේ ඒවා හොඳට දිවුවා, පුද්ගලික බස් එනකම්. අද ලංගමට දියුණු වෙන්න බැරි පුද්ගලික බස් මුදලාලිලගේ මාෆියාව නිසා. බලන්න ලංගමයේද, පුද්ගලික බස් වලද විනයක් තියෙන්නේ කීයලා. (නි)
හොදටම අවුල් (දී)
100% අවුල්
යුද්ධය තියෙනකල් කටක් ඇරගන්න බැරිව හිටිය මෙතුමන්ලා, දැන් අපේ රටේ පිනුම් ගහන්න හදනවා. අපේ අධ්‍යාපනය හොඳ නැත්නම් ඉහළම රටවලට අපේ අය ගන්නෙ වතිකානුවේ උගත් අය නිසා ද. කොහොමත් වතිකානුවෙන් දෙන උපාධියකට වඩා ලෝකයේ ඕනෑම රටක අපේ උපාධියට රැකියාවක් කරගෙන යහතින් ඉන්න පුළුවන්.ලෝකෙ ඕනෑම රටක අධ්‍යාපන ප්‍රශ්න තියෙනවා. මේක අපට විතරක් සීමාවෙච්ච දෙයක් නෙමෙයි. ඒ නිසා ඔබතුමන්ලා බොර දියේ මාළු බාන්න හදන්න එපා. (නි)
ඔවු. ඔවු. (නි)
කාදිනල්තුමනි, ඔබ නිවැරදියි. (නි)
කිය කිය ඉදල වැඩක් නැහැ, තුවාලේ උඩු දුවන්න කලින් විසදුමක් හොයමු (දී)
අවුල්......අවුල්......අවුල්...... (දී)
මොකද්ද අපි එකට කළයුත්ත (දී)
පිරිවෙන් අධ්‍යාපනය විතරයි ලංකාවේ හරියට උනේ (දී)
දැන් කොච්චර කලෙක ඉදන්ද, කට ඇරලා කෙලින් කියපු ඒක ගැන ස්තුති (දී)
ඔබතුමා කෙලින් කතා කරන ඒක ගැන සතුටුයි (දී)
අපි ඕක දැනගෙන ගොඩක් කල් (දී)
ඔබතුමාට ඕක තේරුණාට හුගදෙනෙකුට තාම තේරුණේ නැහැ. (නි)
තව ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ (දී)
මේ රටේ වෙන හැම දේටම හොදයි කියන සහ කිසිම දෙකට කතා කරන්නේ නැති මැර දෙසපලකයන්ට අහිංසකයි නොකියන මෙතුමා කෙලින් කතා කරපු දේට මගේ ස්තුතිය සහ ගෞරවය ස්තුතියි. (දී)
දැන් ඉන්න දේශපාලක අය ඔය පල්ලි පාසල් වල ඉගෙන ගත්ත අය තමයි. (නි)
කියලා වැඩක් නැහැ
ඉතින් මොකද වෙන්නේ පිටරට යන්න
100% ඇත්ත. හොදටම ඇත්ත (දී)
100% නිවැරදි කතාවක් ඒ කලේ
කොහොමත් කතෝලික පාසල් වල තත්වය ඉහළයි. කතෝලික පාසල් වලට බෞද්ධයන් එන්න මෙතරම් උත්සාහ දරන්නෙ ඒකයි. (නි)
මම හැමදාම කියන්නේ ඕකනේ
ආනේ දැනුයි නින්දෙන් නැගිටලා තියෙන්නේ. අවුරුදු 30ක් මේ රටේ තිබුණ යුද්ධය ගැන, ඊට විරුද්ධව මේ එක කෙනෙක්වත් කට හෙල්ලුවේ නැහැ එදා. (නි)
අගරදගුරුතුමෝ මටනම් ඔක්කොම අවුල් වගේ පේන්ිනේ..!!(නු)
අපේ නායක හාමුදුරුවන් මෙවැනි අවස්ථාවක කතා නොකරන විට කාදිනල් තුමාවත් මේ අවස්ථාවේ කතා කරන එක කාලෝචිතයි.දැන්වත් බලධාරීන් තමන් ගැන නොසිතා අනාගත දරුවන් ගැන සිතා වැඩක් කරයි කියා හිතනවා.(නු)
කටේ මසුරන් දාන්න ඕන..!(නු)
ගරු කාදිනල් තුමාගේ ප්‍රකාශය සීයට සීයක් සත්‍යයි.. ලංකාවෙ අධ්‍යාපනය හා සියළුව ක්ෂේත්‍ර දේශපාලනීකරණය වී හමාරයි...!!(නු)
පෞද්ගලිකව තිබුණානම් අද සහෝදරයින්ට කෑගහන්න වර්ජනය කරන්න මාතෘකාත් නැහැ..!(නු)
ඔබ හරි කාදිනල් තුමා දැං පාසල්වල ගොඩක් විනය පිරිහිලා..!!(නු)
දේශපානය එක හේතුවක් පමණයි..!!(නු)
පාසල් රජයට පවරාගෙන දුප්පත් පොහොසත් ජාති ආගම් භේද නැතුව කාටත් එකම විදියට නිදහස් අධ්‍යාපනය ලබාගන්න උදාවෙච්ච අවස්ථාව ගැන මෙතුමා මොකද අමතක කරන්නෙ. පාසල් රජයට පවාරාගත්ත එක ලංකා ඉතිහාසෙ කරපු හොදම දෙයක්.(නු)
මෙයා කියන විදිහට ඉස්සර මිෂනාරි ඉස්කොල වල තමා විනය තිබ්බෙ.. මෙයාල විනය පෙන්නල ගොඩක් බෞද්ධයො ක්‍රිස්තියානි කළා....(නු)
කතාවනම් හරියට හරි..!!(නු)
ඔබතුමා හරියට හරි.. දේශපාලනය නොගැවුණු ක්ෂේත්‍රයක් තියෙනවාද ලංකාවේ..?(නු)
අධ්‍යපනය විතරක් නම් හොදයිනේ කාදිනල් තුමෝ.. මොකක්ද අවුල් නැත්තේ?(නු)
දැනට අප රටේ පාසල් අධ්‍යාපනය ව්‍යාකූලව ඇති බවත් පාසල් රජයට පවරා ගැනීම එයට ප්‍රධාන හේතුව වශයෙන් ඔබ වහන්සේ අදහස් කලත් අධ්‍යාපනය ව්‍යාකූල බවෙන් මුදවාගන්න මගක් ඔබවහන්සේ විසින් යෝජනා කලානම් නේද හොද?...(නු)
මටනම් ඔක්කොම අවුල් වගේ...!!(නු)
අපේ රටේ අධ්‍යාපනය කොහොම කිව්වත් ඉහළයි..මට නම් හිතෙන්නේ..!!(නු)
අගරදගුරුතුමා ගෙ කතාව ඇත්ත..!(නු)
අධ්‍යාපනය විතරක් නෙමෙයි ඔක්කොම..!!(නු)
ඔබතුමාගේ කටේ මසුරන් දාන්න ඕන. මම බෞද්ධයෙක් නමුත් ඔබතුමා කියන දේමට මමත් එකග වෙනවා..!(නු)
ඔබතුමා සියයට සියයක් හරි.. ඒත් ලංකාවෙ මිනිස්සුන්ට දුර පෙනෙන්නේ නැහැ... බත් පැකට් එකටයි ඡන්දෙ දෙන්නේ.. ඔබතුමාට මේවගේ දෙයක් මාධ්‍යයට කියන්න කොන්ද පණ තිබීම ගැන ගොඩක් සන්තෝෂයි..!(නු)
ඇත්තමයි කාදිනල් තුමෝ.. අවුල් අවුල්.. බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියාම ඔහොම තමයි..!(නු)
ඔබවහන්සේගේ කතාව හරියට හරි...!!(නු)
සම්පූර්ණ ඇත්ත. අධ්‍යාපනයේ ලොකු පුටු වලට සුදුස්සන් පත්කළ යුතුයි. (නි)
අනෙක් රටවල් එක්ක බලනකොට ලංකාවෙ අධ්‍යාපනය ඉතාම ඉහලයි..!!(නු)
කාදිනල්තුමනි, මසුරන් වටිනා කතාවකි. (නි)
සමාවන්න. හේතුව පාසල් රජයට පවරා ගැනීම නොවේ. හැම තැනකම විනය නොමැතිකමයි. (නි)
අපි ඉගෙන ගෙන ඉවරයිනේ අපිට මොකද
අධ්‍යාපනයක් නැති රට ගැන කතා කරන්න දෙයක් නැහැ
කාදිනල්තුමාට සහ කෙවින් මහතාට මම ගෞරවපූර්වකව හිස නමමි. (නි)
කාදිනල්තුමා කියන්නේ ඇත්ත. පන්සල,පල්ලිය මුල්කරගත් අධ්‍යාපන ක්‍රමයකින් තමයි විනය හදන්න පුළුවන්. (නි)
අධ්‍යාපනය දියුණු කරන්න පාසල් රජයට පවරා ගන්නම ඕනෑමද? බස් රජයට ගත්තා ප්‍රවාහනය දියුණු කරන්න. දැන් මොකක්ද තත්ත්වය? (නි)
ඒ විදියට අවුරුදු 50ක් ගතවුණා නම් ලංකාව මේ වෙද්දි ක්‍රිස්තියානු රටක්. (නි)
කාදිනල්තුමාගේ ප්‍රකාශය නම් හරියටම හරි (නි)
ඒක ඇත්ත. බලන්නකෝ ට්‍රිනිටි පාසල. හොද විනයක් ඇති පාසලක්. (නි)
ලංකාවෙ අධ්‍යාපනයේ ඉතිහාසය දන්නා කෙනෙක් එහි උන්නතියට පල්ලියෙන් දුන් දායකත්වය කිසිසේත් අවතක්සේරුවට ලක් නොකරන බවයි මගේ හැඟීම. ලංකාවෙ එතෙක් තිබුණේ ජන්මය අනුව දරුවා උගත යුතු දේ පවා තීරණය වුණු යුගයක්. වරප්‍රසාද ලත් ප්‍රභූ පංතිය සතුව තිබූ වරප්‍රසාදයක් වූ අධ්‍යාපනය සරල සාමාන්‍ය ජනතාවට සමීප කිරීමට සභාව ඉමහත් රුකුලක් වුණා. කතෝලික පාසැල් නගරයට පමණක් සීමා වුණේ නැහැ. (නි)
අම්මප ඇත්තද? පාසල් රජයට පවරන්නේ නැතුව 1962 ට පෙර වගේ කතෝලික පල්ලි වලට පාසල් දීලා, සිංහල බෞද්ධයන් තලන්නද කියන්නේ? (නි)
ලංකාවේ ළමුන්ගේ ඉදිරියට මොකද වෙන්නේ? රට පාලනය කරන කට්ටිය සම්පුර්ණ වගකීම බාර ගන්න ඕනෑ. (නි)
රජයට පවරා ගන්නෙ නැතුව එදා තිබුණා වගේ මිෂනාරි අධ්‍යාපනය දෙන්න කියලද කියන්නේ? හරි ආස ඇති. (නි)
අපි කියලා මොනවා කරන්නද අනේ
ඒ කියන්නෙ මිශනාරි අධ්‍යාපනය තිබ්බ නම් හොඳයි කියන එකනෙ. බලලා මල්ලෙන් එලියට පනිනවා කියන්නෙ ඕවට! පාසල් රජයට නොගත්ත නම් අධ්‍යාපනය අදටත් වරප්‍රසාද ලත් එක් පන්තියකට සීමා උනු දෙයක් වෙනවා! නැත්තන් අපිටත් ආගම මාරු කරන්න වෙනවා. ඒකද මේ ඉල්ලන්නෙ? (නු)
අධ්‍යාපනය විනාශ කරලා තියෙන්නේ අපේම බලධාරීන්. ඔබතුමාටවත් හැකිද මේ ගැන යමක් කරන්න. රටේ අනාගත පරපුරට මෙහෙම ගියොත් මොකද වෙන්නේ? (නි)
ඔබතුමාට වත් හැකිද මේ ගැන යමක් කරන්න ...රටේ අනාගත පරපුරට මෙහෙම ගියොත් මොකද වෙන්නේ(නු)
කතාව ඇත්ත.. අධ්‍යාපනය අවුල් කර දේශපානනය ජය ගන්න සමහරු උත්සාහ කරනවා..!!(නු)
අප්‍රිකාවේ වගේ පුර්ණ යටත්විජිත සංස්කෘතියක් බිහිකරන්න අධිරාජ්‍ය වාදය යොදාගත් මෙවලම තමයි අධ්‍යාපනය. ඒක සම්පුර්ණ කරගන්න බැරි උනේ පාසල් රජයට පවරාගැනීම නිසා. එහෙම නොවුනානම් අධ්‍යාපනය එක්තරා ආගමකට සීමා වෙන්න තිබුනා. ඒ ආගමට හැරෙන්නේ නැතිව උසස් අධ්‍යාපනය ලබන්න බැරි තත්වයක් ලංකාවේ තිබුන. අපේ දෙමාපියෝ ඒකට සාක්ෂි දරනවා. මේ එන්නේ කසකාරයෝ. ලංකාවේ රෙජීම් චේන්ජ් එකකට බටහිර ප්‍රභල රටවල් යටින් වැඩකරමින් ඉන්නවා. එය පෙරමුණු බොහෝ ගණනකින් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. අධ්‍යාපනය කඩාකප්පල් කිරීම එක පෙරමුණක් විතරයි. මේ දවස්වල ඒ කුමන්ත්‍රණය හොඳට නැගල යනවා . කට දේශීය උනාට හඬ බටහිර. (නු)
කළු සුද්දො නම් ටිකක් අඩුයි තමයි..!(නු)
ඒ කියන්නේ පල්ලියෙම තිබ්බනම් හොදයි කියල නේද?(නු)
කාදිනල් තුමානි, පුළුවං නම් දේශපාකඥයන් කළ යුතු හා නොකල යුතු දේ ඔවුන්ට වටහා දෙන්න.. අධ්‍යාපනය විතරක් නෙවෙයි හැම දේම අවුල් වෙලා තියෙන්නේ ඒගොල්ල කළ යුතු දේ හදුනා නොගැනීම නිසයි. ඔබකුමාට ඒක කළොත් ගොඩක් පිං..!!(නු)
ඔබතුමාගේ ප්‍රකාශය නිවැරදියි.. කෙලින් කතා කළාට ප්‍රණාමය..!!(නු)