IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


”අධ්‍යාපනය අවුල්”

පාසල් රජයට පවරාගෙන වසර පනහක් පමණ ගතවී ඇතත් අප රටේ පාසල් අධ්‍යාපනය ව්‍යාකූල වී ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කියති. ”පාසල් රජයට පවරා ගැනීම ඊට හේතුවයි. එදා තුබූ විනය අද නැහැ. එසේ වී ඇත්තේ දේශපාලනය පාසලට ඇතුළුවීම නිසයි.”



අදහස් (0)

”අධ්‍යාපනය අවුල්”

සංජීව Sunday, 16 September 2012 06:12 PM

අපේ රටේ අධ්‍යාපනය කොහොම කිව්වත් ඉහළයි..මට නම් හිතෙන්නේ..!!(නු)

:       0       0

සමන් Monday, 17 September 2012 01:22 PM

100% ඇත්ත. හොදටම ඇත්ත (දී)

:       0       0

සුමින්ද Sunday, 16 September 2012 06:12 PM

මටනම් ඔක්කොම අවුල් වගේ...!!(නු)

:       0       0

අමිල කටුනායක Sunday, 16 September 2012 06:05 PM

අගරදගුරුතුමෝ මටනම් ඔක්කොම අවුල් වගේ පේන්ිනේ..!!(නු)

:       0       0

සේනක Sunday, 16 September 2012 06:07 PM

අධ්‍යපනය විතරක් නම් හොදයිනේ කාදිනල් තුමෝ.. මොකක්ද අවුල් නැත්තේ?(නු)

:       0       0

දුමින්ද Sunday, 16 September 2012 06:07 PM

ඔබතුමා හරියට හරි.. දේශපාලනය නොගැවුණු ක්ෂේත්‍රයක් තියෙනවාද ලංකාවේ..?(නු)

:       0       0

මාරි Monday, 17 September 2012 04:43 PM

කිය කිය ඉදල වැඩක් නැහැ, තුවාලේ උඩු දුවන්න කලින් විසදුමක් හොයමු (දී)

:       0       0

රණා Monday, 17 September 2012 09:18 AM

මට පේන්නේ මේ වෙලාවේ බොරදියේ මාළු බාන්න හදනවා කියලයි..(ස)

:       0       0

මාලක Monday, 17 September 2012 01:51 PM

ඉතින් මොකද වෙන්නේ පිටරට යන්න

:       0       0

පාලිත Monday, 17 September 2012 02:00 PM

කියලා වැඩක් නැහැ

:       0       0

සුරංග Sunday, 16 September 2012 06:37 PM

කතාවනම් හරියට හරි..!!(නු)

:       0       0

සිසිර Monday, 17 September 2012 09:40 AM

වැරැද්ද පාසල්වල අධ්‍යාපනය නෙමෙයි. ඒවට පත්කරලා ඉන්න නිලධාරීන්ගෙයි...(ස)

:       0       0

‍අනුපම Monday, 17 September 2012 02:09 PM

දැන් ඉන්න දේශපාලක අය ඔය පල්ලි පාසල් වල ඉගෙන ගත්ත අය තමයි. (නි)

:       0       0

සත්‍යජිත් Sunday, 16 September 2012 07:39 PM

මෙයා කියන විදිහට ඉස්සර මිෂනාරි ඉස්කොල වල තමා විනය තිබ්බෙ.. මෙයාල විනය පෙන්නල ගොඩක් බෞද්ධයො ක්‍රිස්තියානි කළා....(නු)

:       0       0

සම්පත් Monday, 17 September 2012 09:44 AM

මෙහෙමත් රටක් නම්

:       0       0

සංජු 79 Sunday, 16 September 2012 07:38 PM

පාසල් රජයට පවරාගෙන දුප්පත් පොහොසත් ජාති ආගම් භේද නැතුව කාටත් එකම විදියට නිදහස් අධ්‍යාපනය ලබාගන්න උදාවෙච්ච අවස්ථාව ගැන මෙතුමා මොකද අමතක කරන්නෙ. පාසල් රජයට පවාරාගත්ත එක ලංකා ඉතිහාසෙ කරපු හොදම දෙයක්.(නු)

:       0       0

චන්දුපාල අතලගේ Sunday, 16 September 2012 07:49 PM

දේශපානය එක හේතුවක් පමණයි..!!(නු)

:       0       0

මාධව Monday, 17 September 2012 09:56 AM

කිය කිය ඉදලා හරියන්නේ නැහැ මොක්කාක් හරි කරන්න ඕනේ

:       0       0

මිලාන් Sunday, 16 September 2012 08:20 PM

ඔබ හරි කාදිනල් තුමා දැං පාසල්වල ගොඩක් විනය පිරිහිලා..!!(නු)

:       0       0

මංජු Monday, 17 September 2012 02:37 PM

මේ රටේ වෙන හැම දේටම හොදයි කියන සහ කිසිම දෙකට කතා කරන්නේ නැති මැර දෙසපලකයන්ට අහිංසකයි නොකියන මෙතුමා කෙලින් කතා කරපු දේට මගේ ස්තුතිය සහ ගෞරවය ස්තුතියි. (දී)

:       0       0

Cooray Nawalage Jude Yohan Sunday, 16 September 2012 08:45 PM

පෞද්ගලිකව තිබුණානම් අද සහෝදරයින්ට කෑගහන්න වර්ජනය කරන්න මාතෘකාත් නැහැ..!(නු)

:       0       0

ලක්මාල් Monday, 17 September 2012 10:26 AM

අපේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය කොච්චර උසස්ද කියල තේරෙන්නේ වෙන රටක විශේෂයෙන්ම ආසියා රටවල් එක්ක සන්සන්දනය කරපුවාමයි. ඒ හින්ද ඕනවට වඩා අපේ අධ්‍යාපනයට ගරහන්න එපා,(ස)

:       0       0

සල්ස් Monday, 17 September 2012 10:26 AM

ඔය මුට්ටිය දැම්ම විතරයි..(ස)

:       0       0

රෝහණ Monday, 17 September 2012 10:23 AM

ගණන් ගන්න එපා

:       0       0

රොෂාන් Monday, 17 September 2012 10:23 AM

ඕක වෙලා කොච්චරකල් වෙනවද

:       0       0

ලලිත් Monday, 17 September 2012 02:41 PM

තව ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ (දී)

:       0       0

අරුන්දති Monday, 17 September 2012 02:41 PM

හොදටම අවුල් (දී)

:       0       0

චන්ද්‍රසිරි Monday, 17 September 2012 02:48 PM

අපි ඕක දැනගෙන ගොඩක් කල් (දී)

:       0       0

නිලංක ප්‍රනාන්දු Sunday, 16 September 2012 09:21 PM

ගරු කාදිනල් තුමාගේ ප්‍රකාශය සීයට සීයක් සත්‍යයි.. ලංකාවෙ අධ්‍යාපනය හා සියළුව ක්ෂේත්‍ර දේශපාලනීකරණය වී හමාරයි...!!(නු)

:       0       0

අනුරශාන්ත Sunday, 16 September 2012 09:24 PM

කටේ මසුරන් දාන්න ඕන..!(නු)

:       0       0

ලාල් ගලබොඩ Sunday, 16 September 2012 09:58 PM

අපේ නායක හාමුදුරුවන් මෙවැනි අවස්ථාවක කතා නොකරන විට කාදිනල් තුමාවත් මේ අවස්ථාවේ කතා කරන එක කාලෝචිතයි.දැන්වත් බලධාරීන් තමන් ගැන නොසිතා අනාගත දරුවන් ගැන සිතා වැඩක් කරයි කියා හිතනවා.(නු)

:       0       0

විමුක්ති Monday, 17 September 2012 10:52 AM

මෙතුමා හරි (නි)

:       0       0

ගාමිණී-කුවෙයිට් Sunday, 16 September 2012 10:13 PM

දැනට අප රටේ පාසල් අධ්‍යාපනය ව්‍යාකූලව ඇති බවත් පාසල් රජයට පවරා ගැනීම එයට ප්‍රධාන හේතුව වශයෙන් ඔබ වහන්සේ අදහස් කලත් අධ්‍යාපනය ව්‍යාකූල බවෙන් මුදවාගන්න මගක් ඔබවහන්සේ විසින් යෝජනා කලානම් නේද හොද?...(නු)

:       0       0

විමල් පාලිත Sunday, 16 September 2012 10:13 PM

ඔබතුමාගේ ප්‍රකාශය නිවැරදියි.. කෙලින් කතා කළාට ප්‍රණාමය..!!(නු)

:       0       0

මාරි Monday, 17 September 2012 03:00 PM

ඔබතුමා කෙලින් කතා කරන ඒක ගැන සතුටුයි (දී)

:       0       0

උපාලි Sunday, 16 September 2012 10:24 PM

කාදිනල් තුමානි, පුළුවං නම් දේශපාකඥයන් කළ යුතු හා නොකල යුතු දේ ඔවුන්ට වටහා දෙන්න.. අධ්‍යාපනය විතරක් නෙවෙයි හැම දේම අවුල් වෙලා තියෙන්නේ ඒගොල්ල කළ යුතු දේ හදුනා නොගැනීම නිසයි. ඔබකුමාට ඒක කළොත් ගොඩක් පිං..!!(නු)

:       0       0

රෝහණ Sunday, 16 September 2012 10:25 PM

ඒ කියන්නේ පල්ලියෙම තිබ්බනම් හොදයි කියල නේද?(නු)

:       0       0

සුනිල් Monday, 17 September 2012 11:02 AM

අපි මොකද කරන්නේ ඉතින්

:       0       0

සුමිත් Sunday, 16 September 2012 10:33 PM

කළු සුද්දො නම් ටිකක් අඩුයි තමයි..!(නු)

:       0       0

තිලක් Sunday, 16 September 2012 10:36 PM

අප්‍රිකාවේ වගේ පුර්ණ යටත්විජිත සංස්කෘතියක් බිහිකරන්න අධිරාජ්‍ය වාදය යොදාගත් මෙවලම තමයි අධ්‍යාපනය. ඒක සම්පුර්ණ කරගන්න බැරි උනේ පාසල් රජයට පවරාගැනීම නිසා. එහෙම නොවුනානම් අධ්‍යාපනය එක්තරා ආගමකට සීමා වෙන්න තිබුනා. ඒ ආගමට හැරෙන්නේ නැතිව උසස් අධ්‍යාපනය ලබන්න බැරි තත්වයක් ලංකාවේ තිබුන. අපේ දෙමාපියෝ ඒකට සාක්ෂි දරනවා. මේ එන්නේ කසකාරයෝ. ලංකාවේ රෙජීම් චේන්ජ් එකකට බටහිර ප්‍රභල රටවල් යටින් වැඩකරමින් ඉන්නවා. එය පෙරමුණු බොහෝ ගණනකින් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. අධ්‍යාපනය කඩාකප්පල් කිරීම එක පෙරමුණක් විතරයි. මේ දවස්වල ඒ කුමන්ත්‍රණය හොඳට නැගල යනවා . කට දේශීය උනාට හඬ බටහිර. (නු)

:       0       0

දිනේෂ් Monday, 17 September 2012 03:06 PM

දැන් කොච්චර කලෙක ඉදන්ද, කට ඇරලා කෙලින් කියපු ඒක ගැන ස්තුති (දී)

:       0       0

ආරිස් Sunday, 16 September 2012 10:30 PM

කතාව ඇත්ත.. අධ්‍යාපනය අවුල් කර දේශපානනය ජය ගන්න සමහරු උත්සාහ කරනවා..!!(නු)

:       0       0

කෝරළ Monday, 17 September 2012 11:12 AM

සුද්දො ලන්කවට කරලා ගියපු දෙය තමයි මේ. මුලින් තිබුනෙ පන්සල මුල් කරගෙන තිබුණු පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයයි. අන්න ඒ කාලෙ තමයි විනය තිබුනෙ. පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය නැතිකළේ සිංහල බෞද්ධයන් නැතිකරන්නයි. මිෂනාරි අධ්‍යාපනය තමයි සිංහල බෞද්ධයන් පාගලා සමස්ත අධ්‍යපනයම නැතිකළේ. දැන් කියනවා විනය නැතිලු. (නි)

:       0       0

මාරි Monday, 17 September 2012 03:06 PM

පිරිවෙන් අධ්‍යාපනය විතරයි ලංකාවේ හරියට උනේ (දී)

:       0       0

ප්‍රනාන්දු Sunday, 16 September 2012 10:44 PM

ඔබතුමාට වත් හැකිද මේ ගැන යමක් කරන්න ...රටේ අනාගත පරපුරට මෙහෙම ගියොත් මොකද වෙන්නේ(නු)

:       0       0

ප්‍රනාන්දු Sunday, 16 September 2012 10:44 PM

අධ්‍යාපනය විනාශ කරලා තියෙන්නේ අපේම බලධාරීන්. ඔබතුමාටවත් හැකිද මේ ගැන යමක් කරන්න. රටේ අනාගත පරපුරට මෙහෙම ගියොත් මොකද වෙන්නේ? (නි)

:       0       0

පුංචි බණ්ඩා Monday, 17 September 2012 11:14 AM

මම අභියෝග කරනවා ඔය කාදිනල්තුමාට පුලුවන්නම් පෙන්නන්න කියලා රටේ නමගිය බෞද්ධ පාසල් වලද විනය තියෙන්නේ, ඔය තවමත් කතෝලික සබාව පාලනය කරන පාසල්වලද කියලා. හොදට බලන්න වැඩිහරියක් උගත් බුද්ධිමතුන් බිහිවෙන්නේ, රටට සේවයක් කරපු මහත්වරුන් බිහි වෙලා තියෙන්නේ මොන පාසල් වලින්ද කියලා. හොදම සාක්ෂිය කොළඹ පාසල්, ආනන්ද , නාලන්ද ට වඩා හොදට විනයක් තියෙන කතෝලික පාසලක් තියෙනවද? අඩුම තරමේ අනෙක් පාසල්වල පිළිවෙලට නිල ඇදුමවත් අදිනවද කියලා බලන්න. (නි)

:       0       0

තිල් Monday, 17 September 2012 12:23 AM

ඒ කියන්නෙ මිශනාරි අධ්‍යාපනය තිබ්බ නම් හොඳයි කියන එකනෙ. බලලා මල්ලෙන් එලියට පනිනවා කියන්නෙ ඕවට! …පාසල් රජයට නොගත්ත නම් අධ්‍යාපනය අදටත් වරප්‍රසාද ලත් එක් පන්තියකට සීමා උනු දෙයක් වෙනවා! නැත්තන් අපිටත් ආගම මාරු කරන්න වෙනවා. ඒකද මේ ඉල්ලන්නෙ? (නු)

:       0       0

තාරක Monday, 17 September 2012 12:34 AM

අපි කියලා මොනවා කරන්නද අනේ

:       0       0

සංඛ Monday, 17 September 2012 01:17 AM

සමාවන්න. හේතුව පාසල් රජයට පවරා ගැනීම නොවේ. හැම තැනකම විනය නොමැතිකමයි. (නි)

:       0       0

නමෝ Monday, 17 September 2012 11:27 AM

එහෙම කියා කියා ඉදලා හරි යයිද

:       0       0

උපාලි Monday, 17 September 2012 01:34 AM

ලංකාවේ ළමුන්ගේ ඉදිරියට මොකද වෙන්නේ? රට පාලනය කරන කට්ටිය සම්පුර්ණ වගකීම බාර ගන්න ඕනෑ. (නි)

:       0       0

අමිල Monday, 17 September 2012 03:27 AM

අම්මප ඇත්තද? පාසල් රජයට පවරන්නේ නැතුව 1962 ට පෙර වගේ කතෝලික පල්ලි වලට පාසල් දීලා, සිංහල බෞද්ධයන් තලන්නද කියන්නේ? (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 17 September 2012 03:35 AM

ලංකාවෙ අධ්‍යාපනයේ ඉතිහාසය දන්නා කෙනෙක් එහි උන්නතියට පල්ලියෙන් දුන් දායකත්වය කිසිසේත් අවතක්සේරුවට ලක් නොකරන බවයි මගේ හැඟීම. ලංකාවෙ එතෙක් තිබුණේ ජන්මය අනුව දරුවා උගත යුතු දේ පවා තීරණය වුණු යුගයක්. වරප්‍රසාද ලත් ප්‍රභූ පංතිය සතුව තිබූ වරප්‍රසාදයක් වූ අධ්‍යාපනය සරල සාමාන්‍ය ජනතාවට සමීප කිරීමට සභාව ඉමහත් රුකුලක් වුණා. කතෝලික පාසැල් නගරයට පමණක් සීමා වුණේ නැහැ. (නි)

:       0       0

ප්‍රවීන් Monday, 17 September 2012 03:38 PM

මොකද්ද අපි එකට කළයුත්ත (දී)

:       0       0

වසන්ත Monday, 17 September 2012 03:37 AM

ඒක ඇත්ත. බලන්නකෝ ට්‍රිනිටි පාසල. හොද විනයක් ඇති පාසලක්. (නි)

:       0       0

සමන් Monday, 17 September 2012 04:33 AM

කාදිනල්තුමාගේ ප්‍රකාශය නම් හරියටම හරි (නි)

:       0       0

ප්‍රභාත් Monday, 17 September 2012 05:06 AM

ඒ විදියට අවුරුදු 50ක් ගතවුණා නම් ලංකාව මේ වෙද්දි ක්‍රිස්තියානු රටක්. (නි)

:       0       0

ලුම්බිණි Monday, 17 September 2012 06:13 AM

අධ්‍යාපනය දියුණු කරන්න පාසල් රජයට පවරා ගන්නම ඕනෑමද? බස් රජයට ගත්තා ප්‍රවාහනය දියුණු කරන්න. දැන් මොකක්ද තත්ත්වය? (නි)

:       0       0

සුගත් Monday, 17 September 2012 06:43 AM

කාදිනල්තුමා කියන්නේ ඇත්ත. පන්සල,පල්ලිය මුල්කරගත් අධ්‍යාපන ක්‍රමයකින් තමයි විනය හදන්න පුළුවන්. (නි)

:       0       0

පවන් Monday, 17 September 2012 10:01 PM

කාදිනල්තුමනි, ඔබ නිවැරදියි. (නි)

:       0       0

සමන් Monday, 17 September 2012 07:17 AM

කාදිනල්තුමාට සහ කෙවින් මහතාට මම ගෞරවපූර්වකව හිස නමමි. (නි)

:       0       0

තිස්ස Monday, 17 September 2012 07:19 AM

අධ්‍යාපනයක් නැති රට ගැන කතා කරන්න දෙයක් නැහැ

:       0       0

තාරක Monday, 17 September 2012 07:27 AM

අපි ඉගෙන ගෙන ඉවරයිනේ අපිට මොකද

:       0       0

වරුණ Monday, 17 September 2012 07:22 AM

ඔබතුමාට ඕක තේරුණාට හුගදෙනෙකුට තාම තේරුණේ නැහැ. (නි)

:       0       0

කළණ ජේ. Monday, 17 September 2012 07:29 AM

දැන් මෙතන අත්පුඩි ගගහා කාදිනල්තුමාගේ කටේ මසුරන් දාන්න හදන කට්ටියට මෙතන ප්‍රතිචාරයක් දාන්න ඉන්ටනෙට් එන්න තියා අකුරක් ලියාගන්න තරම් අධ්‍යාපනයක් ගන්න බැරි වෙනවා ඔය කියන විදිහට පාසල් පවරගත්තේ නැත්තම්. ලුම්බිණි, බස් ජනසතු කළාට පස්සේ ඒවා හොඳට දිවුවා, පුද්ගලික බස් එනකම්. අද ලංගමට දියුණු වෙන්න බැරි පුද්ගලික බස් මුදලාලිලගේ මාෆියාව නිසා. බලන්න ලංගමයේද, පුද්ගලික බස් වලද විනයක් තියෙන්නේ කීයලා. (නි)

:       0       0

දොන් Monday, 17 September 2012 10:47 PM

ඔවු. ඔවු. (නි)

:       0       0

ධම්මික Sunday, 16 September 2012 04:33 PM

රජයට පවරා ගන්නෙ නැතුව එදා තිබුණා වගේ මිෂනාරි අධ්‍යාපනය දෙන්න කියලද කියන්නේ? හරි ආස ඇති. (නි)

:       0       0

නසාර් Monday, 17 September 2012 07:31 AM

ඇමතිවරුන්ට අවුරුදු 60න් පෙන්ෂන් දෙන ක්‍රමයක් හැදුවොත් හොදයි. (නි)

:       0       0

ඩෙන්සිල් Monday, 17 September 2012 08:08 AM

මෙම අධයාපන පිරිහීම ගැන ගිහිපැවිදි මැදිහත්වීමක් අවශ්‍යයි (නි)

:       0       0

ගයා Sunday, 16 September 2012 05:02 PM

කාදිනල්තුමනි, මසුරන් වටිනා කතාවකි. (නි)

:       0       0

චරිත් Monday, 17 September 2012 01:02 PM

ආනේ දැනුයි නින්දෙන් නැගිටලා තියෙන්නේ. අවුරුදු 30ක් මේ රටේ තිබුණ යුද්ධය ගැන, ඊට විරුද්ධව මේ එක කෙනෙක්වත් කට හෙල්ලුවේ නැහැ එදා. (නි)

:       0       0

හිරන්ත Sunday, 16 September 2012 05:13 PM

අනෙක් රටවල් එක්ක බලනකොට ලංකාවෙ අධ්‍යාපනය ඉතාම ඉහලයි..!!(නු)

:       0       0

මිලාන් Monday, 17 September 2012 08:19 AM

විශේෂයෙන්ම විනයක් නැත්තේ ජාත්‍යන්තර පාසල්වලයි (නි)

:       0       0

මාරි Monday, 17 September 2012 04:20 PM

අවුල්......අවුල්......අවුල්...... (දී)

:       0       0

උදය Sunday, 16 September 2012 05:08 PM

සම්පූර්ණ ඇත්ත. අධ්‍යාපනයේ ලොකු පුටු වලට සුදුස්සන් පත්කළ යුතුයි. (නි)

:       0       0

ලක්ෂ්මන් Monday, 17 September 2012 08:23 AM

පළමුව තමන්ගේ පාසලට ගරුකිරීම සියල්ල‍න්ගේම යුතුකමයි (නි)

:       0       0

සමන් Monday, 17 September 2012 08:23 AM

පාසල් රජයට පවරා ගැනීම ඊට හේතුවයි.

:       0       0

සුදත් Monday, 17 September 2012 08:33 AM

රට ගැන දුකයි

:       0       0

ජීව Tuesday, 18 September 2012 12:24 AM

යුද්ධය තියෙනකල් කටක් ඇරගන්න බැරිව හිටිය මෙතුමන්ලා, දැන් අපේ රටේ පිනුම් ගහන්න හදනවා. අපේ අධ්‍යාපනය හොඳ නැත්නම් ඉහළම රටවලට අපේ අය ගන්නෙ වතිකානුවේ උගත් අය නිසා ද. කොහොමත් වතිකානුවෙන් දෙන උපාධියකට වඩා ලෝකයේ ඕනෑම රටක අපේ උපාධියට රැකියාවක් කරගෙන යහතින් ඉන්න පුළුවන්.ලෝකෙ ඕනෑම රටක අධ්‍යාපන ප්‍රශ්න තියෙනවා. මේක අපට විතරක් සීමාවෙච්ච දෙයක් නෙමෙයි. ඒ නිසා ඔබතුමන්ලා බොර දියේ මාළු බාන්න හදන්න එපා. (නි)

:       0       0

පැට්‍රික් කටාර් Sunday, 16 September 2012 05:33 PM

ඔබවහන්සේගේ කතාව හරියට හරි...!!(නු)

:       0       0

kumaara Monday, 17 September 2012 01:11 PM

මම හැමදාම කියන්නේ ඕකනේ

:       0       0

සම්පත් කල්පගේ Sunday, 16 September 2012 05:34 PM

ඇත්තමයි කාදිනල් තුමෝ.. අවුල් අවුල්.. බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියාම ඔහොම තමයි..!(නු)

:       0       0

කිත්සිරි Monday, 17 September 2012 08:48 AM

අපේ රටේ ජන ජීවිතය, මිනිස්සුන් ගේ ආකල්ප... මේ හැම දෙයක් ම ව්‍යාකූල වෙලා ... එකක් එක්කෙනාට පේන තැන වලට ඇඟිල්ල දික් කරාට හරියන්නේ නැහැ... හැමෝම තරගෙට වැරදි කර කර අනිත් අයගේ වැරදි පෙන්නන සමාජයක අපි ඉන්නේ....(ස)

:       0       0

කුරුප්පු Tuesday, 18 September 2012 12:41 AM

100% අවුල්

:       0       0

අමිල Monday, 17 September 2012 08:42 AM

මෙතන මේ පල්ලියට පාසල් නැවත දීම හොඳයි යයි දක්වා ඇති බෞද්ධයන් වෙතයි. අපගේ සිංහල භික්ෂුන් වහන්සේලා හා L .H . මෙත්තානන්ද මහතා ප්‍රමුඛ ගිහි පරපුර පාසල් පල්ලියෙන් වෙන්කිරීමට දායක වුනේ නැත්තතම් නිවට බෞද්ධයනි අද මේ රට තවත් ස්පාඥ්ඥ වරු යටත් කරගත් කතෝලික පිලිපීනයක් වී හමාරය. ඔබලාට බුදු සරණයි.

:       0       0

දෙරණ Monday, 17 September 2012 01:13 PM

කොහොමත් කතෝලික පාසල් වල තත්වය ඉහළයි. කතෝලික පාසල් වලට බෞද්ධයන් එන්න මෙතරම් උත්සාහ දරන්නෙ ඒකයි. (නි)

:       0       0

කෙවින් Sunday, 16 September 2012 06:00 PM

ඔබතුමා සියයට සියයක් හරි.. ඒත් ලංකාවෙ මිනිස්සුන්ට දුර පෙනෙන්නේ නැහැ... බත් පැකට් එකටයි ඡන්දෙ දෙන්නේ.. ඔබතුමාට මේවගේ දෙයක් මාධ්‍යයට කියන්න කොන්ද පණ තිබීම ගැන ගොඩක් සන්තෝෂයි..!(නු)

:       0       0

මංජු Monday, 17 September 2012 08:47 AM

අ‍පේ අධ්‍යපනය හොදයි . වැරැද්ද පාලකයින්ගේ .(ස)

:       0       0

හේරත් Monday, 17 September 2012 08:55 AM

ඕක කියන්නත් දෙයක්ද

:       0       0

බණ්ඩාර Sunday, 16 September 2012 06:11 PM

ඔබතුමාගේ කටේ මසුරන් දාන්න ඕන. මම බෞද්ධයෙක් නමුත් ඔබතුමා කියන දේමට මමත් එකග වෙනවා..!(නු)

:       0       0

කල්පගේ Monday, 17 September 2012 01:20 PM

100% නිවැරදි කතාවක් ඒ කලේ

:       0       0

දමිත Sunday, 16 September 2012 06:12 PM

අධ්‍යාපනය විතරක් නෙමෙයි ඔක්කොම..!!(නු)

:       0       0

අමිලා Sunday, 16 September 2012 06:12 PM

අගරදගුරුතුමා ගෙ කතාව ඇත්ත..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 102 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 306 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 213 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 213 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 158 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 538 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39811 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site