දක්ෂිණ අධිවේගී මාර්ගයේ වේග සීමාව පැයට කිලෝ මීටර 100 ඉක්මවූ රියදුරන් 5147 ට නඩු පවරා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි. එහි සිදුවූ මාරක හයකින් පහකට හේතුව අධික වේගය හා ආසන පටි නොපැලඳීම බව ද ඔහු මේ දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී හත් දෙනකු මිය ගිය බව ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගය කියන එකවත් දන්නේ නැද්ද? අධිවේගය යනු පැයට කිලෝ මීටර්120 ට වඩා වැඩි විය යුතුයි.එහෙනම් මොකටද ඕකට අධිවේගී මාර්ගය කියලා දැම්මේ? (නි)
අධිවේගයෙන් අපායට යන අය ගියදෙන්. (නි)
කීර්ති කියපු දේ ලියන්න තමයි මමත් ගියේ. සල්ලිත් දීලා අධිවේගේ යන්නේ ඉක්මනින් යන්න. නැත්නම් ගාලු පාරේ යනවනේ හිමින්. නරකම නැහැ, අධිවෙගෙට සල්ලිත් දීලා...දඩත් ගෙව්වහම ආදායම් දෙකයිනේ.(නදී)
විදේශයන්හි අධිවේග මාර්ගවල ධාවන පථ 3 තියනවා. පැයය කිලෝමීටර් 80 අඩු( පිටවීමේදී හා වයසක අය බොහෝවිට මෙ පථය භාවිත කරයි )80 -120 හා 120 ට වැඩි ඉතින් අනතුරු අඩුයි .ලංකාවේ ට්‍රැක් කීයක් තියනවද ?මම දන්නේ නැති නිසා ඇහුවේ .(නදී)
හයි ස්පීඩ් අල්ලන්න පොලිසිය මහන්සි වෙන්න ඕනෑ නැහැ. අනිත් රටවල වගේ ස්වයංක්‍රිය කැමරා ටිකක් සවිකලා නම් ලේසියෙන්ම දඩ කොලය ගෙදරට යවන්න පුළුවන්. උසාවි ගානේ රස්තියාදු වෙන්න ඕනෑත් නැහැනේ. (නි)
අධිවේගී මාර්ග වල 120 වේග සීමාව කියන්නේ හොද එකක් නෙමෙයි (නි)
100 අඩුවෙන් යන්න නම් අධිවේගී මාර්ග ඕනෑ නැහැ. අවම වශයෙන් ඔය වේග සිමාව 120 වත් වෙන්න ඕනෑ. නිකන් බොරුවට නමට විතරක් අධිවේගී මාර්ග කියලා හදලා වැඩක් නැහැ. දවසක් එක ඇමති කෙනෙක් ප්‍රසිද්ධියේම කිව්වා එතුමා 180 ට ආවා කියලා. ඔය නඩු පවරපු 5147 ට ඒ ඇමැතිතුමාත් ඇතුලත් වෙනවා නේ ද (නි)
බන්දුල, අපිට ඔය අධිරජ්‍යවාදීන්ගේ ක්‍රමවේද ඕනෑ නැහැ. අපි අපේ ක්‍රමයට මාර්ග නීති රකිනවා. (නි)
අධිවේගී මාර්ගයක සාමාන්‍ය වේගය පැයට කිමී 120. එක්ස්ප්‍රස් වේ එකක නම් ඊටත් වැඩියි. ඒ වේගයෙන් වාහන පැදෙව්වා කියලා නම් අනතුරු වෙන්නේ නැහැ. මම නම් හිතන්නේ ලංකාවේ අධිවේගී මාර්ගය ඩිසයින් කරලා තියෙන හැටි වැරදියි. නමට විතරක් අධිවේගී මොකටද? (නි)
සිතේ ඇති වෙන වේගයත් පාලනය කර ගන්න පුලුවන්නම් ,ඔය කොයි වේගයත් සාමාන්‍ය වේගයක් වේවි. (නි)
මාර්ගය වේග සීමාව 100 නම් අපි හැමෝම ඒ නීතියට යටත් වෙන්න ඕනෑ. (නි)
නඩු දාන්නේ නැතුව එවෙලේම දඩ ගහන්න බැරිද? (නි)
එතකොට අර 120 ට වඩා හැමදාම යන ඇමතිතුමාට නඩු දාන්නේ නැද්ද? ලෝකයේ රටක් දියුණු වෙනකොට නීතිය හැමෝටම එක විදියට ක්‍රියාත්මක වෙන්න ඕනෑ. නමුත් ලංකාව ගැනනම් කණගාටුයි. ලංකාව දුෂිත රටක් වෙන්නේ මේ විදියට තමයි. (නි)
ඔන්න දැන් 100 වැඩියෙන් යන කට්ටියට ගෙවලා යන්න නොකියා කියනවා (නි)