IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අධිවේගයේදී අඹු සැමි යුවලක් මරුට

බද්දේගම පිවිසුම අසළ කිලෝ මීටර 81.9 දී අද උදේ සිදුවූ අනතුරින් වීරකැටියේ පදිංචි පියසේන රූබසිංහ (77) හා චන්ද්‍රා රූබසිංහ (60) යන අඹුසැමි යුවලක් මියගිය බව පොලීසිය කියයි. මියගිය රූබසිංහ මහතා හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හා ජනාධිපති මාධ්‍ය කටයුතුවලට සම්බන්ධ ආරිය රූබසිංහ මහතාගේ සහෝදරයාය. අධිවේගී මාර්ගයේ එක් අනතුරකින් දෙදෙනකු මිය ප්‍රථම අවස්ථාව මෙයයි.

බද්දේගම පිවිසුම පසුකොට ධාවනය වූ වෑන් රථය අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටත් පස් කණ්ඩියත් අතර ඇති කුඩා ඉඩකින් රිංගා මීටර 150 ක් පමණ ඇදී ගොස් බද්දේගම වඳුරඹ මාර්ගයට ඉහළින් ඇති පාලමෙන් පහළට වැටී එම මාර්ගය අයිනේ නතර වී තිබිණි. ප්‍රදේශවාසීන් පවසන්නේ පාරෙන් ඉවතට ආ වෑන් රථය රෝද දෙකකින් පැමිණෙන්නට ඇති බවයි. උදෑසන 6.00 ට පමණ සිදුව ඇති මේ අනතුරින් තුවාල ලැබූ රූබසිංහ මහතා එම ස්ථානයේදීම මියගොස් සිටි අතර චන්ද්‍රා රූබසිංහ මහත්මිය කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කිරීමෙන් පසුව මියගියාය. රථය පදවාගෙන ආ රියදුරාත් මියගිය යුවලගේ පුතකුත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. අනතුර වූ අවස්ථාවේ රථයේ තිබූ රුපියල් ලක්ෂ 350,000 ක් පැය කිහිපයකට පසු වෑන් රථයේ තිබී බද්දේගම පොලීසියේදී සොයාගන්නා ලදී. ඥාතීන් පැවසුවේ සතයකදු අඩු නැතිව එම මුදල තිබුණු බවයි.

 



අදහස් (0)

අධිවේගයේදී අඹු සැමි යුවලක් මරුට

සහන් Sunday, 28 April 2013 05:14 PM

හයි ස්පීඩ් කැමරා දාලා දඩ ගැහුවා නම් වේගෙත් පාලනය වෙලා මැරෙන එකත් නැතිවෙයි (නි)

:       0       0

ප්‍රියන්ත-ඔස්ට්‍රේලියා Sunday, 28 April 2013 06:06 PM

රියදුරන් අදිවේගී මාර්ගවල රිය පදවන්නේ මෑතක සිටය. ලංකාවේ මීට පෙර පාරවල් වල උපරිම වේගය කි.මී 60. මෙම අනතුරු සදහා වාහනවල ප්‍රමිතිය, අදික වේගය,දුරකථන බාවිතය, නින්ද යාම, මාර්ග නීති පිලිනොපැලිදීම, මාර්ගවල ප්‍රමිතිය, පළපුරුද්ද වැනි බොහෝ හේතු වේ. ලංකාවේ අදි වේගී මාර්ග උවමනාය. මෙවැනි දේවල් මුල් කාලයේදී සුලබය. රිය දුරන්ගේ ප්‍රමිතිය වර්දනය කිරීමේ වැඩ සටහන් උවමනාය. එම දේපොළට නිවන් සුව. (නදී)

:       0       0

අනුරුද්ධ Sunday, 28 April 2013 06:13 PM

දයාබර රන්ජිත්, ඔබගේ දෙමාපිය දෙපලට නිවන් සුව පතන අතර මතු අත් භවයක මෙවන් මරණයක් ඇත නොවේවායි පතමි. ඔබට ඉක්මන් සුවය පතමි.(නදී)

:       0       0

නෙතුමි Monday, 29 April 2013 06:09 PM

වාරවිට වගේ අයලා බලන්නේ දෙයක වාසිය විතරයි වගේ.. නොදැකපු හංගපු අවැසි ඒ අය නොදන්නා එක ගැන කනගාටුයි. (අ)

:       0       0

ගිමාල් Sunday, 28 April 2013 06:41 PM

මියගිහිල්ල තියන්නේ මගේ යාලුවෙකුගේ අම්මයි තාත්තයි. යාළුවා කරාපිටිය ඉස්පිරිතාලේ. යාළුවා නම් සුව අතට හැරිලා කියල ආරංචි වුනා. හරිම දුක්බර ආරංචියක්. (නි)

:       0       0

පාලිත Monday, 29 April 2013 01:49 PM

මෙම මාර්ගයේ දෝෂ ගොඩක් තියෙනවා. ඒකාකාරි බවක් නැහැ. එක්වරම බම්ප් වෙන ස්ථාන තියෙනවා. 100 වගේ වේගයෙන් යනවිට එක්වරම සිදුවෙන එවැනි බම්ප් වීමක් පාලනය කරගන්න අමාරුයි. මෙම මාර්ගයේ බොහොමයක් පාලම් ආසන්නයේ මෙම තත්වය ඉතා දරුණු ලෙස තියෙනවා. අදාල අනතුරටත් හේතුව මෙයම විය යුතුයි.(නදී)

:       0       0

හිරන්ත ලන්ඩන් සිට Sunday, 28 April 2013 06:59 PM

මම හිතන හැටියට අධිවේගී මාර්ගයේ රිය පැදවීම පිළිබදව රියදුරන්ට නිසි අවබෝධයක් සහ පුහුණුවක් නොමැතිවීම, මාර්ග සංඥා සහ වේග සිමා පිළිබද නොතැකීම, අධිවේගී මාර්ගය එක් දිසාවකට මං තීරු දෙකකින් පමණක් සමන්විත වීම, අනතුරක් වළක්වා ගැනීම පිළිබදව අවබෝධයක් සහ නිසි පුහුණුවක් නොමැතිවීම, රියදුරන් සහ මගින් ආරක්‍ෂිත පටි නොපැළදීම සහ අසා ඇති පරිදි මාර්ගය තිව්‍ර වංගු සහිත ස්ථාන බහුල වීම යන කරුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරු මෙතරම් බහුල වීමට බලපා ඇතයි සිතමි. මේ පිළිබදව මාර්ගය භාවිත කරන අය මෙන් ම බලධාරීන් ද අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය මෙන්ම වැදගත් ද වේ (නි)

:       0       0

ජනක Tuesday, 30 April 2013 07:47 PM

මම මේ අය දන්නවා. අනතුර වෙලා තියෙන්නේ රියදුරුට නින්ද යාම නිසා. හරියටම වෙච්චදේ දන්නේ නැතුව කීයක් කතා මෙතන දාල තියනවද...(නු)

:       0       0

බන්දුල-කටාර් Sunday, 28 April 2013 07:19 PM

අනේ මන්දා පිටරටවල තියන තරමක් තියෙන්නේ අදිවේගී පාරවල් නමුත් මේ වගේ දරුණු අනතුරු නම් දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. මෙතන කුමක් හෝ ගැටළුවක් තියනවා.(නදී)

:       0       0

කාවින්දි Sunday, 28 April 2013 07:38 PM

රියදුරු මහතා පව්.ඒ මනුස්සයට ලැබිය යුතු දේවල් ලැබිය යුතුයි. ඔක්කොම පව් කියන්නේ ලොක්කන්ට විතරයි. ඔබට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

නෙතුමිණි Monday, 29 April 2013 09:14 AM

උන සෙතේ පහසුවයි සල්ලියි. ඒ සේතෙනුත් වැඩක් නැහැ මේවගේ දේවල් අහන දකිනකොට. හැමදේම හොඳ පැත්ත බලන එක හොදයි. ඒත් හැම දේටම නෙමේ.(නදී)

:       0       0

ෂනිල් Sunday, 28 April 2013 07:53 PM

අධි වේගයේ ගියත් නැතත් වෙලාවට මැරෙනවා.(නදී)

:       0       0

එරංග Sunday, 28 April 2013 07:56 PM

අදිවේගය හදලා තියෙන්නේ ප්‍රමිතියට තමියි. නමුත් ලංකාවේ ප්‍රමිතියට රිය පදවන්න දන්නේ නැහැ. නෙතුමි ඔයා දන් නැහැ තවම අදිවෙගයෙන් රටට වෙච්ච සෙතේ. දැන්නැතුව කතා කරන්න එපා. මිනිස්සු තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්නේ නැත්නම් එකට වෙන අයට බැනල වැඩක් නැහැ.(නදී)

:       0       0

එරංග Tuesday, 30 April 2013 09:10 PM

ජනක ඔයා හරි. දෙයක් ගැන හරියට නොදැන කතා කරන එක වැරදියි.නෙතුමි තර්ක කරන්න හොදයි, නමුත් අදහස් හරි මෝඩයි.කෙනෙක්ට අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. එහෙත් තව කෙනෙක් ඒ අදහස් තර්කානුකුලව බිද හෙලනවා නම් ඒක ඍණාත්මක න්‍යයායක් කියලා දන්නෙ නැතුව ඇති. (නි)

:       0       0

නෙතුමි Sunday, 28 April 2013 12:16 PM

අධිවේගී මාර්ගයන් අධිවේගීව මිනිස් ජීවිතත් ගිලගනී. එදත් අදත් හෙටත් ඕවා ඇහීම මිසක් කෙළවරක් කවදාවත් තියෙයිද? මේ පුංචි රටට අධිවේගී දාලා වුණ සෙතක් නැහැ තාම.. (නි)

:       0       0

මොහමෙඩ් රිස්වාන් - සව්දි අරාබිය Sunday, 28 April 2013 12:19 PM

මිනිසුන්ට වැඩිය සල්ලි ලොකු වෙන්නෙ නැහැ. (නි)

:       0       0

කොස්නත්ත Sunday, 28 April 2013 12:21 PM

රුපියල් ලක්ෂ 350,000 ක් කියනේ මටනම් තේරුනේ නැහැ.

:       0       0

වසන්ත Sunday, 28 April 2013 12:21 PM

කණගාටුයි සිද්ධ වුණ විපතට. කාලය ඉතිරි කරගන්න අපි හැමෝම හයිවේ එකේ යන්න කැමතියි. ඒත් වැඩිහරියක් වාහන වේගයෙන් යන්න හොඳ තත්වයේ නැහැ. ඒ වගේම මම අත්දැකීමෙන් දන්නවා දවස පුරා මහන්සිවෙන රියැදුරන්ට හයිවේ යනකොට නින්ද යනවා. අඩුම තරමින් ඒ වගේ වෙලාවක ශක්ති ජනක පානයක් බීලා යන්න. අර ලෝක ප්‍රසිද්ධ ශක්ති ජනක පානය ශරීරයට හොඳ නැහැ කියලා නොබී ඉන්නවට වඩා ජීවිතය වටිනවා නේද? (නි)

:       0       0

පුබුදු Sunday, 28 April 2013 12:35 PM

ජාත්‍යයන්තර ප්‍රමිතියට නැති පාරක්ද කොහෙද? (නි)

:       0       0

රිස්වාන් ඩුබාඊ Sunday, 28 April 2013 12:37 PM

ඔබ දෙදෙනාට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

නෙතුමි Sunday, 28 April 2013 09:00 PM

එරංග ඔයාට රිදෙන්න දෙයක් මම කිවුවේ නැහැ,, රටට මොන සෙතක් උනත් ඉන්න මිනිස්සු ටික නැතිඋනාම හොඳ ඇති එහෙනම්. කාගේ වරද උනත් නැතිවෙන්නේ මිනිස්සුනේ. මටනම් තාම සෙතක් ඇහිලා නැහැ.(නදී)

:       0       0

ලුම්බිණි Sunday, 28 April 2013 01:00 PM

දැන් පාරවල් හොඳ නිසා වේගයෙන් යන්න. මේ උපදෙස් පිළිපැදලා අවසන් ගමනත් යන්න. ඇයි තේරුම් ගන්න බැරි තමන්ට පාලනය කර ගන්න බැරි වේගයෙන් ගියාම මේ වගේ අනතුරු වෙයි කියලා. (නි)

:       0       0

එරංග Monday, 29 April 2013 09:22 PM

එහෙනම් ඔයා කණගාටු වේවි ඉන්න. වෙන කරන්න දෙයක් නැ. හැම දේකම රිනාත්මක පැත්ත විතරක් නෙමෙයි ධනාත්මක පැත්තත් බලන්න.(නදී)

:       0       0

නෙතුමි Wednesday, 01 May 2013 01:12 PM

මගේ අදහස් මෝඩයි කියන්නේ ඔය මොන පදනමකින්ද?  මෙතන මට ගැටලුවක් උනේ නැහැ බෟතික අධිවේගි මාර්ගය ගැන, එවැනි දෙයක් පරිහරණයට අලුත් ප්‍රාථමික අපිවගේ රටවල්වල ඉන්න බොහෝ රියදුරන් ගැන මෙහි පරිපාලනය අවදානය යොමු කරලා මෙවැනි දෙයක් හඳුන්වා දුන්නනම් ඔය කියන රිනාත්මක පැත්ත නොබලන්න තිබුනා. දැන් පුලුවන්නම් කියන්න රටේ බොහෝ රියදුරන් නුගත් කිව්වා කියලා. මට වැඩක් නැහැ මේ අයට නින්ද ගියාද නැද්ද කියන එක.(නදී)

:       0       0

දිනුක් - කටාර් Sunday, 28 April 2013 01:27 PM

ලංකාවේ රිය අනතුරු බහුලව සිදුවේ. වැරැද්ද රියදුරන්ගේ නොසැලකිළිමත්කම. නමුත් අධිවේගේ යන්න සල්ලි ගත්හට හරියට පාලනය වෙන්නේ නැහැ වගේ. බැමිවල ගස්වැල්. කල්පැවැත්ම අඩු වෙලා ලොකු විනාසයක් ඊලගට වේවි. (නි)

:       0       0

කාන්ති Sunday, 28 April 2013 01:35 PM

රියදුරාගේ නොසැලකිල්ල තමයි. නිවන් සුව ලැබේවා ඔබ දෙපලට...! (නි)

:       0       0

ජගත් Sunday, 28 April 2013 01:36 PM

මම රටවල් ගණනාවක වසර ගණනාවක් අධිවේගි මාර්ගවල කිමි. 140- 180 වේගයෙන් ධාවනය කරලා තියෙනවා. මාර්ග හැම එකේම දී ඇති වේගයෙන් 30% පමන වැඩියෙන් හෝ ධාවනය, වංගුවක් ගැනීම වාහනයකට , රියැදුරාට නොදැනෙනෙ තරම්. මේ තරම් අනතුරු සිදුවීම මාර්ගයේ ප්‍රමිතියට සමඟ රියැදුරන්ගේ අධි වේගයෙන් ධාවනය නුපුරුදුකමත් බලපානවා. කොහොම නමුත් මේ අධිවේගී මාර්ගයේ ප්‍රමිතිය ගැන සෑහිමකට පත්වෙන්න බැහැ. විශේෂයෙන් වංගු වල කැම්බර් තැබීම සහ බැහැලා නොබැලුවත් ටොප් කෝට් එකත් ඉතාම දුර්වලයි. (නි)

:       0       0

සංජු Sunday, 28 April 2013 01:40 PM

වාසනාවන්ත මරණ දෙකක්. මොනවා වුණත් දෙන්නම එකටනේ දිවංගත වුණේ. නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

නෙතුමි Monday, 29 April 2013 10:03 PM

ධනාත්මක වෙන එක හොඳයි, හැබැයි ඒ තරමටම නොපෙනෙන වැරදි වැඩියි. මේ අයට දැන් තියෙන ප්‍රශ්නය අනික් අයගේ ස්වාධීන අදහස් බලාගෙන ඉන්න බැරි කමයි. ඒකත් ඍනාත්මක පැත්තක් නෙමේ වෙන්න ඇති (නි)

:       0       0

චතු Sunday, 28 April 2013 03:07 PM

දැන් ඉතින් කට්ටිය කියයි පාර හරි නැහැ, ප්‍රමිතිය අඩුයි, ආසියාවේ ආශ්චර්ය කියලා. 100ට යන්න හදපු පාරේ යන්න ඕනෑ 100 ට, වාහනේ එච්චර වේගෙන් යන්න රියදුරාට අමාරු නම් පාලනය කරගන්න පුළුවන් වේගෙකින් යන්න ඕනෑ. දැන් කට්ටිය මට බනී කඩේ යනවා කියලා.... (නි)

:       0       0

දයා Sunday, 28 April 2013 03:45 PM

මම නම් කියන්නේ මේ අනතුරු වලට හේතුව මාර්ගයේම පවතින දෝෂයක් කියලයි. (නි)

:       0       0

රොෂාන් Sunday, 28 April 2013 03:54 PM

අධි වේගය විවෘත කරපු දවස්වල නම් ඇතුල් වෙන හැම වාහනයක්ම හොඳට බැලුවා. දැන්නම් මොනවත් බලන්නේ නැහැ. එන ඕනෑ එකක් ඇතුල් කරනවා (නි)

:       0       0

වාරවිට Sunday, 28 April 2013 04:24 PM

නෙතුමී, නිකම් මෝඩයෙක් වගේ අදහස් දමන්න එපා. ඔයාට අධිවේගෙන් සෙතක් නැති වුණාට අපට ගොඩාක්ම වටිනවා. වෙනදා අපි කොළඹ ඉදලා මාතරට පැය 6 ක් ගමනේ ගියා. දැන් අපි පැය 2 කින් මාතර. ඔයා ඉතින් ළිදේ ඉන්න ගෙම්බා වගේ මොනවත් දන්නෙ නැත්නම් කට වහගෙන ඉන්න. (නි)

:       0       0

චාමර Sunday, 28 April 2013 04:25 PM

නඩත්තුවේ තරම පහළ පොටෝ එකෙන් පෙනෙනවා (නි)

:       0       0

නසාර් Sunday, 28 April 2013 04:50 PM

අධිවේගය 60 ට සීමාකරන්න. පැය එකහමාරෙන් ගාල්ලට යන්න පුළුවන්. (නි)

:       0       0

උපුල් Sunday, 28 April 2013 04:51 PM

100 ට යන්න නම් මහජන මුදල් කෝටි ගණන් වියදම් කරලා අධිවේගී මොකටද යාළුවේ? (නි)

:       0       0

එරංග Monday, 29 April 2013 06:00 AM

මිනිස්සු මැරෙන ඉපදෙන එක ස්වභාවික දෙයක්. ඒක ලෝකේ හැම රටකම වෙනවා. ඒක නවත්තන්න කාටවත් බැහැ. ඇස් දෙක පියාගෙන කන් දෙක වහගෙන දෙයක් දිහා බැලුවම කොහොමත් ඒ දෙයින් වෙච්ච සෙතක් පෙනෙන්නේ නැහැනේ. (නි)

:       0       0

වින්චේන්ට්දෙසිල්වා Sunday, 28 April 2013 05:01 PM

අධිවේගේ නඩත්තුව හොදට පේනවා දැන් අන්තිම පොටෝ එකෙන්. මේ වගේ පාරවල් හැදුවම පාර දෙපැත්තේ තියෙන තණකොළ ටික පවා කපන්න ඕනෑ. හදලා අවුරුදු දෙකට පාර වල්වැදිලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 124 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 82 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 618 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1407 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 185 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 92 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38403 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site