බද්දේගම පිවිසුම අසළ කිලෝ මීටර 81.9 දී අද උදේ සිදුවූ අනතුරින් වීරකැටියේ පදිංචි පියසේන රූබසිංහ (77) හා චන්ද්‍රා රූබසිංහ (60) යන අඹුසැමි යුවලක් මියගිය බව පොලීසිය කියයි. මියගිය රූබසිංහ මහතා හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හා ජනාධිපති මාධ්‍ය කටයුතුවලට සම්බන්ධ ආරිය රූබසිංහ මහතාගේ සහෝදරයාය. අධිවේගී මාර්ගයේ එක් අනතුරකින් දෙදෙනකු මිය ප්‍රථම අවස්ථාව මෙයයි.
බද්දේගම පිවිසුම පසුකොට ධාවනය වූ වෑන් රථය අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටත් පස් කණ්ඩියත් අතර ඇති කුඩා ඉඩකින් රිංගා මීටර 150 ක් පමණ ඇදී ගොස් බද්දේගම වඳුරඹ මාර්ගයට ඉහළින් ඇති පාලමෙන් පහළට වැටී එම මාර්ගය අයිනේ නතර වී තිබිණි. ප්‍රදේශවාසීන් පවසන්නේ පාරෙන් ඉවතට ආ වෑන් රථය රෝද දෙකකින් පැමිණෙන්නට ඇති බවයි. උදෑසන 6.00 ට පමණ සිදුව ඇති මේ අනතුරින් තුවාල ලැබූ රූබසිංහ මහතා එම ස්ථානයේදීම මියගොස් සිටි අතර චන්ද්‍රා රූබසිංහ මහත්මිය කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කිරීමෙන් පසුව මියගියාය. රථය පදවාගෙන ආ රියදුරාත් මියගිය යුවලගේ පුතකුත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. අනතුර වූ අවස්ථාවේ රථයේ තිබූ රුපියල් ලක්ෂ 350,000 ක් පැය කිහිපයකට පසු වෑන් රථයේ තිබී බද්දේගම පොලීසියේදී සොයාගන්නා ලදී. ඥාතීන් පැවසුවේ සතයකදු අඩු නැතිව එම මුදල තිබුණු බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු මැරෙන ඉපදෙන එක ස්වභාවික දෙයක්. ඒක ලෝකේ හැම රටකම වෙනවා. ඒක නවත්තන්න කාටවත් බැහැ. ඇස් දෙක පියාගෙන කන් දෙක වහගෙන දෙයක් දිහා බැලුවම කොහොමත් ඒ දෙයින් වෙච්ච සෙතක් පෙනෙන්නේ නැහැනේ. (නි)
රියදුරන් අදිවේගී මාර්ගවල රිය පදවන්නේ මෑතක සිටය. ලංකාවේ මීට පෙර පාරවල් වල උපරිම වේගය කි.මී 60. මෙම අනතුරු සදහා වාහනවල ප්‍රමිතිය, අදික වේගය,දුරකථන බාවිතය, නින්ද යාම, මාර්ග නීති පිලිනොපැලිදීම, මාර්ගවල ප්‍රමිතිය, පළපුරුද්ද වැනි බොහෝ හේතු වේ. ලංකාවේ අදි වේගී මාර්ග උවමනාය. මෙවැනි දේවල් මුල් කාලයේදී සුලබය. රිය දුරන්ගේ ප්‍රමිතිය වර්දනය කිරීමේ වැඩ සටහන් උවමනාය. එම දේපොළට නිවන් සුව. (නදී)
දයාබර රන්ජිත්, ඔබගේ දෙමාපිය දෙපලට නිවන් සුව පතන අතර මතු අත් භවයක මෙවන් මරණයක් ඇත නොවේවායි පතමි. ඔබට ඉක්මන් සුවය පතමි.(නදී)
මියගිහිල්ල තියන්නේ මගේ යාලුවෙකුගේ අම්මයි තාත්තයි. යාළුවා කරාපිටිය ඉස්පිරිතාලේ. යාළුවා නම් සුව අතට හැරිලා කියල ආරංචි වුනා. හරිම දුක්බර ආරංචියක්. (නි)
මම හිතන හැටියට අධිවේගී මාර්ගයේ රිය පැදවීම පිළිබදව රියදුරන්ට නිසි අවබෝධයක් සහ පුහුණුවක් නොමැතිවීම, මාර්ග සංඥා සහ වේග සිමා පිළිබද නොතැකීම, අධිවේගී මාර්ගය එක් දිසාවකට මං තීරු දෙකකින් පමණක් සමන්විත වීම, අනතුරක් වළක්වා ගැනීම පිළිබදව අවබෝධයක් සහ නිසි පුහුණුවක් නොමැතිවීම, රියදුරන් සහ මගින් ආරක්‍ෂිත පටි නොපැළදීම සහ අසා ඇති පරිදි මාර්ගය තිව්‍ර වංගු සහිත ස්ථාන බහුල වීම යන කරුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරු මෙතරම් බහුල වීමට බලපා ඇතයි සිතමි. මේ පිළිබදව මාර්ගය භාවිත කරන අය මෙන් ම බලධාරීන් ද අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය මෙන්ම වැදගත් ද වේ (නි)
අනේ මන්දා පිටරටවල තියන තරමක් තියෙන්නේ අදිවේගී පාරවල් නමුත් මේ වගේ දරුණු අනතුරු නම් දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. මෙතන කුමක් හෝ ගැටළුවක් තියනවා.(නදී)
රියදුරු මහතා පව්.ඒ මනුස්සයට ලැබිය යුතු දේවල් ලැබිය යුතුයි. ඔක්කොම පව් කියන්නේ ලොක්කන්ට විතරයි. ඔබට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
අධි වේගයේ ගියත් නැතත් වෙලාවට මැරෙනවා.(නදී)
අදිවේගය හදලා තියෙන්නේ ප්‍රමිතියට තමියි. නමුත් ලංකාවේ ප්‍රමිතියට රිය පදවන්න දන්නේ නැහැ. නෙතුමි ඔයා දන් නැහැ තවම අදිවෙගයෙන් රටට වෙච්ච සෙතේ. දැන්නැතුව කතා කරන්න එපා. මිනිස්සු තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්නේ නැත්නම් එකට වෙන අයට බැනල වැඩක් නැහැ.(නදී)
එරංග ඔයාට රිදෙන්න දෙයක් මම කිවුවේ නැහැ,, රටට මොන සෙතක් උනත් ඉන්න මිනිස්සු ටික නැතිඋනාම හොඳ ඇති එහෙනම්. කාගේ වරද උනත් නැතිවෙන්නේ මිනිස්සුනේ. මටනම් තාම සෙතක් ඇහිලා නැහැ.(නදී)
හයි ස්පීඩ් කැමරා දාලා දඩ ගැහුවා නම් වේගෙත් පාලනය වෙලා මැරෙන එකත් නැතිවෙයි (නි)
උන සෙතේ පහසුවයි සල්ලියි. ඒ සේතෙනුත් වැඩක් නැහැ මේවගේ දේවල් අහන දකිනකොට. හැමදේම හොඳ පැත්ත බලන එක හොදයි. ඒත් හැම දේටම නෙමේ.(නදී)
මෙම මාර්ගයේ දෝෂ ගොඩක් තියෙනවා. ඒකාකාරි බවක් නැහැ. එක්වරම බම්ප් වෙන ස්ථාන තියෙනවා. 100 වගේ වේගයෙන් යනවිට එක්වරම සිදුවෙන එවැනි බම්ප් වීමක් පාලනය කරගන්න අමාරුයි. මෙම මාර්ගයේ බොහොමයක් පාලම් ආසන්නයේ මෙම තත්වය ඉතා දරුණු ලෙස තියෙනවා. අදාල අනතුරටත් හේතුව මෙයම විය යුතුයි.(නදී)
වාරවිට වගේ අයලා බලන්නේ දෙයක වාසිය විතරයි වගේ.. නොදැකපු හංගපු අවැසි ඒ අය නොදන්නා එක ගැන කනගාටුයි. (අ)
එහෙනම් ඔයා කණගාටු වේවි ඉන්න. වෙන කරන්න දෙයක් නැ. හැම දේකම රිනාත්මක පැත්ත විතරක් නෙමෙයි ධනාත්මක පැත්තත් බලන්න.(නදී)
ධනාත්මක වෙන එක හොඳයි, හැබැයි ඒ තරමටම නොපෙනෙන වැරදි වැඩියි. මේ අයට දැන් තියෙන ප්‍රශ්නය අනික් අයගේ ස්වාධීන අදහස් බලාගෙන ඉන්න බැරි කමයි. ඒකත් ඍනාත්මක පැත්තක් නෙමේ වෙන්න ඇති (නි)
මම මේ අය දන්නවා. අනතුර වෙලා තියෙන්නේ රියදුරුට නින්ද යාම නිසා. හරියටම වෙච්චදේ දන්නේ නැතුව කීයක් කතා මෙතන දාල තියනවද...(නු)
ජනක ඔයා හරි. දෙයක් ගැන හරියට නොදැන කතා කරන එක වැරදියි.නෙතුමි තර්ක කරන්න හොදයි, නමුත් අදහස් හරි මෝඩයි.කෙනෙක්ට අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. එහෙත් තව කෙනෙක් ඒ අදහස් තර්කානුකුලව බිද හෙලනවා නම් ඒක ඍණාත්මක න්‍යයායක් කියලා දන්නෙ නැතුව ඇති. (නි)
මගේ අදහස් මෝඩයි කියන්නේ ඔය මොන පදනමකින්ද? මෙතන මට ගැටලුවක් උනේ නැහැ බෟතික අධිවේගි මාර්ගය ගැන, එවැනි දෙයක් පරිහරණයට අලුත් ප්‍රාථමික අපිවගේ රටවල්වල ඉන්න බොහෝ රියදුරන් ගැන මෙහි පරිපාලනය අවදානය යොමු කරලා මෙවැනි දෙයක් හඳුන්වා දුන්නනම් ඔය කියන රිනාත්මක පැත්ත නොබලන්න තිබුනා. දැන් පුලුවන්නම් කියන්න රටේ බොහෝ රියදුරන් නුගත් කිව්වා කියලා. මට වැඩක් නැහැ මේ අයට නින්ද ගියාද නැද්ද කියන එක.(නදී)
වාසනාවන්ත මරණ දෙකක්. මොනවා වුණත් දෙන්නම එකටනේ දිවංගත වුණේ. නිවන් සුව ලැබේවා! (නි)
මිනිසුන්ට වැඩිය සල්ලි ලොකු වෙන්නෙ නැහැ. (නි)
රුපියල් ලක්ෂ 350,000 ක් කියනේ මටනම් තේරුනේ නැහැ.
කණගාටුයි සිද්ධ වුණ විපතට. කාලය ඉතිරි කරගන්න අපි හැමෝම හයිවේ එකේ යන්න කැමතියි. ඒත් වැඩිහරියක් වාහන වේගයෙන් යන්න හොඳ තත්වයේ නැහැ. ඒ වගේම මම අත්දැකීමෙන් දන්නවා දවස පුරා මහන්සිවෙන රියැදුරන්ට හයිවේ යනකොට නින්ද යනවා. අඩුම තරමින් ඒ වගේ වෙලාවක ශක්ති ජනක පානයක් බීලා යන්න. අර ලෝක ප්‍රසිද්ධ ශක්ති ජනක පානය ශරීරයට හොඳ නැහැ කියලා නොබී ඉන්නවට වඩා ජීවිතය වටිනවා නේද? (නි)
ජාත්‍යයන්තර ප්‍රමිතියට නැති පාරක්ද කොහෙද? (නි)
ඔබ දෙදෙනාට නිවන් සුව ලැබේවා! (නි)
දැන් පාරවල් හොඳ නිසා වේගයෙන් යන්න. මේ උපදෙස් පිළිපැදලා අවසන් ගමනත් යන්න. ඇයි තේරුම් ගන්න බැරි තමන්ට පාලනය කර ගන්න බැරි වේගයෙන් ගියාම මේ වගේ අනතුරු වෙයි කියලා. (නි)
ලංකාවේ රිය අනතුරු බහුලව සිදුවේ. වැරැද්ද රියදුරන්ගේ නොසැලකිළිමත්කම. නමුත් අධිවේගේ යන්න සල්ලි ගත්හට හරියට පාලනය වෙන්නේ නැහැ වගේ. බැමිවල ගස්වැල්. කල්පැවැත්ම අඩු වෙලා ලොකු විනාසයක් ඊලගට වේවි. (නි)
රියදුරාගේ නොසැලකිල්ල තමයි. නිවන් සුව ලැබේවා ඔබ දෙපලට...! (නි)
මම රටවල් ගණනාවක වසර ගණනාවක් අධිවේගි මාර්ගවල කිමි. 140- 180 වේගයෙන් ධාවනය කරලා තියෙනවා. මාර්ග හැම එකේම දී ඇති වේගයෙන් 30% පමන වැඩියෙන් හෝ ධාවනය, වංගුවක් ගැනීම වාහනයකට , රියැදුරාට නොදැනෙනෙ තරම්. මේ තරම් අනතුරු සිදුවීම මාර්ගයේ ප්‍රමිතියට සමඟ රියැදුරන්ගේ අධි වේගයෙන් ධාවනය නුපුරුදුකමත් බලපානවා. කොහොම නමුත් මේ අධිවේගී මාර්ගයේ ප්‍රමිතිය ගැන සෑහිමකට පත්වෙන්න බැහැ. විශේෂයෙන් වංගු වල කැම්බර් තැබීම සහ බැහැලා නොබැලුවත් ටොප් කෝට් එකත් ඉතාම දුර්වලයි. (නි)
අධිවේගී මාර්ගයන් අධිවේගීව මිනිස් ජීවිතත් ගිලගනී. එදත් අදත් හෙටත් ඕවා ඇහීම මිසක් කෙළවරක් කවදාවත් තියෙයිද? මේ පුංචි රටට අධිවේගී දාලා වුණ සෙතක් නැහැ තාම.. (නි)
දැන් ඉතින් කට්ටිය කියයි පාර හරි නැහැ, ප්‍රමිතිය අඩුයි, ආසියාවේ ආශ්චර්ය කියලා. 100ට යන්න හදපු පාරේ යන්න ඕනෑ 100 ට, වාහනේ එච්චර වේගෙන් යන්න රියදුරාට අමාරු නම් පාලනය කරගන්න පුළුවන් වේගෙකින් යන්න ඕනෑ. දැන් කට්ටිය මට බනී කඩේ යනවා කියලා.... (නි)
මම නම් කියන්නේ මේ අනතුරු වලට හේතුව මාර්ගයේම පවතින දෝෂයක් කියලයි. (නි)
අධි වේගය විවෘත කරපු දවස්වල නම් ඇතුල් වෙන හැම වාහනයක්ම හොඳට බැලුවා. දැන්නම් මොනවත් බලන්නේ නැහැ. එන ඕනෑ එකක් ඇතුල් කරනවා (නි)
නෙතුමී, නිකම් මෝඩයෙක් වගේ අදහස් දමන්න එපා. ඔයාට අධිවේගෙන් සෙතක් නැති වුණාට අපට ගොඩාක්ම වටිනවා. වෙනදා අපි කොළඹ ඉදලා මාතරට පැය 6 ක් ගමනේ ගියා. දැන් අපි පැය 2 කින් මාතර. ඔයා ඉතින් ළිදේ ඉන්න ගෙම්බා වගේ මොනවත් දන්නෙ නැත්නම් කට වහගෙන ඉන්න. (නි)
නඩත්තුවේ තරම පහළ පොටෝ එකෙන් පෙනෙනවා (නි)
අධිවේගය 60 ට සීමාකරන්න. පැය එකහමාරෙන් ගාල්ලට යන්න පුළුවන්. (නි)
100 ට යන්න නම් මහජන මුදල් කෝටි ගණන් වියදම් කරලා අධිවේගී මොකටද යාළුවේ? (නි)
අධිවේගේ නඩත්තුව හොදට පේනවා දැන් අන්තිම පොටෝ එකෙන්. මේ වගේ පාරවල් හැදුවම පාර දෙපැත්තේ තියෙන තණකොළ ටික පවා කපන්න ඕනෑ. හදලා අවුරුදු දෙකට පාර වල්වැදිලා. (නි)