IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අන්තෝ ජටා බහි ජටා

උඩවලව ජාතික වනෝද්යා නයේ හම්බෙගමුව අරඹෙකෙම අක්කර දෙකක කංසා වගාවක් වටලා ටී 56 ගිනි අවියක් හා පතුරොම් තුවක්කුවක් සොයා ගත් බව වනජීවී දෙපාර්තමේන්තුව කියයි.

උඩවලව ජාතික වනෝද්‍යාන බාරකරු එච් පී ජයමාන්න මහතා ඇතුළු හත් දෙනෙක් එම වැටළීමට ගියහ.

අත්අඩංගුවට පත් වූ සිව් දෙනකු අතරේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල්වරුන් දෙදෙනකු හා හම්බෙගමුවේ වැසියන් දෙදෙනකු සිටි බව වනජීවී නිලධරයෝ කියති.

පොලීසිය කියනුයේ තමන් ද කංසා හේන් වැටලීමට ගිය බවයි.

එහෙත් එවැනි වැටලීමකට පොලීසිය යන බව තමනට නොදැන්වීයැයි වනජීවී දෙපාර්තමේන්තුව කියයි.

වනජීවී නිලධාරීන් 22 වැනිදා කැලෑවට ඇතුළුවී අද (23) උදෑසන වනෝද්යාකනයට අයත් හම්ඛෙගමුව අරඹෙකෙම ප්‍රදේශයේ සෝදිසියක නිරත වෙද්දී ගල්තලාවක කංසා වේලමින් තිබු තැනක සිව් දෙනෙකු  දුටු බවත්ල ඔවුන් අත ටී 56 ගිනි අවියක් දල පතරොම් තුවක්කුවක් ද තුබූ බවත් වනජීවී නිලධරයෝ කියති.

ගිනි අවි අතැතිව සිටි දෙදෙනා වනජීවි නිලධාරීන්ට ඒවා එල්ල කළ බවත්ල ඔවුන් සිව් දෙනා අත්අඩංගුවට ගත් බවත්ල  සැකකරුවන් පරීක‍ෂා කිරිමේදී එක් අයෙකුගේ   සාක්කුවක  පතරොමක් තිබූ බවත් ඔවුහු පවසති.

පානදුර වලානේ දුෂණ මර්දන ඒකකයේ දෙදෙනකු සහ හම්ඛෙගමුවේ  දෙදෙනකු ලෙ ඔවුන් හඳුනාගත් බවත් වනජීවී නිලධරයෝ පවසති.

පොලීසිය කියනුයේ එක් පොලිස් කණ්ඩායමක්  එක් කංසා හේනක් වටලා එතැන සිවු දෙනෙකු නවත්වාල සෙසු පිරිස තවත් හේනක් වැටලීමට ගිය අවස්ථාවේ වනජිවී නිලධාරීන් පැමිණ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.



අදහස් (0)

අන්තෝ ජටා බහි ජටා

කුමාර Wednesday, 23 January 2013 10:07 PM

ගංජා අල්ලන්න පොලිසියට අවසරගන්න ඔන නම් ,ගංජා වැවුවෙ වනජීවී එකෙන් අවසර අරගෙනද,....?

:       0       0

හිල්මි Wednesday, 23 January 2013 04:26 PM

කපුවා මමයි - දේවාලය ඔබෙයි... (නි)

:       0       0

සම්පත් Sunday, 27 January 2013 01:27 AM

ජීවන්, කුමාර, දුලාජ් මම ඔබලාගේ දැක්ම සමග එකගයි.. මොකද මේ කැලෑ නිලධාරීන් අඩි හත අටක් උස ගංජා වැවෙනකම් නිදාගෙනද ඉන්නෙ..!(නු)

:       0       0

ජීවන් Wednesday, 23 January 2013 10:24 PM

ගංජා අල්ලන්න එන පොලිසියෙ අය අත්අඩංගුවට ගෙන, වනජීවී එකෙන් ගංජා වගාකරන අය ආරක්ෂා කරනවද....? (නි)

:       0       0

ගාමිණි Wednesday, 23 January 2013 05:00 PM

මේවා ලොකු කරලා වගා කරනකල් වන ජීවී නිළධාරීන් ඉදලා තියෙන්නේ හිමාල වනයේද? (නි)

:       0       0

රණසිංහ Wednesday, 23 January 2013 05:52 PM

‍මෙය ද සත්‍යය? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 24 January 2013 07:53 AM

වන නිලධාරියෙකුගේ අවසරයක් නැතුව වනාන්තරයට ඇතුළුවීමත් දඩුවම් ලැබිය හැකි වරදක්. (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 23 January 2013 06:43 PM

නියමෙටම ගැළපෙන මාතෘකාව... (නි)

:       0       0

වරුණ Thursday, 24 January 2013 08:05 AM

PC ලා දෙන්නෙක් අතුරුදහන් වුණා කිව්වෙත් මේ වෙලාවෙමද ?(ස)

:       0       0

ජනක Wednesday, 23 January 2013 06:54 PM

වළානේ රාළහාමිලා ගැන අපිට ආඩම්බරයි. ගංජා හේන් අඩි 8ක් වැවෙනකල් වනජීවී එක නිදිද? (නි)

:       0       0

හේමන්ත Thursday, 24 January 2013 08:24 AM

ඊයේ එක විදියක් ...අද වෙන විදියක් (ස)

:       0       0

නිමල් Wednesday, 23 January 2013 07:11 PM

මට හිතෙන්නෙ වන ජීවී අයට සැළකුවා මදිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 23 January 2013 02:11 PM

සුදු පාට ඇදගත්ත නිළධාරීනුත් ඔය ටික කරනවා නම් කාකි පාට ඇදගත්තු අපි කළහම මොකද වෙන්නේ කියලා හිතන්න ඇති. (නි)

:       0       0

ආනන්ද Wednesday, 23 January 2013 02:12 PM

තොරතුරු සත්‍යනම් ඔවුන් සේවයෙන් පහකරන්න (ස)

:       0       0

පිටිගල Wednesday, 23 January 2013 02:15 PM

පොලීසියේ සිටිනා දූෂිත නිලධාරීන් ඉවත් කිරීමට මීට වඩා කාර්‍යක්ෂම විය යුතුයි (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 23 January 2013 02:19 PM

හෙඩිම දැක්කම එකපාරට හිතුනේ රටේ වෙන ආයතන ගැන ලිපියක් කියලා. (ස)

:       0       0

ජනක Wednesday, 23 January 2013 07:37 PM

වැටලීම වළානෙන් අනේ රාළහාමිට මොකද වුණේ... (නි)

:       0       0

දුලාජ් Wednesday, 23 January 2013 07:38 PM

වන ඡිවි නිළධරින් 23 වැටළීම කළේ වලාන නිළධාරින් එන නිසාද? (නි)

:       0       0

දුලාජ් Wednesday, 23 January 2013 07:49 PM

පොලිසියට ගංඡා අල්ලන්න බැරිද? (නි)

:       0       0

දුලාජ් Wednesday, 23 January 2013 07:55 PM

මෙපමණ ගංඡා වගා කළේ වන ඡිවි නිළධාරීන්ගේ අවසර අරන්ද? (නි)

:       0       0

එරංග Wednesday, 23 January 2013 08:20 PM

වලානෙ නිළධාරීන් පාන‍දුර ඉදලා ගියාමද උඩවලව වන ජීවී නිළධාරීන්ට තමන්ගෙ රාජකාරිය මතක් වෙලා තියෙන්නෙ? අක්කර දෙකක කංසා වගාවක් දවස් දෙකෙන් වවන්න පුලුවන් ද? (නි)

:       0       0

ජයන්ත Wednesday, 23 January 2013 03:04 PM

මමත් පොලිස් නිලධාරියෙක්. ඒත් කවුරු වැරැද්ද කළත් වැරැද්ද වැරැද්දමයි. මේ අයට උපරිම දඩුවම් ලබාදීමට වගකිවයුතු පාර්ෂවයන් කටයුතු කළයුතුයි. මීට වැඩිය ලොකු අපරාධ කරන තව උසස් නිලධාරින් හැම ආයතනයකම ඉන්නවා. ඒ අයවත් නිතියේ රැහැනට හසුකරගන්න පුලුවන් නම් අපිට ආසියාවේ ආශ්චර්යය කරා යන එක මහලොකු දෙයක් නෙමෙයි. (නි)

:       0       0

දුලාජ් Wednesday, 23 January 2013 08:40 PM

ගංජා වගා කිරිමටත් වන ජීවී නිළධාරීන් අවසර ගත්තාද? (නි)

:       0       0

කතරගම සංජිව Wednesday, 23 January 2013 03:22 PM

වැඩේ නම්ප කැතයි තමයි ඒත් හෙඩිම එක ගැලපෙන්නෙක් නැහැ (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 23 January 2013 03:24 PM

හෙඩිමට වඩා පුවත වෙනස්නේ (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 23 January 2013 03:25 PM

එතකොට මෙතන කපුවා කවුද ? දෙවොල මොකද්ද ?? (ස)

:       0       0

සිල්වා Wednesday, 23 January 2013 08:55 PM

පොලිස් නිළධාරින් ගිහින් තියෙන්නේ ලිඛිත අවසරයක් ඇතුවයි. (නි)

:       0       0

කුරුවිට Wednesday, 23 January 2013 09:00 PM

මේවට කියන්න නම් දේවල් ගොඩක තියෙනවා. කමක් නැහැ. අපි හිතින් විතරක් හිතමු. (නි)

:       0       0

දෝහා Wednesday, 23 January 2013 04:01 PM

"කෝසතාපල්වරු පොලිසියේ නම කැත කරති" කියලා දැම්මා නම් නරකද? (නි)

:       0       0

උදය Wednesday, 23 January 2013 09:54 PM

වන ජීවී නිළධාරීන් දැනුවත් කරලා, ගංජා අල්ලන්න යනවා කියන්නෙ, හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. වළානේ රාළහාමිලා ගැන අපිට කවදත් ආඩම්බරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 212 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1242 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2433 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2694 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6975 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1054 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site