(උපාලි ආනන්ද)
රබෑවේ සිදු වු මාරක රිය අනතුර සමිබන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර එම විමර්ශන වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ඩි.එල් සමරසිංහ මහත්මිය මිහින්තලය පොලිසියට නියෝග කළාය.
අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
මිහින්තලය පොලිසිය කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය රබෑව ප්‍රාදේශයේ අදාල අනතුර සිදුව තිබු ස්ථානය සහ අනතුරට පත් බස් රථ තුන නිරීක්ෂණය කලාය.
එකි නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත්වරිය මිහින්තලය පොලිසියට තවදුරටත් නියෝග කළේ අනතුරට පත් බස් රථ තුන සමිබන්ධයෙන් වෙන් වෙන් වශයෙන් මෝටර්රථ පරීක්ෂකවරයා මගින් විමර්ශන සිදු කර අදාල වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
අනරාධපුර ශික්ෂණ රෝහලට ගිය අතිරේක මහේස්ත්‍රාත්වරිය අනතුරින් මියගිය මරණකැවන්ගේ මෘතදේහ පරීක්ෂා කලාය.
මෘතදේහ පරීක්ෂා කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළේ මල් සිරුර සමිබන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අදාල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මල් සිරුර ඥතීන් බාර දෙන ලෙසට ද නියෝග කෙරිණ.
අනුරාධපුර පොලිස් අධිකාරි චානක අබේසිරිගුණවර්ධන මහතාගේ උපදෙස් මත මිහින්තලය පොලිසිය මේ සමිබන්ධව වැඩිදුර විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd