‘මීගමුව විවෘත’ ජාත්‍යන්තර රෝද පුටු ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ගාමිණී දිසානායක සමත්විය. මෙම මසදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ රෝද පුටු ටෙනිස් තරගමාලාවේ පළමු තරගාවලිය මෙයවේ.
ඉන්දියාව, මැලේසියාව, චිලී රාජ්‍යය, දකුණු අප‍්‍රිකාව, සත්කාරක ශ්‍රී ලංකා ඇතුළු රටවල ක‍්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් තරගාවලිය මීගමුව ටෙනිස් ක‍්‍රීඩා සමාජයීය ක‍්‍රීඩා සංකීර්ණයේදී අද (21) පස්වරුවේ නිමාවිය.
අවසන් මහා තරගයේදී ලෝක රෝදපුටු ටෙනිස් ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ 28 වැනි ස්ථානයේ සිටි චිලී රාජ්‍යයේ රොබින්සන් මෙන්ඩාසා පරදවා ගාමිණී තරග වට 2/0 ක ජයක් ලැබීය. ගාමිණී ලෝක ශ්‍රේණිගත 90 වැනි ස්ථානයේ සිටින කී‍්‍රඩකයාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd