ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව මීර්පූර්හි ශියා බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේදී ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ශතකයක් (100) රැස්කරමින් අන්තර්ජාතික ක‍්‍රිකට් තරගවලදී ශතක 100 ක් රැස්කළ පළමු ක‍්‍රීඩකයා ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුටීමට සමත් විය.
ලෝක ටෙස්ට් සහ එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වන දකුණත් පිතිකරු තෙන්ඩුල්කාර් මේ වන විට ටෙස්ට් ශතක 51 ක් සහ එක්දින ශතක 49 ක් රැස්කර තිබේ.
හිටපු ඉන්දීය නායක 38 හැවිරිදි තෙන්ඩුල්කාර් මේ වන විට ටෙස්ට් තරග 188 කදී ශතක 51 ක් සහ අර්ධ ශතක 65 ක් සමගින් ලකුණු 15,470 ක් රැස්කර ඇති අතර එහි සාමාන්‍ය 55.44 කි. එක්දින තරග 462 කට සහභාගි වී ඇති තෙන්ඩුල්කාර් ශතක 49 ක් සහ අර්ධ ශතක 95 ක් සමගින් ලකුණු 18,346 ක් රැස් කිරීමට සමත්ව සිටියි.
පාකිස්තානයට එරෙහිව 1989 වසරේ දෙසැම්බර් 18 වැනිදා එක්දින වරම් ලැබූ තෙන්ඩුල්කාර් ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ද්විත්ව ශතකයක් (නොදැවී 200) රැස්කළ පළමු ක‍්‍රීඩකයා ද වේ.
අන්තර් නිවර්තන අභිසාර කලාපය හෙවත් උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං එකතුවීම හේතුවෙන් දිවයිනේ කාලගුණයට බලපැම් ඇති කරමින් පවතින බව
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අන්තර්ජාතික ශතක 100 යි