අන්තර් ජාලය ඔස්සේ සම්බන්ධ වී රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කරන කල්ලියක සාමාජිකයෙකු බව කියන කැමරුන් ජාතිකයෙකු අලවතුගොඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
අකුරණ බුළුකොහොතැන්න ප්‍රදේශයේ පදිංචි එම්. ෆාසි යන අයට ඔහුගේ විදයුත් තැපෑලට ලැබුණු ඊමේල් පණිවිඩයකින් නයිජීරියා ජාතිකයෙකු සඳහන් කර තිබුණේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 57 ක්(රුපියල් කෝටි 71 ක් පමණ) ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට කැමැති බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිතයා වශයෙන් ඔහු පත් කිරීමට කැමැති බවත්ය. එයට ඔහු කැමැත්ත ප්‍රකාශ කිරිමෙන් පසුව හුවමාරු වූ ඊමේල් පණීවිඩ කිහිපයකින් පසු රුපියල් කෝටි 71 ක මුදල පෙට්ටියක බහා ශ්‍රී ලංකාවට ආරක්ෂිතව පුද්ගලයෙකු රැගෙන එන බවත් ඔහුගෙන් එම මුදල් පෙට්ටිය ලබා ගෙන එම පෙට්ටිය රැගෙන එන පුද්ගලයාට ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ තුනක් (ඩොලර් 2500) ගෙවන ලෙසත් පසුව එම පෙට්ටියේ ඇති මුදලින් එම රුපියල් ලක්ෂ තුන ලබා ගෙන ඉතිරිය ප්‍රවේශමෙන් තමන් එන තුරු තබන ලෙසත් හෙහ නයිජීරියානු ජාතිකයා දන්වා ඇත.
ඒ අනුව එම මුදල රැගෙන පැමිණි පුද්ගලයා කොළඹ පැමිණ ඇති බවත් එම මුදල් ලබා ගැනීම සඳහා කොළඹට පැමිණෙන ලෙසත් දුරකථනයෙන් දන්වා තිබේ. පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව පොලිසියේ උපදෙස් අනුව ඔහු කොළඹ නොගොස් ඉතා ඉතා සූක්ෂමව අකුරණ පිහිටි ඔහුගේ නිවසට ගෙන්වා ගෙන තිබේ .
ඒ වනවිට සියල්ල සැලසුම් කර තිබූ අතර මෙම පුද්ගලයා නිවසේ කතා කරමින් සිටින අතර පොලිසිය එම නිවස වටලා සැකකරු අත් අඩංගුවට ගත්තේය.
සැකකරු කැමරන් ජාතිකයෙකු බව ඔහු ගේ ගමන් බලපත්‍රයේ සඳහන් වන බවත් ඔහුගේ වීසා අවසන් වී ඇති බවත් පොලිසිය ප්‍රකාශ කරයි .
මෙම සැකකරු ලංකාවට පැමිණ මෙවැනි මුදල් වංචාවන් තවත් කර තිබිය හැකි බවට විශ්වාස කරන පොලිසිය මෙම පුද්ගලයාට හසු වූ අය වෙත්නම් පොලිසියට ඉදිරිපත් වන ලෙසද ඉල්ලා සිටී. මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන් . බී . අඹන්වල මහතාගේ සහ නියෝජ්‍ය පොලිස්පති එම් . පී . පෙරමුණේ මහතාගේ උපදෙස් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී ඇල්ලේපොළ මහතාගේ අධික්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි චාමික ප්‍රේමසිරි මහතාගේ මෙහෙයවීම මත අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතා සම`ග උප පොලිස් පරීක්ෂක ආර්. එම්. එස්. බණ්ඩාර උප පොලිස් පරීක්ෂක අනුර සැරයන් 19180 මඩහපොළ 21209 සුනිල් 67512 කරුණාරත්න යන මහත්වරු පරීක්ෂණ පවත්වති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තූතියි ෆාසී. ඔබ විශිෂ්ටයි. (නි)
ලොව දනවත්ම සංචාරකයින් යන්නේ හවායි, තායිලන්තය, කැරිබියන් හා මාලදිවයිනට. මීට අමතරව සී සෙල්ස්, යුරෝපේ, ඇමරිකාව, බුසීල් වගේ රටවලටත් යනවා.(නදී)
රත්න මහත්තයෝ ගිය අවුරුද්දේ සංචාරකයෝ මිලියන 216 ක් ලෝකේ සංචාරය කරලා තියෙනවා. නමුත් දැන්වත් සංචාරකයෝ ලංකාවට ඇද ගන්න කරම් අපට සම්පත් නැහැ.(නදී)
සංචාරකයෝ අච්චර ආවා මෙච්චර ආවා කියලා පුරාසරම් දොඩවන අය දැන් මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
වීසා නිකුත් කිරීමේදී විනිවිධභාවය තිබුණොත් හොඳයි (ස)
ඔබතුමා වීරයෙක්. (නි)
හොරුන් ආනයනය කිරීම වහාම නවත්වන්න ඕනෑ. (නි)
කැමරන් යනු ලොව ඉතාම දිළිදු කලු රටකි. ප්‍රංශ සහ එංගලන්තය එක්ව සූරා කාපු රටකි. මෙවන් මිනිසුන් සහ ලෝකය පිලිබද සාමාන්‍ය දැනීමවත් නොමැති අප රටේ මුදල් පසුපස දුවන මෝඩ ව්‍යාපාරිකයන්ට මේවා හොද පාඩම්. තවද මෙවන් රටවලට අයට වීසා නිකුත් කිරීමේදී මීටත් වඩා සොයාබලා එය ඉතාම දැඩි ක්‍රමවේදයකට කළ යුතුයි. (නි)
මුස්ලිම්වරයාගේ නුවනින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා. (නි)
මටත් ඔය වගේ මේල් ගනනාවක් ඇවිත් තියෙනවා. මම උත්තර සපයන්න ගියේ නැහැ.(නදී)
මේ අය ඇවිත් තමයි ලංකාවට එන සංචාරකයන්ගේ ගණන වැඩි කරන්නේ. (නි)
පෙට්ටියෙ සල්ලි තිබුණද? (නි)
මෙය ඉතා හොද වැඩක්. ස්තුතියි.(නදී)
ඇත්තටම දැන් එන්නේ උයාගෙන කන "සංචාරකයෝ". බොරුවක් කියලා හිතනවා නම් ගල්කිස්සේ ඉඳන් හම්බන්තොට, කතරගමට යනකල් තියෙන නිකේතන, මඟ පෙන්නන්ගෙන් අහන්න. මම අත්දැකපු ඇත්තක්. අපි තරමටවත් වියදම් කරන්නේ නැහැ. (නි)
මිනිස්සුන්ව රවට්ටලා සල්ලි ගන්න එක තමයි දැන් කාලේ අලුත්ම වැඩේ (දී)
ඉතින් කෝටි 71ක මුදල ඒ පෙට්ටියේ තිබුණද? (නි)
මේ රවට්ටලා ගන්න සල්ලි පල දෙන්නේ නැහැ (දී)
අර සංචාරකයින් වැඩි වැඩියෙන් එනවා කිය කියා ප්‍රශස්ති ගී ගයන අයට මේවා හොද පාඩම්. (නි)
අකුරණ අය මෙවැන්නකට අහුවුණොත් තමා පුදුමේ! (නි)