IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


අන්තර්ජාල ජාවාරමා අකුරණ උගුලට වැටේ

අන්තර්  ජාලය ඔස්සේ සම්බන්ධ වී රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කරන කල්ලියක සාමාජිකයෙකු බව කියන කැමරුන් ජාතිකයෙකු  අලවතුගොඩ පොලිසිය විසින්   අත් අඩංගුවට ගනු ලැබීය.

අකුරණ බුළුකොහොතැන්න ප්‍රදේශයේ පදිංචි එම්. ෆාසි යන  අයට ඔහුගේ විදයුත් තැපෑලට ලැබුණු ඊමේල් පණිවිඩයකින්  නයිජීරියා  ජාතිකයෙකු සඳහන් කර තිබුණේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 57 ක්(රුපියල් කෝටි 71 ක් පමණ) ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට කැමැති බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිතයා වශයෙන් ඔහු පත් කිරීමට කැමැති බවත්ය.  එයට ඔහු කැමැත්ත ප්‍රකාශ කිරිමෙන් පසුව හුවමාරු වූ ඊමේල් පණීවිඩ කිහිපයකින් පසු  රුපියල් කෝටි 71 ක මුදල පෙට්ටියක බහා ශ්‍රී ලංකාවට ආරක්ෂිතව පුද්ගලයෙකු රැගෙන එන බවත් ඔහුගෙන් එම මුදල් පෙට්ටිය ලබා ගෙන එම පෙට්ටිය රැගෙන එන පුද්ගලයාට ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ තුනක් (ඩොලර් 2500) ගෙවන ලෙසත් පසුව එම පෙට්ටියේ ඇති මුදලින් එම රුපියල් ලක්ෂ තුන ලබා ගෙන ඉතිරිය ප්‍රවේශමෙන් තමන් එන තුරු තබන ලෙසත් හෙහ නයිජීරියානු ජාතිකයා  දන්වා ඇත.

ඒ අනුව එම මුදල රැගෙන පැමිණි පුද්ගලයා කොළඹ පැමිණ ඇති බවත් එම මුදල් ලබා ගැනීම සඳහා කොළඹට පැමිණෙන ලෙසත් දුරකථනයෙන් දන්වා තිබේ. පොලිසිය දැනුවත්  කිරීමෙන් පසුව පොලිසියේ උපදෙස් අනුව ඔහු කොළඹ නොගොස් ඉතා ඉතා සූක්ෂමව අකුරණ පිහිටි ඔහුගේ නිවසට ගෙන්වා ගෙන තිබේ .

ඒ වනවිට සියල්ල සැලසුම් කර තිබූ අතර මෙම පුද්ගලයා නිවසේ කතා කරමින් සිටින අතර පොලිසිය එම නිවස වටලා සැකකරු අත් අඩංගුවට ගත්තේය.

සැකකරු කැමරන් ජාතිකයෙකු බව ඔහු ගේ ගමන් බලපත්‍රයේ සඳහන් වන බවත් ඔහුගේ වීසා අවසන් වී ඇති බවත් පොලිසිය ප්‍රකාශ කරයි .

මෙම සැකකරු ලංකාවට පැමිණ මෙවැනි මුදල් වංචාවන් තවත් කර  තිබිය හැකි බවට විශ්වාස කරන පොලිසිය මෙම පුද්ගලයාට හසු වූ අය වෙත්නම් පොලිසියට ඉදිරිපත් වන ලෙසද ඉල්ලා සිටී. මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන් .  බී . අඹන්වල මහතාගේ සහ නියෝජ්‍ය පොලිස්පති එම් .  පී .  පෙරමුණේ මහතාගේ උපදෙස් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී ඇල්ලේපොළ  මහතාගේ අධික්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි චාමික ප්‍රේමසිරි මහතාගේ මෙහෙයවීම මත අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතා සම`ග  උප පොලිස් පරීක්ෂක ආර්. එම්. එස්.  බණ්ඩාර උප පොලිස් පරීක්ෂක අනුර  සැරයන් 19180 මඩහපොළ 21209 සුනිල් 67512 කරුණාරත්න යන මහත්වරු පරීක්ෂණ පවත්වති .

 



අදහස් (0)

අන්තර්ජාල ජාවාරමා අකුරණ උගුලට වැටේ

අජන්ත Tuesday, 26 March 2013 02:19 PM

මේ රවට්ටලා ගන්න සල්ලි පල දෙන්නේ නැහැ (දී)

:       0       0

දයා Tuesday, 26 March 2013 02:20 PM

ඉතින් කෝටි 71ක මුදල ඒ පෙට්ටියේ තිබුණද? (නි)

:       0       0

මංජුල Tuesday, 26 March 2013 02:34 PM

මිනිස්සුන්ව රවට්ටලා සල්ලි ගන්න එක තමයි දැන් කාලේ අලුත්ම වැඩේ (දී)

:       0       0

රත්න Tuesday, 26 March 2013 02:37 PM

ඇත්තටම දැන් එන්නේ උයාගෙන කන "සංචාරකයෝ". බොරුවක් කියලා හිතනවා නම් ගල්කිස්සේ ඉඳන් හම්බන්තොට, කතරගමට යනකල් තියෙන නිකේතන, මඟ පෙන්නන්ගෙන් අහන්න. මම අත්දැකපු ඇත්තක්. අපි තරමටවත් වියදම් කරන්නේ නැහැ. (නි)

:       0       0

සෙනවිරත්න Tuesday, 26 March 2013 02:57 PM

මෙය ඉතා හොද වැඩක්. ස්තුතියි.(නදී)

:       0       0

මධුර Tuesday, 26 March 2013 03:18 PM

පෙට්ටියෙ සල්ලි තිබුණද? (නි)

:       0       0

අරුණ Tuesday, 26 March 2013 03:45 PM

ස්තූතියි ෆාසී. ඔබ විශිෂ්ටයි. (නි)

:       0       0

රේනුක Tuesday, 26 March 2013 04:07 PM

මටත් ඔය වගේ මේල් ගනනාවක් ඇවිත් තියෙනවා. මම උත්තර සපයන්න ගියේ නැහැ.(නදී)

:       0       0

යෝනුසලවි Tuesday, 26 March 2013 04:43 PM

මුස්ලිම්වරයාගේ නුවනින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා. (නි)

:       0       0

සිල්වා Tuesday, 26 March 2013 04:51 PM

කැමරන් යනු ලොව ඉතාම දිළිදු කලු රටකි. ප්‍රංශ සහ එංගලන්තය එක්ව සූරා කාපු රටකි. මෙවන් මිනිසුන් සහ ලෝකය පිලිබද සාමාන්‍ය දැනීමවත් නොමැති අප රටේ මුදල් පසුපස දුවන  මෝඩ ව්‍යාපාරිකයන්ට මේවා හොද පාඩම්. තවද මෙවන් රටවලට අයට වීසා නිකුත් කිරීමේදී මීටත්  වඩා සොයාබලා එය ඉතාම දැඩි ක්‍රමවේදයකට කළ යුතුයි. (නි)

:       0       0

සුරේන් Wednesday, 27 March 2013 08:34 AM

ඔබතුමා වීරයෙක්. (නි)

:       0       0

දර්ශන් Wednesday, 27 March 2013 09:11 AM

වීසා නිකුත් කිරීමේදී විනිවිධභාවය තිබුණොත් හොඳයි (ස)

:       0       0

පිටිගල Tuesday, 26 March 2013 05:39 PM

හොරුන් ආනයනය කිරීම වහාම නවත්වන්න ඕනෑ. (නි)

:       0       0

රීටා Wednesday, 27 March 2013 10:29 AM

සංචාරකයෝ අච්චර ආවා මෙච්චර ආවා කියලා පුරාසරම් දොඩවන අය දැන් මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)

:       0       0

සූකිරි Wednesday, 27 March 2013 10:31 AM

රත්න මහත්තයෝ ගිය අවුරුද්දේ සංචාරකයෝ මිලියන 216 ක් ලෝකේ සංචාරය කරලා තියෙනවා. නමුත් දැන්වත් සංචාරකයෝ ලංකාවට ඇද ගන්න කරම් අපට සම්පත් නැහැ.(නදී)

:       0       0

සේන Wednesday, 27 March 2013 10:27 AM

ලොව දනවත්ම සංචාරකයින් යන්නේ හවායි, තායිලන්තය, කැරිබියන් හා මාලදිවයිනට. මීට අමතරව සී සෙල්ස්, යුරෝපේ, ඇමරිකාව, බුසීල් වගේ රටවලටත් යනවා.(නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 26 March 2013 01:25 PM

මේ අය ඇවිත් තමයි ලංකාවට එන සංචාරකයන්ගේ ගණන වැඩි කරන්නේ. (නි)

:       0       0

ධම්ම Tuesday, 26 March 2013 01:55 PM

අකුරණ අය මෙවැන්නකට අහුවුණොත් තමා පුදුමේ! (නි)

:       0       0

චූලා Tuesday, 26 March 2013 02:13 PM

අර සංචාරකයින් වැඩි වැඩියෙන් එනවා කිය කියා ප්‍රශස්ති ගී ගයන අයට මේවා හොද පාඩම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 803 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 460 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 342 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 605 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 399 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1101 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site