(සුජිත් හේවාජුලිගේ)
අන්තර්වාර රජයකත් අගමැතිවරයා තමා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
කෙසේ වෙතත් එකාට එකා නැති තත්වයක් යටතේ අන්තර්වාර රජයක් පිහිටුවන්නේ කෙසේදැයි අගමැතිවරයා ප්‍රශ්න කළේය.
තමාට ඉවත්වන්නැයි ඉල්ලා ඇත්තේ ඉතිහාසය ගැන නොදන්නා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් බවත් මන්ත්‍රීවරුන් බහුතරයක් තමා සමග සිටින බවත් ඔහු කීවේය.
කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලයේ යෙදී සිටින තරුණ තරුණියන්ට සාකච්ඡා සඳහා තමා නැවත වතාවක් ආරාධනා කරන බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා එසේ නොපැමිණෙන්නේ නම් ඔවුනට දිගටම අරගල කරමින් සිටීමට සිදුවන බවද ප්‍රකාශ කළේය.
රට යම් අසීරු තැනක තිබෙන බව තමා පිළිගන්නේ යයිද අර්බුදයෙන් රට ගොඩ ගැනීමට රජයට ශක්තිය ඇතැයිද රාජපක්ෂ මහතා පැවසීය.
රට මීට වඩා අර්බුදවලට මුහුණ දුන් අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් තිබූ බව ඔහු වැඩිදුරටත් කීවේය.
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අන්තර්වාර රජයකත් අගමැති මමයි
Asanga Saturday, 23 April 2022 02:17 PM
මොලේ කොලොප්පම් වෙලා වගේ. තාමත් බලයට කෑදරව දඟලනවා.
Ruwan RSaturday, 23 April 2022 03:48 PM
වඳුරගෙ අතට දැලිපිහිය ගියාම ආයෙ ගන්න ලේසි වෙන්නේ නැහැ.
විනිවිද Saturday, 23 April 2022 05:01 PM
රට තුළ ආර්ථික අර්බුදයක් තිබෙන්නා වූ අවස්ථාවක අගමැති මහින්ද රාජපක්ෂ, සජිත් ප්‍රේමදාසලා (පක්ෂ - විපක්ෂ) පාර්ලිමේන්තුවේ සියලුදෙනා එක්ව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මෙතෙක් අපොහොසත් වීම සහ කිසිඳ එකඟත්වයකට නොපැමිණීමට නොහැකි නිසා IMF ආයතනය ලංකාවට ලබාදෙන්නා වූ පණිවිඩය විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ සිටින්නාවූ 225 දෙනාගේම දේශපාලන අනාගතය තීන්දු කෙරෙනු ඇත..!
සුජිත්Saturday, 23 April 2022 05:58 PM
මොලේ කොලොප්පන් වෙලා තියෙන්නේ එයාගේ නෙමෙයි, රටේ නීතිය නොදන්න ව්‍යවස්ථාව නොදන්න අයටයි. මොකද අගමැතිව ඉවත්කරන්න පුළුවන් ක්‍රම තියෙද්දි එයාට යන්න කියනවා වෙනුවට, ඒ ක්‍රමවේද ක්‍රියාත්මක නොකර සිටින අය ලේසියට ගෙදර යන්න කියනවා. යවනවා නම් ක්‍රමවේදයටයි යැවිය යුත්තේ...
Shan Saturday, 23 April 2022 02:22 PM
ඔයාලගේ පැටිකිරිය දැන් ජනතාව දන්නවා. ජම්පරේ අඳින්න ලෑස්ති වෙන්න.
nimalSaturday, 23 April 2022 06:56 PM
රටේ සැබෑ අර්බුදයට මුහුණ දෙනවා වෙනුවට ගෝඨාභයට, මහින්දට සහ බැසිල්ට බැනවදිමින් දේශපාලනයේ යෙදෙන්නාවූ විපක්ෂ නයක ඇතුළු කණ්ඩායම රටේ අර්බුද සඳහා ලබාදෙන විසඳුම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමෙන් පමණක්ම කළහැකිද? රටේ සැබෑ අර්බුදය සජිත් හඳුනාගෙන තිබේද?
AnuraSaturday, 23 April 2022 08:51 PM
සජිත් හඳුනාගෙනද දන්නේ නැහැ... ඒත් රටේ මිනිස්සු නම් රටේ සැබෑ ප්‍රශ්නය හඳුනාගෙන තියෙන්නේ.., ඔය ගෝල්ෆේස් එකේ උදේ, හවා නම් කියකියා යන්න කියන්නේ මේ රටේ සැබෑ ප්‍රශ්නයට තමයි.
Prabha Saturday, 23 April 2022 02:23 PM
මෙයා හිතන් ඉන්නේ මේ රටේ අයිතිකාරයා කියලද?
Mohamed Saturday, 23 April 2022 02:30 PM
රටට දෙවියන්ගේම පිහිටයි...!
චන්දන Saturday, 23 April 2022 02:36 PM
මමයි රජා... ජනතාවට ඉතා සුලු ප්‍රශ්න කීපයක් තියෙන බව දන්නවද දන්නේ නැහැ...
මහජනතාව Saturday, 23 April 2022 02:37 PM
පුදුම තණ්හාවක්නේ තියෙන්නේ...!
Lalith M Saturday, 23 April 2022 02:40 PM
උද්දච්චකම. කවදා හරි ඉතිහාසයේ සඳහන් වෙන්නේ මෙතෙක් ලංකාවේ සිටි ලොකුම දේශද්‍රෝහියා ලෙස තමයි.
jagath Saturday, 23 April 2022 02:42 PM
රටේ මීටත් වඩා අමාරු කාල තිබ්බලු... අනේ අනේ... අනේ අම්මපා බොල ඩේසි ආච්චිගේ කාලෙද කියලා එයාගෙන් අහන්න ඕනේ...
නිමල්කSaturday, 23 April 2022 07:57 PM
දහස් ගණන් වෙඩි කාපු බෝම්බවලට බිලිවුණු රට දෙකට, තුනට කැඩෙන්න ගිය කාලේ ඔබට හොඳ කාලයක් වුණාද...?
KamlaSaturday, 23 April 2022 09:13 PM
එල්.ටී.ටී.ඊ. එකට රටම දුන්නා නම් මීට වඩා හොඳට ආර්ථිකය මෙහෙයවනවා. හැබැයි ඉතින් රජයේ පින් රස්සානම් ලැබෙන එකක් නෑ.
ddd Saturday, 23 April 2022 02:44 PM
මෙහෙමත් තණ්හාවක්... රටත් එක්ක පුදුම වෛරයකින් ඉන්නේ... මම හිතන්නේ ලෝකෙවත් නැතිව ඇති.
George Silva Saturday, 23 April 2022 02:56 PM
අනේ යන්නකෝ තවත් පව් නොදී...!
Kumara Saturday, 23 April 2022 03:01 PM
විමලයටද කිව්වේ?
ravin Saturday, 23 April 2022 03:24 PM
හැමෝම කියන්නෙත් ඒකයි. ඉතිහාසය දිහා හැරිලා බලන්න. ඉරාකයේ සදාම් හුසේන්, උගන්ඩාවේ ඉඩි අමීන්, ජර්මනියේ ඇඩල්ෆ් හිට්ලර්, කාම්බෝජියාවේ පොල්පොට්, පිලිපීනයේ මාකස් වගේ අයට මොකද වුණේ කියලා පොඩ්ඩක් හිතන්න. තවමත් ප්‍රමාද නැහැ. ආපහු හැරෙන්න බැරි තිනට නොයන්න.
හදුගලගේSaturday, 23 April 2022 05:26 PM
භාරකාර රජයේ අගමැති කෙසේ වෙතත් රුසියාවේ සාර් පරපුරට වෙච්චි දේ වෙන්න ඉඩ තියෙනවා...
Demuni Uduwara Saturday, 23 April 2022 03:32 PM
ලෝබී පාලකයින්...!
සෙනෙවිරත්න Saturday, 23 April 2022 03:37 PM
රාජපක්ෂවරු විතරක් එකතුවෙලා සෙල්ලම් පාර්ලිමේන්තුවක් දාලා ඒකෙ අගමැති වෙන්නකෝ ආසනම්, ඉන්නවනේ සහෝදරවරු බෑනල පුතාල සෙට් එකක් . මෙයා ගඩාෆිට වෙච්චිදේ කවුරුහරි පහදලා දෙන්නකෝ...!!! ළඟ ඉන්න කෙනෙක්...
මහසෙන් Saturday, 23 April 2022 03:38 PM
විහිළුවක් වුණත් අවසානයේදී ඛේදවාචකයකින් අවසන් විය හැක...!
Sas Saturday, 23 April 2022 03:51 PM
මෙහෙම තණ්හාවක්. මෙයාට තියෙන්නේ තව තවත් හොරා කන්න ඕනෑකම. මෙයාව ලෝකයේ කිසිම රාජ්‍ය නායකයෙක් ගණන් ගන්නේ නැත...!
සනත් ඉතාලිය Saturday, 23 April 2022 03:55 PM
හොඳම එකෙන් නාගන්නයි හදන්නේ...
ගමේ එකාලා Saturday, 23 April 2022 03:55 PM
තමුන් බලලෝභී, බඩගෝස්තරවාදි, දූෂිත නායකයෙක් කියලා ලෝකෙම දන්නවා. ගහපු ගේම් ගැන, කරපු මහා පරිමාණ හොරකම්, වන්චා දූෂණ, සුදු වෑන්, ඝාතන, අතුරුදහන් නම් ඉතිහාසය පුරාවටම තියෙනවා. ජනතාවට කරපු විනාසෙට ගැලවීමක් නැතිවෙයි. ස්වභාවධර්මයෙන් හෝ දඬුවම් ලැබේවි. කකුළුවා නටන්නේ වතුර රත් වෙනකම් විතරයි.
Shan Saturday, 23 April 2022 03:57 PM
අමනකම් විවිධ වේශවලින් පෙන්නුම් කරයි. ඔය වචන ගිලගන්න වෙන දවස ළඟයි. ජම්පරේට බය නම් හොරකම් කළේ ඇයි?
Willow Drive Saturday, 23 April 2022 04:09 PM
බල ලෝභය..., අවසානය ඉතාමත්ම කටුකයි..!
තන්හා Saturday, 23 April 2022 04:35 PM
අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආසාවක්... මහින්ද ලැබෙයිද ඉන් සැනසීමක්...!!!
de silva Saturday, 23 April 2022 04:36 PM
ගඩාෆිට අඩුම තරමින් හමුදා පුහුණුවක් තිබුණා. මෙයාට ඒකවත් නෑ.
Sam c Saturday, 23 April 2022 05:10 PM
මිනිස්සු මෙච්චර කියන දේ තේරෙන්නේ නැහැ. වටේ ඉන්න වහල්ලුන්ගෙන් නොවේ පාරට බැහැලා රටේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් අහලා බලපන්... මිත්‍රවරුනි, තැන තැන අරගල එකතු කරලා දීප ව්‍යාප්ත අරගලයට කාලේ හරි. මෙයා අයින්වෙන්නේ නැහැ. 225 ටත් මේ රට ගොඩගන්න අවංක වුවමනාවක් නැහැ. සංවිධානය වන්න. ජනතාව දැනුවත් කරන්න පටනගත් දේ ඉවර කරමු. විකල්පයක් නැහැ. අරගලයට ජයවේවා..!.
rocky Saturday, 23 April 2022 05:20 PM
මහත්තයෝ, නම්බු පිටින් යන්න. එළවන තුරු ඉන්න එක එච්චර ගුණ නැහැ...!
විජිත් Saturday, 23 April 2022 05:31 PM
මේ නිසා මහා විනාශයක් සිදුවෙනවා. මේ සියල්ලකටම වගකිව යුත්තේ සිරා සහ රනිල් යන්නන්ය. එදා යහපාලන බලය ගත්තු දවසේම මේ හිඟන හොරුන්ට විරුද්ධව නඩු අසා වහාම " අමුඩ ගස්සවා" කූඩුවට දැම්මා නම්... අද අපේ රටට මෙවැනි ව්‍යසනයක් සිදුනොවීමට ඉඩ තිබුණා.
Pakeer Saturday, 23 April 2022 05:32 PM
අංගොඩට යමු...
Samantha Saturday, 23 April 2022 05:34 PM
ඔහොම නටන්න... ඔය බලය නැතිවුණු දාට බල්ලෙක් වගේ බල්ලෙක් වගේ පාරේ යන්න වෙන්නේ... ඒකත් මතක තියා ගත්තොත් හොඳයි..
Buddika Saturday, 23 April 2022 05:45 PM
මොලේ කචල්ද? රටම කාලා විනාශ කරලා. මිනිස්සු කියන්නේ පරපුරටම තොලොංචිවෙලා යන්න කියලා. ඉන්නේ වලපයයි, ගොඩපයයි.
ddd Saturday, 23 April 2022 05:57 PM
අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආසාවක්... මිනිසුනි, ලැබේද ඉන් සැනසීමක්...///
නිමල්ක Saturday, 23 April 2022 06:51 PM
දේශපාලනයේ සිටි සහ සිටින එකම පිරිමියා. නිහඬතාව බිඳ නොසැලී නැවතත් එදිරියට. කෑගහන උදවිය විනාඩියක් නිශ්ශබ්දව අතීතය සිහි කරන්න...
රංජිත්Sunday, 24 April 2022 12:26 PM
විනාඩියක් නිහඬව අතීතය සිහි කරා...මතක් වෙනවා රට බේරගන්න ඉදිරියට ආ නායකයෙක්....මිනිස් සිතේ සදා රැදුන නායකයෙක්......ස්තුතියි එයට ..ආයෙත් මතක් වෙනවා සුනාමියට එකතු උන සල්ලි ටික යටි මඩි ගහපු දේශපාලකයෙක් ...අගවිනිසුරුගේ උදව්වෙන් බේරුන නායකයෙක්.....බලය වෙනුවෙන් මැකෝව හිරකරන් තීන්දුව ගත්ත නායකයෙක්..... රට බේර ගන්න දිවි හිමියෙන් නායකත්වය දුන් හමුදාපතිව කුදලාගෙන ගිහින් හිරේ දැම්ම නායකයෙක්.....ඒ රනවිරුවා තමුන්ගේ දෙපාලග වැටී සමාව ගනිතැයි බලන් හිටි බලලෝභී නායකයෙක්....තම බිරිඳගේ ගිනුමට මුදල් බැරකල අයෙක්.... ඩේසී ආච්චිගේ ගිනුමට අයතාලෙස මුදල් දමා පුතාට දෙහිවලින් ගෙවල් අරන් දුන් නායකයෙක්........ රටේ මුදල් යටිමඩි ගහන්න පව්ලටම ඉඩ දුන්නු නායකයෙක්......රටේ මුදලින් රොකට් යවා ඒ මුදල් පුතාගේ ගිනුමට යවපු නායකයෙක්....ආගමෙන් රටේ මිනිස්සු බෙදා බල ලෝභී ලෙස මිනිස් ගාතන තුලින් බලයට ආ නායකයෙක්......තව ගොඩක් තියනවා...තම පව්ලට රට හූරා කන්න ඉඩ දී ජාතිවාදය වැපුරූ නායකයෙක්.....අපි ඒ ගොනා එලවන්න පාරට බැස්සා නිමල්ක
විපරමා Saturday, 23 April 2022 07:07 PM
මේ වගේ ලැජ්ජා නැති, පජාත වෙච්චි බලලෝභි නායකයෙක් 1948න් පස්සේ ඔය ලංකාවේ උන්නමයි අවුරුදු 50ක් හොරාකාලාම බලයට කෑදර බලලෝභියාට දැන් දාලා යන්න බැරුව ඇති...!
රුචිත Saturday, 23 April 2022 07:20 PM
ඔයා බලය දාලා යන්න බයයි. මොකද බලයේ ඉන්නකන් විතරයි ඔයා ආරක්ෂිත කියලා ඔයා දන්නවා.
sashi Saturday, 23 April 2022 07:27 PM
දූෂණ දේශපාලනයේ මහ මොලකාරයා.. රටේ හැමතැනම දූෂණය පැතිරෙව්වා.. රටේ උගත්, බුද්ධිමත් සාධාරණ මිනිස්සුන්ට රට එපා කෙරුවා. ඕවාට ස්වභාව ධර්මයෙන් උත්තර දෙයි..
වර්ණකුලසූරිය Saturday, 23 April 2022 07:49 PM
මොකටද අන්තර්වාර රජයක්...? ඔය ඉන්න විදියටම හිටියාම ඉවරයිනේ. ජනතාව කියන්නේ මොකක්ද කියාවත් නොතේරෙන බවයි අපට හිතෙන්නේ... උද්ඝෝෂණකරුවන් සාකච්ඡාවට ආවත් රජයේ තීරණයනේ ඔය කියලා තියෙන්නේ. රටක් පවුලේ බූදලයක් වුණාම තමයි ඔය වගේ කතා කරන්නේ. ලැජ්ජයි, කණගාටුයි.
Anil Saturday, 23 April 2022 07:54 PM
මෙයාට තියෙන බල තණ්හාව...
Sk Saturday, 23 April 2022 08:42 PM
බල තණ්හාවයි..., කෑදරකමයි එකතුවෙලා රට නැතිකරනවා. අයින් වෙන්න අදහසක්වත් නෑ...
BamunuarachchiMonday, 25 April 2022 08:44 PM
බල තණ්හාව තිබෙන මිනිස්සු තමයි බලයට එන්න හදන්නේ... මොකද අනුරලාට, සජිත්ලාට බල තණ්හාව නැද්ද?
Bamunuarachchi Monday, 25 April 2022 01:30 PM
නැතුව වෙන කව්ද අගමැති වෙන්න සුදුසු? මොකෝ සජිත්ට දෙන්නද? අනුරට දෙන්නද? ඒ ගොල්ලෝ කවදා කරපු අගමැතිකම්ද?