කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය හා ශාක නිරෝධායන බලපත‍්‍ර නොමැතිව ජෙඩා සිට මෙරටට ගෙන ඒමට තැත්කළ කරදමුංගු තොගයක් සමග ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතා කීවේය.
සැකකරුවෝ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෝ වෙති.
අත්අඩංගුවට ගනු ලැබූ කරදමුංගු තොගයේ බර කිලෝග‍්‍රෑම් 150 ක් වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ හතරකි.
රේගු නිලධාරීන් විසින් ප‍්‍රශ්ණ කිරීමේදි තමන් මක්කම වන්දනා මාන කිරීමට ගිය බවත් ආපසු එමින් සිටියදී ජෙඩා ගුවන්තොටුපොළේදී කිසියම් පුද්ගලයෙකු විිසින් මෙරටට ගෙන ඒම සඳහා මෙම කරදමුංගු තොගය ලබා දුන් බව රේගුවට පවසා ඇත.
සැකකරුවෝ සෞදි අරාබියානු ගුවන්සේවයට අයත් එස්.වී 780 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ රේගුවට භාන්ඩ කිසිවක් ප‍්‍රකාශ කිරීමට නැති මගීන්ගේ මාර්ගය ඔස්සේ පැමිණ ගුවන්තොටුපොළෙන් එලියට යාමට උත්සහ ගනිද්දී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන ඞී.ඞී.එස්.සී මයිකල්, එම්.අයි රාෂික් සහ සහකාර රේගු අධිකාරීවරුන්වන තනුෂ්ක විජේසූරිය, එන්.ඞී සිරිසේන යන නිලධාරීහු සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ලංකාවට එන්ඩ සාජා ගුවන්තොටුපොළට ගියාම ලංකාවේ මුස්ලිම් කෙනෙක් එයාගේ බඩු බර වැඩි කියල මට දෙන්ට අවා. මම ගත්තේ නැ. ලංකාවට ගියහම රෙගුවෙන් අල්ලගත්තා. මම කියන්නේ අදුරන්නේ නැති අය දෙන මොකවත් ගන්ට එපා .(නදී)
මෙයාලා එනසාල් අල්ලනවා. ලංකාවේ පොලූසිය ගණිකා නිවාස, සම්බාහන නිවාස අල්ලනවා. වෙන අල්ලන්න දෙයක් ඇත්තෙම නැද්ද මන්දා? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
සමස්ත සමාජයම විනාස කරන කුඩු ඕනාතරම් ගේනවා අල්ලන්න බයයි. අල්ලලා මැරුම් කන්නේ මොකටද? ඒත් අසරණයෙක් එනසාල් ටිකක් ගෙනාවත් අල්ලනවා.(නදී)
හොරට ගෙනාපු එතොනලේ කන්ටිනේර් දෙකත් රේගුවෙන් නිදහස් කරගෙන යද්දිනෙ පෑලියගොඩදී අත්අඩංගුවට පත් වුනේ. මම හිතන්නේ කන්ටේනර් නිසා පෙනෙන්න නැතිව ඇති.(නදී)
ඕගොල්ලෝ මේ තරම් අවතක්සේරු කරනේ අපේ රට වෙනුවෙන් අමිල සේවයක් කරන රේගුවට කියන එක අමතක කරන එපා. මේක සුළු දෙයක් වෙන්න පුළුවන්. ඒත් අපේ තරුණ ජීවිත ලක්ෂ ගානක් විනාශ කරන්න ගෙනා කෝටි ගානක් වටිනා අර්තාපල් කුඩු ඇල්ලුවා අමතකද ? කොහොමත් හැමදේම ඉක්මනට අමතක වෙන රටක්නේ ලංකාව කියන්නේ (නි)
බලන්නකෝ ෆොටෝ එකට ඉන්න අපූරුව! (නි)
මනෝජ්, ඔබගේ අත්දැකීම මටත් සිදුවුණා. අමාරුවේ නොවැටී බේරුනේ පුරුවේ පිනකට. එක නිසා මමත් කියන්නේ අනුන්ගේ දේවල් නම් අල්ලන්නවත් එපා. (නදී)
කට්ටිය එන්නේ හරියට නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ.යේ අරන් යන්න ගිය රත්තරන් ඇල්ලුවා වගේනේ.බලන්නකෝ තියෙන උජාරුව... (නි)
එයාලා මුකුත්ම දන්නැති බබ්බු. කවදාවත් වාසියක් නැතුව ඔය වගේ බඩු මල්ලක් අරගෙන ඒවිද? එයාලට ඉහලම දඬුවම් දෙන්න. දෙවියෝ බලන්න ගිහිල්ලා තලගොයිත් මරාගෙන එන්නද කොහෙද හදලා තියන්නේ. (නි)
අපේ රේගුවට මේක හරි ලොකු දෙයක්.(නදී)
තෑගී ලැබුණු ඇත් දල කැටයමක් ගේන්න පුලුවන්ද ?(නදී)
කරදමුංගු වගාවට ලංකාවේ භූමිය විනාස වෙනවා නේ. ඉතින් මෙහෙම අඩු මිලට ගෙනාවම මොකද වෙන්නේ ?(නදී)
අවුරුදු බයිලා.(නදී)
සිංහල සහෝදරවරුනි, අපේ කට්ටිය මේ දවස් ටිකට කල අපරාධ මීට වඩා ලැජ්ජාසහගතයි. (නි)
රේගු අධ්‍යක්ෂතුමනි... මේ රටට ගුවනින් හෝ නැව් මගින් ගෙනෙන්න එපා දේත් ගෙනියන්න එපා දේත් මොනවාද කියා පුවත්පත් මගින් වරින් වර දේශීය විදේශීය සංචාරකයින් දැනුවත් කිරීමක් වහාම අවශ්‍යයි... සංචාරකයින් අසීරැ තත්ත්වයට පත්වීමට එතරම් හොද දෙයක් නොවෙයි... සංචාරක කර්මාන්තයටද පහරකි..!(නු)
මේවගේ දේවල් ගෙන එන එක නවත්තන්න ඒ අයව දැනුවත් කළ යුතුයි..!(නු)
මේ කට්ටියගේ තියෙන ආඩම්බර කම. ඔය වගේ අල්ල ගන්නකො ලොක්කෝ කරන වැඩත්.(නදී)