IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අනුන්ගේ පාර්සලෙන් ලොකු ලෙඩක් දා ගනී

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය හා  ශාක නිරෝධායන බලපත‍්‍ර නොමැතිව ජෙඩා සිට මෙරටට ගෙන ඒමට තැත්කළ කරදමුංගු  තොගයක් සමග ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනෙකු  කටුනායකදී  අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතා කීවේය.
සැකකරුවෝ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෝ  වෙති.
 අත්අඩංගුවට ගනු ලැබූ  කරදමුංගු  තොගයේ බර කිලෝග‍්‍රෑම් 150 ක් වන අතර  එහි වටිනාකම රුපියල් ලක්ෂ හතරකි.
රේගු නිලධාරීන් විසින් ප‍්‍රශ්ණ කිරීමේදි  තමන් මක්කම  වන්දනා මාන කිරීමට ගිය  බවත් ආපසු  එමින් සිටියදී  ජෙඩා ගුවන්තොටුපොළේදී කිසියම් පුද්ගලයෙකු විිසින්  මෙරටට ගෙන ඒම සඳහා මෙම කරදමුංගු  තොගය ලබා දුන් බව රේගුවට පවසා ඇත.
සැකකරුවෝ සෞදි අරාබියානු ගුවන්සේවයට අයත් එස්.වී 780 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ රේගුවට භාන්ඩ කිසිවක් ප‍්‍රකාශ කිරීමට නැති මගීන්ගේ මාර්ගය ඔස්සේ පැමිණ ගුවන්තොටුපොළෙන් එලියට යාමට උත්සහ ගනිද්දී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.

මේ පිළිබඳ විමර්ශන කටයුතු  රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන්  නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන ඞී.ඞී.එස්.සී මයිකල්,  එම්.අයි රාෂික් සහ සහකාර රේගු අධිකාරීවරුන්වන තනුෂ්ක විජේසූරිය, එන්.ඞී සිරිසේන යන නිලධාරීහු සිදුකරති.



අදහස් (0)

අනුන්ගේ පාර්සලෙන් ලොකු ලෙඩක් දා ගනී

අරුණ Thursday, 18 April 2013 06:27 PM

අපේ රේගුවට මේක හරි ලොකු දෙයක්.(නදී)

:       0       0

බණ්ඩා Saturday, 20 April 2013 07:53 AM

මෙයාලා එනසාල් අල්ලනවා. ලංකාවේ පොලූසිය ගණිකා නිවාස, සම්බාහන නිවාස අල්ලනවා. වෙන අල්ලන්න දෙයක් ඇත්තෙම නැද්ද මන්දා? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

බණ්ඩා Friday, 19 April 2013 07:54 AM

කට්ටිය එන්නේ හරියට නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ.යේ අරන් යන්න ගිය රත්තරන් ඇල්ලුවා වගේනේ.බලන්නකෝ තියෙන උජාරුව... (නි)

:       0       0

සිල්වා Thursday, 18 April 2013 07:02 PM

මේ කට්ටියගේ තියෙන ආඩම්බර කම. ඔය වගේ අල්ල ගන්නකො ලොක්කෝ කරන වැඩත්.(නදී)

:       0       0

සරත් Friday, 19 April 2013 08:39 AM

මනෝජ්, ඔබගේ අත්දැකීම මටත් සිදුවුණා. අමාරුවේ නොවැටී බේරුනේ පුරුවේ පිනකට. එක නිසා මමත් කියන්නේ අනුන්ගේ දේවල් නම් අල්ලන්නවත් එපා. (නදී)

:       0       0

සෑම් Friday, 19 April 2013 09:55 AM

බලන්නකෝ ෆොටෝ එකට ඉන්න අපූරුව! (නි)

:       0       0

ගාමිණී Thursday, 18 April 2013 08:13 PM

මේවගේ දේවල් ගෙන එන එක නවත්තන්න ඒ අයව දැනුවත් කළ යුතුයි..!(නු)

:       0       0

ගාමිණී Thursday, 18 April 2013 08:32 PM

රේගු අධ්‍යක්ෂතුමනි... මේ රටට ගුවනින් හෝ නැව් මගින් ගෙනෙන්න එපා දේත් ගෙනියන්න එපා දේත් මොනවාද කියා පුවත්පත් මගින් වරින් වර දේශීය විදේශීය සංචාරකයින් දැනුවත් කිරීමක් වහාම අවශ්‍යයි... සංචාරකයින් අසීරැ තත්ත්වයට පත්වීමට එතරම් හොද දෙයක් නොවෙයි... සංචාරක කර්මාන්තයටද පහරකි..!(නු)

:       0       0

සම්පත් Thursday, 18 April 2013 08:36 PM

සිංහල සහෝදරවරුනි, අපේ කට්ටිය මේ දවස් ටිකට කල අපරාධ මීට වඩා ලැජ්ජාසහගතයි. (නි)

:       0       0

කුරුවිට Thursday, 18 April 2013 08:53 PM

අවුරුදු බයිලා.(නදී)

:       0       0

ජ.හේරත් Friday, 19 April 2013 10:45 AM

ඕගොල්ලෝ මේ තරම් අවතක්සේරු කරනේ අපේ රට වෙනුවෙන් අමිල සේවයක් කරන රේගුවට කියන එක අමතක කරන එපා. මේක සුළු දෙයක් වෙන්න පුළුවන්. ඒත් අපේ තරුණ ජීවිත ලක්ෂ ගානක් විනාශ කරන්න ගෙනා කෝටි ගානක් වටිනා අර්තාපල් කුඩු ඇල්ලුවා අමතකද ? කොහොමත් හැමදේම ඉක්මනට අමතක වෙන රටක්නේ ලංකාව කියන්නේ (නි)

:       0       0

සෙනරත් Thursday, 18 April 2013 09:27 PM

කරදමුංගු වගාවට ලංකාවේ භූමිය විනාස වෙනවා නේ. ඉතින් මෙහෙම අඩු මිලට ගෙනාවම මොකද වෙන්නේ ?(නදී)

:       0       0

පහන් Thursday, 18 April 2013 09:55 PM

තෑගී ලැබුණු ඇත් දල කැටයමක් ගේන්න පුලුවන්ද ?(නදී)

:       0       0

ටිකිරි Friday, 19 April 2013 09:53 PM

හොරට ගෙනාපු එතොනලේ කන්ටිනේර් දෙකත් රේගුවෙන් නිදහස් කරගෙන යද්දිනෙ පෑලියගොඩදී අත්අඩංගුවට පත් වුනේ. මම හිතන්නේ කන්ටේනර් නිසා පෙනෙන්න නැතිව ඇති.(නදී)

:       0       0

ටිකිරි Friday, 19 April 2013 09:56 PM

සමස්ත සමාජයම විනාස කරන කුඩු ඕනාතරම් ගේනවා අල්ලන්න බයයි. අල්ලලා මැරුම් කන්නේ මොකටද? ඒත් අසරණයෙක් එනසාල් ටිකක් ගෙනාවත් අල්ලනවා.(නදී)

:       0       0

මනෝජ් සාජා Thursday, 18 April 2013 10:35 PM

මම ලංකාවට එන්ඩ සාජා ගුවන්තොටුපොළට ගියාම ලංකාවේ මුස්ලිම් කෙනෙක් එයාගේ බඩු බර වැඩි කියල මට දෙන්ට අවා. මම ගත්තේ නැ. ලංකාවට ගියහම රෙගුවෙන් අල්ලගත්තා. මම කියන්නේ අදුරන්නේ නැති අය දෙන මොකවත් ගන්ට එපා .(නදී)

:       0       0

සෑම් Friday, 19 April 2013 04:04 AM

එයාලා මුකුත්ම දන්නැති බබ්බු. කවදාවත් වාසියක් නැතුව ඔය වගේ බඩු මල්ලක් අරගෙන ඒවිද? එයාලට ඉහලම දඬුවම් දෙන්න. දෙවියෝ බලන්න ගිහිල්ලා තලගොයිත් මරාගෙන එන්නද කොහෙද හදලා තියන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 23 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1335 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 817 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1354 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 965 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site