කොළඹ ආනන්ද විද්‍යාලයේ ”අනඳ පැහැසරණී 2012” සාහිත්‍ය කලා උළෙල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. සාහිත්‍ය ගද්‍ය රචනා සහ පද්‍ය ගායනා අංශවලින් දක්‍ෂතා දැක්වූ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ සිසුනට ත්‍යාග සහ සහතික පත් ප‍්‍රධානය කැරිණි.
”ගලායන්න ඉඩහරින්න” ආනන්ද විද්‍යාලයේ සිසුන්ගේ නිර්මාණ ඇතුලත් කාව්‍ය සංග‍්‍රහයක්ද එළි දැක්විනි. ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එල්.එම්.ඞී. ධර්මසේන මහතාද එම අවස්ථාවට සහභාගි විය.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසයි මටත් ආයෙත් පාසල් යන්න..!(නු)
අපේ සිංහල උගන්නපු මැඩම් දකින්න ලැබීමත් සතුටක් දීර්ගායු පතනවා (නු)
කොළඹට කලා උළෙලවල්...(නු)
දින දින කිතු ගොස බෝවී වැජඹෙනු අනඳප මාතා ... (නි)
මෙවැනි දේ අපි අගය කරනවා.(ස)
සුභපැතුම්
අනෙකුත් පාසල්වල මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන්න (ස)
නරකද මේකට ගිය වියදමින් අර පිට්ටනියක්වත් නැති තලාතුඔය විදුහලට උදව්වක් කරානම්..(ස)
නිරාන්, ටිකක් සිතා බලන්න මෙවැනි ඉල්ලීම් කිරීමට පෙර. ආනන්ද සිසුන් සහ ගුරුවර,ගුරුවරියන් කර ඇත්තේ ඉතාමත් අගය කළයුතු දෙයක්. සංවේදී මිනිසුන් බිහි කිරීමට මෙවැනි දේ ඉතා අවශ්‍යයි. රටේ මොනතරම් බොරු ආටෝප වැඩ තියනවද. එවැනි අයගෙන් ඔබ කළ ඉල්ලීම කළයුතුයි. විය යුත්තේ රටේ අනෙක් පාසලුත් ආනන්දය වගේ වැඩ කිරීමයි. (නි)
ආනන්දය දුන්නේ මුලු රටටම ආදර්ශයක්. (නි)