කොළඹ ආනන්ද විද්‍යාලයීය ප්‍රාථමික අංශය සංවිධානය කළ ‘සිඟිති බක්මහ උළෙල‘ එම විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී අද (4) පැවැත්විණ.
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදු කෙරෙන සියලුම සිරිත් විරිත් එහිදී දැකගත හැකි විය.
ප්‍රවීණ සිනමා හා ටෙලිනාට්‍යය අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් විය.
විදුහල්පති ප්‍රභූ කර්නල් එල් එම් ඩී ධර්මසේන මහතාගේ මඟපෙන්වීම යටතේ ප්‍රාථමික අංශ ප්‍රධානී සීතා කුලතුංග මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය හා දෙමව්පියන් එක්ව මෙම අවුරුදු උළෙල සංවිධානය කළහ.
නැකතට කිරි ඉතිරවීම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම ඇතුළු සියලු චාරිත්‍රවාරිත්‍ර මෙහිදී සිදු කැරිණි.
දරුවාට කුඩා කළ සිටම ‘අපේ කම‘ කියා දීම හා ඔහු සමාජයට වැඩදායි මිනිසකු කිරීම මෙහි අරමුණ බව විදුහල්පති ධර්මසේන මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම ඉහළ වැඩක්. කාලීන වගේම ජාතික අභිමානයට හේතුවෙනවා. නමුත් මෙවැනි දේවල් තවත් මීට වඩා පහසුකම් අඩු ගමේ දුප්පත් ඉස්කෝල වල සිද්ධ වෙනවා. සිදු කරනවා. ඒවත් මේ විදිහටම පළ කරනවා නම් එම ළමුන් දිරිමත් කරන්න අගයන්න එම අහිංසක ළමුන්ට කරන අනර්ඝ සේවයක්. (නි)
යුද්දයෙන් කොච්චර මිනිස්සු පීඩා වින්දද .ජනාධිපති තුමා සාමය ඇති කරපු එකම මදිද සතුටෙන් අවරුදු කන්න. කාටවත් මතක නැ අතීතය.(නදී)
අපේ පැරණි සිරිත් විරිත් මෑත කාලීන සමාජයෙන් ගිලිහී යන කාලයක ආනන්ද විද්‍යාලයෙන් මේ කළා වූ ඉතා වටිනා ක්‍රියාව අගය කරමු. (නි)
නියෝජ්‍ය විදුහල්පතිනි සීතා කුලතුංග මහත්මියට මෙවන් වටිනා උත්සවයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් විද්‍යාලයේ ආදී සිසුන් වෙනුවෙන් ප්‍රණාමය පුද කරමු. (නි)
ප්‍රාථමික අංශ ප්‍රධානී සීතා කුලතුංග මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය හා දෙමව්පියන් එක්ව පුංචි දරුවන් වෙනුවෙන් මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම පිළිබදව ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි. මගේ පුතත් ඉන්න ආනන්දය ජාතියට ආදර්ශවත් දේවල් ද කරන වග නම් ඒකාන්තයි. හරිම ලස්සන අවස්ථාවක්. පුංචි පුතාලට මේ අපේ සිරිත් විරිත් ඉස්කොලෙන්ම ලබාදීම් ඉතා වැදගත්. ජීවිත කාලය පුරාම මතකයේ රැදෙයි. ආනන්ද මාතාවට සුභ පැතුම් !(නදී)
බක්මහ උළෙල ලස්සන ලෙස සිදුවි තිබේ.. අවුරුදු සිරිය සැම මුහුනෙම දකිනු ලැබේ.. අරමුණ උතුම් විදුහල්පති තුමනි ඔබේ.. බැබලේ කීර්තිය ලක් දිව ගුවන් ගැබේ.(නදී)
පුංචි දරුවන් වෙනුවෙන් මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම පිළිබදව ආනන්ද විදුහලට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි. (ස)
ඉතාම හොඳ වැඩක්. ජයන්ත චන්ද්‍රසිරි මහතාට ගොඩාක් පින්.. (ස)
ලස්සනයි, මගේ උණුසුම් සුබපැතුම් ! මාත් ඉගෙන ගත්තු, මගේ පුතත් ඉන්න ආනන්දය ජාතියට ආදර්ශවත් දේවල් ද කරන වග නම් ඒකාන්තයි. මේ සදහා එදිරිපත් වූ සැමට ස්තුති. (ස)
හරිම හොඳයි පුංචි පැටව් ටික (ස)
ගාල්ල ජනාධීපති බාලිකාවෙත් ඔය විදිහටම අවුරුදු උත්සවය හා සිරිත් විරිත් ඉටු කරන ලදී. හරිම ලස්සන අවස්ථාවක්. පුංචි දුලා පුතාලට මේ අපේ සිරිත් විරිත් ඉස්කොලෙන්ම ලබාදීම් ඉතා වැදගත්. පාසල් අධ්‍යාපනය රැක ගමු. එය අගයමු සැම දින.(නදී)
හරිම ලස්සන අවස්ථාවක්.පුංචි පුතාලට මේ අපේ සිරිත් විරිත් ඉස්කොලෙන්ම ලබාදීම් ඉතා වැදගත්.ජීවිත කාලය පුරාම මතකයේ රැදෙයි.ආනන්ද මාතාවට සුභ පැතුම් (අ)
මගෙත් පාසැල, මගේ පුත්තු තුන්දෙනගේත් පාසැල. හිත අවුරුදු ගණනක් පස්සටගියා. හරිම ආඩම්බරෛ. (අ)
ජාතියට නායකත්වය දෙන පින් බිමක් ..... සද යෙහෙන් වජබෙව ..... (අ)
අනන්දයට ජාතියේ ප්‍රණාමය සහ ලංකාදීපයට මල් මිටක් ! (නි)
ආනන්ද විද්‍යාලය ජාතියේ සුවිසල් බෞද්ධ පාසැල. එකවර වැඩිම පිරිසක් නිතිපතා පන්සිල් ගන්න තැනක් ලෝකයේම තියනවද? මේ පුංචි දරුවන්ට සුබ අනාගතයක් හදමු. මේ දරුවන්ට තෙරුවන් සරණින් ජයම වේවා. (ස)
අනේ හරිම ලස්සනයි, ලංකාදීපයට ස්තුතියි මේවා දාන එකට (ස)