IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


අනුරත් ජනපති තරඟයට

(මුදිතා දයානන්ද) 

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට සූදානම් බව ජාතික ජනබලවේගයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

රටේ වැටි ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩනැගීමට නායකත්වය දීමට පාර්ලිමේන්තු ඇතුලේ ජනාධිපති තේරීමේ තරගයේ දී ජාතික ජල බලවේගය නියෝජනය කරමින් අපේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අපි ඉදිරිපත් කරනවා යැයි විජිත හේරත් මහතා පවසයි. ජාතික ජන බලවේගයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මේ බව පැවැසීය.

එළඹෙන 19 වැනි නාම යෝජනා බාර දෙන බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.



අදහස් (55)

අනුරත් ජනපති තරඟයට

චිරන්ත Saturday, 16 July 2022 01:59 PM

සේන අම්බලන්ගොඩ උන්නැහේ කියන්නේ 2024 වර්ෂයේදී ඔබට ස්ථිරවම ජනාධිපති තනතුර ලැබෙනවා කියලා පුන පුනාම කියනවා.. එහෙම තියෙද්දි දැන් ඉදිරිපත් වුනොත් 2024දී ඔබටත් ගෝඨාභයට වෙච්චි දෙයම වෙන්න පුළුවන්... දීඝායු දුර බලන්න.. ළග නොබලන්න,

:       296       29

ChandraSaturday, 16 July 2022 02:19 PM

මේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරු අනුර දිනවන්නේ නැහැ. ඒත් අභියෝගය බාර ගැනීමට සූදානම් බව පෙන්වීමට ඔහු ඉදිරිපත් වීම වටිනවා.

:       234       177

KumudikaSaturday, 16 July 2022 03:11 PM

පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරය හොරු සහ හොරු රකින අය.. ඔවුන්ගේ ප්‍රධානම සතුරා අනුර කුමාර දිසානායක මහතා...

:       172       147

Mavilmada Vajira himiSaturday, 16 July 2022 03:15 PM

මේ හොර ගුහාව විසුරුවලා රටේ ජනමතය නියෝජනය වෙන පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට අවස්ථාව ලබාදෙනු... මේ රටට අවංකව ආදරේ මිනිස්සු අනුර ඇතුළු ජාතික ජනබලවේගය දිනවන්න ලෑස්තියි.

:       135       112

ajithSaturday, 16 July 2022 05:27 PM

අපේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අපි ඉදිරිපත් කරන බව ජාතික ජන බලවේගයේ / jvp නියෝජිත විජිත හේරත් වගකීමෙන් ප්‍රකාශ වී තිබෙනුයේ ඔවුන්ට අනුර ජනාධිපති වීම පිළිබඳව විශ්වාසයක් තිබෙන නිසා වන්නට ඇත...

:       0       0

Dr. Vajira FernandoSaturday, 16 July 2022 02:21 PM

රටේ ජනමතය පවතින පාර්ලිමේන්තුවෙන් නියෝජනය වෙන්නේ නෑ. ඒ බව ජනතාවට ඒත්තු ගැන්වීමට අනුර දිසානායක මහතා ඉදිරිපත්විය යුතුයි.

:       172       128

cbSaturday, 16 July 2022 08:33 PM

එසේනම් වන්නිලා ඇත්තන්ගේ නායකයාටත් අවස්ථාවක් ලබාදෙමු...

:       0       0

සුරනිමල Saturday, 16 July 2022 10:17 PM

මේකේ අනුරට පක්ෂව කතා කරන අයට ලැබෙන ලයික් දැක්කාම හිතාගන්න පුළුවන් ජනතාවත් තාම හොරු සමගයි කියලා...

:       0       0

KumaraSaturday, 16 July 2022 02:25 PM

කතානායකවරයා ඒකමතිකව ජනාධිපති ධුරයට පත්කිරීමට ජනතා බලවේගය අවංක උත්සාහයක් ගත්තා. ඒත් බලලෝභීන් ඒ යෝජනාවට එකඟවුණේ නැහැ. අනුරට මහජනතාවගේ ඡන්දයෙන් මේ රටේ බලයට පත්වෙන දිනයක් ළඟ එනවා.

:       119       67

යෝගා Saturday, 16 July 2022 02:39 PM

හොර අනාවැකිකාරයින් මවන හීනවලට කීදෙනෙක් නම් රැවටෙනවාද? පව්....

:       20       108

චිරන්ත Saturday, 16 July 2022 05:16 PM

සේන අම්බලන්ගොඩ මැතිතුමා 2019 ජනාධිපතිවරණය ට ආසන්න කාලයේ ජනාධිපතිවරණයට පෙර වෙන්න පුළුවන් ටීඑන්එල් එකේ එතුමාගේ ඉසිවර ඉසව්ව වැඩ සටහන් මගින් කිව්වා මෙම වසරේ (2019) පත්වෙන ජනාධිපති සම්පූර්ණ කාලයට පෙර කුමන හේතුවක් මත හෝ ඉවත්වෙනවාමයි කියලා... දැනට එය සත්‍ය වෙලා අවසන්....

:       70       13

Prabha Saturday, 16 July 2022 07:47 PM

ඔය රාජකීය ජ්යෝතිෂ කාරයින් කියන ඒවා අහලා රටට කරපු විනාශය මදිද?

:       0       0

janaka jayasingha Saturday, 16 July 2022 02:03 PM

අරාජික රටක පාලකයන් පන්නා දමා අරගල කරුවන් දිනාදුන්නු රට ගොඩනැගීමට සුදුසුම පුද්ගලයා අනුර...

:       277       2077

SamanthaSaturday, 16 July 2022 02:26 PM

මේ රටේ ජනතාවගේ හදවතේ ජනාධිපති අනුර...

:       128       1574

buddiSunday, 17 July 2022 03:13 AM

පාර්ලිමන්ට් එකේ හොරු ඉන්නවා. ඊට විරුද්ධව නගන හඬ අනුර දිසානායක කිව්වාම මේකේ සංවිධානාත්මකව අන්ලයික් කරලා තියෙන විදිය දැක්කාම හිනාත් යනවා. ඒ වගේම තවමත් සැලකිය යුතු ප්‍රමාණයක් හොර ගුහාවල් කොමිස් පප්පලා බවයි පේන්නේ. ලැජ්ජයි ලංකාවේ මිනිස්සුන් ගැන. පෝලිම් කප්පරක හිඟාකෑවාත් ගතිය යන්නේ නැහැ. පව් ඉතින්...!

:       0       0

Sanath Kandy Saturday, 16 July 2022 02:09 PM

පාර්ලිමේන්තුවේ දැන් ඉන්න හොරුන්ගේ ඡන්දෙන් නම් අනුර දිනන්නේ නැති බව නම් අපි දන්නවා. ඒත් ජනතාවට අවස්ථාව ලැබෙන පළවෙනි මොහොතේම ඔබව දිනවනවා. දූෂිත පාලකයින් බිමටම සමතලා කර දැමූ මේ රටට දැන් ඇති එකම බලාපොරොත්තුව ඔබ පමණයි.

:       112       4559

Kuma Saturday, 16 July 2022 02:12 PM

සියලුම අපේක්ෂකයන්ගෙන් රට හදන වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමට බලකළ යුතුයි.

:       2       83

Aruna Saturday, 16 July 2022 02:13 PM

හනුමන්තා ළකුණින්ද?

:       83       153

අරවින්ද මොනරවිලSaturday, 16 July 2022 03:57 PM

හනුමා පැන්නුවා... ඒකට සම හරක් කළබලවෙලා...

:       144       115

Nissanka Saturday, 16 July 2022 02:17 PM

අනුර සහෝදරයා ඉල්ලන්නේ දිනන්න නෙවෙයි කියලා අපි දන්නවා. මේ රටේ නැවත ගොඩගැනීමේ වගකීම ගන්න සූදානම් බව ප්‍රකාශ කිරීමටයි ඔහු ඉදිරිපත් වෙන්නේ...

:       221       143

NIMALSaturday, 16 July 2022 07:33 PM

අනුර සහෝදරයා ඉල්ලන්නේ දිනන්න නෙවෙයි නම්, යම් හෙයකින් ජයග්‍රහණය කළහොත් රට නැවත ගොඩගැනීමේ වගකීම ගන්න ඔහු බලාපොරොත්තු වනවා ඇත...!

:       0       0

surasena Saturday, 16 July 2022 02:40 PM

හිටපු හොරුන්ට වැඩිය ඔබ හොඳයි මචන්...

:       96       53

අමා Saturday, 16 July 2022 02:40 PM

මේ අයට, වෙන කෙනෙකුට ඡන්දය දෙන්නත් බෑ. මේ වෙලාවේ එය පාවිච්චි නොකරත් බෑ. ඒ නිසයි මෙයාව දාන්නේ...

:       20       101

කිරි පුතා Saturday, 16 July 2022 02:43 PM

ව්‍යවස්ථානුකූලව සුදුසුකම් ඇති ඕනෑම කෙනෙකුට ඉල්ලන්න පුළුවන්... මොන හේතුවකට හෝ ජනපති වුවහොත් එදාට දැනේවි, පචහළන එකයි, වැඩ වර්ජන දියත් කරන එකයි, කැරළි ගහන එකයි වගේ ලේසි නෑ රටක් කරන එක කියලා....

:       35       137

anaSaturday, 16 July 2022 07:40 PM

කියුබාව, වියට්නාමය වාගේ ගොඩ එන්න බැරිව සිටි බොහෝ රටවල් දියුණු කළේ සටන් කළ නායකයෝ තමයි. පෝලන්තය දියුණු කළේ කම්කරු පක්ෂයේ සටන් නායකයා...

:       103       27

JayathSunday, 17 July 2022 08:58 AM

ඒක තමයි ඇත්ත. මේ අරගලය බටහිර රටවල්වල ඩොලර්වලින් කළේ අනුර...

:       0       0

ජයන්ත Saturday, 16 July 2022 02:45 PM

අනුර දිනුවත් නැතත්, රටේ පාලනය බාර ගැනීමට ඉදිරිපත් වීම මෙතැන් සිට සටහන් වෙනවා.

:       96       57

සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 16 July 2022 02:51 PM

මේ යන විදියට ජනාධිපති වෙන්න පුළුවන් බව පේනවා. මාර කැම්පේන් එකක්නේ දෙන්නේ....

:       15       45

ලෙස්ලි හර්බට් විජේසිංහ Saturday, 16 July 2022 02:52 PM

ඡන්ද තුනක් ගන්නත් සටන් කරනවලුද?

:       39       122

Swarna Saturday, 16 July 2022 03:09 PM

අනුර කුමාර සහෝදරයා ඉදිරිපත් වීම අගය කරනවා. නමුත් ඔහුට කිසිසේත්ම ඔය හොරු රැල පාර්ලිමේන්තුවේ සිටින තෙක් ඉදිරියට එන්න දෙන්නේ නැහැ.. ඔය ඉන්න අනිත් අය බල පෙරේතයින්. දැන් රටට අවශ්‍ය අනුර කුමාර දිසානායකම තමයි.

:       95       58

sashi Saturday, 16 July 2022 03:40 PM

ඔබතුමාට ජයක්ම ලැබේවා...!

:       128       57

රනේ Saturday, 16 July 2022 04:05 PM

කොහොම වුණත් ඊළඟ ඡන්දෙදී ජනපති ඔබයි...!

:       110       50

hesa Saturday, 16 July 2022 04:35 PM

අකුදිට පක්ෂ අයත් ඔහු හොරෙක් බොරුකාරයෙක් ලෙස හිතන්න කැමැති නැහැ. රට ගොඩ ගන්නලුනේ මේ අරගල. එහෙම අය 13දා වසන්තට අරගලයෙදි ගුටි කාපු එකත් ඒ මොහොතේම ලෝකෙම දැක්කා. නමුත්, ලැජ්ජාවක් ගෑවිලාවත් නැති නිසා ඒ කොටස කපා හැරලා, හැරෙන තැපෑලෙන් මාධ්‍යයට, රටට, ලොවට කියනවා ගුටි කෑවේ නැහැ කියලා. බොරුවෙන්මයි මුළු කාලයම. හරි නායකයෙක් නම් එවැනි තකතීරු වැඩවලට උල්පන්දම් නොදී, නේද කටයුතු කරන්න ඕන...?

:       28       110

විපුලSaturday, 16 July 2022 07:24 PM

එදා ඔය කියන දෙයක් උනේනෑ, එතැන හිටිය අය දන්නවා රනිල් හාමුගේ බත් බැලයින්ට වුනේ මොකක්ද කියලා, අනික රටට අන්තෙටම වැටෙනකම් සද්ද නැති අය තමයි දැන් අරගලේ අඩුපාඩුු හොයන්⁣නේ...

:       0       0

mahel Saturday, 16 July 2022 05:03 PM

මෙයා හිතනවා ඇති අරගලයේ පැතුම මං තමයි කියලා. වසන්ත සමරසිංහට ඇප නැතිවෙන්න නෙලාපු අයගෙන් ඕන එක අහන්න. කොහොමත් අනුර ජනාධිපති වෙනවා නම් හොඳයි... ස්ට්‍රයික් පිකටින් කරනවා, ගිනි තියනවා තරම් ලේසි නැහැ කියලා තේරෙයි එතකොට. අනුර පොරක් කියලා හිතාගෙන ඉන්න අයටත් තේරෙයි.

:       30       105

මැක්ස් Saturday, 16 July 2022 05:04 PM

ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉල්ලපු වෙලාවේ ඇමරිකාවෙන් ඔහුට සල්ලි දුන්නා. අකුදිලා ඉන් කොටසක් ගසා කෑවා. ඒවා ඔප්පු වුණු දේවල්. ඊළඟට විජේදාස රාජපක්ෂගෙන් වැසිකිළියකදී සල්ලි ගත්තා. ඇවන්ගාඩ් ගෙනුත් එහෙමයි. මේ සම්බන්ධ ප්‍රසිද්ධ විවාදවලට එන්න කිව්වත් ජවිපෙ ඒක මග ඇරියා. විජේවීරට ගෙවල් හදනවා කියලා එකතු කරපු සල්ලිවලට වෙච්චි දෙයක් නැහැ. අකුදිලා පෙරාපු රත්තරං කියලා හිතාඉන්න ඔහුගේ ගෝලයින්ගේ දැනගැනීම සඳහයි.

:       37       107

රනේSaturday, 16 July 2022 09:13 PM

අපෝ එච්චරද? එහෙනම් වැරැදි ඇත්තේම නැතිතරම්..!

:       0       0

Bandara Saturday, 16 July 2022 07:22 PM

රනිල් දිනවීම සඳහා හොඳම සහාය විපක්ෂයේ ඡන්ද කැඩීම. එය අනුර හොඳින් ඉටු කරනවා. බැසිල්- රනිල් ඩීල් එකේ තවත් පියවරක්...!

:       0       0

Nuwan Dissanayaka Saturday, 16 July 2022 07:24 PM

අනුර දිසානායක පාලනයක් තුළ ලංකාවේ කෘෂිකර්මය, නීතිය, අධ්‍යාපනය.. වගේ දේවල් දියුණුවෙයි කියලා හිතන්න පුළුවන්... හැබැයි හැමෝටම ගොඩක් මහන්සි වෙලා වැඩකරන්න වෙයි. හොරකම, පගාව.. වගේ දේවල් අඩුවෙයි.

:       0       0

darman Saturday, 16 July 2022 07:48 PM

අනුරගේ කතාව කෙරුවාවල් මේ බුවාලා දන්නවා. හැබැයි කල්පනාවට එන්නේ නැහැ. මොලේ හිරිවැටිලා. ජීවත් වෙන්නේ මනෝ ලෝකේ. අනුර සර් තම අම්මෝ පෙරාපු රත්තරන්... රාජපක්ෂ කාසියේ අනිත් පැත්ත අනුර. රනිල්ගේ අගමැතිකම බේරලා දුන්නේ නිකන් නෙමෙයි නඩු කියලා. ඇවන්ගාඩ් ලොක්කා කිව්වේ... විජේදාස නම් සල්ලි දීලා තිබ්බේ ලැට් එකේදී. කෝ විවාදෙට ආවාද?

:       0       0

Chamath Saturday, 16 July 2022 08:07 PM

පළමුව සහ අවසාන වශයෙන් හිතපු දේ හොඳ තීරණයක්...

:       2       4

Lalith pushpakumara Saturday, 16 July 2022 08:19 PM

මේ මොහොතේ රටට අවශ්‍ය රට ඉල්ලන නායකත්වය හැබැයි ඔය පාර්ලිමේන්තුව තුළ ඒ නායකත්වයට විකල්ප බලවේගයට ඉඩක් දෙන්නේ නෑ දූෂිත කණ්ඩායමක් ඉන්න නිසා... ජනවරමකින් රට හදන කාර්යය ඉක්මන් කරමු .

:       0       0

චින්තක Saturday, 16 July 2022 09:12 PM

අදහස් සඳහා කැමැත්ත අකැමැත්ත ප්‍රකාශ කිරීමට අනුමත කරනවිට කොළපාට ඔබන්න. අකැමැති නම් රතුපාට ඔබන්න. බොහෝ දෙනෙක් ඉතාමත් සත්‍ය දේවල් සඳහා රතුපාට ඔබලා ඔවුන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරලා තියෙනවා.

:       0       0

Hemantha kumara Saturday, 16 July 2022 09:25 PM

අව්‍යාජ නායකත්වයට ජයවේවා..!

:       0       0

Sharn Saturday, 16 July 2022 10:40 PM

අනේ මන්දා, රට හදන්න දඟලන දැඟලිල්ලක්, හැමෝම එන්නේ රට හදන්නලු, ඒත් හැදුණ රටක් නම් නෑ, ලෝකේ අපිටත් වඩා ඉතාමත් නොදියුණු තත්වයේ තිබුණු රටවල්වල දියුණුව දැක්කාම අපි කොහේද ඉන්නේ කියලා හිතෙනවා, රට හැදිල්ලේ අරුමය...!

:       0       0

සිරිපාල සේනසිංහ Saturday, 16 July 2022 10:57 PM

බස් ගිනිතියලා වැඩේ පටන් ගත්තා පුරුදු විදියටම. ඔහොම යං... ඔහොම යං...

:       0       0

සංඛ Sunday, 17 July 2022 06:58 AM

අර්බුදයක් නිර්මාණය කර බලයට පැමිණෙන්නා අර්බුදයක් විසින්ම බලයෙන් පහ කෙරෙනු ඇත. මෑත දී සිදුවූයේද එයයි. අනාගතයේ ඔබට සිදුවන්නේ ද එයමයි. අහිංසක ජනතාවගේ දුක්, කඳුළු තමන්ගේ දේශපාලනය කරගන්නා තාක් කල් කාටවත් පැවැත්මක් නැත.

:       0       0

Mangala Sunday, 17 July 2022 08:28 AM

රට අස්ථාවර කරලා ගේමෙන් බලය ලබා ගන්න හදපු NGO ...

:       0       0

Soma Sunday, 17 July 2022 10:10 AM

වඩාත් ගැලපෙන තීරණයක්...!

:       0       0

amila Sunday, 17 July 2022 10:16 AM

රාජපක්ෂලා වගේ රටම ණය කරමින් මිනිස්සුන්ගේ අන්තිම සතේත් හූරාකන්නේ නැතිව රට ගොඩ නගමින් ටිකක් හොරකම් කළත් අවුලක් නැහැ.

:       0       0

සිරි Sunday, 17 July 2022 11:51 AM

දුවන්නන් වාලෙ කෙට එළදෙනත් දිව්වාලු...!

:       0       0

Lelwala Sunday, 17 July 2022 03:03 PM

ඔහු ඡන්ද 3ක් ගනීවි...

:       0       0

Demuni Uduwara Sunday, 17 July 2022 05:48 PM

රනිල්ට සපෝර්ට් කරනවා...

:       4       6

ASARANAYA Monday, 18 July 2022 02:28 PM

මෙයා 2001-2022 මේ දක්වා පාර්ලිමේන්තුවේ වළං බිඳ බිඳ මේ රටේ අහිංසක අසරණ මිනිසුන්ගේ වක්‍ර බදුවලින් ලක්ෂ ගණනාවක් මුදල් මේ වනවිට මහත්ම ලීලාවෙන් ඔඩොක්කුවට හලාගෙන ඉස්සගෙ න්‍යායට අනුව මම සුදනා, මම සුදනා කිය කියා දවස් අටදහසක් පමණ, තිස්සේ පපුවට ගහගෙන ගහගෙන කල් මරණ එක තමයි තාමත් කරන්නේ... ශ්‍රී ලංකා ධරණී තලය තවත් මේ පාපකර්ම උහුලයිද?

:       0       4

sursudarshi Tuesday, 19 July 2022 10:27 AM

පාර්ලිමේන්තුවේ හොරු අනුරට ඡන්දෙ දෙන්නේ නැහැ. අනුර ඇර අනිත් තුන්දෙනාට ඡන්දෙ දෙන මන්ත්‍රීලාට පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දෙ නොදී ඉන්න අය ඉල්ලන ආසනවල මිනිස්සු දැන ගන්න ඕනේ...!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 65 0

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 70 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 108 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 284 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මීරිගම දුම්රිය ගම්පහදී පිළි පනී
2025 අප්‍රේල් මස 23 242 0

කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය


ක්‍රීඩා පුහුණුවට නොආවැයි ගුරුවරියගෙන් අපූරු දඬුවමක්
2025 අප්‍රේල් මස 23 1124 0

අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 657 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 331 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 478 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site