
ඉන්දියාවේ ජනප්‍රිය සංගීත අධ්යක්ෂ අනිරුද් රවිචන්දර් සහ අයි.පී.එල්. තරගාවලියේ 'සන්රයිසස් හයිද්‍රාබාද්' කණ්ඩායමේ සම හිමිකාරිනිය මෙන්ම එම කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ද කටයුතු කරන කාව්‍යා මාරන්ගේ විවාමං මංගල උත්සවයේ ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත්, ඉන්දීය මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී ඇත.
අනිරුද් සහ කාව්‍යාගේ විවාම මංගල උත්සවය පැවැත්වූයේ පෙරේදා නොවැම්බර් 11 (2026.11.11) ග්රීසියේදීය. අති උත්කර්ෂවත් අන්දමින් මංගල උතක්සවය පැවැත්විණි. විවාහ මංගල්‍යයේ ඡායාරූප ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමේ පළ කරමින් අනිරුද් සටහනක් පළ කර ඇත. ඒ, 'මට මාගේ ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන, මුළු ජීවිත කාලයටම වන බැඳීම 11.11' යනුවෙනි.
අනිරුද් ඇත්දළ පැහැති සාම්ප්‍රදායික කුර්තාවක්, වේට්ටියක් සහ සියුම් එම්බ්‍රොයිඩර් වැඩ දැමූ දිගු කබායකින් සැරසී සිටි අතර, කාව්‍යා ළා රෝස පැහැති අලංකාර ලෙහෙන්ගාවකින් සහ වටිනා ආභරණවලින් සැරසී සිටියාය.
විවාහ මංගල උත්සවයට ඉන්දීය සිනමාවේ සහ දේශපාලන ක්ෂේත්රයේ ප්‍රබල චරිත රැසක් සහභාගී වූහ. සුපිරි නළු රජිනිකාන්ත් සිය පවුලේ සාමාජිකයින් සමගත්, තමිල්නාඩු හිටපු මහ ඇමති එම්.කේ. ස්ටාලින් සිය පවුල සමගත් මංගල උත්සවයේ සිටිනු දකින්න ලැබුණි.
නව යුවළගේ විවාහ මංගල ප්රියසම්භාෂණය එළඹෙන ලබන නොවැම්බර් 21 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවරදී ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිත බව කාව්‍යාගේ මාපියන් වන කලානිධි මාරන් සහ කාවේරි මාරන් පවසා ඇත.
චෙන්නායි නුවර පැවැත්වෙන මෙම ප්රියසම්භාෂණය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කොංග්රස් නායකයින් වන සෝනියා ගාන්ධි, රාහුල් ගාන්ධි, ප්‍රියංකා ගාන්ධි මෙන්ම තමිල්නාඩු මහ ඇමති සී. ජෝසප් විජේ, තෙලංගානා මහ ඇමති ඒ. රේවන්ත් රෙඩ්ඩි, ආන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමති චන්ද්‍රබාබු නායිදු සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ඇතුළු ප්‍රබල දේශපාලනඥයන් රැසකට ආරාධනා කර ඇත. මීට අමතරව රජිනිකාන්ත්, ඒ.ආර්. රහ්මාන්, කමල් හසන්, ධනුෂ්, අජිත් කුමාර්, අල්ලු අර්ජුන්, සිවකාර්තිකේයන් ඇතුළු සිනමා තරු රැසකට මෙන්ම අභිෂේක් ෂර්මා සහ ඉෂාන් කිෂාන් වැනි ක්‍රිකට් ක්‍රීඩකයන් ද එම අවස්ථාවට එක් වනු ඇත.
'වයි දිස් කොලවෙරි ඩී' ගීතයෙන් ලොව පුරා ජනප්‍රිය වූ අනිරුද් රවිචන්දර්, මේ වන විට ෂාරුක් ඛාන්, රජිනිකාන්ත්, විජේ වැනි සුපිරි නළුවන්ගේ දැවැන්ත චිත්‍රපට රැසක සංගීත අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරයි. අනිරුද්ගේ සංගීතයෙන් හැඩවුණු ජේලර් 2 චිත්‍රපටය තවමත් ඉන්දියාවේ පමණක් නොව, ලොව පුරා වාර්තා පිහිටුවමින් තිරගත වෙයි.
බ්‍රිතාන්‍යයේ වෝර්වික් ව්‍යාපාරික පාසලෙන් උපාධිය ලැබූ කාව්‍යා මාරන්, සන් ටීවී ජාලයේ අධ්යක්ෂවරියක ද වෙයි. 2025 වසරේ සිටම දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය පිළිබඳව විවිධ කටකතා පැතිර ගිය අතර, මුලදී අනිරුද් එය ප්‍රතික්ෂේප කළ ද, පසුගිය ජුනි මාසයේදී ඔහුගේ මාමා කෙනකු වන ප්‍රවීණ නළු වයි.ජී. මහේන්ද්‍රන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ අනිරුද්ගේ විවාහය ස්ථිර වශයෙන්ම සිදුවන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd