දෑස් නොපෙනෙන පියාටත් එක් ඇසක් අන්ද වු මවටත් ලංකාදීප ‘එසැණ‘ පුවතින් පසු නිවාස ණය ගෙවා ගැනිමටත් ස්වයං රැකියාවක් ලෙස ගඩොල් කර්මාන්තයේ නියැලිමට අවශ්‍ය උපකරණ ලබා දීමට ඉතාලියේ සේවය කරනා ශ්‍රී ලාංකිකයෙක් ඉදිරිපත්වි සිටියි. ඔහු එම භාණ්ඩ අද (28) පිරීනැමිය.
ගලේවෙල කොස්ගහහින්න ගමේ ජීවත් වු එල්.කේ.ජයතිස්ස මහතා ජීවත් වීමට නොහැකිව දරුවන් දෙදෙනා ජීවත් කරවීමට කසිප්පු පෙරන බවට ලංකාදීප ‘එසැණ‘ පුවත් සහ ලංකාදීප ලංකාදිප පුවත්පත මගින් හෙළිදරව් කිරීමත් සමගින් ඉතාලියේ පෙරේරා මහතාගේ අවධානය යොමුවි මෙම උපකාරය කරන ලදි.
සමන් පෙරේරා මහතා ගලේවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වු සමල් විජේරත්න මහතාට මුදල් එවා නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස ණය ගෙවිමත් ජයතිස්ස මහතාට ගඩොල් කැපිමට අවශ්‍ය වතුර මොටර්,බට,විල්බැරෝ, උදලු ,බැරල් පරිත්‍යාග කරනු ලැබිය.මෙම භාණ්ඩ කොස්ගහහින්න ජය සුමනාරාම විහාරවාසී හරස්ගල පියරතන හිමියන් ඉදිරියේ ලබා දෙන ලදි.
ජයතිස්ස මහතා කියා සිටියේ ලංකාදිප පුවතෙන් පසු තමන්ට බොහෝ දෙනකු උදව් කළ බවයි.ගලේවෙල පොලිස් ස්ථානාධිපති රුක්ෂාන් පෙරේරා මහතා හමුවී මින් ඉදිරියට තමන් කසිප්පු පෙරීම අත අතහැර දැමු බව දැනුම් දුන් බවද තමන්ට මෙන්ම දරු පවුලට ලංකාදීපය නිසා ජීවත්වීමට අවශ්‍ය වටපිටාව ගොඩනැගුණු බවද ඔහු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඳ ජෝඩුව කසිප්පු අතහරි.මම ඉල්ලා සිටිනවා හෙල දෙරණේ ඉන්න ඇස් පෙනෙන සියලුම දෙනාගෙන් කස්සිපු පෙරණ එක අත් හරින්න කියලා. සෑම දෙනාට වාසනාවන්ත හෙට දිනක් පතමි. (නදී)
අගේ ඇති වැඩක්. දුප්පතෙකුට උදව් කළාට වඩා කෙනෙක් වරදෙන් මුදා ගන්න එක තමයි වටින්නේ. එයාලගේ නිෂ්පාදන විකුණා ගන්නත් උදව් කලොත් තමයි හොඳ. (නි)
ලංකාදීප ප්‍රධාන කතෘතුමා, ප්‍රාදේශීය ප්‍රවෘත්ති කතෘතුමා සහ සහකාර කතෘතුමා ඇතුළු ලංකාදීපයට දායක වන සැමට මගේ උත්තමාචාරය! (නි)
ඔබ කළා වූ උතම් පිංකම මිල කළ නොහැකියි ඔබට ජය මේ සදහා මග පෙන්වූ ලංකාදීපයට අපේ ස්තූතිය.(නදී)
කෝ අර දේශපාලුවෝ මේක දැන ගත්තානම් මේකෙනුත් ලකුණු දාගන්න ඒවි. (නදී)
පළමුවෙන්ම ඔබ මේ ලෝකයට බිහිකළ ඔබේ දෙමාපියන්ට සහ ඔබතුමාට දී්ඝායුෂ ලැබේවා.(නදී)
පෙරේරා මහත්මයාණෙනි, ඔබට බොහොම පින්. ලංකාදීපයට මගේ ස්තූතිය! (නි)
ලංකාදීප, ඔබ නියම මාධ්‍ය සේවයක නිරත වෙනවා. (නි)
ලංකාදීප සමාජ සත්කාරයට වගේම පෙරේරා මහත්මයාණෙනි, ඔබටත් ගොඩක් පින්. සසර සැරිසරණ තුරු මේ පිංකම ඇති නිදුක් නිරෝගිව ජීවත් වෙන්න (නි)
ඉතාලියේ සිටින පෙරේරා මහතාණනි , ඔබට සියලු සැප සම්පත් ලැබී තව තව දුප්පතුනට උදව් කිරීමට ලැබේවා. ඔබේ දෙමව්පියනටද ශාන්තියක්ම වේවා!!(නදී)
අනුන්ට උපකාර කරන්න කැමති උදාර මිනිසුන් තවමත් අප අතර සිටීම වාසනාවක්. (නි)
ලංකාදීපයට ස්තුතියි මේ පුවත පල කලාට. ඉතාලි මිත්‍රයට බොහොම පින්. අන්ද කෙනෙකුගේ ජීවන ඇස පාඩුව කියන්නේ ඔබ බොහොම ලොකු කුසලයක් කරගෙන තියෙන්නේ. ඔබට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන මතු ආත්මවලදීත්.(නදී)
පින් අතේ වැඩක්. මේ නවාතැන් පොලෙන් අපි අරගෙන යන්නේ කරගත් කුසල්,අකුසල් දෙක විතරමයි.(නදී)
උතුම් ක්‍රියාවක්. අනාවරණය කළ ලංකාදීප එසැණටද පින්.(නදී)
ඔබ දෙදෙනාට ගොඩක් පින් අසරණ පවුලකට උදවු වීම ගැන (නි)
ඉතාලි මහත්මයාණෙනි, ඔබට ගොඩක් පින්. වරද නිවැරදි කිරීම තමයි වැදගත්. අහිංසක මිනිස්සු (නි)
ජයතිස්ස මාමේ. ඔයා හොඳ පුරවෙසියෙක් වෙන්න හිතාගෙන හොඳින් ජිවත් වෙන්න, උදව් කල මහතුනි ඔබගුමන්ලට ගොඩක් පින්.(නදී)
දෑයට කිරුලු අරවද? පලකට ඈති යමක් වෙන මේවගේ දේවල්ද? ලංකාදීපෙට අපගේ ස්තූතිය.(නදී)
ඔබතුමන්ට බොහොමත්ම පින් මෙම ජීවිත 4 ට පිහිටවීම ගැන. ලංකාදීපයට ස්තුතිවන්ත වෙනවා මෙවැනි අසරණ මිනිසුන් පිළිබද සොයා ඔවුන් පිළිබද පරිත්‍යාශීලින්ගේ අවධානය යොමුකරවීම පිළිබදව. ලංකාදීපයට මගේ හදපිරි ප්‍රණාමය! (නි)