අරක්කු බෝතලයක මිල ඉරිදා මධ්‍යම රාත‍්‍රියේ සිට රුපියල් 20-40 අතර මිලකින් වැඩිකළ බව ඩිස්ටලරිස් සමාගම කියයි. බීර මිලද වැඩි කරන නමුදු වැඩිවන මිල මෙතෙක් තීරණය කර නැතැයි බීර සමාගම් පවසයි. නිෂ්පාදන බදු වැඩි කිරීම නිසා මිල වැඩිකිරීමට සිදුව ඇතැයි එම සමාගම් පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරක්කුත් අපේ ශරීරයට අවශ්‍යයි. මෙතන අදහස් දාලා තියෙ නඅය ඒක දන්නේ නැහැ. (නි)
ඔව් ඉතින් කසිප්පු කරුවන්ට හොඳයි .මද පමණින් බීපු අයට තමයි පාඩුව (ස)
වැඩේ නම් හොඳයි.....ඒත් හදිස්සියට සැපට දුකට ඉන්න මිතුරෙක්නේ (ස)
දේශීය කර්මාන්ත නගා සිටුවීම යටතේ කසිප්පු මිළ රුපියල් 2.50කින් අඩු කර, යටිතල පහසුකම් යටතේ කුඩු මිළ නොවෙනස්ව තබා ඒවා ගෙන්වන්නන්ට 200%ක දිරි දීමනාවක් ගෙවිය යුතුය. (නි)
විස්සයි විස්සේ.... (නි)
ජය වේවා ! බජට් එකට කලින් සේරම වැඩි කරලා බජට් එකට පස්සේ කියනවා දුප්පත් කමට ගැලපෙන සාධාරණ අයවැයක් කියලා (ස)
අරක්කු මිල වැඩිකිරීමෙන් බීම අඩු කරන්න බැහැ. ඒකෙන් වෙන්නෙ හොර සුරා ප්‍රචලිත වෙන එකත්, හොර මැර කම් වැඩි වෙන එකත්, දරුමල්ලන්ට බඩගින්නේ ඉන්න වෙන එකත් විතරයි. වඩා සාර්ථක මිනිසුන් දැනුවත් කරන එකයි.(ස)
මොනවා කරත් කුස්සියේ බඩු මල්ල තමයි අඩු වෙන්නේ අන්තිමට (ස)
මොනවා කරන්නද ? දැන් හිතේ දුකට බොන්නත් බෑ (ස)
අදහස් දමපු අයට කියන්න නම් හිතෙනවා දෙයක්. ඒත් මෙතන ලියන්න බැහැ. (නි)
අපිට කොහින්ද නොමිලේ අරක්කු (ස)
ඇගේ පතේ අමාරුව නිසා තමයි මේ සේරම..!(නු)
ඔය තියෙන්නේ ගජ පානය. සීනි ගණන් ගියොත් තමයි මිළ උච්ඡාවචනය වෙන්නේ. (නි)
අරක්කු සිගරට් නම් මිල වැඩි උනාට කමක් නැහැ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ටිකක් හරි අඩුවෙලා..!(නු)
විස්සයි විස්සේ විස්සක් නැග්ගේ. (නි)
සෑහෙන බොන්න ඕනි ප්‍රශ්නයක් (ස)
අනේ සාදු !!!! (ස)
ගිනි අගුරු මැලේ පිච්චෙන අමු මස් සුවදට කිරි කිරි ගා ඇසෙන බෝතල් ශබ්දයට රෑ එළිවෙනකල් දාමු අපේ බජවු පාටිය.... (නි)
ඔය මදි තවත් වැඩි වෙන්න ඕනි හැබැයි මිනිස්සුන්ගේ ආකල්පත් වෙනස් වෙන්න ඕනි (ස)
රජයට මුදල් නැති නිසා හැමදෙයින්ම මිල වැඩිකරනවා..!(නු)
සල්ලි හොයන්න අරගොල්ලන්ට තියෙන ලේසිම ක්‍රමය මේකනේ. (නි)
මිළ කීයකින් වැඩිවුණත් කාටවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය කෙනා කීය හරි දීලා ගන්නවා. (නි)
මිල වැඩි වෙච්ච එකට පක්ෂව කෑ ගහපු කවුරු කවුරුත් හවස් වෙනකොට අපරාදේ කියලා දුක් වෙනවා ඇති...පපුවට තට්ටු කරලා බලන්න (ස)
සිගරට්, අරක්කු 100% ක් වැඩි වුනත් සාමාන්‍ය ජනතාවට හානියක් නැහැ. අත්‍යවශ්‍ය බදු මිල අඩු කරන්න බැරිද. (අ)
සල්ලි තියෙන අයනේ ඕවා බොන්නේ . ඉතින් අපිට කමක් නෑ (ස)
ඉතා හොදයි. (නි)
කොච්චර වැඩිකළත් ලංකාවේ මිනිස්සු ඕවා බොනවා. (නි)
බැරිද මහත්තයෝ ඕක රුපියල් 4,000කින් 5,000කින් විතර වැඩිකරන්න, මේ තිතට මත රටේ? (නි)
අනේ ඔබ අපිට කසිප්පු බොන්නද කියන්නේ. ස්තූතියි. (නි)
තරගය දිනුවා නම් ගණන මීට වැඩිවෙයි. (නි)
වරද අර හොරෙන් බීපු අලියගෙ ! (ස)
කවදද අපට වැඩි වෙන්නේ (ස)
මොන තරම් අරක්කු මිල ඉහල දැම්මත් ක්ලබ්වල සෙනග අඩු වෙලා තියෙනවද ? ගත්ත ණය ගෙවන්නත් මොකක් හරි ක්‍රමයක් එපැයි (ස)
අපේ අය දැන් බොන එක නවත්වයිද? නැහැ. ගෙදර ඉන්න අයගේ බත්පතටයි පහර වදින්නේ. (නි)
අරක්කු බීමත් නවත්තන්න වෙයි වගේ. (නි)
බොන කෙනා කොහොමත් බොනවා .ගෙදර පොඩ් අයගේ කෑම බීම වලට තමයි තට්ටු වෙන්නේ (ස)
අදම අරක්කු බෝතල් 25ක් 30ක් අරන් තියාගන්න ඕනෑ. අනේ ඔන්න බඩු නැහැ කියලා නම් කියන්න එපා. (නි)
හරි හොඳයි තව වැඩි වෙන්න ඔනේ. මේවා නොබීම ඉන්නා (අ)
හරිම ෂෝක්
අනේ අපොයි! අපි ලංකාවට නිවාඩුවකට ගියහම දැන් එහෙත් අනාථයි වගේ. (නි)
බොහොම හොද ක්‍රියාවක්. ගොඩක් සතුටූයි. ඒත් මේ වැඩි කරලා තියෙන ප්‍රමාණය නම් මදි. තව වැඩි කරන්න තියෙන්නේ? සාමාන්‍ය ජනතාවට පහසූවක් වෙන්න අත්‍යවශ්‍ය බදු මිල අඩු කරන්න. හැබැයි ඉතින් කොහොම වැඩි කළත් බොන පූද්ගලයා බොන එක නවත්තයිද? නැත. ඒවට වියදම් කරන්න මූදල් යහමින් තිබූණත් ගෙදර බිරිය, දූ දරුවන් හාමතේය. (නි)
කවදද අඩුවුණේ? (නි)
මධ්‍යම පන්තියේ සිට පහළට ජීවත්වෙන අහිංසකයන්ට ඉදහිට හෝ සතුටුවෙන්නවත් බැරි වෙච්ච එකයි හිතට දුක. (නි)
මත්පැන් වල මිළ දිනෙන් දින වැඩිවෙනකොට බොයි කියලා තමයි බය.... (නි)
මේවා කරන්න තිබුණේ අද ඊයේ නොව මීට බොහෝ කලකට පෙරදීය. කොහොම වුණත් කළ දේ අගෙයි. (නි)
වැඩි කළාට වැඩක් වෙන්නේ නැහැ. බොන එකා මේවා කොහොමත් බොනවා. ඇයි මේවා සම්පූර්ණයෙන් තහනම් කරන්න බැරි? (නි)