IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අපේ සංස්කෘතියට ගැළපෙන දේ විතරයි කරන්නේ

2016-12-01-ent-108

නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකු වන චාමා නිමේෂි සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අපි ඇරඹුවෙමු. මේ වනවිට මනාලියන්ගේ විලාසිතා දැක්මවල් බොහොමයකට දායක වී ඇති ඇය නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධව වී ඇත්තේ තවමත් මාස කිහිපයක් පමණි. ඉදිරියේදී රංගනයටද එක්වීමට අපේක්ෂාවෙන් සිටින චාමා ඒ පිළිබඳව මෙසේ තොරතුරු පැවසුවෙමු.

 

චාමා නිරූපිකාවක් වුණේ?

2016-12-01-ent-112මගේ අම්මාගේ මිතුරියක් හිටියා නිමේෂා කියලා. එයා රූපලාවණ්‍ය ශිල්පිණියක්. එයා මාව දැකලා කතා කළා මනාලියන්ගේ විලාසිතා දැක්මකට එක් වෙන්න. ඒ හරහා තමයි නිරූපණයට සම්බන්ධ වුණේ. මම පළමු වරට මනාලියන්ගේ දැක්මකට දායක වුණේ මේ අවුරුද්දේ පෙබරවාරි 26 වැනිදා.

 

දැනට කොපමණ විලාසිතා දැක්මවල්වලට දායක වෙලා තියෙනවාද?

ප්‍රමාණය නම් මතක නැහැ. ගොඩක් මනාලියන්ගේ දැක්මවල්වලට තමයි සහභාගී වෙලා තියෙන්නේ. කුරුණෑගල තිබුණ මනාලියන් දැක්මකදී මම පළමු වැනියා වුණා. කොළඹ තිබුණ මනාලියන්ගේ දැක්මකදී තුන්වැනි තැන ලැබුණා.

 

වෙනත් කලා කටයුතුවලට දායක වෙන්න ආරාධනා ලැබුණේ නැද්ද?

දැනට ගීත රූප රචනාවකට දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. බලමු ඉදිරියේදී. රංගනය පැත්තට යොමු වෙන්න අදහසකුත් තියෙනවා. ඉදිරියේදී ආරාධනාවක් ලැබුණොත් සලකලා බලනවා.

 

පොඩි කාලේ තිබුණ හීනයක්ද චමාගේ මේක?

හැමෝටම එක එක හීන තියෙනවා නේ. මගේ හිනේ තිබුණේ පරිගණක අංශයෙන් ඉදිරියට යන්න. අදටත් ඒ හීනේ තියෙනවා. නිරූපණය කියන්නෙ මම විනෝදයට කරන වෘත්තිය. බොහෝ දුරට මම නිරූපණ ක්ෂේත්‍රයට අමතරව පරිගණක ක්ෂේත්‍රයත් සම්බන්ධ වෙලා එය වෘත්තිය විදිහට තෝරගනියි.

 

නිරූපණ ක්ෂේත්‍රය හොඳද?

නිරූපණ ක්ෂේත්‍රය මට ගැළපෙනවා. ඒ වගේම මට හැමෝගේම ආරාධනා ලැබෙනවා විවිධ නිරූපණ වැඩවලට. නමුත්, මම ඒ හැම එකක්ම භාරගන්නේ නැහැ. තෝරා බේරාගෙන තමයි වැඩවලට සම්බන්ධ වෙන්නේ.

 

චාමා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. නවකයෙක් විදිහට ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?

තමන්ගේ නම තියාගෙන වැඩ කළොත් මම හිතන්නේ ක්ෂේත්‍රය හොඳ තැනකට යන්න පුළුවන් වේවි කියලා. ඒක තියෙන්නේ තමන්ගේ අතේ. නිරූපණ ක්ෂේත්‍රය ගොඩක් හොඳයි. ඒක තමන්ට හොඳ විදිහට හදාගෙන යන එක තමන් බලාගන්න ඕනා.

 

නිරූපණ කටයුතුවලදී ඔබගේ සීමාවන් තියෙනවාද?

ඔව්, තියෙනවා.

 

ඒ මොනවද?

මම අපේ සංස්කෘතියට ගැළපෙන සීමාවේ ඉන්න කෙනෙක්. එතැනින් එහාට මම යන්නේ නැහැ. අනිත් නිරූපණයට සම්බන්ධ අය ගැන කියන්න මම දන්නේ නැහැ. නමුත්, මම මගේ සීමාව අපේ සංස්කෘතියට ගැළපෙන තැනින් නතර කරනවා.

 

ඉලක්ක තියෙනවා?

ලොකු ඉලක්ක නැහැ මට. මොකද, මගේ ඉලක්කවලට මට යන්න බැරි වුණොත් මට ගොඩක් දුක් වෙන්න සිද්ධ වෙන නිසා. මේ ක්ෂේත්‍රය තුළ තැනකට එන්න කැමතියි. ඒ වගේම නිරූපිකාවක් විදිහට නමක් හදාගන්නත් කැමතියි.

 

උදවු කළ අය?

මගේ අම්මා, තාත්තා, ඒ වගේම මට මේ ක්ෂේත්‍රය එන්න උදවු කරපු නිමේෂා අක්කා. එයාට මේ මොහොතේදී මගේ කෘතවේදීත්වය පිරිනමන්න ඕනා. ඒ වගේම මගේ පෙම්වතාව මතක් කරන්න ඕනා. මගේ හැම වැඩක්ම තෝරලා දෙන්නේ එයා.

 

2016-12-01-ent-110
2016-12-01-ent-109



අදහස් (0)

අපේ සංස්කෘතියට ගැළපෙන දේ විතරයි කරන්නේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1005 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 684 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 252 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1942 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1754 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 544 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site